පද පේලි .....

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
sihine+sihinen+a+copy.jpg
11.gif
11.gif
:D
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දහසක් පැතුම් මහදේ සිර කොට තබා
මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි යන්නේ හොර රහසේ මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දෙනුවන් අගට රහසේ කඳුළැල් උනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කළා
මා පෙම් කළ බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

Shan Hassim
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    as I draw up my breath
    and silver fills my eyes
    I kiss her still
    for she will never rise..

    on my weak body
    lays her dying hand
    through those meadows of heaven
    where we ran

    Like a thief in the night
    the wind blows so light
    and it wars with my tears
    that won't dry for many years

    loves golden arrow
    at her should've fed
    and not deaths ebon dart
    to strike her dead..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    සරතැස නිවා දිවි කතරේ
    ඔබ හමුවුණා මට සොඳුරේ..

    :cool:
    ..මෙයාල මේ ලඟදිත් පට්ට සිංදුවක් කියලා තිබ්බා..
    ..කියල වැඩක් නෑ හැකියාව නම් උපරිමයි..

    11.gif
    11.gif
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Priya Suriyasena............

    ගෙල වට බැන්ඳා වූ මුතු පොටේ~
    දිස්නෙට මුහුණේහි ඔප වැටේ..
    ඔසරි නෙරියට නළල් තිලකෙට~
    බැන්ඳ සිටු පෙම් ආනන්ද වේ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ මල් යායේ මහා එක්වීලා

    මේ මල් යායේ මහා එක්වීලා
    ඈ පෑ සිනා ලංවීලා...
    රෑ තරුවාගේ නිවුනා මැලවීලා
    මා දෑසේ දී වේදනා...

    මා දෑතේ වේලිලා එදා
    රෑ සීතේ සඳපානේ පියනැගුවා
    ඒ චායා සිහිනේ යාවී
    ඈ මගේ නෙතු දැලේ දුක සැදුවා

    මේ මල් යායේ...

    සෝ ගීතේ සවනේ යාවී
    මා ලෝකේ තනිවූසේ මට හැඟුනා
    ඈ මාහා පෙරදා මැවූ
    ඒ මායා මීදුම්සේ දුර ඇදුනා

    මේ මල් යායේ...


    ගායනය :- එඩ්වඩ් ජයකොඩි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොල්පිණි වෑහෙන මේ ‍යාමේ
    ඔබගෙන් සමුගෙන ‍යා‍යුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒක‍යි මා නොකි‍යා ‍යන්නේ
    බොල් පිණි වෑහෙන මේ ‍යාමේ

    ගැලපිට නැගලා ඈත ගම්බලා
    පි‍යමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
    ඔබ සිහි‍යට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා ‍යන්නේ

    ඔබ අවදිව මා සො‍යනු එපා
    ඈත‍යි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවර දිහාකද
    එකම තැනක උන්නේ

    -රූකාන්ත ගුණතිලක-
     
    • Like
    Reactions: amila_90210

    popular

    Member
    Jun 28, 2012
    24
    5
    0
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි නුඹ හට මා දකින්නට
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දිවි නිම්න‍යේ අතරමංවී සිතින් හඬන
    මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ//
    රැක ගන්නෙමි ඔබව නිකැලැල් හදේ
    ඔබ ප්‍රේමාදරේ මි‍යෙන තුරු ස්නේහ‍යේ

    මට ආරාධනාවක් කලාදෝ
    ඔ‍ය දෑසේ කොනෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේදී
    ආදරේ අදරේ සැමදා මා
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිමිවෙන්නට හෝ හිමිකර ගන්නට
    වරම් නැතත් ඔබෙ සුවඳ විඳින්නට
    හදවත පතුළෙන් නැගෙන සුසුම් මැද
    ඔයා තමයි ඉන්නේ මගෙ තනියට

    දුරස් වෙලා උන්නත් අපි අපිට ම
    දුරස්බවක් දැනුණේ නෑ ඇත්තට
    සුසුමක් ගානේ ඔබ සිහිවෙනකොට
    දුරයි කියා මං කොහොම හිතන්නද

    හිමිවෙන්නට හෝ ..............

    ඇ‍හැරෙන ඇහැරෙන හැම මොහොතකදි ම
    ‍නින්ද නොනින්දත් අතර සරන විට
    හිත අස්සට ඔබ ඇවිදින් හෙමිහිට
    ඇස් දෙක තෙත් කරලා සැනසෙනව ද

    හිමිවෙන්නට හෝ ..............


    ගායනය :- මංජුල වැල්ලවත්තගේ
     

    Ala

    Member
    Mar 16, 2007
    17
    1
    3
    " රටා තියලා ඇමදපු මගෙ සිත් මළුවේ අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ.."

    Chandana Liyanaarachchi

    meka Chandanage song ekak neme Flash Back Rose ge song ekak
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ හරිම ලස්සනයි නංගියේ
    මට අහන්නට හිතයි නම ඔබේ
    හිනැහෙන්නකෝ නගේ ඔරවන්නෙපා අනේ
    මම ඔබට ආදරෙයි නංගියේ

    පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
    මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
    හැමදාමත් ආදරෙයි කියන්නම්
    ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්

    ඔබ හරිම ලස්සනයි නංගියේ ..........

    පාලු හිතට ඔබ ළංවෙනවා නම්
    මලක් සේම මා ඔබ රැකගන්නම්
    කඳුළක් දී වෙන්වෙලා ගියෝතින්
    අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්

    ඔබ හරිම ලස්සනයි නංගියේ ..........


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු














    meka Chandanage song ekak neme Flash Back Rose ge song ekak

    නෑ ඕක කියන්නෙ අරුණ තමෙල් (Flashback)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රැවටුණ තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ න&#353

    රැවටුණ තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
    කදුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
    වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
    වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුනේ කිසිදා

    හැමදාම ඔබ මගේ පවසා කදුලේම උන් කාලේ පෙරදා
    දැනුනේම නැ ඔහුගේ කියලා හිතුවේම ඔබේ වෙන්න මතුදා
    පිලිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා

    වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
    වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුනේ කිසිදා

    හිත කීරි ගැහිලම රිදුනා ඔබ දන්නේ නැහැ නේද මේවා
    මට යන්න බැහැ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා
    හිනහෙන්න අමතක වුනා මතක් වෙන වාරයක් පාසා

    වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
    වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුනේ කිසිදා....

    ගායනය:රුවන් හෙට්ටිආරච්චී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Jagath Wikramasinghe............

    රන් තාරකාවන් දිළෙන රැයේ~
    සේපාලිකාවන් පිපෙන පැයේ..
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    ~
    සිහිනයක දැවටී වෙලී..
     
    Status
    Not open for further replies.