පද පේලි .....

Status
Not open for further replies.

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නෙතු දැහැන් බිඳී හද විමන් වදී
    සුරඟනක් වගෙයි කුමරී
    සෙනහසින් බැඳී සිත ගිමන් නිවී
    පෙම් කවක් ලියයි මිහිරී

    ගණ දුරින් මිදී තරු රැහැන් ඇදී
    සිහිනයෙන් වඩී කුමරී
    මීදුමෙන් ඇදී සිහිලසින් එතී
    නෙතු අගින් බලයි කුමරී

    හසඟනන් පිරී පෙති පියුම් ඇරී
    කළඹවයි විලේ මිහිරී
    සඳ කැලුම් රිදී තොල් අගින් මිදී
    නෙක දසුන් මවයි කිඳුරී

    එඩ්වඩ් ජයකොඩි
     
    • Like
    Reactions: DAMER

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    සමහර ඒව අලුත් ඒව. සමහර ඒව ගොඩක් පරණ ඒව. ඉතින් ඒ සේරම වගේ ඇහෙන්නෙ නෑ වැඩිය.

    සමහර අලුත් එවත් වැඩිය ඇහෙන්නෙ නැ:oo: ස්ලො සින්දු නිසාද දන්නෙ නැ:dull:
    ඔබ තුමා කලින් අමුනලා තිබුනා දැකලා මමත් "මේ ගංගාව නුඹ වගේ" ගීතය අහන්න පෙලබුන:baffled::P



    රෝස මලේ නටුවෙ කටු
    වන බඹරෝ ඔහොම හිටු
    නටුව නොවේ මල සිබිමී
    මම ලමයෝ පැණි උරමී ♫♪‌
    :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු දැහැන් බිඳී හද විමන් වදී
    සුරඟනක් වගෙයි කුමරී
    සෙනහසින් බැඳී සිත ගිමන් නිවී
    පෙම් කවක් ලියයි මිහිරී

    ගණ දුරින් මිදී තරු රැහැන් ඇදී
    සිහිනයෙන් වඩී කුමරී
    මීදුමෙන් ඇදී සිහිලසින් එතී
    නෙතු අගින් බලයි කුමරී

    හසඟනන් පිරී පෙති පියුම් ඇරී
    කළඹවයි විලේ මිහිරී
    සඳ කැලුම් රිදී තොල් අගින් මිදී
    නෙක දසුන් මවයි කිඳුරී

    එඩ්වඩ් ජයකොඩි

    11.gif
    11.gif
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Edward Jayakody............

    අපි දුවමු අපි පනිමු~
    ගී කියමු අපි නටමු..
    ඇත් පොරයට අපි ඇහැ යවමු
    ~
    බාලවියට පා නඟමු..
    අකුරු මැකී නෑ
    ~
    කොළ ගැලවී නෑ..
    බොඳවී නෑ සිතුවම්
    ~
    ඉස්සර වාගේ..
    තාමත් මතකයි
    ~
    හෝඩිපොතේ පාඩම්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නවනේ මම එන්නේ නුඹ දකින්න කියලා
    නොදන්නවා වගේ යන්නෙ නුඹයි අහක බලලා
    හදේ පිපුණු ආදර මල් සුවඳ නුඹට දීලා
    බලා ඉන්නෙ නුඹෙ ආදරෙ මගෙ ම වෙයි ද කියලා

    රෑජාමය ළංවෙනකොට සිතට බයයි සොඳුරේ
    නුඹ හින්දා එළිවෙනතුරු කඳුළු සලයි අඳුරේ
    දෙනෙත් පියන හැම මොහොතක නුඹ ළඟ ඇත සොඳුරේ
    අසරණ වූ ජීවිතය ම කඳුළැලි මට හිමිවේ

    දන්නවනේ මම එන්නේ ..............

    මගෙ පවකට වෙන කෙනෙකුට අයිති වෙයිද දන්නෑ
    එහෙම වුණොත් එය දකින්න මා ජීවත් වෙන්නෑ
    මගෙ ආදරෙ මේ තරම්ම නුඹට ඇයි ද දන්නෑ
    නුඹ හැර වෙන කිසි කෙනකුට මේ ආදරෙ දෙන්නෑ

    දන්නවනේ මම එන්නේ ..............


