පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
Amalka101 said:
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුණ
හද මඩලට කව්දෝ ආවා


මල් පෙති සිඹ සිනා රැගෙන
මල සිද බිද යන්ට ගියා
හද දුක ගාවා කව්දෝ ආවා


~ ඉමාන් පෙරේරා ~
මාත් ආස හරිම ලස්සන සිංදුවක් :)
 
Jan 15, 2009
9,238
368
0


මට කියාදෙන්න ඈත යන්න වරද මා කෙරෙන්
හිත හදා ගන්න දුක නිවෙන්න බැඳූනු ආදරෙන්

සිදු සේල වලා වියන් බඳීන සොඳූරු කාලයේ
හිත් අහස පුරා කොහොමද කටු කිණීති රැඳෙව්වේ
සිදු සේල වලා වියන් බඳීන සොඳූරු කාලයේ
හිත් අහස පුරා කොහොමද කටු කිණීති රැඳෙව්වේ

මට කියාදෙන්න ඈත යන්න වරද මා කෙරෙන්
හිත හදා ගන්න දුක නිවෙන්න බැඳූනු ආදරෙන්

සිත අමාවකයි පෑයූවත් සඳ නිලම්බරේ
නුඹ සිනාසෙන්න කඳූළු බිංදු උනත් මගෙ නෙතේ
සිත අමාවකයි පෑයූවත් සඳ නිලම්බරේ
නුඹ සිනාසෙන්න කඳූළු බිංදු උනත් මගෙ නෙතේ

මට කියාදෙන්න ඈත යන්න වරද මා කෙරෙන්
හිත හදා ගන්න දුක නිවෙන්න බැඳූනු ආදරෙන්....

♠ ඉන්දික ප්‍රසාද් ♠
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
sandun thilaka said:
මාත් ආස හරිම ලස්සන සිංදුවක් :)
කියල වැඩක් නෑ....music, lyrics, vocals ඔක්කොම හොදයි.... its a perfect song :yes:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Can anybody find be somebody to love?
Each morning I get up I die a little
Can't barely stand on my feet.
Take a look in the mirror and cry, Lord, what ya doing to me.
I've spent all my years believing in you, but I just can't get no relief.
Lord, somebody, somebody, can anybody find me, somebody to love.

Got no feel I got no rhythm
I just keep losing my beat
I'm okay I'm alright
It shows that there's no defeat
I just gotta get out of this prison cell
One day I'm gonna be free
Lord somebody
Somebody
Can anybody find me somebody to love


~ Anne Hathaway ~
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හුදකලා වූ පෙම්වතාණනෙ කියන්න
    තාරුන්‍යයේ කඩඉමත් පසු වී යතත්
    ඔබ ඔතැනමද මම මෙතැනමද
    හැමදාම......
    හුදකලා වූ පෙම්වතාණනෙ කියන්න

    දිය රළ පෙලකි ඇස කදුළු හිත දවනා
    මහා සමුදුරක කිමිදී සෙනේ පුරනා
    රැහක් දවාලක් නොබලා
    ඔබම සෙවූ පෙම්වතියයි මා

    පෙම්වතාණනේ.....

    සදු හිරු මැදට සිරවී තැවුල් විදිනා
    ඔබ අද එතැයි හෙට එතැයි දින ගණිනා
    තැනක් නිනව්වක් නැතුවා
    ඔබම සෙවූ පෙම්වතියයි මා
    පෙම්වතාණනේ

    දීපිකා ප්‍රියදර්ශණී පීරිස්


     
    Jan 15, 2009
    9,238
    368
    0
    පාවේ වළා ඈත කඳූ බලා
    පෑ ආදරේ අමා
    මා හද මවා
    මා හද මවා

    කඳූලැල්ලෙන් හසරැල්ලෙන්
    සිහින මැවෙනවා
    ජීවිතයේ මිහිරි සුවේ
    මහද නැගෙනවා
    ආලෝකෙ විහිදා සංකා නැසේ
    සුසුම් රැල් මැකේ නුවන්දිය සිඳේ
    පහන් පෙම දිගේ

    පාවේ වළා ඈත කඳූ බලා
    පෑ ආදරේ අමා
    මා හද මවා
    මා හද මවා......

