පිළිකා නසන කෑම

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    පිළිකා නසන කෑම

    පිළිකා සෛල විනාශ කරන වඩාත් ක්‍රියාකාරි කෑම වර්ග 12 ක්

    cancer.jpg


    පිළිකා වැළඳිමට පෙර ඒය වලක්වා ගත හැකි නම් ඉතා වැදගත්ය. පිළිකාවක් වැළඳිමේ වැඩි ප්‍රවනතාවයක් අැත්තේ වයස අවුරුදු 35 ඉක්මගිය පසු අවුරුදු 50 ත් 55 ත් අතර වයස් කාණ්ඩ වලදි. මෙම වයස් කාණ්ඩ වලදි පිළිකා වැළඳිමේ අවදානම වැඩි වන්නේ ප්‍රතිශක්තිය අඩු වන බැවිනි.

    14bmf5h.jpg


    අපගේ සෞඛ්‍ය පුරුදු අපගේ කෑම බිම වැනි දෙවල් මත මෙම කාල සීමාවේදි පිළිකා හැදිමේ ප්‍රවනතාවය වැඩි කරයි.

    • අපි ක්‍රියාශිලී නම්​
    • මානසික අාතතියකින් යුතු ගැටළු නැතිනම්​
    • ක්ෂනික රසකාරක යෙදු අාහාර නොගනීනම්​
    • ස්වායු අභ්‍යාස මගින් අපගේ ඝර්ථ පිරෙන සේ අභ්‍යාස කරයි නම්​
    • මෙෙත්‍රියෙන් යුතු තැන්පත් මනසකින් හෙබි නම්​
    • පිළිකා සෙෙලවලට ප්‍රතික්‍රියා දක්වන අාහාර වැඩිපුර අාහාරයට ගනි නම්​
    • රතුපැහැති මස් වර්ග අාහාරය අඩු නම්​

    මෙකි හා නොකි සමහර කාරනා මත අපගේ පිළිකා අවධානම අඩු කර ගත හැකිය. ඒ් අතරින් මා අද බලාපොරොත්තු වන්නේ ඔබට පිළිකා අවධානම අඩු කර ගත හැකි අාහාර වර්ග 12ක් ගැන හැදින්විමක් කිරිමයි.

    අාහාර මගින් පිළිකා අවධානම සම්පුර්ණ ලෙස අඩු කර ගත නොහැකි අතර ඒ් වෙනුවට අවධානම සාමාන්‍ය මට්ටමට අඩු කර ගත හැකි බව වෙෙද්‍ය වරුන්ගේ මතයයි.


    ඔලිව් තෙල්

    පිරිසිදු ඔලිව් තෙල් භාවිතය තුළින් අපට බඩවැලේ පිළිකා, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැනි පිළිකා වර්ග වලින් ආරක්ෂා විමට හා ඊට ඒරෙහිව සටන් වැදිම සඳහා උදව් විය හැක. එය ඒදිනෙදා ජිවිතයේදි අපට භාවිතා කල හැකි සෞඛ්ය සම්පන්න තෙල් වර්ග වලින් එකකි.

    බෙරි
    ස්ට්රෝබෙරි, බ්ලූබෙරීස්, බ්ලැක් බෙරි , cranberries හා raspberries අැතුළු සියලුම වර්ගයේ බෙරි පිළිකා වර්ධනය මන්දගාමී හා විනාශ කල හැකි ellagic අම්ල හා polyphenols නමින් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. මෙම polyphenols සමහර පිළිකා සෛල මරා දැමිමට උදව් විය හැක.


    චෙරි
    චෙරි තුල අඩංගු වන perillyl alcohol (POH) මගින් විවිධ වර්ගයේ පිළිකා සෙෙල විශාල පරාසයක් විනාශ කිරිමේ හැකියාවෙන් සංයුක්ත බව සොයා ගෙන අැත. මෙහිදි චෙරි තොරා ගැනිමේදි රසායනිකව කෘමිනාශක භාවිතා නොකල කාබනික වගාවන් මගින් පොෂණය කල චෙරි මිලදි ගැනිමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල අත් කර ගත හැකි බව පිළිගැනිමයි.

    සුදුළුණු

    සුදුළුණු ප්‍රතිබැක්ටිරියන් ගුණයෙන් යුක්ත අතර පිළිකා සෙෙල මරා දැමිමේ අරුම පුදුම ශක්තියකින් යක්ත වන අතර හානි වුන DNA සෙෙල පවා නැවත ගොඩ නැංවිය හැකි ගුණයෙන් යුක්තය.මෙය භාවිතය තුළි්න පිළිකා සෙෙල පැතිරිම අවම කරන අතර ඒදිනෙදා ජිවිතයේදි අපගේ අාහාර වර්ග වෙත වැඩි ප්‍රමාණයක් ඒකතු කිරිමෙන් විවිධ රෝග අපගේ අාහාර ජිර්ණ පද්ධතියේ උදව්වටද සුදුළුණු ඉතා හොද අාහාරයක් වේ.


