පුතාට කොම්පියුටරයක් ගන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කිව්වේ කතා කරලා වැඩක් නෑ මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඕනේ ඔන්ලයින් ලයිෆ් එකේ හරි තමුන් හෙන පොරවල් කියලා පෙන්න ගන්න. මම දන්නේ නෑ ඒකේ පරමාර්ථය නම් මොකක්ද කියලා. ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එකේ ඕනේ එකාට ඕනේ දේ නෙමෙයි මැදක් වෙද්දි තියෙන්නේ වෙන වැල් බයිලා කුණුහරුප සහ පොර ටෝක්ස්. ත්‍රෙඩ් එකට අදාලව නම් කමකුත් නෑ. තමුන්ගේ එකාට අරවයි මේවයි අරූගේ එකාට අරවයි මේවයි කිය කියා පල් හෑලි කොටනවා. අන්තිමට ත්‍රෙඩ් එකට අදාලව කියපු දෙයක් නෑ. ත්‍රෙඩ් එක දාපු එකාට ඇඩ්‍රස් නෑ. මානසික ගැටලු තමයි ඔව්වා නම්. එක්කෝ ජීවිතේ කොහෙන්වත් නොලැබුනු දෙයක් ඔන්ලයින් හොයාගෙන ලබා ගන්න හදනවා. නැත්නම් තමුන් පොර උනානේ කියලා පොඩි ස්වයං වින්දනයක් ලබා ගන්නවා. :lol::lol:

    :lol::lol::lol: අනේ මන්ද මට නං මේ ත්‍රෙඩ් ඒක බලන් ඉන්න එකේ පොඩි ආතල් එකක් තියෙනවා :lol::lol::lol:

    nO3nx.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: අනේ මන්ද මට නං මේ ත්‍රෙඩ් ඒක බලන් ඉන්න එකේ පොඩි ආතල් එකක් තියෙනවා :lol::lol::lol:

    nO3nx.jpg

    මට නම් මෙච්චරයි හිතෙන්නේ. අනේ මෙහෙමත් ඔන්ලයින් අනාතයෝ.. ඔච්චරක් තමයි වෙන මොකුත් ම නෑ... ;);)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔච්චරටම කුහක වෙන්න හොද නෑ නේද?

    කුහක කමක් නං නෑ මචන් :)
    එත් මෙතන වෙච්ච සීන් ඒක නොදන්න කෙනෙක් ට එහෙම හිතෙන්න පුළුවන් :)
    උබ තාම එලකිරියට අලුත් මං හිතන්නේ .. ඒ හින්ද ඒක උබේ වරදක් නෙවෙයි :)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    කුහක කමක් නං නෑ මචන් :)
    එත් මෙතන වෙච්ච සීන් ඒක නොදන්න කෙනෙක් ට එහෙම හිතෙන්න පුළුවන් :)
    උබ තාම එලකිරියට අලුත් මං හිතන්නේ .. ඒ හින්ද ඒක උබේ වරදක් නෙවෙයි :)

    අපිට යම් යම් දේ අපේ ලමාකාල වල නොලැබුනා වෙන්න පුලුවන්. අපි හිතෙන් ඒවට දුක් වුනා වෙන්න පුලුවන්. ඉතින් අපි ගිය මාර්ගයේම අපේ දරුවෝ යවන්න ඕන නෑ. අපි විදපු හැම දුකක්ම දරාගැනීමක්ම දරුවෝ දරන්න ඕන කියලා මතයක අපි ඉන්න ඕන නෑ.

    අපිට අපේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි සමහර දේවල් සමහර දෙමවුපියෝ ඒ අයගේ දරුවෝ වෙනුවෙන් කරයි. සමහරු ඒක ලේසියෙන් කරයි සමහරු අමාරුවෙන් කරයි. ඉතින් අපි ඒව දිහා ඊර්ෂ්‍යාවෙන් බලල වැඩක් නෑ.

    මම දන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක ඇත්තද බොරුද කියන්න. මට වැඩකුත් නෑ. ඒත් මම මේකට reply කෙරුවේ හැම වෙලාවේම මේක ඇත්ත කියලා හිතාගෙන.

