පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මා හඬවාලා හැරදා වෙන්වීලා
    මට අදහන්න බෑ තාම මේ වේදනා
    දුන්නේ කවුරුන් ද ඔයාම ද කියා
    මේ මා හඬවාලා හැරදා වෙන්වීලා

    සිහින මා හදේ හි ගොඩගැහිලා
    මතක රැස්කළා මා කඳුළට වෙලා
    පාලුව දැනෙයි මේ මතකේ කතාවේ
    සෙනෙහේ නිමයි මේ කඳුළැල් උනන්නේ
    ආදරෙයි මා දිවිතෙක් සදා
    සෙනෙහෙ පැතුම් වියැකීලා

    මේ මා හඬවාලා .................

    අඳුර අතරේ මාවා දමලා
    ඔබ ගියත් ඔහු වෙතට ඇදිලා
    තාම සිහිවෙයි ඒ අතීතේ
    මියෙන තුරු මා ආදරෙයි

    මේ මා හඬවාලා .................


    ගායනය :- ‍පේෂල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතගාව නවතින්න හිනහෙන්න සැනසෙන්න
    මගෙ හිත බලන් ඉන්නවා
    හැන්දෑව ආවාම මහ සයුරෙ රළ ගාව
    මගෙ නෙත බලන් ඉන්නවා
    අනේ මං තාම ඔබේමයි නේද
    ඔබේ ඔය දෑත මගේමයි නේද
    මගේ හිතගාව එදා හැඩපෑව
    ඔබේ ඔය දෑස මගේමයි නේද

    මහසයුරෙ කිමිදෙන්න රළ එක්ක හැප්පෙන්න
    මගෙ හිත මගෙන් ඉල්ලුවා
    මහ සයුර බිලිගත්ත ඔබ එක්ක මට ඉන්න
    මගෙ පණ මමත් පුදනවා

    අනේ මං තාම ...............


    ගායනය :- ශානිකා වනිගසේකර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ මණිමේඛලා නුඹෙ සෙනෙහේ පතලා
    හද ආරාමෙ පීරාන ආවා සොයා
    නෙතු පාරා එදා විමසාලා ගියා
    සඳ හීලෑවි ආකාසෙ පාවී වළා
    මම මේ යාමෙ ඈගාව සිටියා බලා
    නතුවී මාව ඈගේ වෙලා

    සිනිසේලේ ගාවාලා මායාව පාවීලා
    මනලෝල ලීලා මාගාව පාලා
    මා ජීවිතේ ඈ නිසා
    නෑ මා ආයෙ වී මං මුලා

    මගෙ මණිමේඛලා ..........

    සදා‍කාලේ හැංඟීලා සේයාව නැහැවීලා
    හදකෝල වීලා ඈ ආව මා හා
    මා ජීවිතේ ඈ නිසා
    නෑ මා ආයෙ වී මං මුලා

    මගෙ මණිමේඛලා ..........


    ගායනය :- දමිත් අසංක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුන්තිස් පැයක් මුළු මහ රැයක්
    තුන්තිස් පැයක් මුළු මහ රැයක්
    ඉවසුමක් නෑ සිත සිතා
    මගේ ආදරේ දන්නව ද ඔයා
    අහන්න දෝ මා කියනව ද ඔයා
    ආදරේ දෝ කියා

    ආදරෙයි මං සමනලී ආදරෙයි මං සමනලී
    ආදරෙයි මං සමනලී ආදරෙයි මං සමනලී

    මගේ පෙම් හිතේ සක්මන් කළේ ඔයා
    දිගැස්සී දඟකාරී හැඩකාරී යැයි කියා

    ආදරෙයි මං සමනලී ආදරෙයි මං සමනලී
    ආදරෙයි මං සමනලී ආදරෙයි මං සමනලී


    ගායනය :- සමිතා එරන්දතී මුදුන්කොටුව හා ප්‍රියන්ත නාවලගේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    තුනු විලම මලින් සරසා
    මල් විලම කලඹා
    ඔබ එනවද ජීවිතේ අරන්
    කි‍යාදෙන්න ආදරේ තරම්//

    ඔබ මගේ වෙලා
    මගෙ ලඟට වෙලා
    නිවාඩු පාඩුවේ කි‍යන්න
    ආදරේ කි‍යා//
    සඳ මඬල වෙලා
    තරු ලඟට වෙලා
    කි‍යාදෙන්න ආදරේ කි‍යා//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විනේ කටින වුන්
    විනේ කටින වුන් තරහක් නොකියාම
    කනේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
    වණේ නැතිව උන්
    වණේ නැතිව උන් දුක දන්නේ කොහොම

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
    නෙලා ගනින් යැයි කප්රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

    විනේ කටින වුන් .............

