පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ හඬවා තරු නිවලා
    ඔබ ගියදා ආදරී
    හිත රිදිලා පෙම බිඳුණා
    තවමත් මා මතකේ රැඳී

    වේදනා දුන්නෙ ඇයි ජීවිතේ
    ආදරේ නැද්ද දැන් මා කෙරේ
    තනිවීල ඉන්නේ දුක් සාගරේ
    නෑ තාම ඔබහට එය තේ‍රුනේ

    සඳ හඬවා .........

    මා පැතු ලෝකයේ ඔබ නෑ ළඳේ
    ආදරේ සිහිනයකි ජීවිතේ
    සංසාර ගමනේ හමුවී මෙසේ
    ඔබ නේද පෙම් ලෝකෙ කඳුළක් කළේ

    සඳ හඬවා .........


    ගායනය :- නිරෝෂන් ඩ්‍රීම්ස්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමා ලබන්නට ‍යලිත් සො‍යා ගෙන
    ඔබ ආවත් තවත් වතාවක්
    කැඩී බිඳී සීසීකඩ ගි‍ය සිත
    එකතු කරන්නට මට බෑ කවදාවත්

    ජීවිත‍ය පුරාවට සිතතුල ඇති සැක අප පටල‍යි
    ආදර‍ය කරනවිට විශ්වාස‍යකින් කල ‍යුතුම‍යි
    සමනල තටුවකි මගෙ මේ හදවත සිනිදු‍යි
    එ‍ය තේරුම් ගන්නට බැරි ඔබ හරි බොලඳ‍යි
    ඔබ බොලඳ‍යි....

    මා ලඟට වෙලා ඔබ දෙඩුව වදන් මට තව මතක‍යි
    ඒ කීව කතාබහ සැමදා මගෙ මතක‍ය හඬව‍යි
    සිතක් බිඳුනුවිට ලැබෙනා රිදවුම් දරුණු‍යි
    මට වාවන්නට බැරි දුක් දුන් ඔබ හරි නපුරු‍යි
    ඔබ නපුරු‍යි....

    -ප්‍රසන්න සෙබෙස්ති‍යන්-
    ...................
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිත අනන්තයට දුර රැගෙන ගිහින්

    හිත අනන්තයට දුර රැගෙන ගිහින්
    නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
    මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනැත්
    නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්

    සඳ මණ්ඩලේ සඳ කැන් මැදින්
    නුඹ හැංගුනා මතකයි සැරයක්
    මුතු වැල් වගේ දිය රැල් දිගේ
    නුඹ දුර ගියා තව එක දවසක්

    නිල් අම්බරේ හැඩ හංගමින්
    නුඹ හිනැහුනා මතකයි තවම
    ත්
    හද මන්දිරේ දොරගුල් හරිමින්
    මම පෙම් කලේ නුඹටයි කවදත්

    ගායනය : තීක්ෂණ අනුරාධ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙලෙස තනිවෙලා ඔබ කවුරුදැයි කියා
    පවසන්න පැකිලෙන්නෙපා
    කඳූළු පිසදමා ඔය මුහුණ පෙන්නලා
    හිනැහෙන්න හසරැල් මවා

    ක්ෂිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ
    මුසුවේවි සංකා ඇගේ
    ඈ හෙලන කඳූලැලී මුහුදටම යාවෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී


    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳූනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ...
    tumblr_m4nqs8I2P61qchngfo1_500.jpg
    11.gif
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    සිතක් කෙලෙසද මේ තරම්
    වේදනාවන් විඳීන්නේ..
    නෙතක් කෙලෙසද මේ තරම්
    දුකට කඳුලැලි සලන්නේ..

    ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
    කල්පයක් සේ දැනේ නම්..
    ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
    සිතා ගන්නේ කෙලෙසදෝ..

