හරි අපූරුවට හාවෙක් ෂොපින් යන ගමන්
මඟක හිටපු හාවි දැකල හුස්ම නැවතුනා
හිමින් හොරෙන් කිට්ටු වෙලා හිතට දිරි අරන්
හිනාවෙලා ඇහුව මෙහෙම පැතුම් පොදි බැඳන්
මේ මම චුක්කා
මම සමනලී
මේ කොළඹ පැත්තෙ මාව නොදන්න කෙනෙක් නැහැනෙ
හානේ ඇත්තට? මේ මේ මේ
ගම රත්නපුරේ රස්සාවක් හොයාගෙන ආවේ
බැරිවුණොතින් රඟපාන්න
මං මං මම
ඉතින් කියන්නකො අයියා
මම මම ඔයාට කැමතියි
හානේ අයියා මට ටිකක් කල්නම් ඕන
අපි ප්‍රේම ගඟේ පීන පීන නාමු සන්තොසින්
මල් උයන් වටේ රවුම් රවුම් දුවමු ඉඟිලෙමින්
ලොව අතහැර අපේ ලොවක ගුලිවෙමුකො ඉතින්
ඔබ තරමට උපමාවක් කොහෙද මට ඉතින්
ඈ කවුද මේ කවුද මෙයා
චුක්කා මෙයා මගේ යාලුවෙක්නෙ
ඒ වුනාට මං ඇරෙන්න වෙන කාත් එක්කවත් ඔයා කථා බෑ
අනේ
ඇයි මල්ලි මොක ද ප්‍රශ්නයක් ද?
චුක්කා අතහරින්නකෝ
ප්‍රේම ගින්න දළු දාගෙන පොකුරු නගා ඇවිලෙනවා
හදේ ගින්න මට නොදැනිම පිපිරී මා අළුවෙනවා
ප්‍රේම ගඟේ උන් මාලුවො ඔච්චම් කර හිනහෙනවා
ඔබ හැරුණ ම ලොව අන් දේ මට උපපා සපයනව
චපලයි කෙල්ලො චපලයි චපල ම චපලයි
අන්තිමට මට ඉතුරු වුණේ මෙච්චරයි
වැඩක් නෑ දැන්නම් මට අයියෝ මං මොකද කරන්නෙ?
ඈ අලි මදිවට නරි
හාව වගේ හිටියටනම් එයා හරිම නරි ධේනූ
නරිය වගේ හිටියට මං එදත් අදත් හොඳ හාවෙක්
හාව නරිය හඳුනගන්න කවද අපට හැකි වේවිද
නරිය නොවී පවතින්නට අන් නරියෝ ඉඩ දේවිද?
ගායනය :- උමංග කරුණාරත්න