මගෙ බිසව්නේ අසාපන් නුඹ මංත්රි දේවි නොවුණී
දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී
මේ කඳුළු ඇයිද දෑසේ.. බෑ යන්ට නුඹට හිමයේ
මේ කඳුළු ඇයිද දෑසේ.. බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ ..විෂ ඝෝර සර්ප බවනේ
නුඹ චන්ද්ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ
නුඹ චන්ද්ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා දරු නොදී වහල් කමටා
නුඹ නොදී එතෙර රටටා දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම් නොපුරා එහෙත් පෙරුම් දම්
මේ කඳුළු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
මේ කඳුළු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්න කුලී නිවසේ විෂ ඝෝර සර්ප බවනේ
නුඹ චන්ද්ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ
නුඹ චන්ද්ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ
හිම වතට ඇවිත් හීනෙන් සිත සඳුන් තවරපන්නේ
මගෙ බිසව්නේ අසාපන් නුඹ මංත්රි දේවි නොවුණී
දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී
-ගුණදාස කපුගේ-
මංද්රි දේවිය විය යුතුයි