Don't fall for Pharma Mafia. Buy SPC... !
(By Saliya Gunathilaka)
මචංලා... මේ දවස්වල හැමතැනම උණයි, හෙම්බිරිස්සාවයි.. දෙයියනේ කියලා මටත් හැදුන හින්දා,
බෙහෙත් එහෙම දීලා,සෙමත් වැඩි නිසා ෆාමසියෙන් ගන්න දුන්නා මෙන්න මේ බෙහෙත් තුණ්ඩුව.
මේක මට හොදට පුරුදුයි.හැමදාමත් ෆාමසියෙන් ගන්න දෙන්නෙ Amoxiline. මෙච්චරකල් Axile කියන brand එකෙන් දුන්නා.දැන් දෙන්නෙ මේ brand එකෙන්...
ගියා ෆාමසියට... තුණ්ඩුව #පෙන්නන්නැතුවම ඇහුවා.
"SPC ඇමොක්සිලින් තියෙනවද?"
"ඔව් තියෙනවා"
"කීයද?"
"500mg එකද?.."
"ඔව්..."
"කාඩ් එකක් රු.60 යි."
"ටැබ්ලට් කීයක් තියෙනවද කාඩ් එකේ?..."
"10 ක් තියෙනවා"
(...ඒ කියන්නෙ දවස් 3කට ඇති.ඩොකා දීලා තියෙන්නෙත් 3days වලට...)
"ඒක දෙන්න"
බෙහෙත් ටික අතට අරගත්තට පස්සෙ මේ තුණ්ඩුව පෙන්නලා,
"මේ බෙහෙත් එක කීයද?.."
ෆාමසියෙ අක්කාගෙ මූණත් අමුතු උනා...
"මේකෙ කාඩ් එක රු.108/-"
"ඉතිං අක්කෙ මේ දෙකම Amoxiline 500mg..ඇයි ඔයාලා මේකට වැඩියෙන් ගන්නෙ?..."
ඒ පාර මූණත් කලුකරගෙන කියනවා.
"මේක බ්‍රෑන්ඩඩ් නෙ.අනික මේකෙ කොලිටි එක වැඩියි" කියලා...
අනේ පවු අක්කෙ ඔයා...
කියලා මූණට කියන්න බැරි හින්දා හයියෙන් හිනාවුනාම
ඒ අතරෙ තව කෙනෙක් බෙහෙත් ගන්න ආවම, මගෙන් සල්ලි ගන්න එකත් අමතක කරලා එයාට බෙහෙත් දෙන්න ගියා...
ගෑනිට ෆුල් අවුල් ගියා ඕයි...
"අක්කෙ සල්ලි?"
"ඔහෙන් තියලා යන්න මල්ලි"
සල්ලිත් එපා වෙලා...
***(සත්‍ය සිදුවීමක් ඇසුරිනි)***
මං නම් බෙහෙත් ටික අරගෙන ආවා.සෙමත් ඒකෙන් හොද උනා.
ඒ උනාට මේ දවස්වල කොච්චර මේ බෙහෙත (ඇමොක්සිලින්) මේ වගේ ෆාමසි වලින් විකුණනවද?...
සෙමට අනිවා දෙනවා...
අඩු ගාණට SPC බෙහෙත් තියෙද්දි, එක එක BRANDS වලින් කොච්චර දොස්තරලා ෆාමසිවලට ලියනවද?.
පස්සෙ දන්නෙ.... මගෙ යාලුවෙක් තවත් BRAND NAME එකකින් AMOXILINE අරගෙන, ටැබ්ලට් එකක් රු.60 ගානෙ.
මේක මාර දත ගැලවිල්ලක්, මාෆියාවක් බං...
ඩොකාලයි,ෆාමසි කාරයොයි සෙට් වෙලා ගහන සුපිරි ගේමක්.
අපි ඉදලා හිටලා ගන්න බෙහෙත් වලට මෙහෙම නම්,
හැමදාම බෙහෙත් බොන ප්‍රෙශර්,දියවැඩියා ලෙඩ්ඩුන්ගෙන් කොහොම හූරං කනවා ඇත්ද?...
මට ප්‍රශ්න ටිකක් තියෙනවා...
#ඖෂධ මාෆියාව නැතිකලා කිව්වට, ඇත්තටම නැති කරලද?...
#මේක නැති කරන්නෙ කවදාද?...
#මේවට සම්බන්ධ දොස්තරලා,ෆාමසි වලට ගන්න නීතිමය පියවර නැද්ද?..
#ඒ දේවල් කරන්නෙ කොහොමද?...
(උපුටාගැනීමකි - https://www.facebook.com/ConsumerRi...927578387399/1756874344326045/?type=3&theater)








