සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා
වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ලිඳේ දිය බොරකර මුහුදට ආවඩල්ලා
දනින් වැටී නලල ඔබා නිලතල අරගනිල්ලා
කල දුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා
දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහි වරෙල්ලා
කව් සිලුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිලා පොලට ඇවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා
-නන්දා මාලනී-
(ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් වාරණය කරන ලද ගීයකි.)