පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ

මම වියමං කල පළසේ ඔබෙ පා යුග සිඹින වෙලේ //
මලපුඩුය එලා තිබුනේ ඔබ මා යන ගමන් හලේ

ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ

මම මල්කම් කල සයනේ ඔබ සිටියදි මධු සිහිනේ //
අගු පිලකි ශේෂ වූයේ මට ඔබගේ රජ දහනේ

ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ


දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය ගණදාස කපුගේ

(දීපිකා ගයන මගේ ප්‍රියතම ගීතය)


:love::love::love:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මල් පැන් පොදක්
කිණිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ ............
 
  • Like
Reactions: amila_90210
Jan 15, 2009
9,238
368
0
සීතල පොළොවම සිරියහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත්පත දිවබොජුනක් වේවා

මා මුරගෑවේ පිහිටක් අයදින්ටයි
දණ වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූ‍යේ යුක්තිය විසඳන්ටයි

දිළීඳූ ලඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැණෙකින්
...

- නන්දා මාලිනී
 
  • Like
Reactions: amila_90210

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මා හදෙහි සෙවනැල්ලකි
    යලි හෙට දිනයෙත් අපි හමුවෙන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු :D
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    රත්තරනේ...........
    රත්තරනේ නුඹ පොඩියක් අහක බලන තුරු ඉඳලා...................
    හොරැහින් මට ඉඟි කරනවා නුඹේ ළඟම යාළු මිත්‍රයා...............
    මොකද අනේ..... එහෙම උනේ............
    ළඟ ඉඳගෙන අඟේ ඉඳන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා............
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පරසතු කුසුමක් මා තුරුලට ආවා
    ලෝකය මොහොතක් නතර වුනා
    දියණි දෙනෙත් සැලුනා
    අප යලිඳු උපන්නා
    ඒ දියණි නිසා

    උයන් පුරා මල් සුවඳ ඉසිනවා
    රුවන් වලාවන් යහන සදනවා
    නෙතින් කඳුළුවී සතුට ගලනවා
    සුළං සමඟ දූ කුමරි නිදනවා //

    පරසතු කුසුමක් මා තුරුලට ආවා
    ලෝකය මොහොතක් නතර වුනා
    දියණි දෙනෙත් සැලුනා
    අප යලිඳු උපන්නා
    ඒ දියණි නිසා

    සවිඳි සියලු යස ඉසුරු කිරුළු ලා
    නොවිඳි මගෙම දියණිය ගෙන එනවා
    ලොවම එරෙහි වෙද මේ දුක පිසදා
    දියණි යලිදු අපගේ ලොව වෙනවා //


    පරසතු කුසුමක් මා තුරුලට ආවා
    ලෝකය මොහොතක් නතර වුනා
    දියණි දෙනෙත් සැලුනා
    අප යලිඳු උපන්නා
    ඒ දියණි නිසා



    දියණියක උපන් දා මව් පිය සිතින් උතුරන සෙනෙහසක සුන්දර සිතුවිලි ගීතයට නැගුවේ
    දීපිකා ප්‍රියදර්ශනී සමඟ රෝහණ වීරසිංහ
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    සමනළ සමනළියන් මැද්දේ අද
    සඳක් වගේ මුහුනේ
    විසිරෙන හසරැල් යුවතිපතින්නේ
    දොළොස් මහේ පහණේ

    බවයෙන් බවයට සසරින් සසරට
    පැතූ පැතුම් දහසයි
    සුරතින් සුරතට අත් පැන් වත් කොට
    ලැබූ උදම් දහසයි
    එකම කැදැල්ලක ලැගුම් ලබන්නට
    වරම් ලැබූ දවසයි

    ඔබ ඔහුගේ වෙයි ඇය ඔබගේ මයි
    දෙහදක් අද එක්වෙයි
    මධුමල් මංගල මල් ඕවිල්ලට
    අද පුරසඳ පායයි
    දිගුකල් අත්වැල් බැඳ වැජඹෙන්නට
    හැම දෙවි රැකවරණයි

    -මිල්ටන් මල්ලවාරච්චි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සරා සඳට අප අමතක වුනාවේ
    වළාකුලු යහන් ගැබ සැඟවුනාවේ
    තරු මලානික රැයේ
    නෙතු පියාගත් පැයේ
    අපි සිනාසී රැඳී ඉමු හුදෙකලාවේ......

    දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ
    බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ
    තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ
    සීත සඳ රැයේ.........

    තුරුලිය නෑ කථා වුනේ නිසොල්මනේ
    තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ
    හිරු යලි පායලා බිඳින්නෙපා පෙම් රැහැන් හදේ....


    ගායනය: දයාරත්න රණතුංග
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
    වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
    දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්......

    තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
    අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් .......

    සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
    දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්......


    ගේය පද: ආනන්ද අමරසිරි
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: සුනිල් එදිරිසිංහ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සඳ පිනි දියේ හිම කුමරියේ
    ජීවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැඳී ගිනි කාෂ්ටකේ
    කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා අපි හමා යනවා....

    නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
    සවිය දෙනවා පරදන්න මායාවෝ
    මල් රොනින් මලින් පිරී
    දිනෙන් දිනේ ගෙවේ
    ආදරේ සදා සුසුම් නොවේ

    මෙලෝ වසන තුරා ලඟ මා ඉන්නම්
    කඳුලු පිසදා ඔබව සනහා ලන්නම්
    ආදරනෙ හිනා වෙවී
    ආදරේ හඬයි
    ජීවිතේ කා හටත් ඔහොමයි


    ගායනය: රූකාන්ත ගුණතිලක
    සංගීතය: රූකාන්ත ගුණතිලක
    පද රචනය: ධර්මසිරි ගමගේ


    මෙතැනින් මේ ලස්සන සිංදුව අහල බලන්නකෝ.....


     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දඟගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්....

    යුක්තිය උදෙසා කෑමොර දීමය
    දඟගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැඳ එකෙකු නසන කල
    දනිවු සුවහසක් තව උපදින බව....

    වරදට එරෙහිව..අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිට කොඳූ බිදගත් ඔල මොල නිවටුන්...

    ගායනය: විජය කුමාරණතුංඟ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මගෙන් වෙන්ව ඔබ ගිය පසු සන්තාපය දුක කැටිවී
    මගෙන් වෙන්ව ඔබ ගිය පසු සන්තාපය දුක කැටිවී
    මහා මේරුවක් විලසට මා අභියස මුදුන් වෙලා
    අහස පොලොව එකට බැඳෙන කාල වර්ණ රේඛාවේ
    පුංචි තිතක් වනතුරු ඔබ බලා උනෙමි බලා උනෙමි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳළුතලේ නිල්මිණී දල්වා
    හද කලඹයි නාමල් පුබුදයි
    ඔබ ඈතයි මා දිළීඳූ නිසා
    සිහිනෙන් එන්නම් මා
    යන්නට කැන්දා...
     
    Status
    Not open for further replies.