පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සි
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්

    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවම් සිහින දකිමින්
    මියැදෙමි සඳක නුඹ පතමි ස්නේහෙන්

    Centigradz
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මිනිසා සුවදයි මලසේ
    නුවණින් එළියයි හිරුසේ
    පරවී වැටිලා
    ඒ හිරුමල මේ දෙරණේ

    මිනිසෙකු පිට නැඟි අසරුවෙකි
    ඒ බර ගෙයි සහලට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිහා
    හැන්දෑවෙත් අසු පිටට නඟී...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මිනිසෙකු පිට නැඟි අසරුවෙකි
    ඒ බර ගෙයි සහලට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිහා
    හැන්දෑවෙත් අසු පිටට නඟී...

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
    ඇසින් දුටූ දේ බොරුවී නොයයි දෝ
    දෙකනින් ඇසූ දේ නොවෙයි...
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
    ඇසින් දුටූ දේ බොරුවී නොයයි දෝ
    දෙකනින් ඇසූ දේ නොවෙයි...

    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටෙනා
    ඒ හිරු මල මේ දෙරණේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
    පුන් සද පහනින් උණුසුම අයදිනවා
    ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉදුවර සොයමින් ලතැවෙනවා....

    සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
    කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
    ගිලිහෙන දියරැලි මාලා නෙත පුරවාගෙන නෙක මායා
    මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා....

    ගමනේ මංපෙත දවසක නිමවෙනවා
    ලදදේ කල කීදේ හිත හඩවනවා
    නිරවැරදි හැම සගවාලා වරදට මල්දම් දාලා
    රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා......

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටෙනා
    ඒ හිරු මල මේ දෙරණේ
    මිනිසා මිනිසට එරෙහිව එන්නේ
    සිතුවිලි නපුරට හැරෙන නිසයි
    නපුරට නොහැරෙන සිතුවිලි සදහා
    ධර්ම විජය වෙයි ලොව රකිනා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිතින් මා නොසැලී ඉදිද්දී
    කදුල නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොගෙනෙනු මැනවී

    තනිව මා හඪනා වෙලාවේ
    සැලි සැලි සීතේ
    වැටුනු මහා වරුසා මතක් වේ
    නුඹ රැදි දැසේ

    සිතින් මා නොසැලී . . .

    තවම මා නුදුටු සිනාකැන්
    හමු නොවූ යාමේ කදුල මට කරුනා කරන්නයි
    අයදිමී නිබදේ . .

    සිතින් මා නොසැලී . . .
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සිතින් මා නොසැලී ඉදිද්දී
    කදුල නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොගෙනෙනු මැනවී

    තනිව මා හඪනා වෙලාවේ
    සැලි සැලි සීතේ
    වැටුනු මහා වරුසා මතක් වේ
    නුඹ රැදි දැසේ

    සිතින් මා නොසැලී . . .

    තවම මා නුදුටු සිනාකැන්
    හමු නොවූ යාමේ කදුල මට කරුනා කරන්නයි
    අයදිමී නිබදේ . .
    nice one :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යසෝධරා......යසෝධරා......
    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    යසෝධරා......යසෝධරා......

    එයින් මිදෙන මං පෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර
    සමාධියෙන් සිත ඈත දිවෙන විට
    පමා නොවී යලි ඇවිදින් මේ දෙස
    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    යසෝධරා......යසෝධරා......


    -sanath nandasiri-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වනමල් සුපිපෙන අසපුව ඔබගේ හදවත
    එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත....


     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සද තරු නිහඩයි
    ගහ කොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා . .
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    Sitha piligan na oba age kiwath
    duka adu vee na kopamana haduwath
    oba pem kara na ma pem keruwath
    sitha pemata mula u da idala
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වනමල් සුපිපෙන අසපුව ඔබගේ හදවත
    එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත....

    සදාකාලිකව ඔබෙ හදවත මට හිමි නැත
    කෙටිකලෙකට වුව මට එහි ලෝතුරු සුව ඇත ...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදාකාලිකව ඔබෙ හදවත මට හිමි නැත
    කෙටිකලෙකට වුව මට එහි ලෝතුරු සුව ඇත ...

    මම යන්නම් ඔබ කියන විටක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
    මොහොතක් හෝ..ඔබ දැකගනිමින් යන්තම්
    ඒ වනතුරු ඔබ ලග ඉන්නට ඇත්නම්
    ඒ වනතුරු ඔබ ලග ඉන්නට ඇත්නම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ‍ට මා එපා වී යන නමුදු වෙන්වෙලා
    නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
    ඔබ‍ට මා එපා වී යන නමුදු වෙන්වෙලා
    නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාලුවේ . .
    රැගෙන යන්න සොදුරියෙ ඔබේ
    සුවද මා ලගින් . .

    සිව් වසරක පෙම් ගීතය
    ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුලු පැලදුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ . .

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ
    සෝ ගියකි දුක්බර වූ සැනසුම කොහිදෝ. .

    තනි වෙන්නට මගේ ලොවේ . .


    [වික්ටර්]
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සළු වියනා
    දෑත පාළු
    සුන්දර යෞවනියේ
    හිත පාමුල
    කඳුළු සයුර සගවා හිනහෙන්නේ
    සඳ මෝරන කාලයටයි සුවද මල් පිපෙන්නේ
     
    Status
    Not open for further replies.