    මම දකින විදිය මට හොද උනාට සමහරුන්ට ඒක හරි නෑ කියල මම දන්නවා. ඒක මටවත් මගේ දරුවන්ටවත් අදාල නෑ. මම මේකට උත්තර දුන්නේ මගේ කෝණයෙන් මට දැනුන දේ මිසක් වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි.

    අරූට 1,75ට දරුවට computer එක අරන් දෙන්න පුලුවන්නම් අපිට ප්‍රශ්නයක් නෑ නේ. මමනම් අවංකවම සතුටුයි ඌ ගැන.
     
    Last edited:
    • Like
    Reactions: Sachira123

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ කෝටිපතියෙක් උනත්....
    ළමයට ගේම් ගහන්නනම් පීසී එකක් අරන්දෙන්නෙ...
    උඹත් ළමයගෙ ගේම් එකක් වෙලා ඉවරයි පුතේ....
    උඹ දැන්ම ඌට අවසරය දීල ගහපිය ගේම් කියල
    චාල්ස් බැබේජ්. හෝවඩ් එකන් වගේ විද්‍යාඥයො අද හිටියනම් තෝව මස් කරනව
    තාක්ෂනේ උන් අපිට දුන්නෙ ඔය ලබ්බටද බන්
    ළමයට ඉගෙනගන්න පීසී එකක් ගනින්
    ගේම් ගහන්න අරන්දුන්නොත් දැන්ම අනාථමඩමකට පේ කරල බුකින් එකක් දාගනින්
    මොකද උඹවත් ගේම් එකක් වගේ ඌ ලොකුවෙද්දි අන්ඉන්සෝල් කරයි ලොල්ස්

    ප.ලි.. අපි කියනදේට උඹ විරුද්දනම් පීසී එකේ ගාන හදල දෙන්න මේ ප්‍රශ්ණ ටිකට උත්තර පුතාගෙන් අහල දාපන්.
    1. අලුත්ම ගේම්ද පරණ ඒව අවුලක් නැද්ද ( මොකද වීජීඒ එක ගැන බලන්න එපායැ)
    2. ගමටම ඇහෙන්න සද්දෙ ඕනද.. ඒ කියන්නෙ උණඩයක් ඈතින් ඇවිල්ල කණ ලගින් යන සද්දෙ ඕනද කියල (සවුන්ඩ් ගැන හිතන්නත් එපායැ)
    3. එක දිගට පැයගානක් සෙල්ලම් කරනවද? (මොකද හාඩ් එක ගැන බලන්නත් එපායැ)
    4. පට්ට කොලිටිය උණ්ඩයක්, කාර් එකක් මූව් වෙන්න ඕනිද (රැම් එක ගැන අයිඩියා එකක් ගන්න)
    5. කරන්ට් ගියත් පුතාට පැයක්වත් සෙල්ලම් කරන්න ඕනිද (යූපීඑස්)
    6. නිදාගන්න යද්දි ඇදේ ඉදන් ගහන්නත් ඕනිද? (වයර්ලස් ගැන)
    7. ලෝකෙ ඉන්න උන් එක්ක තරග කරන්න ඕනිද? (ඉන්ටනෙට් කනෙක්ෂන්)
    8. රූප ඇත්ත ප්‍රමාණයට පේන්න ඕනිද (ස්ක්‍රීන් සයිස්)

    මට ආපු ප්‍රශ්ණ අයිටී වැඩ්ඩො තව ප්‍රශ්ණ අහයි...:(:(
     
    Last edited:
    අපිට යම් යම් දේ අපේ ලමාකාල වල නොලැබුනා වෙන්න පුලුවන්. අපි හිතෙන් ඒවට දුක් වුනා වෙන්න පුලුවන්. ඉතින් අපි ගිය මාර්ගයේම අපේ දරුවෝ යවන්න ඕන නෑ. අපි විදපු හැම දුකක්ම දරාගැනීමක්ම දරුවෝ දරන්න ඕන කියලා මතයක අපි ඉන්න ඕන නෑ.

    අපිට අපේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි සමහර දේවල් සමහර දෙමවුපියෝ ඒ අයගේ දරුවෝ වෙනුවෙන් කරයි. සමහරු ඒක ලේසියෙන් කරයි සමහරු අමාරුවෙන් කරයි. ඉතින් අපි ඒව දිහා ඊර්ෂ්‍යාවෙන් බලල වැඩක් නෑ.

