පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පියුම් නීල විල උපන්නියේ
    අහංකාර ඔබෙ යොවුන් වියේ
    නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ
    සිඳගංනා මෘදු වදන් මලින්
    මට පවන් සලන් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්

    ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා
    සුවඳ දෙවා පාවේ රෑ සීනේ
    මා හා රෑ පානේ

    පියුම් නීල විල ...............

    ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ
    ජීවනයේ රන්වන් පෙම් අරණේ
    ආදර ගී වරුණේ

    පියුම් නීල විල ...............


    ගායනය :- ටී. එම්. ජයරත්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කදුලු අහංකාරයි

    කදුළු අහංකාරයි..
    තනි උනාම නෙතු පාරයි
    ඔබ ගියාම මට පාළුයි
    හිනැහෙන්නේ කදුළු ඒකයි ..

    මගෙ හිත හරි අහිසකයි
    ඔබ ගැන රන් සිහින මවයි
    හුදකලාව ඉන්න බයයි
    ඒ හිත හඩවන හින්දයි //

    කදුළු අහංකාරයි..

    මට මගෙ හිත අයිති නැති
    ඒ හිත ඔබ සතුව ඇති
    ඔබ ලංවෙන විටදි බැඳී
    සමුදෙන්නට සිතට බැරි


    අසංග ප්‍රියමන්ත
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    හිරිමල් ව‍යසේ සෙනෙහේ බැඳී එදා
    මතකේ නොමි‍යේ ඔබ මා සිතින් සදා
    ආදර‍යේ රස මි‍යුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳ පා‍යනා රැ‍යේ
    දිලිසේ තරුසේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුජාත දියනිය හද බැඳි සොයුරිය ඔබමයි
    දයාව හද රැඳි සිනහව මුව පිරී සඳයි
    මුලු ලොව පිළිගත් ජන හද ජයගත් ලඳත් ඔබයි
    පුංචි අපට කියාදුන්න පාඩම කදිමයි
    චංගුමී චංගුමී චංගුමී චංගුමී

    වෛරය ක්‍රෝධය අත්හල යුතු බව
    ඉවසීමෙන් සැනසීම ලැබෙන බව
    උත්සහවන්තය ලොවම දිනන බව
    සත්‍යය සැමවිට ම ජයගන්නා බව
    ලොවට කියා දුන්නා ඔබ අපට කියා දුන්නා
    චංගුමී චංගුමී චංගුමී චංගුමී

    සුජාත දියනිය ..................

    දිරියෙන් බාධක බිඳලනු හැකි බව
    දුක් වින්දොත් සැප ලඟ ලඟ එන බව
    මිනිසත්කම් ලෙස සුරකිය යුතු බව
    සෙනෙහෙන් සැමට ම සැලකිය යුතු බව
    ලොවට කියා දුන්නා ඔබ අපට කියා දුන්නා
    චංගුමී චංගුමී චංගුමී චංගුමී

    සුජාත දියනිය ..................


    ගායනය :- චාරුක නිලූෂ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රඟපාන තරු ඇස් නුරා
    සංසාර දුක බෝකළා
    යලි ගන්න බෑ ඔබව තුරුළට සදා
    ඔබ ඉන්න ‍ඔහුගේ වෙලා

    මේ පපුතුරේ සතපවා
    රැකගත්තෙ පණ සේ ඔයා
    ඔබහට මදීදෝ මා දුන්නු සෙනෙහේ
    ඔහු වෙතට ළංවුනේ හොරා
    වාවන්න බෑ මේ තරම් වේදනා

    රඟපාන තරු ඇස් .............

    මා පාලුවේ තනිවෙලා
    මේ විඳවනා වේදනා
    මට හිමිවුණාදෙන් පිදු සෙනෙහෙ වෙනුවෙන්
    විඳවන්න භවයක් පුරා
    ළංවෙන්නෙ නෑ ආයෙ හිතකට සදා

    රඟපාන තරු ඇස් .............


