පද පේලි .....

Status
Not open for further replies.

sudunone

Member
May 23, 2009
3,781
121
0
අඳුරු කුටිය තුළ
දොරගුලු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන්හට නෑසේ
 
Jan 15, 2009
9,238
368
0
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැළක්වී
ඔබේ සිනා මට පවන්සලයි
..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න

මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ

හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....

ගේය පද: මහගම සේකර

ගායනය: පණ්ඩිත් අමරදේව
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබ මා සමඟ වැලි බත් උයනා දවස
මේ මහ කන්ද දුටුවේ හිඳ ගම සිරස....

නෙත නෙත ගැටුනු දා ගොළුවී කී රහස

මේ මහ කන්ද ඇසුවා හිඳ ගම සිරස.....

ඔබ ගම අතැර වෙන නුවරක ගිය දවස

මේ මහ කන්ද හොරැහින් බැලුවා මදෙස..

දෙනුවර අතැර අප ආදා ගම පියස

මේ මහ කන්ද දුටුවා සුපුරුදු විලස....

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස

මේ මහ කන්ද දුටුවේ හිඳ ගම සිරස.....

ගේය පද: සුනිල් සරත් පෙරේරා

ගායනය: පණ්ඩිත් අමරදේව
 

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
ඉර නෑ වෙනස්වෙලා හඳ නෑ වෙනස්වෙලා
ඉර හඳ දිවුරා පොරොන්දු වූ ඔබ
ඇයි අද වෙනස්වෙලා
ළඳුනේ මා නම් තව නෑ වෙනස් වෙලා

ඔබේ දයාබර ඔබේ සෙනෙහෙබර
වදන් දිගේ ආ දිගු ගමනේ
විඩා නිවන්නට නවාතැනක් විය
සොඳුරිය ඔබ හද පෙර දිනයේ

ඉර හඳ යට මා තනිකර දමලා
තව හිතකට පිය මනින පැයේ
සොඳුරිය මොහොතක් හිතන්න නැවතී
ඔබෙ හිත ඔබටම කීකරු නෑ


-නිමල් ගුණසේකර
 

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

තුරු හිස සිඹ සිඹ වැද මඳනළ
මුමුණන විට ගී සවනට
අපි ඇල්හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගමරට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටිහිත

අගහිඟ මාලය ගෙල ලා ගෙන
දුක විඳින්න බැරි හින්දම
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන්කඳ

-සේනානායක වේරලියද්ද
 
  • Like
Reactions: sudunone

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සරත් සඳේ රැයට
මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කථාවක්
සුලඟට මුමුණන්න
වරා මලින් මලට
මල් වියන තනා ගන්න
පිංවත් භාවනාවක්
මට කියලා දෙන්න.....
හැඟුම් විහඟුන් තුරුල් වෙති
සිතුම් සියොතුන් ඉගිල්ලෙති
ඔබේ දෙනුවන් වහා දැල්වී
මගේ දෙනුවන් පුරා විහිදේ....

ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ

අපට බාධා නොදී
උන්මාද මිහිදුමද
නොයනා තැනක් නෑ
රැඳී අප තුරුලේ
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේබාවකී....

හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ

අපට අප සෙවනකි
ප්‍රේම බිම පියලි පහසේ නිමක් නෑ
අපට අප පමණෙකි
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේබාවකී....


 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
කියන්න මගෙ සුදු පුංචි කුමාරයො
මා හමුවන්නට මෙහි ආ කාරිය :P

අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

ඔබේ ලසෝ ගිණි තැවුල් නිවාලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
මදෙස බලා ඉනු මැන කරුණාවෙන
එයයි මගේ ගිම් නිවන නවාතැන

කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිළිසරණ පතන්නද
දෙපා සතුන්ගෙන් බැට කන මා හද
ඔබේ සරණ නිබඳව නොසොයාවිද

කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

වික්ටර් / නිරංජලා

 
  • Like
Reactions: sandun thilaka

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතුවෙවත් නැති දවසක
    හිතන්නැතුව ම ලංවුණා
    අතීතයේ දුර ඈතක
    ආදරේ මඟ වැරදුණා
    අපි අපි ම අද ආයෙ ම
    හමුවුණා ඒ පාරෙ ම

    මල් යාය මැලවුණා
    මල් දෙවැට හැඩිවුණා
    සමනල්ලු ඉහ හැරුණු අත ගියා
    අපි ආයේ නොයනා නිසා

    හිතුවෙවත් නැති දවසක.............

    නිල් අහස කළු වුණා
    ඉකි ගගහා වැලපුණා
    කඳුළින් ම පිරුණු වැව බොරවුණා
    අපි නිතර ආව ගිය තැන නිසා

    හිතුවෙවත් නැති දවසක.............



    ශාලිත, මහේෂ් හා සංක
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    නිම්හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳී යුගයේ
    ළංවී වෙන්වී වරින් වරේ
    ඔබ හා මා රන්හුයකිනි බැඳූනේ

    දිවියේ ආශා ගැඹුරින් ගැඹූරේ
    ළයගින් සනහා අපමයි තැවුණේ
    ජන්මෙන් ජන්මේ රැව්දීලා
    ඔබ මා නෙතඟේ රැඳූණා

    ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
    සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
    අතරින් පතරේ වියැකීලා
    සටනින් අද මා දිනුවා
    ...
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Get out my head and into the bed girl...
    Cause you done know, plottin' out the fantasy..
    Hey baby girl and it's you a the key...yo...me go so then

    From you look inna me eye gal I see she you want me
    When you gonna give it up to me
    Because you body enticing, you makin' me want it
    When you gonna give it up to me
    Well if a no today girl then a must be tomorrow
    When you fulfill my fantasy
    Because you know I give you lovin' straight like an arrow
    When you gonna give it up to me.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔබ මා සමඟ වැලි බත් උයනා දවස
    මේ මහ කන්ද දුටුවේ හිඳ ගම සිරස....