    මම දන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක ඇත්තද බොරුද කියන්න. මට වැඩකුත් නෑ. ඒත් මම මේකට reply කෙරුවේ හැම වෙලාවේම මේක ඇත්ත කියලා හිතාගෙන.

    මම දකින විදිය මට හොද උනාට සමහරුන්ට ඒක හරි නෑ කියල මම දන්නවා. ඒක මටවත් මගේ දරුවන්ටවත් අදාල නෑ. මම මේකට උත්තර දුන්නේ මගේ කෝණයෙන් මට දැනුන දේ මිසක් වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි.

    අරූට 1,75ට දරුවට computer එක අරන් දෙන්න පුලුවන්නම් අපිට ප්‍රශ්නයක් නෑ නේ. මමනම් අවංකවම සතුටුයි ඌ ගැන.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rishan11

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඒක තමා බං මටත් බය.
    ඒත් මෙයා යාලුවන්ගෙ ගෙවල් වල දවස ගානෙ යනවා ගේම් ගහන්න කිය කියා.
    උන් දෙන්නෙ නෑලු මෙයාට ගේම් ගහන්න.
    බලන් ඉදලා එනවලු.
    පාඩම් වැඩත් කරනවා.
    ඉස්කෝලෙ වැඩ ටික කරලා ඉවරයි නිවාඩු දීපු මුල් දවස් ටිකේම.
    පාඩනුත් කරනවා රෑට උදේට.
    දවල්ට දුවනවා හොද කොම්පියුටර් තියෙන උන්ලගෙ ගෙවල්වල. :(

    ape gameth podi kollo tika duwan enawa game gahanna bn, paw , unta nan ganna salli na,, aran deepan bn,apith kochchara aasada podi kaale game gahanna . game gahuwa kiyala maren na,
    hebei internet nan denna epaa :no:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අරූට 1,75ට දරුවට computer එක අරන් දෙන්න පුලුවන්නම් අපිට ප්‍රශ්නයක් නෑ නේ. මමනම් අවංකවම සතුටුයි ඌ ගැන.

    මචං උඹ කියපු දේවල් හරි...
    ඒත් චූටි ප්‍රශ්ණයක්...
    උඹ වැඩිහිටියෙක් කියල හිතාගෙනයි මේ කතා කරන්නෙ...
    පොඩ්ඩෙක්නම් සිගිති ආතල් නොගෙන මේ ප්‍රශ්ණය මගාරින්න ;)

    මචං...
    ඔව් ඌ පරිගණකයක් නෙමෙයි... තාත්තකෙනෙක් මුළුලෝකෙම උනත් තමන්ගෙ ලමයට අරන් දෙන්නයි හිතන්නෙ
    ඒත්... ඒකෙන් දරුව තව තවත් රජෙක් වෙන්න ඕන මැරයෙක් නොවී
    දරුව ඉල්ලුව කියල තුවක්කුවක් අරන් දීල වෙඩි තියපන් කියනවද?
    දැනටම මෙතන ලොකු අවුලක්... ගේම් ගහන්නයි ඉල්ලන්නෙ..
    පීසී එකේ තියෙන ඉගෙන ගන්න වැඩ 10000000000000 ලෝකෙම විශේෂයෙන්ම ඉන්දියාවෙ උන් ඉගෙන ගනිද්දි
    අපි තාම වැද්දො වගේ ගේම් ගහනවා
    උඹ දන්නව ඇති නේද ගේම් ගහන්න ගත්තම කුඩු ගැහුව වගේ බව
    එතකොට ඔය ළමය අපි උගතෙක් සමතෙක් නායකයෙන් වීරයෙක් බුද්ධිමතෙක් කරන්නෙ කෝමද බන්
    ඉස්සෙල්ල ඉගෙන ගන්න
    ඊට පස්සෙ ගේම් ගහන්න... (මොකද ඉගෙනුම මගින් ගේම් සහ ඔහුව පාලනය කරනවා එතකොට)
    මේ මගේ අදහස මචං :(:(
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඇයි බන් game ගහන්න එපා කියන්නේ මොකක්ද වැරැද්ද ?

