දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන
කව්ද හැබෑටම මේ යන රන් ලන්දා...
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා...
මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුනු
හිටි පාදෙම ඔය කී රූ වරුණා...
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා...
මල් පෙති වාගේ පාද රිදේදෝ
බොරළු පයේ ඇනිලා...
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා...
ආලේ කුසුමන් මා හිත පිපිලා
සුවඳ හමනු දැනුනා...
පේරද නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මා වාරෙ අවාරේ
නෙළාන එන්නම්දෝ...
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනාසෙයිදෝ...
රූකාන්ත-නෙලූ
කව්ද හැබෑටම මේ යන රන් ලන්දා...
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා...
මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුනු
හිටි පාදෙම ඔය කී රූ වරුණා...
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා...
මල් පෙති වාගේ පාද රිදේදෝ
බොරළු පයේ ඇනිලා...
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා...
ආලේ කුසුමන් මා හිත පිපිලා
සුවඳ හමනු දැනුනා...
පේරද නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මා වාරෙ අවාරේ
නෙළාන එන්නම්දෝ...
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනාසෙයිදෝ...
රූකාන්ත-නෙලූ