    නෙත නෙත ගැටුනු දා ගොළුවී කී රහස

    මේ මහ කන්ද ඇසුවා හිඳ ගම සිරස.....

    ඔබ ගම අතැර වෙන නුවරක ගිය දවස

    මේ මහ කන්ද හොරැහින් බැලුවා මදෙස..

    දෙනුවර අතැර අප ආදා ගම පියස

    මේ මහ කන්ද දුටුවා සුපුරුදු විලස....

    ඔබ මා සමඟ අතිනත ගන්නා දවස

    මේ මහ කන්ද දුටුවේ හිඳ ගම සිරස.....

    ගේය පද: සුනිල් සරත් පෙරේරා

    ගායනය: පණ්ඩිත් අමරදේව


    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා

    තනිමංසල මට ඔබ මුණගැසෙනු නොදී
    තනිපංගලමේ ගෙන්පිට යන්ට නොදී
    වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ
    අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ

    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා


    ඔබ ඉන්නා තැන තුඹු මහ පවුරු තැනේ
    තහනම් දේශය ඔබ සැරිසරනු නොහේ
    මිනිසුන්වූ අප යලි පොඩි දරු දෙපල නොවේ
    ඔබ මා තනිවන දවසක් නැවත නොවේ

    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා

    අබේවර්ධන බාලසූරිය / ඉන්ද්‍රානි පෙරේරා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හද සල්ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
    වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

    අහසේ වළාවෙන් දිනිඳා වැසේදෝ
    නොසිතූ විලාසෙන් අඳූරේ ගිලේදෝ
    අස්ථිර මේ ලෝකේ ආලේ ද සිහිනේකී

    ගංගා ජලේ ගලනා සයුරේ පාවේදෝ
    හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ

    එළඹී වසන්තේ කෙවිළී හඬයිදෝ
    බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ
    අසමාන ආශාවෝ රෑ පේන සිහිනෙකී

    සන්සුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ

    වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

    - ආදරණීය ජෝති
    - සුජාතා අත්තනායක
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
    බක් මහටයි අවුරුද්ද පුරන්නේ
    බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
    බක් මහටයි අපි දීගෙක යන්නේ //
    ;):rofl:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුලඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට
    අප්පච්චී කොහොමද මං අල්ලන්නේ
    අහසක් සේ දූ යන මග පුලුන් වලා අතුරනවා
    එහෙමයි මගේ දෝණි මං අල්ලන්නේ
    පන වාගෙයි මගේ දූ මං රැක ගන්නේ.....

    මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා

    ලොකු ගස්වැල් කඳුවැටි හෙම උදුරා පොලොවට දමනවා
    අප්පච්චී කොහොමද මං වලකන්නේ
    මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා
    ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා
    මං ලඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ.....

    මං බොරු තරහක් ගන්නවා ඇස් රතුවෙනකන් අඬනවා

    තුරුලට අරගෙන හිටියත් නැලවෙන් නැතුවම අඬනවා
    අප්පච්චී කොහොමද මං නලවන්නේ
    දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬෙනවා
    දූගේ කඳුළු මං ගන්නවා දූ නැලවෙනකල් අඬනවා
    මං ඇඬුවම දූ නොවැ මා නලවන්නේ.....

    ~එඩ්වඩ් ජයකොඩි සමග නතාෂා පෙරේරා~
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මලක මෙලෙක සිතාගන්න
    බැරි අතකින් මල් නෙලන්න
    එපා යාළුවේ
    හිතක මෙලෙක සිතාගන්න
    බැරි සිතකින් පෙම් කරන්න
    එපා යාළුවේ....

    රුවට රුවේ මල් පිපුණට

    තරඟ වැදී මල් නෙලුවට
    මලට ආදරේ නැත්නම්
    මල මිය යාවී
    ලොවේ ආදරේ නොලැබුනු
    පෙති ගිලිහේවී....

    ආදරයක් නැති අතකින්

    මල් නෙලන්න බැරි වෙන්නයි
    ගෙට ඉහලින් පොකුරු පොකුරු
    පෙම් මල් පිපුණේ
    හිස ඉහලින් නෙලන්න බැරි
    පෙම් මල් පිපුණේ....

    ~අබේවර්ධන බාලසූරිය~
     

    tag1

    Banned
    Dec 18, 2007
    47
    1
    0
    www.maxidl.com
    Free Download Movies,Television Shows and Softwares .100% free !!
    Free Download Movies,Television Shows and Softwares .100% free !!

    Scream-4-2010-horror-movies-8013424-471-600.jpg

    Free Download Movies,Television Shows and Softwares .100% free !! www.maxidl.com
    percy_jackson_and_the_olympians_the_lightning_thief_ver3_001.jpg

    Free Download Movies,Television Shows and Softwares .100% free !! www.maxidl.com
    00022482.jpg

    www.maxidl.com
    The+Dark+Knight+Batman+Movie+2010+Calender.jpg




    Earn up to 20 € for 1000 Downloads!!


     
    Status
    Not open for further replies.