    සුසුම කඳුලැල් සිහින පමණක්
    උරුමයන් වී සදාකල්..
    සතුට මොහොතක මිරිඟුවක් වී
    බිඳී යන්නේ ඇයි මෙසේ..
    :(:(:(:(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    කවිය ඔබ..
    තුන් තිස්පැයක් නිදි වරා වෙහෙසී..
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ..

    පද එකින් එක ලියවා..
    සිත කුරුටු ගා මැකුවා..
    ඔබ ලියූ කවි කියවා..
    මං අසරණව උන්නා..
    යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක,
    සිත ඉකිගසා හැඬුවා..

    හොර ඇහෙන් ඉඟි කරලා..
    සඳ මගෙන් සමුගත්තා..
    කවි පොතම පොඩි කරදා..
    නිදියන්න මට හිතුනා..
    යෞවනේ අතලඟින් හිඳිනා මොහොතක...
    දුර ඈත බව දැනුනා..
    LONELY-GIRL-Poster-B12141197.jpg


    :(:(:(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ඉකිගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා..

    හීනෙන් හිනැහී
    තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ
    අදටත් හිත ඉගිලෙනවා..
    නින්දෙන් ඇහැරී
    කළුවරේම යලි සොයනා
    මට මගේම නොවන
    මගේම ආදරයක් තිබුණා..


    රිදුමක් වාගේ කිසිදා
    සුව නොවෙනා..
    සුසුමින් විතරක්
    නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරි තැන
    උණු කඳුලුම වගුරුවනා..
    මට මගේ නොවන,
    මගේම ආදරයක් තිබුණා..
    :(:(:(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැදි එමි පවන්රොදේ
    අසන්න දුක බලා ඉමි
    රැදෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සත් මහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්
    ආදරයේ පියගැට පෙළ පාර කියාවී
    මහපොළොවට පිළිගන්නම් සිටුසැප හැර එනවානම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොද වේවී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසන්න බෑ මේ වේදනා
    ඔබ දුන්නේ ඇයි මට චෝදනා
    සසරේ පුරා මේ සිත දවා
    ඔබ දුරක ඉගිලී ගියා

    නොදුටුව ලෙසින් යන්නේ ඉතින්
    මතකය ම නැතිදෝ ළඟින්
    සුළඟක් ලෙසින් ඈතට ගිහින්
    අමතක ද මා ගැන ඉතින්
    අමතක නොවේ මතකය මගේ
    රිදවා නුඹයි දුර ගියේ

    ඉවසන්න බෑ ............

    අහසක් තරම් ඈතක ඉදන්
    සඳ ඉන්නෙ තරුවක් ළඟින්
    ඒ සඳ තරම් ආදරෙ කරන්
    මම ඉන්නෙ ඔබගේ ළඟින්
    අමතක නොවේ මතකය මගේ
    රිදවා නුඹයි දුර ගියේ

    ඉවසන්න බෑ ............


    ගායනය :- නාලක කලමුල්ල
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Some happy music for Saturday mornings :D

    I sit alone in silence
    All is lost and gone...
    And the sun shines not brightly
    All is lost and gone...

    I sit alone
    In cold emptiness...
    All dies around
    Even I, born to live,
    I die in misery.

    I sit alone in silence
    All is lost and gone...
    And the sun shines not brightly
    It is dead, like me...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු රළ ගල් කුළ මත හැපි හැපි පෙම් බැන්ද

    සුදු රළ ගල් කුළ මත හැපි හැපි පෙම් බැන්ද
    සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද
    මතකය සිහිනෙක යළි කිසිදිනෙක නොවින්ද
    ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද

    මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට
    නැපිරිවෙර සමඟින් ඔබ පැමිණිය දවසක
    අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස්දෙක
    වාඩිවෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ
    කිරින්දෙ සවසක

    එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ
    ඊට පසුව හමුවුණෙ නැහැ කවදාවත් මට
    මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද
    යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත
    කිරින්දෙ එනවද


    චාමර වීරසිංහ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඉකිගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා..

