පි.දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්
ගැ.දොර කවුළුවෙන් එබී බලා මන් මෙසේ නුවන් හෙලා
රෝස මලට බමරු රගන මන් හිදිමි බලා
පි.නගේ මගේ පැළට නුඹෙ සීපද රාවේ
සවනට මා ඇසුනු සැනින් මේ දුර ආවේ
ගැ.මලින් මලට බමරු රගන ගුමු ගුමු නාදේ
සවනත මා ඇසුනු සැනින් මේ දුර ආවේ
පි.ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මහද සැලෙනවා
ගැ.පමා උනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමක දීගෙක යනවා
පි.දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්
ගැ.දොර කවුළුවෙන් එබී බලා මන් මෙසේ නුවන් හෙලා
රෝස මලට බමරු රගන මන් හිදිමි බලා
~ශර්ලි වයිජයන්ත , මාලිනී බුලත්සිංහල ~
Thnx life & m3pium akka