පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ...


ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ


:love::love::love:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
අර රමණී පෙම් හඳ ආකාසේ
හා දිලේ
මා ලයේ ආදරේ පාවේ //
අපි නාමු ගිලී සඳරැස් දහරේ
මේ රැයේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ //
නැලවෙනූ ප්‍රේම කුමරුනී හිස මාගෙ උණුසුම් ළයේහී තබා
ශෝභනී චාන්දනී රිදී සිනා පාවි මුළු ලෝකෙ නින්දේ තබා
හරි ප්‍රියංකරයි අද පෙම් ලෝකේ
ඔව් ප්‍රියේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ //
මා ඔබේ රාජිණී ප්‍රේමේ සුවිනීත හෘදේහි පූජා කෙරූ
සිරිමතී මා ලැබූ ඔබයි සදා කල්හි භවයෙන් භවේහී මතු
මා වැළඳ ගන්න පෙම් පා ආලේ
හා ප්‍රියේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ //
අර රමණී පෙම් හඳ ආකාසේ
හා දිලේ
මා හදේ ආදරේ පාවේ //
අපි නාමු ගිලී සඳරැස් දහරේ
මේ රැයේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ //



ධර්මදාස වල්පොල / රුක්මණී දේවී
 
Jan 15, 2009
9,238
368
0
එහා තොටෙන් ඔබ පාරුව ඇදගෙන
මෙහා තොටට එයි මා හමු වන්නට
දෙදෙනා පෙම්කල මේ ගං තොටුපල
සිහින නගරයකි ඔබ මා වෙන් කල
පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුනා
පියවර හඬ මා අසලම ඇසුනා
ඡායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුනා


හරිම ලසිසනයි හරිම දුකයි

:love::love::love:

මං ගොඩක් ගරුකරන කෙනෙක්ගෙ අපූරු සිංදුවක්!:D
 
Jan 15, 2009
9,238
368
0
දිළි දිළි දිළිසේවි මා දෑසෙ ආලෝකෙ
කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස්බැන්දුමක් වාගේ මේ ලෝතලේ
මොහොතින් බිඳී යාවි සිතු සෑමදේ
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවි
මල්වරවී යෞවනේ සල්වනේ ආදරේ

කවුදෝ මවාපාන මායාවකී
ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකී
ඔහුගේ දෑස ඔබ සොයා එන්නේ
සැඟවූ රහස නෑ කෙනෙක් දන්නේ

මල්වරවී යෞවනේ සල්වනේ ආදරේ

දිළි දිළි දිළිසේවි මා දෑසෙ ආලෝකෙ
කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ...

:love: ආදරණීය ජෝති
 

Vihaghi

Member
Oct 28, 2009
26
3
0
ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදා කාලිකයි
 
Jan 15, 2009
9,238
368
0
ඔබගෙ දෝතින් පිදූ ආදරේ
යළී නිමාවෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ

එකහිත් බිඳේවි ඇසුරින් මිදේවි
ලෝකෙන් නැගෙයි චෝදනා
ඉවසන්න වේවි සැනසුම් ලැබේවි
ආයෙත් නොඑයි වේදනා

කඳූලක් වැටේවි සුසුමක් නැගේවි
දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවි අහිතක් නොවේවි
මා නම් සදා ආදරේ

ඔබගෙ දෝතින් පිදූ ආදරේ
යළී නිමාවෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ

ඔබගෙ දෝතින් පිදූ ආදරේ....

- සෝමසිරි මැදගෙදර
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි
    ඔබ
    අනන්තයි...

     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබේ නුවන් තරු එළියෙන්
    ඒ ලෝකයේ සිරි නරඹන්නම්
    තවත් කුමටදෝ එළීයක්
    මගේ ලෝකයේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිත නතරවුණ තැනින් හිත ආපසු ගන්න බැරී
    හිත නතරවුණ තැනින් හිත ආපසු ගන්න බැරී
    ඔබ නගනවිටදි හසරැළි
    හදවතින් නොවෙයි සියුමැලී

    ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමිකලා
    අප ළංවුණා නොවෙයි ඔබ මා ලංකලා
    හිත් හැඳූනුවා නොවෙයි දෑඟිලි එක්කලා
    අප සැනසුවා නොවෙයි වෙන අය සැනසුවා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ජීවිතයේ හොඳම හරිය අවුල්වෙලා යද්දී
    තමා අතට තම අතවත් සෙවණක් නැති වෙද්දී
    විරිත්තන්න දහස් ගණන් මගබලාන ඉද්දී
    නුඹට සැපක්දෝ.. මේ ඇස් කඳුලින් තෙත්වෙද්දී
    ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මල්ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳී
    ආදර විජිණිපතින්..
    කවුදෝ..සිහිල් පවන් සලනා
    කියා ගන්න බැරි නුහුරු හැඟුම්
    ඔබෙ නුවන් පුරා ඇඳෙනා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මියුරු කල්පනා නෙතඟ දැල්වුණා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
    වරෙක නැලවුණා වරෙක ලතැවුණා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුණා
    මියුරු කල්පනා..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රුදුරු තුරුවදුලේ
    තියුණු කටු අතරේ
    දිළෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ
    රෝස කුසුම මගේ
    ..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පතන පැතුම් සුළඟට මුසුවේ
    මියුරු වදන් කඳූලේ ගොළුවේ
    සතුට උපන් හැමදින වැළලේ
    කුමන නැටුම්දෝ දිවි මඬලේ

    ඇහෙනවනම් සිත හඬන හැඬුම්
    කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Would anyone care if i've cried
    Would anyone notice if i've died
    Its not as possible as you may think
    No one to hold me

    Does my life mean anything
    Is there any point in me living
    Maybe (not likely)
    Still no one loving me

    But there's gotta be a place where i belong
    Somewhere close or far beyond
    Im always surrounded by a lot of people
    But still i'm lonely
    Can anyone help me

    Would anyone care if i've cried
    Would anyone notice if i've died
    Its not as possible as you may think
    No one to hold me

    If this is a nightmare,
    someone wake me
    I'm alone tonight,
    no one to save me

    If your on my side
    God hold me up high
    Hold me real tight
    And don't let me cry

    But there's gotta be a place where i belong
    Somewhere close or far beyond
    I'm always surrounded by a lot of people
    But still i'm lonely
    Can anyone help me...
     
    • Like
    Reactions: sandun thilaka

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දහසක් දේ ඇත ඔබ හට කියන්න
    මා සිත ඇත ගොළුවී
    මදහස නගන්න දෙනුවන් හෙළන්න
    එය මට දහස් වටී
    .........
     
    • Like
    Reactions: sandun thilaka

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙතේ කදුළු පිස දමන්න
    ඇගිලි තුඩු අගින්
    සරා සදට සිනා සෙන්න
    සතුට පිරි හදින්
    වසන්තයට අඩගසන්න
    ඔබේ කටහඩින්
    දුරින් හිදන් බලා ඉන්න
    ඔබේ නෙතු අගින්..

     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම්වර දූතිය පිනෙන් උදාරයි

    නිදා නොහිඳ යළි පිබිඳී අහස බලන්නේ
    නවෝදයේ තෙද රැළි හිරු පිපි දිළෙන්නේ

    පීදෙන හෙළරන් ගොයමේ සිරිය උදාරයි
    හෙළ නෙත සිත සනහා නව සිහිල සදාලයි


    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම්වර දූතිය පිනෙන් උදාරයි...

     
    Status
    Not open for further replies.