පාසැල් සිසුන්ට පැය 20ක පාට් ටයිම් ජොබ්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ෂුවර් එකටම මේවට NGO කාරයොයි, සමහර රටවලුයි විරුද්ධ වුනහම අපේ උන්දලත් පනත් කෙටුම්පත අකුලගනියි!

    මේ වගේ දේක හොඳ නරක දැන්ම කියන්න බැහැ.
    හැබැයි නූතන pedagogy වල තියෙන පන්තිකාමර පදනම් කරගත් ආයතනගත ඉගැන්වීම් ක්‍රමය එක්ක මේක ගැළපෙන්නේ නැහැ.
    මම කියන්නේ ඔය ආයතනගත අධ්‍යාපන ක්‍රමය කියන එකට තරම්ම බරක් informal පැත්තටත් දීල ඉන්න කියල.

    මගේ පුද්ගලික මතය තමයි හැම ගමකම කුඩා පන්තිකාමර හදල ඒ ගමේ ළමයින්ට මුල් අවුරුදු තුනේ එතන පදනම් කරගෙන
    සමාජ දෑනුම දෙන්න අවශ්‍ය ක්‍රියාකාරකම් කරමුය කියන එක.
    ද්විතීයික අධ්‍යාපනයට ගත කරන වසර ගණනත් තව අඩු කරන්න ඕනිය කියන තැන මම ඉන්නවා.
    අවුරුදු 5 ක් වගේ ඇති!

    ඉතින් පුතේ, ඕක කියද්දී මේවා ජෝක් කියල හිතල මාව කිරියේ කෝචෝක් කරාවි!
    හැබැයි ආයතනගත අධ්‍යාපනය සමාජයෙන් වෙන් කිරීම හින්ද තමයි,
    ඒ දෙක අතර බෙදීමක් හැදිලා අධ්‍යාපනය වෙනමයි,
    ඊට සමගාමීව රස්සාව වෙනමයි කරන්න ඕනිය කියන ආකල්පේ ඇති වෙන්නේ.
    අලුත් පරපුරේ එවුන්ට සමාජ දැනුම දෙන්න අලුත් අධ්‍යාපන සිස්ටම් එකක් හැදෙන්න වෙනවා!
    උන්ට අපේ කොරම ඒ විදිහටම හරියන්නේ නැහැ!
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පට්ට ජෝක් එකක්
    මුලින් බලපන් රටේ
    විරැකියාව දිහා

    ඉගෙන ගත්ත නැති හැම එකාම
    රට පනින්න බලන්නෙ
    හරි හමන් ජොබ් ඔපර්චුනිටීස්
    නැතිව

    කොළබ නම් කරයි නමුත් අනෙක් පැතිවල
    නමුත් කොලබට ඕක අලුත් දෙයකුත් නෙමෙයි
    පිටරට ප්‍රැජ්චයිස්වලට
    ------ Post added on Aug 11, 2022 at 5:49 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    සල්ලි හොයන්න පොඩි කාලෙම හුරු වුනාම ලංකාවේ වගේ අනාථ මාවතේ සංකල්ප තියෙන රටක එවුන් කරන්නේ ෆෝන් ගන්නවා, බඩු ගහනවා, ඩ්‍රග්ස් ගන්නවා. එතකොට උසස් අධ්‍යපනයට තියෙන ඉල්ලුම අඩුවෙයි. අනෙක , ආණ්ඩුවකට ඕනේ වහල්ලු අරගල කරන්නේ නෑ.

    චීනේ ජපන් වගේ රටක එවුන්ටත් වහල් ජීවිතයක් තියෙන්නේ. නිදහස් විප්ලව කරන්න ඕනේ කම තිබ්බත් කරන්න බයයි , නියමෙට ප්‍රෝගෑම් වෙලා, හිත කඩා වැටිලා , loans , rentals .....

    හොඳ පැත්තක් තියෙනවා දියුණු වෙන කෙනෙක්ට ගන්න.

    හැබැයි නීතිය දුර්වල ලංකාවේ සේවකයන්ට වෙන අසාධාරණ කම් හින්දා , ලොකු යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි.

    මම වැඩ කරපු තැන් වල හිටපු පොඩිම එවුන් තමයි සුපිරියටම මැනේජර් ට ගේම කෝල් කලේ. කටුනායක ෆැක්ටරියක දස කැරියෙක් හිටියා Hirdamani Quality Manager , වෙලා. පොඩි එකෙක් ඌට දුන්නා partition එකක් කඩාගෙන වැටෙන්න .
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එකයි. එත්

    1) ලංකාවේ අවම වැටුප 14,000 ද ? (මතක නෑ හරියට)

    2) 14000 කිව්වොත් අවම පැයක් රුපියල් 58.33 පැය 4ක් වැඩකරලා රෑට කන්න බත් පාර්සලයක්, බිත්තර කොත්තුවක් (හන්දියේ කඩෙන්) ගන්න පුළුවන් වෙයි ද ? (අවම වැටුපක් පැයට නීති ගත කරන්න වෙනවා කියන උපකල්පනේ මත)

    3) බොහොමයක් දෙනා දැනට ඉන්න 18 වැඩි වත්මන් නීති දෙකට (shop & Office, Wages Board) අයත් සේවකයන්ට වත් අදාල දේවල් දෙන්නේ නෑ. ඒවා නියාමනයක් නෑ. ඉතින් මේවා ළමයින්ට දුන්නම උන්ට අවශ්‍ය මුලික පහසුකම් වත් දෙයිද ? වල් වැදිච්ච නීති තියන රටක අඩුම ගානේ වෙනස් කරන නීති ටික වත් හරියට ක්‍රියාත්මක වෙයි ද ?

