පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
යාළු බාල සදේ කදු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසළා බලා සිටින්නේ


-- සෝමතිලක ජයමහ --
 
Jan 15, 2009
9,238
368
0


රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සලා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදිකර යහනින්
ඔබ එබී හිනැහී කවුළුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැඟෙනා වදනින්
නොහැඟෙනා අරුතින්

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සලා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත වෙලා සිටියේ ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සලා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී.......

♠ සුනිල් එදිරිසිංහ ♠




 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳේ...ඔබ ඇයිද මේ යාමේ...
අහස කරා නැගුනේ...
සිතේ..දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ දන්නේ..
දිනිහිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා....

ඔබ තරු වටකර
හිනැහෙන යාමේ
දුර යහන් ගැබේ..
රෑ නොනිදාගෙන
වැලපෙන මා හට
ඔබගෙන් කිමද පලේ....

සඳේ...ඔබ ඇයිද මේ යාමේ...
අහස කරා නැගුනේ...

සඳ දෙස බල බල
මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන්න බෑ....
හිරු මා දැවුවත්
මා ලද උණුසුම
අමතක කරන්න බෑ....

සඳේ...ඔබ ඇයිද මේ යාමේ...
අහස කරා නැගුනේ...
සිතේ..දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ දන්නේ..
දිනිහිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා....


-- රූකා --

http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=5084181
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අඳුරේ බොඳවන මගේ ලෝකයේ
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
ගව් ගනනක් දුර ජීවිත සසරේ
සැනසුම වූයේ ඔබ දෙපළයි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අහසෙත් නැත..
පොළොවෙත් නැත..
සැඟවෙනු හැකි තැනක්..
පව් ඵළ දෙන විට දුවනට මුහුදෙත් නැත මගක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්..
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක්..

-- ක්‍රිශාන්ත එරන්දක --

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ජසයා මමයි ගිනි කසයා වාගේ..
ගමෙන් ගමේහි නටනා...
රජ මැතිවරු එන මග
උඩට උඩු වියන්
පය පාවඩ එළනා
..
ජසයා මමයි ගිනි කසයා වාගේ..
ගමෙන් ගමේහි නටනා...

රජ මැතිවරු එන මග
උඩට උඩු වියන්
පය පාවඩ එළනා
..


--ජානක වික්‍රමසිංහ--
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කොන්ත නෝනගේ කොන්ඩේ
කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගේ හැට්ටේ..
කොන්ත නෝනට ඕනෑ හැටියටයි..

තමුන්ගේ ඇහේ පරාළය නොපේනේ
අනුන්ගේ ඇස්වල ඇති රොඩ්ඩ හොයනවා
දඹ රත්තරන් වලින්
බෙල්ලක් නැති එකීට
දඹ රත්තරන් වලින්
බෙල්ලක් නැති එකීට

තැල්ල බඳිනවා..තැල්ල බඳිනවා...

කොන්ත නෝනගේ කොන්ඩේ
කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගේ හැට්ටේ..
කොන්ත නෝනට ඕනෑ හැටියටයි..

රස මසවුළු මුළුතැන් ගෙයි පිසුනා
අල්ලපු ගෙයි ලුණු පොල් කට්ට බලනවා
ගෙරිමස් බුදින ගමන්
ගව සම්පත ගැන බණ
පොතක් ලියනවා
ගව සම්පත ගැන බණ
පොතක් ලියනවා

කොන්ත නෝනගේ කොන්ඩේ
කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගේ හැට්ටේ..
කොන්ත නෝනට ඕනෑ හැටියටයි..


-- දීපිකා ප්‍රියදර්ශනී--
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රජ්ජුරු බන්ඩාර දෙයියනේ...
රජ්ජුරු බන්ඩාර දෙයියනේ
තරහා අවසර රන් කදේ
ආල හිතක් ඇදී ඔත්පළ වුන අහිංසකී මං

රජ්ජුරු බන්ඩාර දෙයියනේ...
තරහා අවසර රන් කදේ
ආල හිතක් ඇදී ඔත්පළ වුන අහිංසකී මං

-- දීපිකා ප්‍රියදර්ශනී--

 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කදු අතරේ බැදී මීදුම් පටල සේ
පියඹා යද්දී අපගේ ආලේ
තැවුල් නිවාගනූ නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ

හදුනාගත්තද පෙම්ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම්ලොව ඔබගේ
ඔබ අන්සතු වෙයි මා අන්සතු වෙයි
නික්මී යමු අපි පෙම් මල් උයනේ

~ආත්මා ලියනගේ~
රීපෝස්ට්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අතීතයෙන් ගඟ ගලා බසී...
සිදී බිඳී ගල් පර අතරේ...
සිනා සිසී සුදු පෙණ පොකුරේ..
ගලා බසී...ගඟ ගලා බසී...
පිපී බිඳෙන දිය බුබුළේ
වළා රොදක දුර ආකාසේ
සොබා සොදුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ
සොබා සොදුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ....

