පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන
    කව්ද හැබෑටම මේ යන රන් ලන්දා...
    කිව්වා නාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙලනවා...
    මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුනු
    හිටි පාදෙම ඔය කී රූ වරුණා...
    මා ගැන නම් ඒ අහන්න ආසයි
    ආයෙම මයෙ වරුණා...

    මල් පෙති වාගේ පාද රිදේදෝ
    බොරළු පයේ ඇනිලා...
    මා ගැන මන්දෝ මේ අනුකම්පා
    හිතට දුකක් දැනිලා...
    ආලේ කුසුමන් මා හිත පිපිලා
    සුවඳ හමනු දැනුනා...

    පේරද නාරං බෝවිටියා දං
    අපට කඩා දෙයිදෝ
    බුරුතු පිටින් මා වාරෙ අවාරේ
    නෙළාන එන්නම්දෝ...
    මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
    හෙටත් සිනාසෙයිදෝ...

    රූකාන්ත-නෙලූ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    punchi balu raale mama gedara nathi wele
    kauda mage boole perala perala midule sitiye:rofl:
    big+and+small+dogs.jpg

     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    The Guest House

    The Guest House

    This being human is a guest house.
    Every morning a new arrival.

    A joy, a depression, a meanness,
    some momentary awareness comes
    As an unexpected visitor.

    Welcome and entertain them all!
    Even if they're a crowd of sorrows,
    who violently sweep your house
    empty of its furniture,
    still treat each guest honorably.
    He may be clearing you out
    for some new delight.

    The dark thought, the shame, the malice,
    meet them at the door laughing,
    and invite them in.

    Be grateful for whoever comes,
    because each has been sent
    as a guide from beyond.

    The Guest House is a poem from Essential Rumi by Poet Rumi translated by Coleman Barks

    Jelaluddin Rumi, the 13th century mystic poet, was truly one of the most passionate and profound poets in history. Now, today his presence still remains strong, due in part to how his words seem to drip of the divine, and startle a profound remembrance that links all back to the Soul-Essence. Born in what is present day Afghanistan in 1207, spent most of his life in Turkey, he produced his master work the Masnawi which consists of over 60,000 poems before he died in 1273.

    Many modern popular singers start paying lots of interest in Rumis centuries old work due charm and power in his words.

    I have a collection of Rumi's poems, if interested can post them here.
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    එක මොහොතක් ඔබ සෙවෙනේ හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එක මොහොතක් ඔබ සෙවෙනේ හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා !
     
    Last edited:

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    කිදුරු කොදෙව්වේ
    කසුන් කුමාරිකා වී
    සයුරු තෙරින් සැගවී ආවාදෝ
    චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගෙ ආදරෙ මදිවුණාද

    උඹෙ නෙරියෙ රැළි හදාපු
    සවන්පතට තෝඩු දාපු
    ඔය දෙතොලට හාදු දීපු
    මගෙ ආදරෙ මදිවුණාද

    නුඹෙ උකුලේ යස තියාන
    සුරතලියේ අත පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු
    මගෙ ආදරෙ මදිවුණාද

    තන තම්දෙන තාන තනා තම්දෙනා තාන තනා
    තෙන තම්දෙන තම්දෙන තනා තම්දෙනා තාන තානා
    තන තම්දෙන තම්දෙන තනා තනෙනා තාන තනා
    තෙන තම්දෙන තම්දෙන තනා තම්දෙනා තාන තනා

    මගෙ හිස නුඹ අත තියාන
    මං දිව්රා නුඹ කියාපු
    ඒ ආදරෙ නැතිවුණාම
    මං ජීවත්වී හිඳීද

    නුඹෙ උකුලේ යස තියාන
    සුරතලියේ අත පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු
    මගෙ ආදරෙ මදිවුණාද.......
     

    nwnbs

    Member
    සක්වල එතෙරට ඇසෙනා
    අනන්ත ඈතට දැනෙනා
    මුළු මිහි තලයම කම්පා කරවන
    එකම හඬයි අම්මා...

    මෙතේ බුදුන් දැක නිවන් දකීවා
    ගෙදර බුදුන් අම්මා...


    කල්ප කාල දිගු ගමන් තලාවේ...
    ගිමන් නිවාලන දිය කඳුලයි ඔබ

    කරපිට හිඳුවා එගොඩට පීනා
    සමුදුර තරණය කරලා
    මවකගෙ මුවඟින් විවරණ ලැබුවා
    බුදුහිමි බුදු බව පතලා...


    සුරංඟනාවන් පැල් බැඳ අහසේ
    දොහොත් මුදුන් දී වැඳ වැටෙනා සඳ

    රතු ලේ කිරි කල පිං මහිමයටයි
    අම්මාවරු දුක් ගන්නේ...
    ඒ කිරි සුවඳට පරිභව කල පුතු
    නිරයේමයි උපදින්නේ...