    පොඩි එකෙක් කිය්නෙන් වයස කියාද .. උබල එක අහලවත් නැ game ගහන දෙන්න එපාලු .. උබල game ගහල නැද්ද .. අපි game ගහල මේ හොදට ඉන්නේ .. මොකවත් නැති වෙලා තිය්න්වයේ

    ඔක තමා බන් මත කියන්නේ .. මේකේ උන් දැම්ම ගමන් කියනව game ගහන්න දෙන්න එපාලු .. ඒවා කියන්නේ උන් එක්කෝ ඒ කාලේ game ගහල අතල් අරගෙන .. දැන් ඉතින් එකෙන් වැඩක් නෑ කියල හිතෙනවා ඇති ඒ උන්ට උබල ඒ කාලේ එකෙන් සතුටක් වින්දනේ ඇයි දැන් ඒ පොඩි එකට එහෙම දෙන්න එපා කියනේ

    ත්‍රෙඩ් එකේ මුල පිටු දෙක තුන විතරයි කියෙව්වේ. සාධාරණ සැකයක් ආවා මේ ඉන්නේ ඔය කියන පොඩි එකා වත් ද කියල :D :rolleyes::dull: joke හොඳේ ;)

    උඹ කෝටිපතියෙක් උනත්....
    ළමයට ගේම් ගහන්නනම් පීසී එකක් අරන්දෙන්නෙ...
    උඹත් ළමයගෙ ගේම් එකක් වෙලා ඉවරයි පුතේ....
    උඹ දැන්ම ඌට අවසරය දීල ගහපිය ගේම් කියල
    චාල්ස් බැබේජ්. හෝවඩ් එකන් වගේ විද්‍යාඥයො අද හිටියනම් තෝව මස් කරනව
    තාක්ෂනේ උන් අපිට දුන්නෙ ඔය ලබ්බටද බන්
    ළමයට ඉගෙනගන්න පීසී එකක් ගනින්
    ගේම් ගහන්න අරන්දුන්නොත් දැන්ම අනාථමඩමකට පේ කරල බුකින් එකක් දාගනින්
    මොකද උඹවත් ගේම් එකක් වගේ ඌ ලොකුවෙද්දි අන්ඉන්සෝල් කරයි ලොල්ස්

    මචං...
    ඔව් ඌ පරිගණකයක් නෙමෙයි... තාත්තකෙනෙක් මුළුලෝකෙම උනත් තමන්ගෙ ලමයට අරන් දෙන්නයි හිතන්නෙ
    ඒත්... ඒකෙන් දරුව තව තවත් රජෙක් වෙන්න ඕන මැරයෙක් නොවී
    දරුව ඉල්ලුව කියල තුවක්කුවක් අරන් දීල වෙඩි තියපන් කියනවද?
    දැනටම මෙතන ලොකු අවුලක්... ගේම් ගහන්නයි ඉල්ලන්නෙ..
    පීසී එකේ තියෙන ඉගෙන ගන්න වැඩ 10000000000000 ලෝකෙම විශේෂයෙන්ම ඉන්දියාවෙ උන් ඉගෙන ගනිද්දි
    අපි තාම වැද්දො වගේ ගේම් ගහනවා
    උඹ දන්නව ඇති නේද ගේම් ගහන්න ගත්තම කුඩු ගැහුව වගේ බව
    එතකොට ඔය ළමය අපි උගතෙක් සමතෙක් නායකයෙන් වීරයෙක් බුද්ධිමතෙක් කරන්නෙ කෝමද බන්
    ඉස්සෙල්ල ඉගෙන ගන්න
    ඊට පස්සෙ ගේම් ගහන්න... (මොකද ඉගෙනුම මගින් ගේම් සහ ඔහුව පාලනය කරනවා එතකොට)
    මේ මගේ අදහස මචං :(:(

    I agree with you machan :yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපිට යම් යම් දේ අපේ ලමාකාල වල නොලැබුනා වෙන්න පුලුවන්. අපි හිතෙන් ඒවට දුක් වුනා වෙන්න පුලුවන්. ඉතින් අපි ගිය මාර්ගයේම අපේ දරුවෝ යවන්න ඕන නෑ. අපි විදපු හැම දුකක්ම දරාගැනීමක්ම දරුවෝ දරන්න ඕන කියලා මතයක අපි ඉන්න ඕන නෑ.

