පද පේළී - EK LYRICS THREAD PART 2

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    10511169_688625477884464_5904838081658443492_n.jpg

    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා
    කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා

    සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
    කියා දුන්නේ ඔබමයි ලදේ
    දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
    බල ඉන්න බෑ මට තවත්
    සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
    ඔබ යන්නේ ඈයි ආදරී...//

    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...
    මම තාම දන්නේ ම ඔබේ කියා ...

    උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
    තනි වෙන්න බෑ මට ඉතින්
    කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
    න් වෙලා ඉන්න බෑ තව ඉතින්
    ආදරේ නෑ ඔයා
    පාලුවේ මා හෙලා
    ඔබ යන්නේ ඈයි ආදරී....

    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා
    කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    550536_366076463472702_984765240_n.jpg

    සිහිනයේ පාවෙලා ඇවිත් මා ලගින් සැතපුනා
    මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා
    සීතලේ ගතට ලං වෙල රහසකුත් කොදුරලා
    ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා

    මිහිරාවියේ… සිහින කුමරි
    මගෙ ආදරේ ඔබයි කුමරි
    මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ…

    සමනල්ලු රැනේ ඇවිත් සිහිනයම හැඩ කලා
    ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
    පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා
    සමනල්ලු මල් රොන් සොයා පියඔලා දුර ගියා

    මිහිරාවියේ…

    සිහිනයෙන් අවදි වී ඉතිං මා ඔබව සෙව්වා
    ඔබ සිටියේ නෑ මා ලගින් ආයෙ මා තනිවෙලා
    සමනල්ලු රැනේ ඔබත් පියඹල ගියාදෝ
    ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ

    මිහිරාවියේ…
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
    මුළු ජීවිතේ ඔබටමයි ආදරේ
    සිත් ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

    ඔබ මාගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
    තුරු වඳුලේ හැංගී සිප ගද්දී දැනුණා මට සුවේ
    සිසිල දෙන මේ නදීතෙරේ තුරුළු වුණු මාගේ හංසියේ
    හැමදාම මේ ලෙසින් බැඳි ඉඳිමු යැයි කීව කුමරියේ
    ඔබ නේද දන්නේ තාම ඒ රහස දන්නේ
    ඔබමයි සොයන්නේ සැමදා මං පතන්නේ

    පෙර සේම ආවා මං සෙව්වා ඔබ නෑ ගංතෙරේ
    ගලන දිය වාගේ ළඟ නොරැඳී කොයිදෝ ඔබ ගියේ
    දිය සුළිය කුරිරු වූ ලෙසේ ඇයිද ඔබ මාව හැඬවුවේ
    හඬමි මම මේ නදී තෙරේ ඇයිද ඔබ මා දමා ගියේ
    ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ
    සුළඟක් වෙලා සැමදා මං සොයන්නේ

    හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
    මුළු ජීවිතේ ඔබටමයි ආදරේ
    සිත් ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    49428-alone-boy-.jpg

    සැමදා මගේමයි කීවේ ඔයාමයි
    ඔය දෑස අද ඇයි
    ඉවත බලා....
    සිහිනේ සදාකල්
    සැදුවේ ඔයාමයි
    අද මම මෙහේ තනි වෙලා....

    රෑ අහසේ සඳ පායන්නේ නෑ...
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

    ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
    පෙර සේම අදටත් ඇහෙනවා
    වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
    හිත මගේ හඬා වැටෙනවා...

    රෑ අහසේ සඳ පායන්නේ නෑ...
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

    රෑ අහසේ තරු පායන්නේ නෑ..
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

    රෑ අහසේ සඳ පායන්නේ නෑ..
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    2j2i439.jpg

    දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින් වැස්සක් වැටුණා
    මනමාලි වී ඈ හද ගින්න අවුලා
    පිටගම් යනවා බොඳවී පෙනුණා

    බාලේ ඉඳලා හද බැඳි ආදරේ
    ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
    කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
    ඈ කරකාර බැඳලා නොකියා ගියේ

    දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින් වැස්සක් වැටුණා


    මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
    බාලේ ඉඳන් කී කවි ගීතිකා
    පාවී ගියාවේ සුළඟේ වෙළීලා
    ආලේ නමින් වූ හද ගී මකා

    නොසිතූ සේ...
    ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ
    සුහදේ...
    නොපැතූ සේ...
    යායුතු වේ මේ ඉරණම් ගමනේ
    කඳුලින් මෙසේ…

    දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින් වැස්සක් වැටුණා
    මනමාලි වී ඈ හද ගින්න අවුලා
    පිටගම් යනවා බොඳවී පෙනුණා


    ලා නීල වැල්ලේ වැව් තාවුලේදී
    දිවුරා හදින් ඈ බහ දුන් නිසා
    දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ
    දොරේ ගැලූ දා බැඳි ආදරේ

    තනි වූ දා...
    මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ
    රහසේ…
    නොපැතූ දා...
    මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ..
    තරු ඇස් වැසේ...

    දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින් වැස්සක් වැටුණා
    මනමාලි වී ඈ හද ගින්න අවුලා
    පිටගම් යනවා බොඳවී පෙනුණා

    බාලේ ඉඳලා හද බැඳි ආදරේ
    ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
    කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
    ඈ කරකාර බැඳලා නොකියා ගියේ

    දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
    ලා දම් අහසින් වැස්සක් වැටුණා

    .....
    1.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Milton Mallawarachchi........


    ඒ වගේ දිනක් නෑ එන්නේ~
    ඈ කොහේ ලඳක්දෝ නෑ දන්නේ...
    පෑ රිදී සිනාකැන් ඒ දෑසේ~
    මා සිතින් මැකිලා යා නොවේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
    ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සී... ඔබයි ගෙන ආවේ..
    වසන්තය මලක් සේ...

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඳ සැනසෙන
    තැනක සගවමි හද සෙනේ සුසුමින
     
    • Like
    Reactions: C h o p p e

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක්වී නම් රිදවන්න එපා
    රිදවූවත් වෙන්වී යන්න එපා
    ආදරේනම් හඬවන්න එපා
    හැඬවූවත් ඔබෙ ආදරෙ අඩු කරලන්න එපා...

    එක් වූයේ අප වෙන් වී දෙතැනක ඉන්නටදෝ
    ඔබ රිදවා මා හට සැනසී ඉන්නට හැකිදෝ
    හිරු බැස ගොස් යලි උදයේ අයෙත් එන්නැතිදෝ
    අපගේ වෙන් වීමත් බැස යන හිරු වාගේදෝ

    එක්වී නම් රිදවන්න එපා.....

    ආදරේ කලේ අපි හැඬූ කදඳුලින් ඉන්නටදෝ
    ඔබ හඬනා විට මට සැනසී ඉන්නට හැකිදෝ
    බඹරා ආයෙත් ඉබි මල මුකලිත වී යාදෝ
    අපි හැඬුවට අපෙ ආදරෙ සේදීලා යාදෝ

    එක්වී නම් රිදවන්න එපා.....


    ගායනය - ප්‍රනීත් මධුෂන්ක
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයි&#350

    ගෙවුණු මතකයන් තවමත් මා ළග හිත පාරනවා හිමින් සැරේ.
    මතක් උනේ නැ අමතක කරන්න ඔබයි මගේ ජීවිතය උනෙ..
    හෙටක් කියා දවසක් ගැන හිතන්න ඔබයි මගේ ළග මට හිටියෙ..
    ඇතැයි කියා නැති දේකට රැවටුන නුඹේ ආදරේ මා රැවටූ...

    එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනවා සිත නොනිදා...
    මොහොතක් ගානෙම දහසක් සිතුවිලි මතකය අළුතින් අළුත් කළා...
    පිණිකැට වැටෙනා නිහඩ රාත්‍රිය අනන්තයට අප රැගෙන ගියා...
    මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා....

    නෙත් යුග තෙමන්න කදුළට ඇරයුම් නුඹයි කළේ මගේ ළගට වෙලා....
    නින්ද නොදී ළග එබිකම් කරනවා මතකය මට විතරක් පවරා....
    නිමක් නොවෙන්නට මුලු සිත පුරාම සදක් වගේ නුඹ හිනහෙනවා...
    මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා....


    Kalum Hettiarachchi...
     
    Last edited:
    • Like
    Reactions: rcccc and DAMER

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලං වෙන්න හිතුවාට හොරැහෙන් බලා
    සිත ගාව හරි කෝලයි නුහුරුයි සිනා
    නුඹ ගාව මා සතපවා සිපගන්න තුරුලේ හොවා
    ආදරෙන්.. ජීවිතය ගීයක් වෙලා........
    ඔබ ගාව මා ඉන්නවා... ඔබ ගාව මා ඉන්නවා...
    ආදරෙන්.... ආදරෙන් හදින් .......
    ආදරෙන්...ඔබ ලඟින් ආදරෙන්....... ♫♫

    දැනුනු ඒ ආලේ පිළිගන්න වාගේ
    මල් යායනම් හැඩ වෙලා
    දේදුන්න වාගේ නෙක වර්ණ හීනේ
    දැකගන්න නිදි වැරුවේ මා
    ඇස් පියන් මත රැදී හිත පුරා සුවඳ දී
    ඉන්නම්ද ඔබ එනතුරා
    සුසුම් පවනින් හදේ මකන්නම් දුක් ඔබේ
    ජීවිතය සුන්දර වෙලා.....ජීවිතය සුන්දර වෙලා....♫♫

    ලං වෙන්න හිතුවාට හොරැහෙන් බලා
    සිත ගාව හරි කෝලයි නුහුරුයි සිනා
    නුඹ ගාව මා සතපවා සිපගන්න තුරුලේ හොවා
    ආදරෙන්.. ජීවිතය ගීයක් වෙලා........
    ඔබ ගාව මා ඉන්නවා... ඔබ ගාව මා ඉන්නවා...
    ආදරෙන්.... ආදරෙන් හදින් .......
    ආදරෙන්...ඔබ ලඟින් ආදරෙන්....... ♫♫


    - Meena Prasadini
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shalitha Abeywickrama...........


