පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ
ඔබෙන් සිඟිති පුතේ... මගෙ පාළුව මැකේ

අප දෙන්නා අඳූරු ලොවක තනිකර දා පුතේ
ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා... ඈ සුරලොව ගියා

හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ
සුරවිමට වැදී... මගෙ රන්කඳ නිදී

පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
නිදාගන්න පුතේ... තාත්තාගේ අතේ

තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති ගතේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පියාගෙ ජීවිතේ... ඔබේ ළඟයි පුතේ

ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත්වලට කදුළු පිරෙයි පුතේ
දොයි දොයි දොයි පුතේ.. බයි බයි බයි පුතේ...

- කේ.සේන
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හදවතින් ඔබව පැතුවම සංසාරේ පුරාවට
වෙන් වෙන්නේ කොහොමදැයි එය මට කියනවද නුඹ
හංගන්න දෙයක් නැ මගේ නුඹේ හික මගේ ලග
වෙන් වෙන්න දෙන්නෙපා අසරණ වේවි මම තව

නින්දක හරි නිදාගන්න එක දිගු රැුයක්
වැස්සක් හරි ඇදහැලුනොත් ඒක හීනයක්
දැන්වත් හරි වැටහුනොත් ඒක සහනයක්
දිනයක් හරි නාවොත් ඒක මදිකමක්

හදවතින් ඔබව....

චුට්ටක් හරි දුරින් ඉද්දි ඒක තනිකමක්
දවසක් හරි නොදැක ඉද්දි ඒක කල්පයක්
මොහොතක් හරි ඔබ දැක්කොත් ඒක ලොකු පිනක්
පොඩ්ඩක් හරි රිදවනකොට ඒක ලොකු දුකක්

හදවතින් ඔබ....
පැතුවම සංසාරේ පුරාවට
වෙන් වෙන්නේ කොහොමදැයි එය මට කියනවද නුඹ
හංගන්න දෙයක් නැ මගේ නුඹේ හික මගේ ලග
වෙන් වෙන්න දෙන්නෙපා අසරණ වේවි මම තව

නින්දක හරි නිදාගන්න එක දිගු රැුයක්
වැස්සක් හරි ඇදහැලුනොත් ඒක හීනයක්
දැන්වත් හරි වැටහුනොත් ඒක සහනයක්
දිනයක් හරි නාවොත් ඒක මදිකමක්

හදවතින් ඔබව....

චුට්ටක් හරි දුරින් ඉද්දි ඒක තනිකමක්
දවසක් හරි නොදැක ඉද්දි ඒක කල්පයක්
මොහොතක් හරි ඔබ දැක්කොත් ඒක ලොකු පිනක්
පොඩ්ඩක් හරි රිදවනකොට ඒක ලොකු දුකක්

හදවතින් ඔබව....
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කඳුලු දෙන්න මට හඬන්න
සත් සමුදුර ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙළන්න
සක්වල ගල සසල වන්න
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    මම ඇස් දිහා බලන් නැ සුන්දරියන්'ගෙ ගින්දර යනෙ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ නිහඬ බව බිඳින්න
    තව මොනවහරි කියන්න
    ඔය ඇස් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මුව මුක්තා ලතා පිපි හංසාංගනා
    විල් නෙළුමාසනෙන් ආ ළඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ
    ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ
    මා හද ප්‍රේමාංගනේ රෑ නුඹ රහසෙන් ළඳේ
    බඳ මනිමේකලාව මුදා අනුරාගෙත් නගන් නොනිදා

    ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
    තනිවෙන්න යං පෙම් රසෝජාවේ
    රූසිරු කල්‍යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ
    තුණු ශ්‍රීයෙන් විපුල් නොරැඳී..මන සානන්ද මන්දෝදරී

    හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
    හා හා ගයන් සෞම්‍ය සංගීතේ
    ඒ හිරු නොනගීවා රෑ තව දිගුවේවා
    ඔබෙ නළලේ සඳුන් තිලකේ.. හද ඉහිරේද දෙතොලින් මගේ


    මුව මුක්තා ලතා පිපි හංසාංගනා
    විල් නෙළුමාසනෙන් ආ ළඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ
    ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ

    මා හද ප්‍රේමාංගනේ රෑ නුඹ රහසෙන් ළඳේ
    බඳ මනිමේකලාව මුදා අනුරාගෙත් නගන් නොනිදා

    - එඩ්වඩ් ජයකොඩි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රෑන ගිරා ජෝඩුවයි
    හාද වෙලා ආදරෙයි....

    වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිලි පෑදේ

    හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ.....

    වන රේඛා මැද ශීතල සෙවනේ

    අත්වැල් බැඳ යන ආදර ගමනේ
    සුරතල් දැනිලයි දුක් ගිනි නිවුනේ
    සිනා කුසුම් තොල් පෙති අග දිලුනේ...

    මල් පෙති උඩ පෙම් සෙවනැලි ඇඳිලා

    දිය රැලි ඒ දැක එබිකම් කරලා
    කඳු මුදුනේ සිට පහලට පැනලා
    විහිලූ කරයි මේ ජෝඩුව දැකලා.....

