නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතයේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි.....
සිත අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මග වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඩ අඳුරු සීත කඳූ මාවතේ.........
නොම තැවෙන් රාත්රිය දිගු වුනයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ හඹා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි.......
ගේය පද: කපිල කුමාර කාලිංග
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: ප්රදීපා ධර්මදාස සමඟ අමරසිරි පීරිස්