පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කියන්න...කියන්න
හඳ රැදි දේ මා සමගේ
කියන්න...කියන්න
ඇති සැමදේ රිසිසේ
හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන් මත් සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබෙ නම් හොරෙන්
කියන්න...කියන්න
හඳ රැදි දේ මා සමගේ

නිදි වරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළග මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයි ඔබෙ නම හොරෙන්..

කියන්න...කියන්න
හඳ රැදි දේ මා සමගේ
කියන්න...කියන්න
ඇති සැමදේ රිසිසේ

කියන්න...කියන්න
හඳ රැදි දේ මා සමගේ
කියන්න...කියන්න
ඇති සැමදේ රිසිසේ


HUTCH :: nadeeka Jayawardene ;)

 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolnishan said:
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
    3.gif
    11.gif
    ;)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔහු අත ගෙන ඔබ පිය මැන යද්දී
    මගේ ලොවක මා තනි වූවා
    අහිමි පෙමක් හමුවේ මා පැරදී
    අහිමි පෙමක් හමුවේ මා පැරදී
    එනමුදු ඔබ අත වැරදි නැතේ....
    :no: :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට කියන්..න හැම දෙයක්..ම
    හිතේ... තියෙන දුක නිවෙ..න්න
    හදේ.. ගැස්ම දැනෙනා.. තැනක
    මං... ආ.සයි අහන්...ඉන්න..

    ඔබේ නෙතු අඟින් රැදෙනා.. කඳුල
    මෙනෙහී කර..මින් අදූරූ.. සිතින්..
    ලොවේ දහමින් මිදිලා.. රැදෙමින්..
    හැකිවේ..ද සිතනූ.. රිසින්..

    මට කියන්..න හැම දෙයක්..ම
    හිතේ... තියෙන දුක නිවෙ..න්න
    හදේ.. ගැස්ම දැනෙනා.. තැනක
    මං... ආ.සයි අහන්...ඉන්න..


    දුක රැදෙයි..ද හැම දිනක්. ම
    නෙතු අගින්.. කදූලින් අප තෙමන්...න
    රැදී ඉන්...න අවසරයි.. සොඳුර..
    පුදමී දෝතින් වසන්..තය..

    මට කියන්..න හැම දෙයක්..ම
    හිතේ... තියෙන දුක නිවෙ..න්න
    හදේ.. ගැස්ම දැනෙනා.. තැනක
    මං... ආ.සයි අහන්...ඉන්න..

    Nadeeka Jayawardene


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිරවී තිබුණා හද පතුලේ
    ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක
    මා සගවාසිටි ආදරේ

    නිරෝෂා විරාඡිණි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හිතුවක්කාරී නුඹ නම් සොදුර .......
    අනෙ හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
    මුතු කැට වැස්සක් වාගේ වේනම් සොදුරුයි මේ දීගේ
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
    බලහත්කාරෙන් එන්නට බෑ අනෙ වාවාගෙන වේගේ

    ගොරුහරු මෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
    මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොදුර
    තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
    සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙනගනින් සොදුර

    සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩුගුවනේ විතරයි
    නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරී ඒ ලස්සන ඉවරයි
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි


    Thanks m3pium ;)
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

    ලස්සන සිංදුවක්:)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මග බලා හිඳිමි මා..
    එනතුරා යළි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා..
    නෙතු පිරෙන තුරු කඳුලකින්
    දුකසේ ගෙවමී මේ..
    කෙටි කලත්
    රහසේ මියෙමී මා..
    ඔබ පැතුම එය නම්

    ~ නදීක ජයවර්ධන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නූපුර රාවෙට
    වත්සුණු සුවඳට
    හැඩවෙයි නැළවෙයි..
    හැඩවෙයි නැළවෙයි
    මේ මගේ ඩෝලේ.....
    නුඹයි මගේ ඩෝලෙ
    මේ මගේ ඩෝලේ.....
    නුඹයි මගේ ඩෝලේ...


    පායන පුන්සඳ
    වීදියෙ රෑයම
    පෑයූ යාමෙට
    විමසයි විමසයි
    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලෙ
    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලේ

    සීතල සුළඟට
    අවනත ගහකොළ
    සිළි සිළි හඩකින්
    මුමුණයි මුමුණයි
    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලෙ

    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලෙ


    නූපුර රාවෙට
    වත්සුණු සුවඳට
    හැඩවෙයි නැළවෙයි..
    හැඩවෙයි නැළවෙයි
    මේ මගේ ඩෝලේ.....
    නුඹයි මගේ ඩෝලෙ
    මේ මගේ ඩෝලේ.....
    නුඹයි මගේ ඩෝලේ...



    ~රාවන දැහැන~


     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා.....
    :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මගේ ජීවිතේ.....
    සතුට රැඳි තිබුනෙ තව කෙනෙකුන්ගේ
    නෙත් සඟලේ හසරැල්ලේ යැයි
    සිතුවේ නෑ දැනුනේ නෑ ඔබ දකිනා තුරා

    සුන්දරයි සිතු සියලුම දෙයට වඩා
    සුන්දරයි ඔබ
    අහින්සකයි කී හැම දේකටම වඩා
    අහින්සකයි ඔබ
    මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා

    මගේ ජීවිතේ.....

    අස්තිරයි සිතු සියළු දෙයම බොරු වී
    ස්ථිරයි ඔබ
    කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී
    හිනැහෙනවා ඔබ
    මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා

    මගේ ජීවිතේ..... :dull: :rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මල් රේණු පොඩි වීදෝ
    බඹරුන් ගියේ කොහෙදෝ
    ලොව තනි වී නම් මා ලං වෙන්නම්
    ඔබ විකසිතව හිඳිනම්

    මලක් සොයාගෙන බඹරුන් එන්නේ
    රොන් ගන්නයි උදයේ
    මල් පෙති දෑතින් මුව මඩල වසා
    අහක බලා ඉන්නේ

    මල් රේණු පොඩි වීදෝ...

    කොතරම් පියකරු මල් ලොව පිපුනත්
    සුවඳින් අඩු ඇත්තේ
    පියකරු බව නැතිමුත් මල් කුමරියේ
    අගයමි සුවඳ ඔබේ

    මල් රේණු පොඩි වීදෝ...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
    මටත් පෙම් වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ
    නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
    වැට කඩු සීමා මායිම් බොහෝමයි
    හමුවන්නවත් නෑ නිදහසේ

    :lol:

    සංගීත් විඡේසුරිය
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ
    රෝස යායේ රෝස කුසුඹේ සිහිනයෙන් සිහිනේ
    කෝ කොහෙදෝ මා සොයන්නී ආදරේ දෙන්නී

    සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ
    රෝස යායේ රෝස කුසුඹේ සිහිනයෙන් සිහිනේ
    හමුවෙමු කවදා හෝ ආයේ හිනැහෙමු තරහා නෑ වාගේ

    මේ සැඳෑවේ කෝ කොහේදෝ මා සොයන්නී.... :(
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මා හට නම් පුරුදුයි හැමදාම
    ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමිවු ආදරයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙළෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
    ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
    සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක

    ~චන්ද්‍රසේන හෙට්ටිආරච්චි~
     
    Status
    Not open for further replies.