කහවන් ගොයමට රන්දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවනැලි වැඩියෙන් කලුවී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා
දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුන කලක්දෝ
ඉපනැලි නලියනවා
මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රතුවෙනවා
එක දෙක දියරැලි සුළගට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
මුතු අමුනා ගී මුමුනා
දුර වෙරළට රැලි අද්දෙනවා
මින්නේරිය වැව පටසලු ඇදගෙන
ඔන්චිලි පැද්දෙනවා
මහසෙන් රජ වැද නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
ආවුරුදු දහසක් කෙත්බිම් සරුකොට
හිනැහී සැනහෙනවා
යල වපුරා මහ වපුරා
ගොයමට දිය රැලි නංවනවා
මින්නේරිය වැව හෙට හී කවියේ
උදයට ළංවෙනවා
~නලනි රණසිංහ~
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවනැලි වැඩියෙන් කලුවී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා
දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුන කලක්දෝ
ඉපනැලි නලියනවා
මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රතුවෙනවා
එක දෙක දියරැලි සුළගට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
මුතු අමුනා ගී මුමුනා
දුර වෙරළට රැලි අද්දෙනවා
මින්නේරිය වැව පටසලු ඇදගෙන
ඔන්චිලි පැද්දෙනවා
මහසෙන් රජ වැද නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
ආවුරුදු දහසක් කෙත්බිම් සරුකොට
හිනැහී සැනහෙනවා
යල වපුරා මහ වපුරා
ගොයමට දිය රැලි නංවනවා
මින්නේරිය වැව හෙට හී කවියේ
උදයට ළංවෙනවා
~නලනි රණසිංහ~

on’t let me leave