    ගායනය :- විජිත කුමාර








    සමහර අලුත් එවත් වැඩිය ඇහෙන්නෙ නැ:oo: ස්ලො සින්දු නිසාද දන්නෙ නැ:dull:
    ඔබ තුමා කලින් අමුනලා තිබුනා දැකලා මමත් "මේ ගංගාව නුඹ වගේ" ගීතය අහන්න පෙලබුන:baffled::P

    සමහර අය ඉතින් ස්ලොවු ඒව අහන්නෙ නෑ. තව අය බස් සිංදු අහන්නෙ නෑ. තව අය ඉතින් ජනප්‍රිය ගායකයන්ගෙ ඒව විතරයි අහන්නෙ. ඒවගේ ඉතින් ගොඩක් හේතු තියෙනවනෙ.

    ‍"මේ ගංඟාව නුඹ වගේ" ගීතයෙ අර්ථය ලස්සනයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනහ සඟවගෙන කඳුළු තබා ගිය
    මියුලැසියේ සිත තාම අවධියෙන්
    එදා ව‍ගේ තවමත් හැන්දෑවට
    ඔබේ සිනහ හඬ නැගී ඇසේ මට
    මියුලැසියේ මගෙ මියුලැසියේ

    සියල්ල අහිමිව බිඳී විසිරිලා
    දුක පමණක් නොබිඳී ඇත රැඳිලා
    මතකය විතරක් වත්කම කරලා
    සඳෙන් සඳට යෞවනයත් ගෙවිලා
    මියුලැසියේ මගෙ මියුලැසියේ

    වත්සුනු සුවඳට ඉව කළ හදවත
    පරමල් යහනක සැතපෙන කොට අද
    සිතුවිලි අවධිව මතකය හැවිලී
    සඳෙන් සඳට යෞවනයත් ගෙවිලා
    මියුලැසියේ මගෙ මියුලැසියේ


    ගායනය :- අමරසිරි පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හාදකම් බොඳවී ගියාදෝ හමන සුළඟට පාවෙලා
    අදහගනු බෑ ඔබ නේද කීවේ නොයන බව මට දිවුරලා
    කඳුළු නිරතුරු හඬවලා අඳුර නොඅඩුව විඳවලා
    සොඳුරු මතකය ඉකිගසා සොයන විට නුඹ රෑ දිවා

    හීන පොදි මවලා ආදරේ පවසා
    ඉන්න ළංවීලා හිමිනැති ද මන්දා
    නැතිද දුක දැණුනේ නුඹට රත්තරනේ
    අහිමිදෝ ළඳුණේ ඉන්න හිත් තරයේ

    කල්ප යුග ගෙවලා අල්ප පෙම ලබලා
    හැරගියත් පෙරදා ඉඳිමි නුඹ පතලා
    නැතිද දුක දැණුනේ නුඹට රත්තරනේ
    අහිමිදෝ ළඳුණේ ඉන්න හිත් තරයේ

    හාදකම් බොඳවී ගියාදෝ ........


    ගායනය :- කසුන් තරින්ද්‍ර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී ප්‍රේමියේ අපට හිමී
    යාවී යාවී යාවී දෑස කඳුළින් සේදී යාවී කාලයේ මතක පිරී
    ආදරේ වෙනස දැනී පාලුවේ තනිව හිඳී
    ආදරේ වෙනස දැනී පාලුවේ තනිව හිඳී

    මල්යායේ අත්පටලා ඇවිදපු අපි ඒ කාලේ
    ළංවෙන්නට සමනලියන් නෑ ඔබ පමණයි ආවේ
    ආදරේ කොහෙද ගිහින් සමනලුනේ ඈ කොහෙද කියන්
    ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්

    පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී ...........

    තොල්පෙති මත රහසේ රැඳුණු සුන්දර සිනා ඇගේ
    රොන් ගන්නට සමනලු ආවද පෙම්බර කමක් තිගේ
    ආදරේ කොහෙද ගිහින් සමනලුනේ ඈ කොහෙද කියන්
    ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්

    පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී ...........


    ගායනය :- තිසර මනෝජ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ආදරේ නුඹ විහිලුවක් කළා
    දමායන්න පෙම් කෙරුවේ කෙලෙ‍සදෝ ඔයා
    හිතේ මාලිඟා තනාලා මගෙන් දුර ගියා
    කියාදෙන්න ආදරේ මේකදැයි කියා

    මගේ රත්තරන් ඔයා දැන් දුකක් නැතිව‍දෝ සිතේ
    බලාගත්තෙ ඔයාවමයි මා මටත් වාඩා ලෝකයේ
    රැයක් පුරා නෙත් දෙකේ කඳුළු වැල් ගලා ගියේ
    මතක සිතුවමක්වත් නෑ ඔයා නොමැති ලෝකයේ

    අපේ ආදරේ .............

