පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළාතලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවේ අඳූරේ සුසුමේ වෙලිලා.....

╗ ජෝති ╔
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අර මෝදු වෙලා සිනා පුරන සද මඩලෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා සිනා පුරන මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා පිපි කුසුමන් පරවුනාම...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට මම නොවී ඉන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිව අපි වී ඉතින්....
නව ලොවට මුල් අණූ වෙන්න
නිල නොවන පෙම් කවිය පබඳින්න
පිණි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළු ලන්න
මිහිකත මතින්...
 
Jan 15, 2009
9,238
368
0

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....

මී පුර වැසියෝ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ

-sachith & rakitha-


 
Jan 15, 2009
9,238
368
0
රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ....

╗ විජය කුමාරණතුංග ╔
 
Jan 15, 2009
9,238
368
0

සමාවෙන්න බෝ පතකට කඳූළු බිංදු වැටුණා
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා
දරාගන්න බැරි ගින්දර බෝසමිඳූට කිව්වා
අමාවකට අවසිහියෙන් සඳ බලන්න දිව්වා
....

╗ චන්දන ලියනාරච්චි ╔
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුසුම් පොදක්වී..
    හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා
    ජීවිතයම ලෙස සිතූ සෙනේහය
    ගෙනගියේ මට නොකියා.
    මගේ සරා සඳ...හදේ සුවඳ ගෙන
    නුඹ කොහිදැයි සිතුනා

    ~ කසුන් කල්හාර
     

    රන්තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ අද එන්නේ

    මිහිර සොයා ගෙන මගෙ ජීවය දැන්
    කඳූලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳූරිය තවමත් මා
    අතමයි වරද තියෙන්නේ........

    ╗ කීර්ති පැස්කුවල් ╔

    meekeee mp3 1k kawuru hari gawa tiyeeda....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
    නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

    පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
    ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

    මී පුර වැසියෝ

    ihi ihi...... :lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සයුරේ රළ සේ
    අහසේ තරු සේ
    මිතුදම් පවතී
    ලොව සැමදා...

    සත්සර නැගෙනා
    නාදය කොතැනා
    එතැනයි සැමදා
    අපි සැවොමා...

    - නෙලූ -
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පිපුණු මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැළ වසඟ කලා
    මගතොට රැඳි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කලා....

    ╗ ශාලිත අබේවික්‍රම ╔
     

    nwnbs

    Member
    මහ වැස්සක් බිමට හලා
    නිදහස් වූ අහසක් සේ...
    නුඹ නිසොල්මනේ එපා...හිඳින්න
    නුඹේ නිහඩ බව මට බෑ
    දරාන ඉන්න...
    අනේ තව ටිකකින්
    හිනාවෙලා කතා කරන්න
    නුඹේ නිහඩ බව මට බෑ
    දරාන ඉන්න...

    -සුනිල් එදිරිසිංහ-
     
    Status
    Not open for further replies.