පද පේළී - EK LYRICS THREAD PART 2

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ ගී කාටදැයි,
මේ ගී කාටදැයි,
ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී
සිහිවේ නොනැවතී.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මගෙ ආදරේ තරම්.. මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්... දන්නවනම් ..
ඇයි කඳුළු ඇස්දෙකේ ඔය තරම්.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වස්සාන සිහිනේ ගැයෙනා
කවියක් ලෙසින්
ඈතින් ඇසේ තවමත්
නුඹ කී වදන්
ළයට ළංවී පෙර උන්නත්
නුඹ මා ළඟින් රහසින්
විරසක වෙලා නික්මී ගිහින්
මගෙ ලෝකයෙන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කළේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකම්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිත දුර හන්දා...
නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
තනිකම හංගා ඇතක රන්දා
මතක හිත ඇහින්දා...
අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...
 
  • Like
Reactions: Aarya

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~සාගරය බදු වේදනාවෝ සුන්වෙලා යනවෝ...
    ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...~
     
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
     
    වැවට කලුවර යා උනා
    සංසාර දුක බෝ උනා
    නෙලූ මල් මිට ඉහිරුනා
    එහා ඉවුරට පා උනා


    සිහින් සිරිපොද වෑහුනා
    ඉවුරු දෙකොපුල සේදුනා
    සුදු නෙලුම් මල දැස පියවී
    මෙහා ඉවුරට පා උනා
     
    මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
    උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ

    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා...
    සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා....
    හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා .....
    මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා.....

    පෙම් හීනෙක නැවතීලා...
    දීලාදෝ හිත ලියලා
    හීන දැකලා එපා වෙලා ...
    එනවාදෝ හිත ඉල්ලා
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

    හද සෙනෙහේ උතුරාලා
    පිටාර යනවා හැරිලා
    තනිකම දැන් තිත්ත වෙලා
    දෙනවාදෝ හිත ලියලා
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

    දෑසේ වෙලෙමින් මා ......................
     
    • Like
    Reactions: Malinga

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාවී ඇදී එන්න ආයෙත්
    මාගේ දෑසේ යාවීලා
    පීදී සැලී රෝස යායේ
    පාවෙන් දෑසේ සිහින ඡායා

    මාදම් කැලේ ලානිල් තලා හේඩාවේ
    පාසල් වියේ ඈ හා එදා මේ වාගේ
    බාලේ ඈත ලොවේ
    පාවී දෑස තෙමේ
    සිත පාවී

    පාවී ඇදී ..........

    රෑනින් මිදී යාවේ අරුණු හෝරාවේ
    සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ
    බාලේ ඈත ලොවේ
    පාවී දෑස තෙමේ
    සිත පාවී

    පාවී ඇදී ..........


    ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ආදරෙයි ඔබට මනමාලියේ
    සිංහාසනේ ප්‍රේම මැණිකයි ප්‍රියේ
    ඔබ මැණිකයි ප්‍රියේ

    බඹරා ගියත් කුසුමෙ ඇති රොන් උරා
    මම යන්නෙ නෑ ඔබව හැරදා හොරා
    නොයමි හැරදා හොරා

    මම ආදරෙයි ...............

    හිමිදිරි උදෙන්න පිපුණ කුසුමී ඔයානම්
    ඒ මල නිසා ඉන්න බඹරා මමයි
    වන බඹරා මමයි

    මම ආදරෙයි ...............

    රජමාලිගේ උවද කොයි දෝ විනෝදේ
    ආදරය නැතිදාට සොහොනක් වගේ
    පාලු සොහොනක් වගේ

    මම ආදරෙයි ...............


    ගායනය :- සුසිල් ප්‍රේමරත්න
     
    නදී ගංඟා තරණයේ....
    සැරිසරා සැඩ මාරුතේ...
    ඉන්ද්‍රකීලයක්සේ..
    නොසැලී මා යන මාවතේ ...
    සිංහ ලෝකයේ.....

    සුළං රැල්ලේ දැවටිලා.... මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි ...
    ගලා එන මන්දාකිණි...
    හඹා යමි හමුවෙන තුරා
    ඕ .. ජීවිතේ උතුම් පැතුමන් හා....
    නිරතුරුව අභිමානයෙන් ...
    මංමුලා නොවේ කිසිදා ...
    ජවය මා සතුවේ..
    දිරිය වන්නෙමි ...
    ගලා යන දහසක් නදී ..
    බලා සිටී මා එන තුරා...
    නිරතුරුව අභිමානයෙන් ....

    නදී ගංඟා තරණයේ..
    සැරිසරා සැඩ මාරුතේ...
    ඉන්ද්‍රකීලයක්සේ..
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ.....
     
    • Like
    Reactions: Malinga