    ළැමේ කිරට මුර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නෙ වේලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුණුකය වළඳන්ට

    විනේ කටින වුන් .............


    ගායනය :- ප්‍රදීපා ධර්මදාස
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
    නෑයෙක් නෑකම නොකියන
    වීදි සරන ලඳුනේ ලඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුණි කුටියට පියමංවන
    ‍ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබද පටාචාරාවකි
    ඔබද කිසාගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ලඳුනේ
    අඳුරේ පව් කරන දනා
    එළියෙ රවන ලඳුනේ
    ළැම පමනක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ලඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති
    වැරදිකාර ලඳුනේ


    ගායනය - අමරසිරි පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සලෙල පහසින් කිලිටි වූ රෑ
    යහන වැතිරුන දුක් සුසුම්
    දයාවේ නෙතු ඉමෙන් වැලහී
    අම්ඹපාලිය මිඳුණු මල පුඩුවේ
    බැඳුණි දෝ රන් කිකිළියේ

    සිනා පඬු ගෑ දෙතොල සිර කළ
    ඉවුරු බිඳ හල කඳුළු මහ වැහි
    ගොඳුරු ලොබ බැඳ සරන මුව වැඩි
    මළපුඩු ව මත නිදිවරා දෝ
    නෙත පුරා රත ගෑවුණේ
    කිකිළියේ රන් කිකිළියේ

    පිණි දියෙන් මුව දොවා මල් කැන්
    නියත විවරණ ලබන උදයක
    පරමලක් දෝ රෑ කුමාරී
    මල් වැලින් බිම වැටී වැළපෙන
    ජීවිතේ රොන් සුවඳ ඉහිරී
    කිකිළියේ රන් කිකිළියේ


    ගායනය :- ඉමාන් පෙරේ‍රා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉනූ වරල මල් මිලිනව ගිලිහෙන
    සලෙල යහන මැද කඳුළැලි අහුලන
    හඬාවැටෙන ජීවිතයක ඉරණම
    නොදකින ලොවකයි නුඹ ඉන්නේ

    රෑ සමනලියක වී අසරණ වුණු
    ගොදුරකි නුඹ සලෙලකු දඩයම් කළ
    නොදැමුණු ඉඳුරන් නඟන විලාපය
    නොඇසෙන ලොවකයි නුඹ ඉන්නේ

    රූ සිරු වියැකී වත මුකුලිත වෙන
    මලකි ළඳුනි නුඹ පෑගී පොඩි‍වන
    අඳුර මිස හෙට එළියක් නොදකින
    නොපහන් ලොවකයි නුඹ ඉන්නේ

    ඉනූ වරල මල් .............


    ගායනය :- මිලින්ද රූපසිංහ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබට නොහැක මගේ සෙවනට එන්නට..

    ඔබට නොහැක...මගේ සෙවනට.. එන්නට............
    මටද නොහැක.. මල් විමන්.. තනන්නට....
    නමුදු සොඳුරේ.. මේ සුවිසල්.. අහස යට.......
    අපේ සුසුමන්.. හමුවේලා... මුමුණනු ඇත...

    අතැඟිලි නොබැඳෙන. හිත බැඳි සෙනෙහස..........
    සසර පුරා..ළඟ. ඉන්න ඇතී....
    ඒ අත් භවයෙත් ..මේ වාගේම. අපි
    හමුවී වෙන්වී ..යන්න ඇති....

    හමුවී .වෙන්වෙමූ..සසර පුරැද්දට....
    එකම සඳේ.. සඳ එළිය දකිනකොට....
    ඉසුරැ මුණිය පෙම්... යුවල නොවේ.. අප....
    හිනැහෙමු කඳුලැලි... සඟවා.හිත යට..