    -
    නන්දා මාලිනි - එඩ්වඩ් ජයකොඩි-
    සක්වල එතෙරට
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආදරයේ සඳ පායා නැගේවී
    ඔබෙ මුහුනේ මුදු සිනහ නැගේවී
    මාගේ ප්‍රියාදරීයේ මාගේ ප්‍රියාදරීයේ
    ආදරයේ සඳ පායා නැගේවී

    සැණකෙළියේ මද එළියේ
    ඔබෙ මුහුණයි මා දුටුවේ
    ඒ මොහොතේ හද මැදුරේ
    ආදරයයි පිළිසිඳූනේ

    පිරුනා... දිලුණා ඒ නෙත්මල් ලංව ලංව
    ආවා ප්‍රියාදරීයේ ආවා ප්‍රියාදරීයේ
    ආදරයේ සඳ පායා නැගේවී

    ඒ සිහිනේ මුදු සුවයේ
    නැලවිල්ලේ සිටි යුගයේ
    රස අකුලා ඔබ වෙන්වී
    මට පිටුපා කොයි ගියෙදෝ

    සිඳූනා... බිඳුනා ඒ නෙත්මල් පියලි මිලින
    වූවා ප්‍රියාදරීයේ වූවා ප්‍රියාදරීයේ
    ආදරයේ සඳ පායා නැගේවී
    ඔබෙ මුහුනේ මුදු සිනහ නැගේවී
    මාගේ ප්‍රියාදරීයේ මාගේ ප්‍රියාදරීයේ
    ආදරයේ සඳ පායා නැගේවී.......

    ╗ අමරණීය ජෝති ╔

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    දිවුරාලා පවසන්න මට අදරේනම්
    මගේ ලෝකේ ඔබ විතරමයි සිතේනවා නම්
    එය සත්තකයි සොදුරේ මා මියේන හාක් කල්
    ඔබමයි මගේ සෙනෙහේ නෑ දේන්නේ කටත්...

    හිරැ මල් දැතේ සගවා වළා රෝදක නැගිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැදි ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොදුරේ...

    සියුමැලි ඇගිලි තුඩු හදට හද කොට තබාලා
    ඹබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැමවර ඹබමයි සිතාලා
    හෝ...නිදියන්න මගෙ මැණික මට තුරුළු විලා...

    Tell me dat ya name is Miss "Raw Beautiful"
    I love d way ya move ; ya face so beautiful
    She took me for a ride in dat convertible
    and then she told me its not affordadle.
    I told you dat u d best in d world
    Gorgous straight up n al d way
    down to your curves;
    She start swimming in ma pool like
    goldfish ;now is a d right time
    be ready to make a wish

    හිරැ මල් දැතේ සගවා වළා රෝදක නැගිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැදි ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොදුරේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුරඟන වෙස් වලා
    සලා උකුලු තලා
    රඟන ලියන් බලා
    නෙත් බිඟු මත් වෙලා

    තිසර පැතින් ලැමා
    කියන රහස කිමා
    සැලෙන මෙවුල් දමා
    විසිතුරු නැත නිමා

    ඉදුදුනු බැමි නිලා
    දෙනයන ලං වෙලා
    රසයට මං බලා
    දන මන මත් කලා..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අප පිබිදුනවිට ගම පිබිදෙනවා
    ගම පිබිදුනවිට රට පිබිදෙනවා
    අප පිබිදුනවිට ගම පිබිදෙනවා
    ගම පිබිදුනවිට රට පිබිදෙනවා

    ගමත් හදා රටත් හදා
    දැයත් වඩා බසත් වඩා
    ගමත් රටත් දැයත් වඩා
    නව යුගයක් කරමු උදා

    අප පිබිදුනවිට ගම පිබිදෙනවා
    ගම පිබිදුනවිට රට පිබිදෙනවා
    අප පිබිදුනවිට ගම පිබිදෙනවා
    ගම පිබිදුනවිට රට පිබිදෙනවා

    ආගම ගැන ඒ මග යන
    එක්සත් වී එක්සිත් වී
    ගමත් රටත් දැයත් වඩා
    නව යුගයක් කරමු උදා

    අප පිබිදුනවිට ගම පිබිදෙනවා
    ගම පිබිදුනවිට රට පිබිදෙනවා
    අප පිබිදුනවිට ගම පිබිදෙනවා
    ගම පිබිදුනවිට රට පිබිදෙනවා
    .....

    ╗ පණ්ඩිත් අමරදේව╔

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සදක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුනා මතකයි මම ඉමි සිහි කරලා ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Can't you see
    I love you
    Please dont break my heart in two
    That's not hard to do
    Cause I dont have a wooden heart
    And if you say goodbye
    Then I know that I would cry
    Maybe I would die
    Cause I dont have a wooden heart
    Theres no strings upon this love of mine
    It was always you from the start
    Treat me nice
    Treat me good
    Treat me like you really should
    Cause Im not made of wood
    And I don't have a wooden heart :dull:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අත දුන්නත් පන දුන්නත් මිනිස්සුන්ට අපේ
    කීදවසද ඒ කළගුණ මතක ඇත්තෙ හිතේ
    අත දුන්නත් පන දුන්නත් මිනිස්සුන්ට අපේ
    කීදවසද ඒ කළගුණ මතක ඇත්තෙ හිතේ

    මලක්වගේ ගුණවත්කම සුවඳ හමන සිල්වත්කම
    මලක්වගේ ගුණවත්කම සුවඳ හමන සිල්වත්කම
    වැළඳගන්න ජීවිතයට එළිය වැටේවී
    පින් සිදුවේවී පින්පල උතුරා යාවී

    වැටී වඳින බෝසත්කම පිනට ලැබුණ මිනිසත්කම
    වැටී වඳින බෝසත්කම පිනට ලැබුණ මිනිසත්කම
    උරුම කරුම ගෙවා ගන්න පිහිටට ඒවී
    නිවන් දකීවී නිවනේ සුවඳ දැනේවී

    අත දුන්නත් පන දුන්නත් මිනිස්සුන්ට අපේ
    කීදවසද ඒ කළගුණ මතක ඇත්තෙ හිතේ
    අත දුන්නත් පන දුන්නත් මිනිස්සුන්ට අපේ
    කීදවසද ඒ කළගුණ මතක ඇත්තෙ හිතේ.......

    ╗ වික්ටර් රත්නායක ╔
     
    Status
    Not open for further replies.