    අපිට අපේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි සමහර දේවල් සමහර දෙමවුපියෝ ඒ අයගේ දරුවෝ වෙනුවෙන් කරයි. සමහරු ඒක ලේසියෙන් කරයි සමහරු අමාරුවෙන් කරයි. ඉතින් අපි ඒව දිහා ඊර්ෂ්‍යාවෙන් බලල වැඩක් නෑ.

    මම දන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක ඇත්තද බොරුද කියන්න. මට වැඩකුත් නෑ. ඒත් මම මේකට reply කෙරුවේ හැම වෙලාවේම මේක ඇත්ත කියලා හිතාගෙන.

    මම දකින විදිය මට හොද උනාට සමහරුන්ට ඒක හරි නෑ කියල මම දන්නවා. ඒක මටවත් මගේ දරුවන්ටවත් අදාල නෑ. මම මේකට උත්තර දුන්නේ මගේ කෝණයෙන් මට දැනුන දේ මිසක් වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි.

    අරූට 1,75ට දරුවට computer එක අරන් දෙන්න පුලුවන්නම් අපිට ප්‍රශ්නයක් නෑ නේ. මමනම් අවංකවම සතුටුයි ඌ ගැන.

    අනිවා මචන් උට එහෙම හැකියාවක් තියෙනවා නං කිසි ප්‍රශ්නයක් නෑ .. මං දාපු පොස්ට් එකත් අයින් කරගත්ත එකෙන් වැරදි වැටහීමක් දෙනවා වගේ පස්සේ තේරුණ හින්ද ..

    මේ ත්‍රෙඩ් එකේ සත්‍ය අසත්‍ය තාවය පැත්තකින් තියෙල මේ තෙරෙඩ් එකේ ටොපික් ඒක ගැන කිව්වොත් ඉතින් උබ හිතන විදිහ වෙනස් මං හිතන විදිහ වෙනස් .. මං නං මගේ ළමයෙක්ට කවදාවත් ඉල්ලපු සැනින් උට අවශ්‍ය දේ ඒ විදිහටම අරන් දෙන්න හිතන්නේ නෑ සාධාරණ හේතුවක් නැතුව .. මොකද මං මගේ පොඩි එකා දිහා බලන්නේ මගේ ළමා කාලයට සාපේක්ෂව නේ .. මං කරපු කුපාඩි කම් බලු කම් ජඩ කම් කපටි කම් සේරම මං කරලා ළමය ඒවා කරන ඒක වලක්වන්න අයිතියක් මට නෑ ..

    හැබැයි අද මම ඒ ඔක්කොම කරලත් ඒවා වැරදි කියල තේරුම් අරන් ඉන්නේ එදා අම්මල තාත්තලට හොරෙන් ඒ දේවල් කරපු නිසා නේ .. උබට තේරුනා නේද මං කියන දේ .. අපි දෙයක් හොරෙන් කරන්නේ ඒක හොර වැඩක් නිසා නේ .. අපිට ලොකු වයසකට ආවහම අපි ඒ හොර වැඩේ නිසා ඇතිවන අහිතකර බලපෑම් තේරුම් ගත්තම අපි ඒ වැඩේ ට ස්වයං වාරණයක් දා ගන්නේ එදා අපි ඒ වැඩේ වැරදි කියල දැනගෙන හිටිය නිසා ..

    එත් මේ ත්‍රෙඩ් එකේ ඉන්න තාත්ත තමන්ගේ ළමයට ගේම් ගහන්න ඕනේ කිව්වම , හා පුතේ කියල ගේම් ගහන්න දෙද්දී මං නං හිතන්නේ ඒ පොඩි එකා හිතන්නේ ගේම් ගහන ඒකේ වරදක් නැතුව ඇති කියල .. එත් ඇත්තටම බැලුවොත් ගේම් ගහනව කියන්නේ කාලය කා දැමීමක් .. තමන්ගේ තෘප්තියට වහල් වීමක් නේ ..

    එතකොට අද මං දැන දැන කා දමන කාලය
    හෙට මේ පොඩි ඒක නොදැන කා දමන්න පුළුවන් ...

    එකයි මං මේ ත්‍රෙඩ් එකේ මුල කියල තියෙන්නේ මොන කම්පියුටරේ අරන් දුන්නත් දෙමව්පියන්ගේ ගයිඩ් කිරීම අතේ තායි වැඩේ තියෙන්නේ කියල :)