    සුළඟේ ලෙලෙනා~
    මල් සේ දඟ පා..
    අප පාසැල් ගිය කාලයේ~
    යාලුවෝ අද නැත..
    වෙන අය එහි ඇත~
    කාලය මැවූ වෙනසක අරුමේ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිහඬ ගමනේ මේ තරම් දුර...
    ඇවිද අපි එක වගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ...
    නවාතැන් ගෙන දෑසේ... ♫
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිහිනෙන් ළඟ ඉන්නා තරම්
    හැබැහින් ළඟ ඉන්නවනම්
    අදහන්නම් දෑස තරම්
    නුඹෙ වෙන්නම් හුස්ම තරම්

    සසරේ... පු‍රුදු නිසා
    ඇස් වහගෙන හිඳිනු එපා...


    කසුන් මධුරංග
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
    සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි


    කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
    ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ
    කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ


    කවුළු පියන් පත් වහන්න
    සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා
    ළවැලි තලාවේ
    25375.jpg

    Read more: http://geemuthuwel.blogspot.com/2012_10_24_archive.html#ixzz38T4Jn42z
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kingsly Peries...................


    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම~
    ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කෝම..
    සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක~
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
    අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා

    පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තය සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා ♫

    දසන්තේ පියා සලාලා ස‍ඳේ රැස් හෙමින් උනා …
    සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුණේ කියා …

    රැයේ සීතලෙන් මිදිලා තුෂාරෙන් මුවා වෙලා
    හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා …


    පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තේ සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා ♫

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස් අග පිපී දිලිසෙන...

    දෑස් අග පිපී දිලිසෙන
    කඳුළු කැට වලට නොදැනෙන
    හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා...
    පාරමී පුරා සසරක
    ඇවිද එන ඔබේ පසු පස
    සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා...

    ඉස්සරත් දෙනෙත් රැවටූ රත්තරන් පාට හීනේ
    අදත් දකින්නට ආසයි හිඳිමි නෙත් පියා
    ආකහේ දුරින් හිඳගෙන සීතලේ ගැහෙන තරුවක
    ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
    ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
    ඔබ මගේ නිසා...

    අදත් ආකහේ දුරකින් හැංගිලා බලයි පුර හඳ
    ඒ ඔබයි බලා සැනසුණු අතීතේ කතා
    ඈතකට ගිහින් හැංගෙයි ඔබ මගේ ළඟින් හිනැහෙයි
    ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
    ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
    සදාකල් නිසා...

    -සේනානායක වෙරලියද්ද-
     
    • Like
    Reactions: ^Buddhika^

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කවුළු පියන් පත් වහන්න
    සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා
    ළවැලි තලාවේ





    ඉස්සරත් දෙනෙත් රැවටූ රත්තරන් පාට හීනේ
    අදත් දකින්නට ආසයි හිඳිමි නෙත් පියා
    ආකහේ දුරින් හිඳගෙන සීතලේ ගැහෙන තරුවක
    ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
    ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
    ඔබ මගේ නිසා...

    -සේනානායක වෙරලියද්ද-

    Pattaaa..
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිසඟ පවඟ මත හිනැහි හිනැහි ...

    නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
    රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත ස්වරයයි...සුවඳ හමනා...
    සප්ත
    ස්වරයයි ඈ...සුවඳ හමනා...

    හිත පුර විසිරි මුතු ලතා ඉහිරුනා රුවැති හද පතා
    හීන මුසු වුනු පාට තැවරුණු දෑස අභියස නැවතිලා
    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත
    ස්වරයයි...සුවඳ හමනා...
    සප්ත
    ස්වරයයි ඈ...සුවඳ හමනා...

    මෙපුර සුරඹ නද විඳිමි විඳිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
    නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන්
    ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත
    ස්වරයයි...සුවඳ හමනා...
    සප්ත
    ස්වරයයි ඈ... සුවඳ හමනා...

    -ඉන්දික රුවන්-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ හිත තනියෙන්
    නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවුරුත් නුඹව තරම්
    ආද‍රයෙන් එදා ඉඳන්

    කඳුළක් ළඟ නැවතුන අහැපිය
    දුරකට යවමින්
    හුස්මක් මට අමතක කරවන
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ජීවිතේ අලුතෙන් ලියන තරම්

    වරුවක් ළඟ මුමුණන ඔය හිත
    මගෙම ද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මඟ බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුණා තියෙන තරම්

    මේ හිත තනියෙන් ........


    ගායනය :- ආත්මා ලියනගේ