lassanai ..රන් මුදුවට වැටුනා කදුලු බිදක් මගෙ දෙනෙතින් එක දවසක්
ඔබ වෙන් වූ දින සිට මේ වෙන තෙක් මා දැවුනා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරුම කලේ ඇයි මට රිදුම් දෙයි හිරු සදු නොමැති ලොවක්
ඔබ සොයමින් පෙර භවේ පතගෙන කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිනි බව හැගුනා
ලබැදි වූ තරම් ඔබෙන් තොරව වෙන ලොවක් නැතැයි සිතුනා
ලෙන්ගතු කම දැනුනා
රන් මුදුවට.../
සෙනෙහස මගේ පපු තුරේ රුවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
අප ඇතිනත් බැදුනා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගියදා
බැදී අතිනත් බිදුනා










