පපුවේ අමාරු ඇතිවන හේතු ගොඩක් තියෙනවා, එවන් මාරාන්තික ඒවා කීපයක්ම තියෙනවා. සරලවම අපි පපුවේ අමාරු කියන්නේ හදවත් අමාරු වලට. ඒක රෝග ලක්ෂණ වලින්ම විතරක් අදුන ගන්න බෑ . ඊසීජී පරීක්ෂණයක් කිරීම මූලික දෙයක්. එයත් 100% නිවැරදි නැහැ. එහෙම සැක අවස්තා වලදී එම පරීක්ෂණය නැවත කරනු ලබනවා. තවත් පරීක්ෂණයක් නම් ට්රොපනින් අයි පරීක්ෂාව. ලේ පරීක්ෂණයක්. හාර්ට් ඇටැක් (MI) එකක් හැදිලා පැය 4කට පසුව මෙම අගය බලනවා සාමන්යෙන්. සාමානයෙන් හාර්ට් අටෑ ක් තත්වයකදී ද්දනෙන වේදනාව තදබලයි. එත් 100% අවස්ථා වලදී කැක්කුම එනවාමයි කියන්න බෑ. දියවැඩියා රෝගයේදී කැක්කුම නොඑන්න පුළුවන්. (Silent MI).
හොදම දේ නම් ලගම ඇති රජයේ රෝහලට යාමයි.
ගෑස්ට්රටිස් වගේ රෝග වලටත් පපුව රිදෙනවා. නමුත් ඒවා මාරාන්තික වන්නේ කලාතුරකින්. අනික ගෑස්ට්රටිස් නියමාකාරයෙන් ඩයග්නෝස් කිරීමට නම් එන්ඩෝස්කොපි පරීක්ෂණ කර යුතුයි.
තවත් පපුවේ අමාරු වලට හේතු නම් නියුමෝනියාව, මහා ධමනිය ඉරීම( Aortic dissection), හදවත පැලීම(Cardiac tamponade), etc, etc,etc.
Don't google symptoms. It takes 7 years to make a doctor. Not some random google posts.