    හිතේ ගිනි ගොඩක් දවාලා හිනාවෙන්නෙ කොහොමදෝ
    ඔබේ උණුසුමින් මිදීලා දෙනෙත් පියා ගන්නදෝ
    ඔයා කීව ඒ කතාවේ අරුත සුන්වෙලා ගියේ
    නුඹට ආදරෙන් හිටි මා ලෝකයෙන් ම වෙන්කළේ

    අපේ ආදරේ .............


    ගායනය :- දිල්හාන් රන්දීර ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත් යාවුණා දෝ නොසිතූ ලෙසින්
    නෙත් පැටලුනා දෝ නොමියෙන පෙමින්
    මගෙ වෙන්න පැතුවා දෝ නුඹ ඔය සිතින්
    සැනසෙන්න බෑ ඔබ මා හැරදා ගිහින්

    පැතුමන් පිරීලා දෙසිතේ අපේ
    දෙනුවන් කියාවී අපෙ ආදරේ
    සැනසෙන්න ආසයි ඔයා උණුසුමේ
    සැමදා මගේ වෙන්න ඔබ ආදරේ

    සිත් යාවුණා දෝ ............

    කාලය ගෙවීලා මතකෙට හොරෙන්
    නික්මේවි දෝ නුඹ මාගේ ළඟින්
    සංසාරෙ පැතු හින බිඳදා ගිහින්
    මියදේවි මානම් නුඹ නැති දුකින්

    සිත් යාවුණා දෝ ............


    ගායනය :- නදීර තරංග
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේපාලිකා තාමත් මේ මාවතේ
    පිපුණා ම සුවඳයි සිතේ
    ඔබ හා මෙමා දෑතින් අල්නන් එදා
    පියමැන්න මතකයි ද පාසල් වියේ

    කවි පාඩමේ අකුරු බැරිවීලා
    තැලුවා ම හැඬුවේ ඔයා
    දම්මී සුගත් වගේ අපෙ ආදරේ
    නොදැනීම දෙසිතේ ම බොඳවී ගියා

    පාසල් වියේ දෙන්නා එක පන්තියේ
    කිරිකෝඩු පෙම්වන්තයෝ
    බැඳි ප්‍රේමෙ පාසලේ දී අපි දෙන්නගේ
    ලියවීලා ඇත තාම සැමරුම් පොතේ

    සේපාලිකා තාමත් ...............


    ගායනය :- ලක්ෂ්මන් හිල්මි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතට දැනුණේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි
    හිත හොයපු හැමදේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටයි
    මතක් වෙන්නෙත් ඔයාවයි මතක හිටියෙත් ඔයාමයි
    මගෙ ම යැයි හිත කියනමුත් මට හිමිනොවන්නෙත් ඔයාවයි

    නෙතේ අග උණු කඳුළු කැටයක් කතාකළ හැටි නම් කියයි
    ඔයා ගැන සිහිකරන ගානෙම සිතින් හැඬු හැටි මං හොරෙන්
    ලබාගන්නට බෑ ඉතින් ඔයා කෙනෙකුගෙ අත අරන්
    කීවෙ නැතිවට ඔයත් දන්නව මුලු සිතින් අපි ආදරෙයි

    හිතට දැනුණේ ඔයාවයි ...........

    දුරින් යනකොට මා දිහා ඔහොම බැලුවම ඇත්තමයි
    දුවන් ඇවිඳින් තුරුල් කරගෙන ඉන්න හිතෙනව සත්තකයි
    හැඟුම් වැල් හදවත දවයි ආදරේ හිත පාරවයි
    හිනා වෙන්නම් කඳුළු හංඟන් හැඬුවොතින් ඔබ දුක හිතයි

    හිතට දැනුණේ ඔයාවයි ...........