    ගායනය :- රිෂාන් ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදහන්න බැහැ මට ම මගෙ ආදරේ
    ළඟ ඉන්න පැතුවාට ඔබෙ ආදරේ
    රෑ රහසේ හඬලා ඇස රතුවෙලා
    ඔබ ගැනම සිතලා සිත පෑරුනා

    අපි අපෙම කියල ඔබ කිවු කතා
    මතකයි ද සොඳුරී ඒ කී කතා
    ළංවෙන්න කියලා වෙන්වී ගියා
    අපි අපෙනෙ කියලා හැරදා ගියා

    නුඹ ගැනම හිතලා මම පෙම් කළා
    ළංවෙන්න බැරි හන්ද සංසාරයේ
    ඔබ මාව රිදවා වෙන්වී ගියත්
    ඔබ තවම මගෙමයි මාගේ ලොවේ

    අදහන්න බැහැ මට ...............


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු කතා කරයි සඳ වගේ කියා මම
    එන්නලු මට නිල් අහසට
    සඳ පවා අසනවලු කවුද කියා මම
    පුදුම වෙලා සඳ වගේ නිසා මම
    තරු එහෙම කියයි සඳ බලා හිඳියි
    මම සිනාසුනා විතරයි විතරමයි

    රෑ පායන තරු මා හා දෙඩුවට
    සඳු හැංඟීලා මා දෙස බැලුවට
    දවස පුරා එක මොහොතක් නෑරම
    සඳුටත් බෑ තරුවලටත් බෑ මං ළඟ ඉන්නට
    ඔබට වගේ මං ළඟ දැවටෙන්නට

    රැය පහන්වෙලා තරු නොපෙනුනාම
    අහස දුරයි මට හිරු පායනකොට
    භවය පුරා සිතුවිල්ලක් පුරාම
    කාටත් බෑ කාටවත් ම බෑ මං ළඟ ඉන්නට
    ඔබට වගේ මට එළිය ගෙනෙන්නට

    තරු කතා කරයි ..................


    ගායනය :- ශෂිකා නිසංසලා ජයසුමන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ රූසිරියෙන් මන්මත් වී මම නොකෙලෙම් අනුවණකම්
    මුලා උනේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කඩුළු තහංචි කරලා
    වරිග සභාව තියලා
    මට ගෙයින් දොරට බහින්න තහනම්
    මගෙ ඇස් දෙකටත් අඩන්න තහනම්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම සිල් බිඳ ගත්තෙ මුල් සිඳගත්තෙ කුසුමක් නිසා
    හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා

    තහනම් ප්‍රේමෙන් දුක් වින්ඳෙ මානම්
    බහදුන් නාමෙන් තනිවෙන්නෙ මානම්
    පෑහෙනා මට පෙමක් නැතිකමින්
    වෑහුනා උණු කඳුළැල් නෙතගින්

    මම සිල් බිඳ ගත්තෙ මුල් සිඳගත්තෙ කුසුමක් නිසා
    හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා

    කහඉර පැනගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කළා
    කළ කම් පළදුන්නෙ ඒ තටුමත්තෙ මං සැතපුනා

    ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
    දෙතොලඟින් උණුසුමින්
    හිතපතුලේ මට ‍පැලවෙන්නනම්
    ඔය වාගේ චපලකම් තව එපා

    මම සිල් බිඳ ගත්තෙ මුල් සිඳගත්තෙ කුසුමක් නිසා
    හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා


    ගායනය :- රංජන් සාලිය හා සමිතා එරන්දතී මුදුන්කොටුව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
    මි‍යුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දි‍යල්ලා


    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට ‍යමල්ලා
    බීපු ලිඳේ දි‍ය බොරකර මුහුදට ආවඩල්ලා
    දනින් වැටී නලල ඔබා නිලතල අරගනිල්ලා
    කල දුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා

    දෙස බස රැස සුරකින ගරු වි‍යතුනි මෙහි වරෙල්ලා
    කව් සිලුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
    සුකිරි බටිල්ලන් එක්කල බ‍යිලා පොලට ඇවිල්ලා
    රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ග‍යල්ලා

    -නන්දා මාලනී-

    (ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් වාරණ‍ය කරන ලද ගී‍යකි.)

