පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මූනේ
හරියට හැන්දෑවක් වාගේ

දෑස් පියන නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමි හිතක් දීලා
යනවද හීන හතක් මවලා
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මේ නිහඩ බව බිදින්න
    තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා සිත මියුරු කල්පනා
    රස පද වැළට පෙරළුනා
    මිහිරියේ ඔබට බැදුණු ප්‍රේමයේ නමින්
    නැවුම් සිතක ඔබට බැදුණු ප්‍රේමයේ නමින්
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඇගෙ සුසුම් පවන් සලයි..... මගෙ කොපුල් පුරා වෙලෙයි... ඇගෙ සෙනෙහස ගොඩ ගලයි............ උනුසුමට මාව තෙමෙයි......
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    විදුලි ලතා නිහඩ සදා
    සීගිරි ආලකමන්දාවේ
    සියවස් ගණනක් නිසල විලාසෙන්
    ගෙවුණු අතීතේ විදුලි ලතා

    නිලුපුල් නයනග කදුළු උපන්නෙද
    සිනා කැළුම් මල් පොකුරු උපන්නෙද
    කොහෙසිට එන්නෙද විදුලි ලතා
    කොහාට යන්නෙද විදුලි ලතා

    කලියුග කාලේ අරුමැසි තාලේ
    නලරැලි වැදුනෙද විදුලි ලතා
    තටු ලැබ දෑලේ ඉගිලෙන ලෝකේ
    ගිරිබිත සොදුරුද විදුලි ලතා

    සීගිරි ආලකමන්දාවේ
     
    නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්තියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
    නින්ද නේන රාත්‍රියේ....................................
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කාලී දිවංගනියේ...........
    කාලී දිවංගනියේ

    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා.
    කාලී දිවංගනියේ

    අසිපත දිළුන පුරේ
    පෙළපත සැඟව ගියේ
    වේලා පුරයේ තනිකම පමණයි
    විඳිනු එපා විඳවන්න එපා...
    කාලී දිවංගනියේ

    එඩිතර සොයුරු සෙනේ...
    රණබිම මිලින වුනේ...
    දෑ හිත වඩවා හෙළ බිම සුරකින්
    රිදෙනු එපා රිදවන්න එපා
    කාලී දිවංගනියේ

    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ
    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා.
    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සංකේත අංක ඉරි රූ සටහන් මැද
    නේක වර්ණ එළි නිවී දිලේ
    තාක්ෂණික පෙම් වදන් මුමුණමින්
    සැරිසරමුද පරිඝණක තිරේ
    සැරිසරමුද පරිඝණක තිරේ

    වෙල්ලෝරාවට එල්ලෙන උයනට
    අතීතයට යමු සිහින නෙලන්නට

    වෙල්ලෝරාවට එල්ලෙන උයනට
    අතීතයට යමු සිහින නෙලන්නට

    කසුබ් රජුට පෙර කැටපත් පවුරේ
    ඔබේ නමින් පෙම් ගීය ලියන්නට

    ඔබේ නමින් පෙම් ගීය ලියන්නට

    අනාගතය අතැඟිලි අතරින් ගෙන
    අඟහරු ලොව මල් උයන් පුරා..

    අනාගතය අතැඟිලි අතරින් ගෙන
    අඟහරු ලොව මල් උයන් පුරා..
    තොරතුරු වැසි මැද
    කාලය විනිවිද
    අතරමංව ඉමු දෙනෙත වසා..


    මෙගා තොදොල් වැකි
    අකාල සල්පිල් ත්‍රිමාණ පෙම් ගී නාද රටා
    හණමිටි වෙබ් අඩවියෙන් මිදී ඉමු
    සයිබර් අවකාශයට වෙලා
    සංකේත අංක ඉරි රූ සටහන් මැද
    නේක වර්ණ එළි නිවී දිලේ
    තාක්ෂණික පෙම් වදන් මුමුණමින්
    සැරිසරමුද පරිඝණක තිරේ

    සැරිසරමුද පරිඝණක තිරේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගැඹුරු සත්සමුදුර පතුල බිඳ//
    ඇඹරි ඇඹරී වියරු දළ රළ
    ගැඹුරු සත්සමුදුර පතුල බිඳ//
    ඇඹරි ඇඹරී වියරු දළ රළ
    තුමුල මහමෙර දෙදරවයි
    බුර බුරා නැගි කුරිරු ජල කඳ//
    දෙරණ සම්පත ගිලගනී..ගිලගනී //

    ~ පණ්ඩිත් අමරදේව
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
    මල් පෙති ඉහිරුණු මල් පාරේ
    දවසක හිනැහෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වක්කඩ ලග දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩපැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වලාකුලින් විදුලිය කෙටුවා

    කිව්වට වස් නැත නිල් නිල් පාටින්
    කටරොළු මල් වැට වට කෙරුවා
    තුන් දවසක් අමනාපෙන් සිටි කළු
    නෝක්කාඩු බැල්මෙන් බැලුවා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුදසුනක නිසල බව
    ලද පෙමට පිදුනි නම්
    හදවතට නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද ...
    මට කියනවාද

    බැඳී ආදරයට ඇයි දුන්නෙ තැවුල්......

    දයාන් විතාරනගෙ මම ආස්ම සිංදුව :yes:

    මේක මට මතක් උනෙ මම ආපහු ආපු bus එකේ විරිඳු(සිංදු) කාරයෙක් ඇවිල්ල මේ සිංදුව කියපු වෙලෙ. හරිම ලස්සනට කිව්වා:)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැන්න කියා
    මහබඹු මට මැව්ව එයා හමුවෙනතුරු ඉන්නෙ බලා
    ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙපුරා
    ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා

    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමී ජීවිතේ පාළු මකා
    මල් මල් මාවතේ ආදර රන් ළදේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්...
     
    Status
    Not open for further replies.