    හොද දෙයක් උනත් ලංකාව වගේ නීතියක් නැති, වල් වැදුන, ඒවා සැමට එක නීතියක් ලෙස ක්‍රියාත්මක නොවන රටක අනාගතේ මොකක් වෙයි ද ?
    තව රස්සා බොහොමයක් නැති වී ගෙන යන මේ වගේ අවස්තාවක කොහෙන් නතර වෙයි ද ?
    මලාට වැඩි කරන්නේ නැහැ. මොකද රජයේ ඉන්න කලාකන්නිගේ පඩි වැඩි වෙන්නේ නැති හන්ද. මේකෙන් වෙන්නේ තව හුරන් කන්න පුළුවන් විදියක් මිසක් වටිනාකමට සරිලන වැටුපක් නැති එක.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    හොද වැඩක්. හැබැයි ලංකාවෙ කම්කරු නීති මීට වඩා තදට බලන්න ඕන. හුගක් තැන් වලින් කම්කරුවන්ට අසාධාරණ වෙනවා. ඒක නිසා ඒ ගැන ලොකු අවධානයක් දෙන්න ඕන.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පුතාලගෙ පාට් ටයිම් ජොබ් එක කියන්න බලන්න

    සර් මම වෙබ් සයිට් හදනවා එක සයිට් එකට රුපියල් දාහක් විතර හොයනවා ස

    සර් මම අයියලා සතුටු කරනවා පැයට 500 වගෙ හොයනව ස

    සර් මම අක්කලා නාවනවා. එක්කෙනෙක්ගෙන් 500 ගන්නවා ඉතිං
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Earn and learn කියන තැනට ටික ට්ක එන්න හදන්නෙ...
    good movement එකක්...

    ක්‍රමයෙන් ලංකාව තුල establish කල යුතුම දෙයක්...
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මම නම් කියන්නේ ඉතා හොද වැඩක් . දෙමව්පියන්ගෙන් කාල ඇදලා ඉන්නවට වඩා
    යුරෝපේ ඇමරිකාවේ බටහිර රටවල අවුරුදු 12-13 පනිනකොටම සමර් ජොබ්ස් කරනවා . ලංකාවට හැමදාම සමර් නිසා පැය 20 කියන්නේ අඩුම මාසෙට රුපියල දෙතුන්දාහක් හොයාගන්නත් ආයතනික සංග්‍රහය සාමුහික වැඩකිරීම ඉතිරිකිරීම ආයෝජනය තම හිසට සෙවනක් වීම ආර්ථික දැනුම මේ හැම එකක්ම ලැබෙනවා. බටහිර දියුනු රටවල ලමයි වේටර්, කැම කුරියර්, විංකල් ශොප්, කෑම කඩ හෝ පලතුරු ස්ටෝල් ජුස්/ගෙඩි විකිනීම, ස්ට්‍රෝබෙරි ඇපල් කැඩීම වගේ සරල රස්සාවල් කරලා සල්ලි හොයාගෙන ඒ ලමයි ආස පුශ් සයිකල් , ටීවීගේම්, ඇදුම් , සෙල්ලම්බඩු, කොස්මැටික් වගේ ඒවා ගෙදරට බරක් නොවී ගන්නවා . ඉතාම හොද වැඩක් . දැන් 2500 උරුමේ කරේ දරන් දෙමව්පියන්ගෙන් කාල ඇදලා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ එලකිරි වැසියන්ට පුලුවන් මේකට කමෙන්ට් ගහන්න අපේ සංකෘතිය සභ්‍යත්වය මෙව්වා එක නැති වෙනවා ලමයි කුලී වැඩට දානව අනන් මනන් කියලා ඔව් ඒම තමා මොකද ඉගෙනගෙන ඉවර උනාම කරන්නෙත් ඒකනේ ඒ නිසා කමක් නෑ 😂
    eka hoda wadak eth mcn lankawa education system eka wenas nokara oka karata practical na ne, lankawa gon education system eka change karala free eka lamayata dunna nam owa karnawa ne. o/l a/l kela unoth okkoma iwarai ne. paw lamai
     
    • Like
    Reactions: Don GasCan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    සෙක්ස් ටුවරිසම් වලට අත්තිවාරම් කැපිල්ලක් බන්
     
    • Like
    Reactions: Poththa

    Sen-lu

    Well-known member
  • හොද වැඩක්. හැබැයි ලංකාවෙ කම්කරු නීති මීට වඩා තදට බලන්න ඕන. හුගක් තැන් වලින් කම්කරුවන්ට අසාධාරණ වෙනවා. ඒක නිසා ඒ ගැන ලොකු අවධානයක් දෙන්න ඕන.
    අපේ කම්කරු නීති තදයි බං. ගොඩක් උන් දැනුවත් නැති එකයි අවුල.
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    eka hoda wadak eth mcn lankawa education system eka wenas nokara oka karata practical na ne, lankawa gon education system eka change karala free eka lamayata dunna nam owa karnawa ne. o/l a/l kela unoth okkoma iwarai ne. paw lamai
    අදපාන ක්‍රමය කොහෙත්ම මේකට සම්බන්දයක් නෑ සෘජුව . ඔය වයසේ උන් අනුක් රටවල ගන්න පාසල් ඉගෙනුම් ක්‍රමයම තමා අපේත් ගන්නේ. කන්ටෙන්ටෙන්ට් එක වෙනස් ඇති .