    හීනෙන් හිනැහී
    තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ
    අදටත් හිත ඉගිලෙනවා..
    නින්දෙන් ඇහැරී
    කළුවරේම යලි සොයනා
    මට මගේම නොවන
    මගේම ආදරයක් තිබුණා..


    රිදුමක් වාගේ කිසිදා
    සුව නොවෙනා..
    සුසුමින් විතරක්
    නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරි තැන
    උණු කඳුලුම වගුරුවනා..
    මට මගේ නොවන,
    මගේම ආදරයක් තිබුණා..
    :(:(:(
    lassana song eka :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනා මල් පිපෙන්න වාගේ
    ළඟයි දැන් වසන්ත කාලේ
    හිඳින්නම් ඔබේ ම දෑසේ
    මමයි මල් කුමාරි ඔබගේ

    සඳෙන් බැස්ස අංගනාසේ
    සිනාවෙන්නෙ දෑස මානේ
    ඔයාමයි මැවෙන්නෙ හීනේ
    පියාගත්තෙ දෑස යහනේ

    තරු අතරෙ හැංඟිලා
    යමු ආදරේ සොයා
    මල්හීන ගේනා
    ස්නේහේ රැඳේවි නුඹ මා

    සිනා මල් ..............

    තියාගන්න දුන්නු මාලේ
    මතක් වෙන්න රෑ දෙවේලේ
    ඔයා දුන්නු හාදු කොපුලේ
    තියාගත්තෙ රෑට සිහිනේ

    මල්වලට ළංවෙලා
    පෙම් සුවඳෙ ඉමු සදා
    සඳපානෙ සේමා
    අපෙ ආදරේ අගනා
    සඳ රෑ පින්නේ ඉමු ආදරෙන් පෙම් සිසිලේ ළංවීලා
    ළඟමයි ඉන්නේ සිත පාරන්නේ නෑ ශෝක දීලා

    සිනා මල් ..............



    Nishantha Ft. Iraj , BK , Kaizer
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිතුල් පව්ව වෙහෙර ලගට සඳක් පායලා

    සිතුල් පව්ව වෙහෙර ලගට සඳක් පායලා
    කුසල් වලින් හුගක් අරන් යන්න පේවිලා
    විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා
    අවසර නැහ ඇස් දෙක ලග ඉන්න නැවතිලා ...

    අසල් වැසි ලදක් වගෙයි තෝරන බහ නම්
    සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්
    හිත ඇතුලෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන්
    මම අමතක කරන්නේ නැහැ කොලඹ ඒනවනම් ..

    සිදාදියේ කිරිල්ලියන් තරග කරාවී
    මොණර පැටික්කියගෙ රුවට තරහා ගනිවී
    තව මොහොතක් විහරයෙන් බස් ඒක යාවි
    දුරස් වෙන්න ඒපා මගෙන් රුහුණු කුමරි


    නාමල් රාජ්පස්ස නෙමෙයි උඩුගම:P
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිනා මල් පිපෙන්න වාගේ ලඟ‍යි දැන් වසන්ත කාලේ
    හිඳින්නම් ඔබේම දෑසේ මම‍යි මල් කුමාරි ඔබගේ
    සඳෙන් රැස් අරන්ද රහසේ සිනාවෙන්නෙ දෑස මානේ
    ඔ‍යාම‍යි මැවෙන්නෙ හීනේ පි‍යාගත්තෙ දෑස ‍යහනේ

    තරු අතරෙ හැංගිලා....යමු ආදරේ සො‍යා.....
    මල් හීන ගේනා....ස්නේහේ රැඳේවි නුඹ මා.....


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප දුරින් දුරක වුව තනියේ
    නෙත් සරින් පමණි හමු වූයේ
    ඒ ඈත් බවිනි හද බඳුනේ
    සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

    ඔබ ඈත සඳවී පායා
    මම මෑත තරුවක පිපිලා..
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.