    ගායනය :- මංජුල වැල්ලවත්තගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ හිතම කියන එකම අඟන නුඹය හිතාලා
    නුඹ හිතේ මගේ හෙමින් හෙමින් පාද තබාලා
    සඳරානි පෙරී පෙරී තරු ළඟ තොඳොල් වෙවී
    මේ රැය තුරල් වෙවී ඉමු අපි තුරුල් වෙවී
    කෝ කො මගෙ සිඳංගන
    හිත සනසන මුළු හිතම රිදන
    නුඹ ඇති තැන නෑ කිසි තනිකම
    තව නුඹ ගැන නෑ හිත ඉවසුම
    මගෙ හද නලියන ඒ නුඹ හට දෙන
    මගෙ හිතම කියන එකම අඟන නුඹය හිතාලා
    නුඹ හිතේ මගේ හෙමින් හෙමින් පාද තබාලා

    සොමි ඉහිරෙන මූණට ගමි මැදිකර දෝතට
    නුඹ මගෙ ළඟ හිඳ සනසන සඳ මුළුලොව මගෙ ළඟ
    සුව ඉඟිදෙන ලවනත ඇති මගෙ හිත පිරෙනට
    මම සොයමි උවම නුඹ සඳකට සමකර පල නැත
    පමාවෙවී බෑ මට නුඹ නැතිවේවී
    ඉවත හැරී බෑ නුඹ අරගෙන යාවී
    මට නුඹ නැතිවේවී හිත දුකට හැරේවී

    මගෙ හිතම කියන ..........

    පිණි දිලිහෙන තන අග ගමි මගෙ සුව දෙතොලට
    නුඹෙ මුවම දොවමි තුරුළට කර නුඹ මගෙ වුණ සඳ
    රැළි රැළි ඉරි ඉහිරෙන නිතඹද මට සුව දෙන
    නට නට රඟදෙන හැටි දුටුවම දිලිහෙයි මගෙ පෙම
    දුකම නිසා බෑ මගෙ කඳුළු පෙනේවී
    කඳුළු පෙනීලා දුක නුඹට දැනේවී
    දුකට ඇඬේවී උණු කඳුළු හැලේවී

    මගෙ හිතම කියන ..........


    ගායනය :- සංජීව ලියනගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිණි බිංඳු කැට වැටුණු මල් පෙති පුරා
    හංඟාපු ඔය රහසෙ සෙනෙහස් කතා
    මදනැල්ලෙ දැවටී පෙම් සීතෙ ගුලිවී
    මගෙ සවනෙ පතුලට ම කොඳුරා ගියා

    ඔය මුවගෙ නිරතුරු ම රැඳි පෙම් සිනා
    පහනක් ම වී දිලුන මගෙ හද පුරා
    ගිම්හානේ ගිලිහී මල් සමය කැළඹී
    මධුසමයෙ මල් කුමරි හිනැහී ගියා

    පිණි බිංඳු කැට වැටුණු .............

    ආරාධනා පිරුණු ඔය නෙත් පුරා
    ඒ රහස මගෙ සිතෙහි සිතුවම් වෙලා
    රන්සේල දවටා රන්මාල පළඳා
    මගෙ මාලි මගෙ ලොවට කැන්දන් ගියා

    පිණි බිංඳු කැට වැටුණු .............



    ගායනය :- ගැමුණු ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සිත මියුරු කල්පනා
    රස පද වැලට පෙරලුනා
    මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්
    නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්

    රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
    බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
    ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
    දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

    මා සිත මියුරු කල්පනා .............

    රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
    තුඩින් තුඩඟ ඇඳුණු පෙමක් අගෙයි ගමු සිතා
    ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා
    දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා

    මා සිත මියුරු කල්පනා .............


    ගායනය :- ශර්ලි වෛජයන්ත












    Kawadadawat ahala nathi unclege songs :P

    දැන් දාන ඒවනම් අහල ඇති බොහෝවිට. :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
    සිතම සනසාලන සතපාලන නුඹේ සිනාමල්
    නුඹේ සිනාමල්

    අවර නැකත නොවේ තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
    සතුටු කඳුළු පිපේ මල් යායක සිත් යාකළ නුඹ මගේ දේවී

    කඳුළු පිසදාලන ..............

    අරුණ ගලන පැයේ නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
    සිතට තනිය නොදී තුන්තිස් පෑ මල් යහනට වැඩපන් දේවී....

    කඳුළු පිසදාලන ..............


    ගායනය :- බණ්ඩාර අතාවුද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පන සිනා සුළගට විසිකරමු
    හමුවෙන හැම වාරේ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    "A loved one laid his head in her lap, red roses fell to the floor... And the world stood still."

    My mouth was a crib, and it was growing lies
    I didn't know what love was on that day..
    Her heart's a tiny blood clot I picked at it
    it never heals it never goes away....

    Her heart's a blood stained egg
    we didn't handle with care
    it's broken and bleeding
    and we can never repair..
     
    Status
    Not open for further replies.