    තක්කාලි
    තක්කාලි යනු Lycopene අඩංගු ප්‍රබල පිළිකා විරෝධි අාහාර වලින් ඒකකි. ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුක්ත තක්කාලි පිළිකා සෙෙල පිටමං කිරිම සඳහා ඊට විරුද්ධ රැඩිලකලුන් ලෙස ක්‍රියා කරයි. මුඛ පිළිකා කාරක සෙෙල විනාශ කිරිමේ මාර පුත්‍රයකු වන තක්කාලි පියයුරු, පුරස්ථි ග්රන්ථි, අග්න්යාශය , මහා බඩවැලි , ගුදමාර්ගය අාශ්‍රිත පිළිකා සෙෙල සමගද ඉතා හොදින් සටන් කරයි.

    ග්‍රීන් ටී
    ග්‍රින් ටී ඒහෙම නැත්නම් හරිත තේ වල අඩංගු catechin පිළිකා සෙෙල නැසිමට හා පිළිකා සෙෙල සමග සටන් වදින සෙෙල අාරක්ෂා කර ගැනිම සඳහා මහගු දායකත්වයක් ලබා දෙන අතර පිළිකා කාරක සෙෙල නිදහසේ ඉවතට ගමන් කිරිම සදහා මාර්ගය ඒළිපෙහෙලි කර දෙයි.

    පිපිඤ්ඤා
    පිපිඤ්ඤා මගින් පිළිකා කාරක සෙෙල අවහිර කිරිමේ ගුණයෙන් යුක්තය ඒ් තුළ අඩංග විටමින් E රසායනිකයෙන් ප්‍රතිඔක්සි කාරක ගුණය නිසා පිළිකාවෙන් මිදිමට උපකාර සපයයි. පිපිඤ්ඤා වල අැට ඒහෙම නැත්නම් බිජ මේ සදහා මහගු දායකත්වයක් සපයයි.. ( බොහෝ අය පිපිඤ්ඤා මදේ විසි කරන අතර අපි නම් පිපිඤ්ඤා මදය ලුණු ටිකක් ඉස අමුවෙන්ම අාහාරයට ගනි)

    කැරට්
    බහුල ලෙස කැරට් වල අඩංගු වන Beta Carotene විවිධ වර්ගයේ පිළිකා කාරකයන් සමග ඉතා හොදින් සටන් වදි. පෙනහළු, ආමාශය, අන්තය , මුත්‍රාශය, පුරස්ථි ග්‍රන්ථ, පියයුරු, උගුර හා මුඛය ආශ්‍රිත පිළිකා සෙෙල හා සටන් වැදිමට මහගු දායකත්වයක් දක්වයි.
    මෙහිදි පිසු කැරට් වලට වඩා අමුවෙන් අාහාරයට ගන්නා කැරට් වල මෙම ගුණය ඉතා ඉහළ වේ . ඒහෙතු අද භාවිතා කරන කෘමි රසායනිකයන් නිසා ඒසේ කල හැකිදැයි ගැටළු පවති.


    වම්බටු
    වම්බටු තුල අඩංගු වන රසායනිකයන් පිළිකා සෙෙල සමග සටන් වදින බව වඩ වඩාත් පරික්ෂණ හා නිගමන මගින් සනාථ කර අැත. බඩ වැල හා ගැබ් ගෙළ අාශ්‍රිත පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැක. වම්බටු තුල විවිධ alkaloids අඩංගු වන අතර ඒවායින් solanine හා cucurbitacin පිළිකා සමග ඉතා ඉක්මනින් සටන් වදින බව සොයා ගෙන අැත.

    මල් ගොවා
    මල් ගොවා තුල ප්‍රෝටීන, ලිපිඩ, සීනි, විටමින්, කැල්සියම්, යකඩ, පොස්පරස්, තඹ, මැග්නීසියම් හා විවිධ ඛණිජ ලවණ, අඩංගු වේ. පුරුද්දක් ලෙස මල්ගොවා අාහාරයක් ලෙස භාවිතා කිරිමෙන් වකුගඩු අක්මාව තුල පවතින විෂ රසායනිකයන් ඉවත් කිර ප්‍රතිශක්තිය වැඩි කිර ශ්‍ිතාද රෝග (scurvy) වලක්වා සමහර වර්ග වල පිළිකා සෙෙල ඉවත් කිරිම සිදු කරයි.

