මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ
ඔබෙන් සිඟිති පුතේ... මගෙ පාළුව මැකේ
අප දෙන්නා අඳූරු ලොවක තනිකර දා පුතේ
ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා... ඈ සුරලොව ගියා
හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ
සුරවිමට වැදී... මගෙ රන්කඳ නිදී
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
නිදාගන්න පුතේ... තාත්තාගේ අතේ
තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති ගතේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පියාගෙ ජීවිතේ... ඔබේ ළඟයි පුතේ
ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත්වලට කදුළු පිරෙයි පුතේ
දොයි දොයි දොයි පුතේ.. බයි බයි බයි පුතේ...
- කේ.සේන