එහෙම අපි වගේ හෝ ඊට එහා දියුණු වෙච්ච වෙනත් ජීවීන් ඇති,ඒත් ලයිට් ස්පීඩ් එකෙන් යන යානාවක් හදාගත්තත් අපිට ලඟම අපි වගේ ජීවින් ඇතිය කියල හිතන්ඩ පුලුවන් ග්රහ ලෝකෙකට යන්ඩ අවුරුදු දහස් ගානක් යනවලුනෙ,ඔය හින්ද තමා අපි වගේම වෙනත් දියුණු ජීවීන් ඉන්නවනම් ඒ අයටත් මෙහෙට එන්ඩ බැරි..එහෙම එනව නම් හෝ අපි යනව නම් සම්පූර්ණ දුර සහ කාලය ගෙවන්නෙ නැතුව විශ්වයේ එක තැනකින් ඇතුලට ගිහිල්ල අනිත් තැනින් සනිකව මතු වෙන්ඩ පුලුවන් ක්රමයක් හොයාගන්ඩ ඕනි(මුලු විශ්වයෙම සිතියමක් එහෙම හදල නැත්නම් අනාත සාගරේ වගේනෙ)..පිටසක්වලයො මෙහෙට ඇවිල්ල තියෙනවනම්,එහෙම එනවනම් ඔහොම ක්රමයක් තමා පාවිච්චි කරනව ඇත්තෙ..පිටසක්වලයොම ඇවිල්ල ඒ වගේ තාක්ෂණයක් අපිට දුන්නොත් හැර අපි නම් මිනිස් මොලෙන් හිතන්ඩ පුලුවන් උපරිමයට ඇවිල්ල කියල තමා මටත් හිතෙන්නෙ..ඇමරිකාව,රුසියාව වගේ රටවල් එහෙම දෙයක් සොයාගෙන හෝ පිටින් ලබාගෙන සඟවාගෙන ඉන්නෙ නැත්නම්.