    ගේය පද: ධර්මසිරි ගමගේ

    සංගීතය: ප්‍රේමසිරි කේමදාස
    ගායනය: පණ්ඩිත් අමරදේව සමග නන්දා මාලනී
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ......

    කළුගල් කුලකට බොල් මැටි පිඩකට

    දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ......

    ඉර හඳ දෙපොලට මේ මහ පොලොවට

    දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ.......

    ගේය පද: රඹුකන සිද්ධාර්ථ හිමි

    සංගීතය: ප්‍රේමසිරි කේමදාස
    ගායනය: මාලිනී බුලත්සිංහල
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජය සිරිමා හාමුදුරුවනේ
    දරමිටි බැන්දා රෑ නිදි වැරුවා
    ගිණි මැල ගහගෙන රැක හිටියා
    එහෙව් අපට අද එන්න තහංචිද....

    වැලි මළුවේ ඉඳ සාධු කියන කොට

    අහිතක් නොහිතා ඉන්න හොඳයි
    ඉස්සර වාගෙම දහදිය මුහු වුනු
    අපේ බාර පිලිගන්න හොඳයි......

    රන් වැට පාමුල සාධු කියන කොට

    ලෙන්ගතු කම් නොහිතන්න හොඳයි
    බුදුහාමුදුරුවෝ දුටුවා වාගෙයි
    දුක ඉවසා වැඩ ඉන්න හොඳයි....

    ගේය පද: මහින්ද චන්ද්‍රසේකර

    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: දීපිකා ප්‍රියදර්ශනී

    **මෙම ගී පද අමිල මල්ලියගේ "අපේ බුදුන් වැඳ ගන්නට" නම් වූ නිර්මාන සංග්‍රහයට අත්වැලක් වශයෙනි**...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුවපැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඔහු සමඟින් ඒ මා තමා
    අද නැතුවා වගේ ඔහු මේ ගමේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජය සිරිමා හාමුදුරුවනේ
    දරමිටි බැන්දා රෑ නිදි වැරුවා
    ගිණි මැල ගහගෙන රැක හිටියා
    එහෙව් අපට අද එන්න තහංචිද....

    වැලි මළුවේ ඉඳ සාධු කියන කොට

    අහිතක් නොහිතා ඉන්න හොඳයි
    ඉස්සර වාගෙම දහදිය මුහු වුනු
    අපේ බාර පිලිගන්න හොඳයි......

    රන් වැට පාමුල සාධු කියන කොට

    ලෙන්ගතු කම් නොහිතන්න හොඳයි
    බුදුහාමුදුරුවෝ දුටුවා වාගෙයි
    දුක ඉවසා වැඩ ඉන්න හොඳයි....

    ගේය පද: මහින්ද චන්ද්‍රසේකර

    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: දීපිකා ප්‍රියදර්ශනී

    **මෙම ගී පද අමිල මල්ලියගේ "අපේ බුදුන් වැඳ ගන්නට" නම් වූ නිර්මාන සංග්‍රහයට අත්වැලක් වශයෙනි**...
    මහින්ද චන්ද්‍රසේකර ලිව්ව ඒ ගීතය නුවර කලාවියෙන් ආ සැදැහැතියන් පිරිසක් ජයසිරි මහ බෝ සමිඳු පෙනෙන දුරින් වන වැලි මළුවේ සිට උන්වහන්සේ අමතන ආකාරය පෙන්නන අවස්ථාවක්.කලාවියේ ගැමියන් "දර මිටි පෝය" යනුවෙන් හඳුන්වන ඇසළ පොහොයදා අනුරාධපුර වන්දනාවේ යෙදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට ගිනි මැල ගැසීම සඳහා දර මිටියක් අරන් එන්න පුරුදු වෙලා හිටියා. එතනදිත් සිරිමා බෝ සමිඳුගේ පාලකාධිකාරය විසින් ඔවුන්ව නවතනවා. මේක ඔවුන් දකින හැටි තමයි ඔහු අතින් ලියවෙන්නේ..මාත් ගොඩක් ආස කරන ගීයක්..හරිම ලස්සන සිංදුවක් අයියෙ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සොදුර මට සමුදෙන්න..සමුදෙන්න
    සොදුර මට සමුදෙන්න..සමුදෙන්න
    ඈත ගමේ සරු පස පෙරළන්න
    ඈත ගමේ සරු පස පෙරළන්න
    මා යනවා අද උදෑසනේ
    මා යනවා අද උදෑසනේ


    ගමේ තුරු හිස් අතර පාවී
    සවන වැකෙනා කුරුළු ගීතය
    ඔබේ මුදු පිය වදන් වාගේ
    ඔබේ මුදු පිය වදන් වාගේ
    නිවාලනු මැන මගේ සරතැස
    නිවාලනු මැන මගේ සරතැස

    ඩී ඩී ගුණසේන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Buddhafosfor-2.jpg
     
    • Like
    Reactions: EPCO
    Status
    Not open for further replies.