පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුදු හිම පියවිලි වැටෙනා
තයිගා වන හිම සුන්දර සිනා දැලේ
සඟවා හදේ හැඟුම්
මට නෙතු කඳුලැලි මතු නොම දෙන්
..................
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා.....

හදේ ජනිත වූ අමාවන්
සැබෑ ආදරේ අපේ
මුසාවන් නිසා අනුන්ගේ
බිඳීලා ගියා
අහංකාර වූ සිනාවෙන්
අපේ ආදරේ දවාලූ
ලොවේ චෝදනා නිසා මැවේ වේදනා.....

සදාතනික වූ හැඟීමෙන්
මගේ ජීවිතේ පුරා
යාවුනා කියා සිතූ මුත් ඔබේ ආදරේ
කඳුලින් කොපුල් තෙමාලු
මගේ ආදරේ මකාලූ
ඔබේ චේතනා නිසා සිතේ වේදනා.....

ගේය පද: හේමසිරි හල්පිට
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ටී.එම්.ජයරත්න
 
  • Like
Reactions: sandun thilaka

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
විරහ ගීතයෙන් අප සිත් සතන් සසල කල ප්‍රේමවන්තයා අපෙන් සමුගෙන වසර දොලහක් ගතවන අද වැනි දිනක, ඔහු ආදරයෙන් සැමරීම පිණිසයි.



මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා //

මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ //

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත
අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ //

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා ///



මිල්ටන් මල්ලවආරච්චි
(සමුගත් දිනය 1998.මාර්තු 10.)



:(:(:(:(
 
  • Like
Reactions: sandun thilaka
Jan 15, 2009
9,238
368
0
විරහ ගීතයෙන් අප සිත් සතන් සසල කල ප්‍රේමවන්තයා අපෙන් සමුගෙන වසර දොලහක් ගතවන අද වැනි දිනක, ඔහු ආදරයෙන් සැමරීම පිණිසයි.

මිල්ටන් මල්ලවආරච්චි
(සමුගත් දිනය 1998.මාර්තු 10.)



:(:(:(:(

ස්තුතියි අක්කි!
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම්... කිසිදා ඔබෙ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ අහිමිවන බව දනිම්
    යළිඳූ අපි දිවිතුරා නොඑන බව යළි දනිම්
    නොඑන බව යළි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳින්නම්
    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙ පතන්නම්

    සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම්ලොව දවා
    මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා...

    - මිල්ටන් මල්ලවාරච්චි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙම් රජදහනේ ..අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ

    එදා පටන් පෙම් බැඳී
    හැඬූ පෙම්වතුන් නෙතින්
    මහා කඳූලූ ගංගා මැවුණා ලොවේ
    එවන් නදී තීරයේ මා තනිවමයි මා අසරණයි

    ගසේ එතෙන මල් ලතා
    මියෙන පෙම් සුසුම් නොවේ
    පාළු වෙරළ අයිනේ නාඬන් ඉතින්
    නිරන්තරේ මා හදේ ඈ පිළිරුවේ රූසිරු මැවේ

    පෙම් රජදහනේ .අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ
    කොහේද මා යන්නේ...

    - මිල්ටන් මල්ලවාරච්චි
    - රුක්මණී දේවි
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔබ දැන් කීවත් කඳුළු සලා
    මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා
    මැණිකේ නොවෙනු මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
    යන්නද කථා කලේ
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ


    ඔබ දැන් කීවත් කඳුළු සලා
    මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා
    මැණිකේ නොවෙනු මුලා

    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
    සුළගේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපනවා

    ඔබ දැන් කීවත් කඳුළු සලා
    මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා
    මැණිකේ නොවනු මුලා



    මිල්ටන් මල්ලවආරච්චි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විරහ ගීතයෙන් අප සිත් සතන් සසල කල ප්‍රේමවන්තයා අපෙන් සමුගෙන වසර දොලහක් ගතවන අද වැනි දිනක, ඔහු ආදරයෙන් සැමරීම පිණිසයි.


    කෙතරම් ආදරණිය ගායන ශිල්පියෙක්ද......
    ඔහුව මතක් කරදීම ගැන නංගියට පිං...

    ආදරයේ පුජනීය හඬ පෞරුෂය...මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණෙනි මතු භවයේ අප අතරම ඉපදේවා..




     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙලා....

    මතකේ තිබේද ඒ යුගේ
    මාගේ චේතනා
    වැටහෙන්නෙ දැන්ද ආදරේ
    ශෝක වේදනා
    ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුනා
    තනිවූයේ ඔබ නොවේ මා පවා තනිවුනා.....

    ඔබ මංමුලා වෙලා ගියා පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
    හිනැහෙන්න යලි දිලී දයිවයේ තාරකා......

    ගේය පද: කරුණාරත්න අබේසේකර
    සංගීතය: එම්.කේ.රොක්සාමි
    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි මගෙ සවණේ නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ

    දවනු දැනෙයි සිසි කිරණ පවා
    සිසිල නොදෙයි මද පවන පවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳූණාවේ

    සුවඳ දැනෙයි ඔබේ උදය හවා
    කඳූළු නැගෙයි නෙත රැයද දිවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳූණාවේ


    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි මගෙ සවණේ නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ

    සුළඟේ මිලින වුණාවේ...