    හාදව පෙම් බැන්ද රුවින්
    පාළුව මැකුනා
    ආදර ලොව අන්ධ නොවේ
    දෙහදක නැගෙනා
    දෑසේ මැවේ ආදරේ මල් හිනා
    තුටින් පිරිලොවේ සහන් එළි නැගේ
    පහන් පෙම දිගේ

    පාවේ වළා ඈත කඳූ බලා
    පෑ ආදරේ අමා
    මා හද මවා
    මා හද මවා......


    ♠ වික්ටර් රත්නායක ♠

    http://uk.imdb.com/name/nm1041350/


    http://uk.imdb.com/name/nm1041350/
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දෙන්නම් මන් අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට...


    ~ සූර පප්පා ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජයසක් හඩවන හෝරාවේ
    හේවිසි හඩ ඇරඹෙන්ට කලින්
    සෙල් පියගැට මත සෙමින් පය තබා
    පිදුරන්ගල යමු උදෑසනේ


    ~ රාවන දැහැන ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Amalka101 said:
    දෙන්නම් මන් අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට...


    ~ සූර පප්පා ~

    මෙන්න මේකටනම් ලොලක් යනවා..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුළඟේ ලෙළෙනා මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ

    රීපෝස්ට්
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මට ඔබෙ අදරෙ සිහිනයක් දො ..........
    මට ඔබෙ අදරෙ ලැබෛදො ...........
    ඔය ඇස් මවෙතට හරෛදො .......
    (සින්දුව ඔක්කොම මතක නැ වචන අඩු නම් සමාවෙන්න)

    රොමෙශ් ලක්ශන්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බ‍ලා‍ හි‍ඳි‍මි‍ දු‍ර‍ ඈ‍ත‍ක‍ ඇ‍යි‍ ඔ‍බ‍
    මා‍ ර‍ඳ‍වා‍ පි‍ය‍ව‍ර‍ මැ‍න්නේ

    වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ
    කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු
    මම මෙහෙ හිඳිමි බලා

    නෙතින් කඳුළු ගංගා උතුරන්නේ
    නැත හදවත ගිනි තවම නිවී
    ඔබේ සුවඳ යළි මට හිමිවන තුරු
    මම මෙහෙ හිඳිමි බලා

    බ‍ලා‍ හි‍ඳි‍මි‍ දු‍ර‍ ඈ‍ත‍ක‍ ඇ‍යි‍ ඔ‍බ‍
    මා‍ ර‍ඳ‍වා‍ පි‍ය‍ව‍ර‍ මැ‍න්නේ

    ~ නීලා වික්‍රමසිංහ


    :nerd:
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මා දුර ඈතක යතැයි සිතා
    ඔබ මෙහි තනිවී ඇතැයි සිතා
    සොවින් තැවී ලතැවී හිඳීමින්
    නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන

    මා දුර ඈතක යතැයි සිතා
    ඔබ මෙහි තනිවී ඇතැයි සිතා

    ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නෙට
    මට දිරියක් නැත්තේ
    එනමුදු සොඳූරිය අප දිවි රැකුමට
    මා එහි යායුත්තේ
    ඔබේ මියුරුබස් කල කී දේවල්
    හද තෙරපී ඇත්තේ
    ඉඩක් ලැබුනුවිට ලියා එවන්නම්
    විස්තර ඒ පැත්තේ

    මා දුර ඈතක යතැයි සිතා
    ඔබ මෙහි තනිවී ඇතැයි සිතා
    සොවින් තැවී ලතැවී හිඳීමින්
    නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන

    ♠ මර්වින් පෙරේරා ♠

     
    Status
    Not open for further replies.