කියන්න මගෙ සුදු පුංචි කුමාරයො
මා හමුවන්නට මෙහි ආ කාරිය![]()
ඔබ මා සමඟ වැලි බත් උයනා දවස
මේ මහ කන්ද දුටුවේ හිඳ ගම සිරස....
නෙත නෙත ගැටුනු දා ගොළුවී කී රහස
මේ මහ කන්ද ඇසුවා හිඳ ගම සිරස.....
ඔබ ගම අතැර වෙන නුවරක ගිය දවස
මේ මහ කන්ද හොරැහින් බැලුවා මදෙස..
දෙනුවර අතැර අප ආදා ගම පියස
මේ මහ කන්ද දුටුවා සුපුරුදු විලස....
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද දුටුවේ හිඳ ගම සිරස.....
ගේය පද: සුනිල් සරත් පෙරේරා
ගායනය: පණ්ඩිත් අමරදේව