    - මිල්ටන් මල්ලවාරච්චි


     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිනහව අතරින් කඳුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා
    සිනහව අතරින්...


    හිම කැට වැටෙනා සීතල උදයක
    ඇය හමුවූවා කඳුකර පෙදෙසක
    හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
    හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

    කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
    හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

    හදවත ගොළු නැත මා මියුලැසියේ
    ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
    ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

    නිල්මිණි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි...

    - මිල්ටන් මල්ලවාරච්චි

     
    Jan 15, 2009
    9,238
    368
    0
    සයුරුතෙරේදී අවන්හලේදී
    දෙනෙතේ කතාවෙන් සිත්යාවුනේ
    සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
    තවම කතා නොකලේ

    තඹුරු පිපී එහි බඹරු පිරී
    සොඳූරු කතාවන් පවසා යතේ
    නොනැඟේවිදෝ ඔබගේ ලයේ
    එවැනි හැඟුම් රහසේ

    පියවී ලොවේ නොලද සුවේ
    සොයමි රැයේ මම සිහින ලොවේ
    නොනැඟේවිදෝ ඔබගේ ලයේ
    එවැනි හැඟුම් රහසේ

    සයුරුතෙරේදී අවන්හලේදී
    දෙනෙතේ කතාවෙන් සිත්යාවුනේ
    සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
    තවම කතා නොකලේ..

    - මිල්ටන් මල්ලවාරච්චි

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා
    පුළුන් පොදක් කල මා ලඳකි වාසනා නම මෝනාලිසා....

    හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි.....

    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුනා ඈ හිරිපොද හැඟුම් සලාලා
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    දුටු උවනයි නිසල කලේ මා හද ජාලා

    ගේය පද: ඔගස්ටස් විනයාගරත්නම්(දමිල ජාතිකයෙකුගේ ප්‍රබල ගී රචනාවක්)
    සංගීතය: නිමල් මෙන්ඩිස්
    චිත්‍රපටය: අහසින් පොළොවට
    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි


    මං කැමතිම ගීයක්..අහල බලන්නකෝ මෙතැනින්...

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවඳකි අර ගෙන එන්නේ
    ආදර උයනේ දොරටුව ඇරගෙන
    ඔච්චම් කරමින් පියඹන්නේ.....

    සිහින පොතේ පිටුවක් පෙරලී අද
    මොනවද එහි ලියැවී ඇත්තේ
    ආදරේ.......

    මතක ලොවේ දොර අගුළු හැරී අද
    මොනවද එහි හිරවී ඇත්තේ
    ආදරේ......


    ගේය පද: ධර්මසිරි ගමගේ
    සංගිතය: ප්‍රේමසිරි කේමදාස
    ගායනය: හරූන් ලන්ත්‍රා සමඟ ඇන්ජලීන් ගුණතිලක
    චිත්‍රපටය: සැනසුම කොතනද
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබෙ සුසුම් පවන් සලයි
    මගෙ කොපුල් පුරා වෙලෙයි
    ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
    උණුසුමට මාව තෙමෙයි......

    මා ඔබෙයි ඔබම කියයි
    ඔබ මගෙද මටම බයයි
    ඔබ සඳක් වගේ හැඩයි
    හෙට අමාවකද සැකයි....

    ඔබ හැඟුම්බරව දොඩයි
    ඒ වදන් කවිම තමයි
    ඔබ වසන්තයක් වගෙයි
    හෙට ගිමන් කලද සැකයි.....

    ගේය පද: රවි සිරිවර්ධන
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: දයාන් විතාරණ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්......

    කඳු ගිරි හෙල් රළු බොරලන පිය මග මනිමි
    අහසයි පොළොවයි එක්වන දවසක් ගනිමි
    මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබැවි
    එක හිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි.....

    පිලිවෙලකට නැති ලෙස තරු අහසේ අතුරා
    සඳ පමනක් සළුපිලි ඇඳ එයි වත සපුරා
    මග සලකුණු දක්වා හිනැහෙන එළි පතුරා
    බැස යන ලෙස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා...

    ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය: මර්වින් පෙරේරා
    ගායනය: මර්වින් පෙරේරා සමග අමිතා වැදිසිංහ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් මේ තනිකම හැරදා
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    I don't want to have to see you happy.
    I can't even bare to see you smile.
    Now-a-days I can't look in your eyes
    Well I can but it takes a while to show
    Told a lot of white lies to hide it all.
    But they're beginning to break me down,
    Though I promise it's over now.

    I'm gone.
    I don't blame you at all.
    'Cause after all the things that you did for me
    I Got beaten by temptation
    I'm gone.
    Girl you're better off alone.
    I don't want you to see, the truth in me.
    I'm gone.

    Jay sean :cool:
    maxxa song ela :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පටන් ගත යුතු නිසි තැනක් ඇත්නම්
    නිමාවද පැහැදිලිය එය හොඳ නම්
    අහස තෙක් ලොව දිනන්නට හැකිනම්
    පුතුනි එදිනට මම සිනාසෙන්නම්
     
    Status
    Not open for further replies.