පද පේලි .....

Status
Not open for further replies.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සන්තාප මාවතේ...
    සන්වේදනා මෑදුරේ
    සන්වේගයෙන්..
    දන්වා සිටිම්
    වෙන් වීම මා ඈගෙන්...
     
    • Like
    Reactions: cmanimations

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වෙඬරු සොරා වෙඬරු සොරා
    කවට කමට එන්ට එපා
    බසින නුරා හද උදුරා ගන්ට අනේ යොදන උපා
    වෙඬරු සොරා වෙඬරු සොරා

    මී අඹ දළු සුලඟෙ නටයි තනමින් හෝපලු සඳැල්ල
    පසෙක තියා වෙඬරු සැළිය එන්න මගේ ගොපළු කෙල්ල

    මොණර රුවින් මොණර ඇසින්
    නිල් වන රොද සරසා මල් මුවරද ගවසා
    මල් නොතලා රොනට වඩී
    චාටු කතා චාටු කතා චාටු කතා කියලා


    මලින් මලට ඉගිල ගියේ ලඳේ නුඹව හමුවන තුරු
    බඹා කෙටූ හැටි මේකයි දිවුරන්නම් නෑ හොර බොරු

    බැද්දගේ || නන්දා මාලනී
    3.gif

    ශෝයෝ සිංදුව තිලිසා දුන්නේ :rofl:
    බැද්දගේගෙ කටහඩ ශෝයො

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසැලෙන්නැතිව ඇති
    මගෙ මුලු ලෝකය ඔබම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනව ඇති
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණ සිරිලක්දිවේ
    ආරියකුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ

    සෙංකඩගල නගරය මැද සිරි දළදා මන්දිරේ
    රන්මැලිසෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ
    මේ රට සොඳ මුතු ඇටයකි ඉන්දිය මහා සාගරේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කිරිවදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙරදිගිනා වඩිනු මැනා

    දොලොස් මහෙන් දොලොස් මහට යන ගමනින් සෙතක් වේද
    පරණ පුරුදු අතැර දමා උතුම් මිනිස් ගති ගෙනේද
    උනුන් නසන අවි බිම දා දිවි අගනා බව දැනේද
    මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිණි පන්දමෙ යන්නායි ආඬි උනේ
    වරෙව් යකෝ.......
    බසබන්ද කරුවළෙ ඉන්නෙ රැහේ
    ඉර පොජ්ජ තෙළිපාන වන්නි හතේ
    කස්කරෙ මුස්නේ බලාපන් මලේ

    ඉස්සර වාගෙම තාමත් කෙරුම් කාරයද කියල බලමුකො
    ඒ ....... මල් බැත්නා පලා පේඬියෙක්වත් එලා ගන්ට බැරු වෙනව ඔට්ටුයි


    හොට බරියෙක් රොඹලෙන් ඇන
    අල වැල් ටික පන් ගහනා
    මහ පරියෙක් අකුලෙන් පැන
    රූ ගානා මං දැකලා

    ගොඩ උඩ සලාවේ ඉන්නා
    ගම් හතකට ඌ හල්ලා
    යකුන්නැහේ.......

    කෙල්ලි පිඩැල්ලියො ගෝ ඇට හොද්දියො අපේ එකාව වසී කොරන්
    පේන්නැතුවැයි
    හෙ හෙ හෙ හෙනම්මා .....


    පැණි ලබ්බේ වැටුණා
    එල ඩිබ්බා ගිය පෝයට
    කීඩැල්ලිගෙ සිහියයි
    කාදලියා පල අහකට

    ගමන් කොබෙයියා කොක්කා
    වෙන් යනවා හැන්දෑවට
    යකුන්නැහේ..........


    මිණි පන්දමෙ යන්නායි ආඬි උනේ
    වරෙව් යකෝ.......
    බසබන්ද කරුවළෙ ඉන්නෙ රැහේ
    ඉර පොජ්ජ තෙළිපාන වන්නි හතේ
    කස්කරෙ මුස්නේ බලාපන් මලේ
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    පාත හිඳන් අපි ආවේ
    නාමල් පූජා කරන්න
    දළඳා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න

    හීල් හෙවණෙ හිඳගෙන බැහැ
    හේන් කුඹුරු වැඩකරන්න
    ඇඟපත කලු වුණත් අපේ
    කිලි කුණු නැති හිත බලන්න
    දළඳා හාමුදුරුවනේ. . .
    පාත මාලයට වඩින්න

    මූදු ගියා ලෙළී තැලූවා
    පිළී ගඳීන් බැහැ මිදෙන්න
    ඒත් අපේ මල් සුවඳයි
    එපා බාර නොගෙන ඉන්න
    දළඳා හාමුදුරුවනේ. . .
    පාත මාලයට වඩින්න


    - වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: dumira j

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විතක්කනේ යට ලීයේ
    විතක්කනේ යට ලීයේ
    හැංගුව සෙනෙහෙ කොලේ
    දුන්නද
    ගුංත ගතං ගතිත ගතං
    ගුංත ගතං ගතිත ගතං
    අක්කණ්ඩිට දෙන්න කලින්
    අප්පච්චිගෙ අතට ගිහිං
    වින්නැහියක් වෙන්න කලිං
    අයියණ්ඩී යන්න ගමිං
    ඇයි බයේද මං යන්නේ

    :P:rofl:
     
    • Like
    Reactions: m3pium

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    විතක්කනේ යට ලීයේ
    විතක්කනේ යට ලීයේ
    හැංගුව සෙනෙහෙ කොලේ
    දුන්නද
    ගුංත ගතං ගතිත ගතං
    ගුංත ගතං ගතිත ගතං
    අක්කණ්ඩිට දෙන්න කලින්
    අප්පච්චිගෙ අතට ගිහිං
    වින්නැහියක් වෙන්න කලිං
    අයියණ්ඩී යන්න ගමිං
    ඇයි බයේද මං යන්නේ

    :P:rofl:
    :shocked::lol::lol::lol:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ප්‍රේමයේ මංතලාවේ..
    ප්‍රේමයේ මංතලාවේ..
    පා සටහන් අප දෙදෙනාගේ
    බොහෝදුර ඇදුනු වග
    ඔබට මතකද තවම
    ඔබට මතකද තවම
    ඔබට මතකද තවම
    තවම..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ...

    තුරු ලතා පවා දුකින් වගේ
    අතවනා.. හොයන්නෙ ඔබ කොහේ..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හෙට හෝ අනීද්දා
    සියල්ලෙන් වියෝවී
    නවාතැන්පොලෙන් මේ
    පිටත්වන්න වේවී
    පිටත්වන්න වේවී
    තනිවයි උපන්නේ
    තනිවයි මැරෙන්නේ
    මේ ඩිංගෙදී ඇයි
    කෝලම් නටන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිනා වෙන්න බැරි තරමට
    හඩා ගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාළිගා
    කතා කියන තරු දෑසට
    කියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙන ගීතිකා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පියාපත් ඇවිදින්
    ඉගිලෙන්නට පෙම් ලොවේ
    තහංචිය නෑ දැන් අප හට හිමි යෞවනේ
    සිත කළඹනා සිත සනසනා මේ
    සොඳුරු හැඟුම්
    පියාපත් ඇවිදින්
    ඉගිලෙන්නට පෙම් ලොවේ
    තහංචිය නෑ දැන් අප හට හිමි යෞවනේ
     
    Status
    Not open for further replies.