-- පණ්ඩිත් අමරදේව--
 
Jan 15, 2009
9,238
368
0
දිනෙක අප හමුවුණා
දිනෙක අප වෙන්වුණා
පැතුම් මල් මාවතේ
කිමද අප තනිවෙලා....


 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ලන්ද දිගේ හැංගි හොරා සැදෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ

දෑත දරා පෙරදා කීව කතාවේ
දෑස රැදේ තාම බැදීලා
සීත රැයේ හඩනා දෑස ගියාවේ
ඈත ඔබේ ලෝකෙ සොයාලා

ලන්ද දිගේ හැංගි හොරා සැදෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ

පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
පාළු සිතේ ශෝක නිවාලා
ජීවිතයේ තනිවී දෑත රැදේවා
ආයෙ ඔබේ දෑතෙ රැදීලා

නන්දා පතිරණ

මේකෙ Quality Version එකක් තියෙනව නම් කවුරු හරි දෙන්නකො ප්ලීස් :(
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නාදුනන සිහිනේ - සාගරය විලසේ
දුර ඈතටම ඇදුනේ
රළ පාවෙවී බිදුනේ
වේදනා නන්වා - ආදරේ හන්දා


~නිරෝෂා විරාජිනී~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉන්දීවරියේ

බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත
සසල කරයි හද මාලනියේ
බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත
සසල කරයි හද මාලනියේ...

මදන තෙදින් ඉදු සඳිසි යොවුන් ළද
බදිනු තදින් හෙත දේහිනියේ...

රතඳර පියුමෙහි රොන් සුණු වැඟිරෙත
කෙළෙසද හැඟුමන් මැඩලන්නේ
රතඳර පියුමෙහි රොන් සුණු වැඟිරෙත
කෙළෙසද හැඟුමන් මැඩලන්නේ

උතුරා යද්දෙන් රොන් කද මධු යාමේ
ඉම කළ සෙවනේ එක හීනේ
නුබ සතපමි නහවා අමරති රන ළොලේ

බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත
සසල කරයි හද මාලනියේ

මදන තෙදින් ඉදු සඳිසි යොවුන් ළද
බදිනු තදින් හෙත දේහිනියේ...

විපුළිත ළැම රණ හංස තුඩට කිම
දුහුල් සළුව හිරිහැර දෙන්නේ
විපුළිත ළැම රණ හංස තුඩට කිම
දුහුල් සළුව හිරිහැර දෙන්නේ
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ
මගේ සරාගී සෝතාපා
නුඹ රන් බඳ මා හා සයනිත රෑ යාමේ
මගේ සරාගී සෝතාපා
නුඹ රන් බඳ මා හා සයනිත රෑ යාමේ...
මගේ සරාගී සෝතාපා
නුඹ රන් බඳ මා හා සයනිත රෑ යාමේ

-- සමන් ජයනාත් --
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sandun thilaka said:
කසුන්.. මේක කොහොමද?

http://www.elakiri.com/forum/showpost.php?p=2707002&postcount=7950

ශිවා දීපු එක... ඒකද ඔයා ලඟ තියෙන්නෙත්?
මේක තමයි මචන් මා ළඟත් තියෙන්නෙ(64 kbps) වෙන එකක් මන් හොයන්නෙ :oo:
තෑන්ක්ස් මචන් උදව් කරන්න හැදුවට :yes:
 
Jan 15, 2009
9,238
368
0
KHz said:
මේක තමයි මචන් මා ළඟත් තියෙන්නෙ(64 kbps) වෙන එකක් මන් හොයන්නෙ :oo:
තෑන්ක්ස් මචන් උදව් කරන්න හැදුවට :yes:

මගෙ ළඟ තව එකක් තියෙනව කසුන් ඒක ඔය තරම් වත් quality නැ
 
Status
Not open for further replies.