    කහ
    චිකිත්සක අාහාර පිළිබද අධ්‍යයනයෙන් කහ තුල අඩංගු සංඝටක පිළිකා සෙෙල වලට විරුද්ධ සෙෙල සංවර්ධනය කිරිම තුළින් පිළිකා සෙෙල විනාශ කරයි. ඔබගේ ඔනැම අාහාර වේලකට කහ ඒක් කිරිම මගින් පිළිකා සෙෙල විනාශ කිරිමට අමතරව විෂ බිජ නාශනය කිරිමේ අරුම පුදුම හැකියාවකින් යුක්තය
    (මළ ගෙදරක ගිය විට කහ නාලා ඒන්න කියන්නේ කට කහනවට නෙමේ ඒහි අඩංගු විෂ බීජ හරන ගුනයෙන් මළසිරුරකින් නිකුත් වන විෂ බිජයන් හරනය කිරිමේ හැකියාවකින් සමන්විත වන බැවිනි)


    කළු චොකලට් ( Dark Chocolate) සීනි ඒකතු නොකරන ලද
    ප්‍රඔක්සිකාරක ගුණයෙන් යුතු polyphenols හා proanthocyanidins සියලු කළු චොකලට් වල සැලකිය යුතු ප්‍රමාණයක් දක්නට ලැබේ. මෙම ද්‍රව්‍ය දෙකම පිළිකා සෛල සහ එම සෛල පෝෂණය වන රුධිර නාල වර්ධනය සීමා කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රතිලාභ ලබාගැනිමට අවම වශයෙන් සියයට 70 ක කොකෝවා ප්‍රතිශතයක් දුඹුරු චොකලට් වල තිබිය යුතුය. ඒ නිසා පරිස්සමෙන් නිෂ්පාදන ඇසුරුම් පරීක්ෂා කරන්න.


    තවද මඤ්ඤොක්කා අනොදා වලත් මෙම අරුම පුදුම ගුණාංග අන්තර් ගත වන අතර මෙවා මගින් සදාගත හැකි බෙහෙත් වර්ගත් ඒක්කිරිමට බලාපොරොත්තු වන අතර මීට අමතරව ඔබට යමක් මෙයට ඒක් කිරිමට හැකි නම් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් බැවින් ඒ සදහා ඔබත් දක්නා තොරතුරු ඒක් කිරිමෙන් ප්‍රයෝජනවත් නුලක් බවට පත් කිරිමට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිනට අතර ඒක් අයකු තවත් අපගේ අහාර වර්ග අැති බව පවසා තිබු අතර කරුණාකර ඒම අහාර මොනවාද කියලා දක්වන්න ඒවිට කරුණු සොයාගෙන මෙමම නුල අප්ඩේට් කල හැක

    වැදගත් නම් හැකි පමණ බෙදා හරින්න
     
    Last edited:

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    කැම වර්ග 12ක් දානවා කිව්වට තාම 4 ක් වගේ දැම්ෙම් ට්‍රාන්ස්ලෙට් කරලා ටයිප් කරන්නත් ඒපැයි ටික ටික දාන්නම් පිළිකා හැදිලා තියෙන අයට දෙන්න කියලා දන්න දන්න අයට කියපල්ලා තව වැදගත් ටිකක් හිමිට දාන්නම් මෙක කරුම ලෙඩක් හැදුනොත් දුකම තමයි හැදෙන්න කලින් නතර කරගත්තොත් ගොඩම තමයි
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ නැති බෙරි චෙරි කන්න කලින් විද්‍යාත්මකව ඔප්පු කරපු ලංකාවේ තියෙන පලතුරු එළවලු කාල ඉඩහල්ලකෝ.

    1. තක්කාලි (due to high antioxidant content)
    2. අනෝදා
    3. ඇප්රිකොට් ඇට
    4.ග්‍රීන් ටී (due to high antioxidant content)
    5. පොලොස් (due to high antioxidant content)
    6. Shallots (රතු ළුණු) (due to high antioxidant content)
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ශ්‍රී ලංකාවේ මේ වනවිට පළතුරු වර්ග 200+ ගණනක් හදුනාගෙන අැත. (අානයනය කරන පළතුරු නොවේ.)
    මේවායින් රැසක ප්‍රතිඔක්සිකාර ගුණය, ඒනම් පිළිකා වරට ඒරෙහිව කටයුතු කිරීමේ හැකියාව අැත. පසුව තොරතුරු සම්පූර්ණයෙන් ඒකතු කර ත්‍රෙඩ් ඒකක් දමන තුරු දේශීය පළතුරු වැඩි වැඩියෙන් අාහාරයට ගන්න.