    C:ඉශාන් ලන්ත්‍රා
     
    • Like
    Reactions: DAMER

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    Dura yanna sithuwata sangavi horen…
    Oba nathuwa man inne kohomada ithin…
    Wawanna bari kandulu awath nethin….
    Husmak durin inna ba mata oben…


    Meka niyama thread ekak.. keep it up..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දුක කියන්නට කෙනෙක් නැති දා
    දුක ඇසූ නුඹ
    අද මගේ
    දුකට හිනැහෙන්නේ..

    වියළි තතරට වැහි පොදක් ලෙස
    කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
    මහා මේඝයක් ලෙසින් හමා විත්
    මට මාව නැති කලේ කොහොම ද..

    හදවත ඇවිලුනු අතීත දුක් ගිණි
    සුවපත් කළ පින නුඹට අයිති මුත්
    ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
    හෙටක් පතන්නට හිතට වාරු නැත..

    වික්ටර් රත්නායක
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ හරි මාලිංග සයිඩ් බිස්නොස් කරනවා ත්‍රෙඩ් එකෙ:oo:
    ඔය සිංදුව ගැන ජුජුබ්සා ජනක හැගිම් මතු වෙනවා:oo:
    ow:baffled:
    ehma amuthu hagim athikaraganna epa:oo:

    කවුද ඉතින් ඕව දන්නෙ. ස්තූති වේවා!
    :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Asanka Priyamantha........

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ~
    සුපුරුදු ලෙස පෙනුනා..
    කෙදිනක හෝ විඳ පුරුදු ඇතී~
    සුසුම් සුවඳ දැනුනා..
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා..
     
    • Like
    Reactions: prageeth119lk

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එ‍ය සැපකි
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝක‍ය සිරගෙ‍යකි
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි

    සිනාතොටක් වි‍ය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝ‍යක් වි‍ය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදර‍යේ දෙව් රුව ඔබගෙන් මං
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ow:baffled:
    ehma amuthu hagim athikaraganna epa:oo:


    :D
    ඒ සිංදුවෙ තියෙන්නෙ කෙල්ල පිට යන සීන් එකක් නෙ(කොල්ල එහෙම හිතන):baffled:
    මම ඒක එච්චර උවමනා වකින් ඇහුවෙ නැ:oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ සිංදුවෙ තියෙන්නෙ කෙල්ල පිට යන සීන් එකක් නෙ(කොල්ල එහෙම හිතන):baffled:
    මම ඒක එච්චර උවමනා වකින් ඇහුවෙ නැ:oo:
    :no::no:
    uwamanwen ahala balapan:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ කුමුදිනියක් වී හිනහේනම්
    මම පහන් තරුව වී ළඟ ඉන්නම්
    ඔබ රැල්ලක් වී දඟපාවීනම්
    මම වෙරළ වගේ නොසැලී ඉන්නම්

    හද වේදනාව රිදවන මොහොතේ
    මා ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
    මුලු ලොව ම රැයේ නිදිගත් මොහොතේ
    රුව සිහිනෙක ඔබ ළඟම ‍රැඳෙන්නම්

    ඔබ කුමුදිනියක් ...............

    මගෙ නෙත්යුග ළඟ කඳුලක් වීලා
    ඔබ කවදාවත් රිදවන්න එපා
    මා ඔබ ගැන පැතු පැතුමන් බිඳලා
    තවත් සිතක තනිවෙන්න එපා

    ඔබ කුමුදිනියක් ...............


    ගායනය :- චන්දන ලියනාරච්චි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැරි බර උහුලා දහ දුක් විඳිනා
    අ‍යි‍යන්ඩිට උර දෙන්න ඔබේ
    මැදුරේ මෙහෙ‍යට නුඹ ගි‍ය දා සිට
    අම්මා හිතකින් නොවේ නගේ


    බඹරුන් මල් පැණි සො‍යා ඇදෙන මග
    මලක් වගේ හිනැහෙන්න එපා
    සුරලොව අසිරි‍ය දෙනෙතට පෑවද
    සිහිනෙන්වත් රැවටෙන්න එපා

    ගමෙන් අරන් ගි‍ය ‍යොවුන් සිනා රැලි
    හඬවා ගමටම ඇසෙන ලෙසින්
    තරු එලි‍යක් නැති ගෙපැල උඩින් හෙට
    හඳක් වගේ ‍යලි ගෙදර වරෙන්

    -රෝහණ වීරසිංහ-

     
    Status
    Not open for further replies.