පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල
බර වෙලා අතූඌඌඌඌ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි.....

දළදා මැදුරේ රන්කොත මුදුනේ
විහි කිරණින් මුලු රටම අවදි වේ
දෙදහස් වසරක මහරු අතීතය
වීර තේජසින් යලි පිබිදේ....

එතැනම විය දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බියකම් පහ දුරු කෙරුනේ
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය වෙණ වැයුනා ජය ගී ගැයුවා....

ගේය පද: සුනිල් සරත් පෙරේරා
ගායනය: සංගීත් නිපුන් සනත් නන්දසිරි
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ......

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුනත් එය වරදක් වේ....

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟවී බෙලහුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ.....


ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන(කසුන් කල්හාරගේ පියා)
ගායනය: විශාරද නන්දා මාලිනි
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රඹ කැන් උක් දඬු ඔබට පුදාන්නෙමි
    රත්තරනින් මිනි කිකිණි පුදාන්නෙමි
    ජීවත්වෙන්නට නුවණ පතාන්නෙමි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ...
    මිහිළිය සේ...
    නාඩන් මා නැගණියනේ...

    අහසට බැන්ද පෙම නිය‍ඟෙන් නුඹ දෑවා..
    පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා...
    නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා...
    අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා...

    ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට...
    අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට...
    ඇති තෙක් විඳින්නම් කරදර දුක් ගැහැට...
    ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    රන් දොරින් එන්න ආදරේ...
    කැඳවලා මල්සරා...
    නිල් නුවන් ඔබ මා කෙරේ...
    දෙන්න සතුටින් පුරා...

    මිහිරි සමීරෙකි... මාගේ උදානයේ...
    සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ...

    මා හදේ ආශා, නිවි නිවී යාදෝ...
    සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ...


    අමිතා වැදිසිංහ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳුළු නැගේ නෙත රැයද දිවා
    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳුළු නැගේ නෙත රැයද දිවා
    ඔබෙ මුව පියුමේ තොල්පෙති අතරේ
    ඇයගේ නම රැඳුනා
    :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කොතෙක් අවහිර කළත් මඟතොට
    සයුරු තුරුළට ගඟ ඇදේමයි
    කෝප කළ මුත් ශාප කළමුත්
    සදා ලොව ඉර හඳ නැගේමයි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳුළු නැගේ නෙත රැයද දිවා
    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳුළු නැගේ නෙත රැයද දිවා
    ඔබෙ මුව පියුමේ තොල්පෙති අතරේ
    ඇයගේ නම රැඳුනා
    :(

    මොකෝ මේ සින්දුව වෙනස් කරලා.... ? :nerd: female version ekak kiiyanne..??
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කතරට කුමටද වසන්තයක්...
    සයුරට කුමටද අනන්තයක්...
    ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත...
    මට කුමටද වෙන සිතක් කයක්...

    දුහුවිලි සුලි සුලි නැගෙයි බි‍ඳෙයි...
    දිය ඇලි දිය ‍රැලි ඇදෙයි ‍රැ‍ඳෙයි...
    මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ...
    ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි...

    සඳ ‍රැස පිණිදිය ‍රැලෙහි ඔතා...
    පලඳමි ගෙලවට මලක් ගොතා...
    ඔබ නැති මිහිමත මගෙ පණනල නැත...
    දෙදෙනෙකු මුත් අප එකයි එකයි...


    වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: Puzhi

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ මොහොතේ ඔබ කොහේ සිටී දැයි
    කුමක් කරයි දැයි මා නොදනිම්...
    සුළඟක් වී හෝ ඔබ වෙත එන්නට හැකි වේවී නම්
    මා එන්නම්....



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අහසට සොඳුරුදසඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රළ කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්:)
     
    • Like
    Reactions: Puzhi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට හිතාගන්න බැරි තරමට ඔබ දුරස් වෙලා..
    මට දරාගන්න බෑ නෙතු අග කඳුලු බොඳ වෙලා..
    ඇස් පියලි අගින් ඉඟි කර මට ආදරෙයි කියා....
    යන්නටම හදයි ඒ මතකය..මට ලියා තියා...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    1-6.jpg
     
    Status
    Not open for further replies.