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Clarence Wijewardane.............

    සිතේ සුසුම් නිවනා ගායනා..
    ඔබේ සවන් සොයා සැණෙකින් පාවෙලා..
    මැදියම් රැයේ රැඟුමන් රඟා..
    මතක ලෝකේ වේදනා අමතක කලා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
    මි‍යුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දි‍යල්ලා


    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට ‍යමල්ලා
    බීපු ලිඳේ දි‍ය බොරකර මුහුදට ආවඩල්ලා
    දනින් වැටී නලල ඔබා නිලතල අරගනිල්ලා
    කල දුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා

    දෙස බස රැස සුරකින ගරු වි‍යතුනි මෙහි වරෙල්ලා
    කව් සිලුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
    සුකිරි බටිල්ලන් එක්කල බ‍යිලා පොලට ඇවිල්ලා
    රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ග‍යල්ලා

    -නන්දා මාලනී-

    (ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් වාරණ‍ය කරන ලද ගී‍යකි.)

    11.gif
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
    ගෙවී ගි‍ය මල් සම‍ය සිහිනෙකී
    සඳට ඉකිබිඳ හඬන නොදරුවන් නොවේ අපි
    සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

    සුදු පාට මල් පිපුණ අරලි‍යා හෙවණ ‍යට
    බාලිකාවේ සුවඳ තනිවෙලා
    අපි ඉතින් වෙන්ව ‍යමු අපි අතින් ගිලිහි ගි‍ය
    සි‍යලු දේ අතීතෙට පවරලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැයම ඇහැරන් සිතෙනා
    නුඹ නිසා ඉනු කඳුළු
    මතක නොමියෙන ආදරයේ
    සුවඳ විතර ද ඉතුරූ

    නුඹ නිසා සිත බිඳී
    දිවි ගෙවන මුත් මැරුණූ
    පෙම්වතා ගැන මතක බිඳුවක්
    නැතිද පපුවේ රැඳුණූ

    රැයම ඇහැරන් ............

    මට සදා හිමිනැතී
    නුඹය මගෙ පෙම පළමූ
    වෛරයක් නැත අංශු කළඳක
    සසර භවයේ කිසිඳූ

    රැයම ඇහැරන් ............


    ගායනය :- ලක්ෂමන් හිල්මි
     
    • Like
    Reactions: rcccc

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ භවයෙදි මුලු දියදායේ
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දිය පොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වුයේ

    ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
    අවසන මුල වේ ලතැවිල්ලේ
    වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
    තෙමුනත් ඇත කරදිය වැල්ලේ

    මේ භවයෙදි....

    සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
    රළ පස රළ ලුහු බදිනු බලා
    සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
    පැතුම් සඳුන් හද ගලෙහි උලා...

    මේ භවයෙදි....

    ගායනය - නාරද දිසාසේකර
     
    • Like
    Reactions: Malinga

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සයුරෙහි දිය කද මත හිද
    අහසින් එන වැහි බිඳුවට
    පෙරුම් පුරන්නම්..
    දැල්වෙන ඉර හද යට හිද
    පහනෙන් එන එළි තිතකට
    ඇළුම් කරන්නම්
    ඔබ තරුවක් සේ
    ජීවිතයට පායා ඒ නම්...
    :love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මිනි මිනි පොද වැටේවි

    මිනි මිනි පොද වැටේවි
    මල් මිනි බැදි නිවේවි
    ඔබ එනවා නම්...
    දේදුනු පාළම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්..//

    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුහුනින්
    රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
    අද හොඳම දවස අද හොඳම දවස
    ඔබ එනවානම්


    එඩ්වඩ් ජයකොඩි
     
    Status
    Not open for further replies.