පොඩි එකා කෑම කන්නේ නෑ මාස 03ක් තිස්සේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    උබ දවසක් කාල බලපන් ඔය දාල දෙන තලපේ . හප්පෝ මල ජරාවක් බන් . ලුනු දෙන්න හොද නැලු බල්ලෙක්වත් කන් නැ . වට්ටක්ක්කා තම්බලා කන්නේ නැද්ද . සිංහයෝ වගේ බඩගිනි කරල කන්න දුන්නත් ඩිමාන්ඩ් කරන්නේ පිටිනේ . ඌට හිතුන දවසක කයි බන් . අර හයි නියුට්ට්‍රන්ට් කිරි එකක් දෙන්න උස බර ඇති කියන්නේ බුවාගේ ෆිට්නස් ලෙවල් එකට එක ඇති .
     
    • Like
    Reactions: super077

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සමහර විට පණුවෝ වෙන්න පුළුවන්. මම එහෙම අහලා තියනවා.
    එහෙම නෙවේ නං, ඇයි ඔච්චර ප්‍රශ්නයක් කර ගන්නේ?
    ඌ බඩගිනි වෙලාවට කෑම ඉල්ලයි එතකොට දීපන්. :LOL:
    කිරි පිටි බොනවා කියන්නේ අනිවාර්යෙන් ඉවරයි කියන එකනේ! කොහොමත් එකයි...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    නංගිගෙ ලමයව ඩොක්ටර් කෙනෙක් ලඟට ගෙනිච්ච වෙලාවක අම්ම කිවුව ළමය කන්න හොරයි කියල.
    ඩොක්ටර් ගත් කටටම ආච්චිලාට ඕනෙ ගාන නෙමෙයි ළමයට ඕනෙ ගානට ළමය කන්නෙ කිව්ව.
    ඩොක්ට එහෙම කිවුවට අම්ම කොහොම හරි බල කරල අම්මගෙ ගාන කවනව.

    ළමයගෙ බර අඩු නැත්තං අවුලක් නෑ. කරිපිටිනං අඩු කරන්න. ත්‍රිපෝෂ කනවද.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචෝ මගේ දෙන්නත් හරියටම ඔය වයසේ
    බිත්තර දෙන්න තම්බලා, ඔම්ලට් එහෙමත් නැත්තම් Bulls-Eye
    පැස්ටා දෙන්න නිකන්ම තම්බලා හැබැයි ලුණු ගම්මිරිස් පොඩ්ඩක්ම වෙන්න ඉහින්න
    අර්තාපල් අල තම්බන්න ප්‍රෙෂර් කුකර් එකේ..දෙන්න ලුණු ඉහලා
    තව..KFC සීන් එක හරියටම හරි
    තව Pizza/Submarine ඒවාත් දෙන්න

    හැබැයි පුරුදු කරගන්න එපා.
    කුස්සියේ උයලා ගෙනත් දුන්න වගේ තේරෙන්න ගෙනත් ගෙදරම කවන්න.
    අරන් ගිහින් කවන්න ගත්තොත් බේරගන්න බැරි වෙයි පහු වෙනකොට
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බත් දෙන්න අවශ්‍යනම් එහි රසයට හුරු කරන්න ඕන. කිරි, බිස්කට්, අල වගේ දේවල් දුන්නොත් බත්වල රසට පුරුදු වෙන්නේ නෑ. මස් වර්ග, තෙල් කෑම දුන්නොත් ඒත් එහෙමයි.

    ඒ නිසා බත් උයනකොට කැඳ ටිකක් අරගෙන පොවන්න. මුලින්ම බත් ඇට එකතු කරන්න එපා. හුරුවෙනකොට බත් ඇට ටිකකුත් හොඳට පොඩි කරලා බොන්න දෙන්න. ක්‍රමයෙන් රසයට හුරු වේවි.

    පලතුරු වර්ගවලට හුරු කරන්න නම් පොඩි කරලා අයිස් ක්‍රීම් වගේ කැමති දෙයක් එක්ක දෙන්න.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    කව්ද බන් කිරිපිටි පුරුදු කලේ :sorry: අපේ තාම මාස 8,කවන්න මාර ගේමක් දෙන්න ඕනි. ඒ හින්ද වේල් 3 ට අනිවා වෙනස් ජාති 3 කින් හදල දෙන්නේ, එකත් cheese ටිකක් එහෙම දෙනවා ඒ එක්කල. එතකොට කනවා shape එකේ. ඒ හදන කෑම එක මලාට කන්න බෑ අපිටනම් 🤮 ඉතින් කොහෙද පොඩි උන් කන්නේ. ඒ හින්ද පොඩ්ඩ පොඩ්ඩ හරි වෙනස් දේවල් එක්ක හුරු කරවන්න
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කන මොනවමහරි දෙයක් තියෙන්න ඕන ඔය වයසෙ කෑම පුරුදු නොකරොත් ගැට්ටෑඩි වෙනව ලමයි. කඩචෝරු වත් කන්නෙ නැද්ද .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ගෙදර උයන කෑම චොර ඇති බං. මස් ටිකක් ගෙනල්ලා fry කරලා BBQ පාරක් දාලා කාල බලහන්. Mayo and sauce එක්ක fries ටිකක් 🍟 දාලා බලහන්. කන්නේ නැද්ද කියලා. රතු බත් එක්ක වැටකොලු පතෝල කොහිල අර බටු මේ බටු තිබ්බොත් දුවනවා කෑම කියන්නේ මේව ද කියලා :P
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    57F13562-8363-4306-B92D-7654D5672C38.jpeg



    Meka diyan. Okata appetite eka wedi wenawa Zinc thiyena nisa. Anika lamayekta ona karana vitamins thiyenawa oke.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    KFC submarine pizza දෙන්න කියන එවුනූත් ඉන්නවනේ
    අපේ අම්මලා හැදි මිට අතට ගත්තම අපි අඩ අඩා හරි දෙන දේ කනවා
    එහෙම කාපු හින්දා තමා මෙහෙම ඉන්නෙ
    උබලට කරන්න දුකයි නම් උබේ අම්මලට set කරපන්.දැන් ඉන්න එවුන් දරුවො හදන විදිහට ඉස්සරහට අපේ මිනිස්සුනුත් western රටවල් වල දරුවො වගේ වෙනවා.

    මගේ අදහස මන් කිව්වෙ.සමහර පොඩි එවුන් දැන් pizza KFC රයිස් කොත්තු චොප්සි නාසිගුරන් coke Pepsi නැත්තන් කන්නෙ නැ. Job කරන දෙමාපියන්ට ලේසි හින්දා ඕවම කව්වනවා 😔
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,935
    2,073
    113
    යාළුවනේ , අපේ අක්කගේ පොඩි එකා දැන් මාස 03ක් තිස්සේ ඉදලා බත් ඇටයක් කන්නේ නෑ. ඒ තියා පලතුරක් , චිස් කැල්ලක් වත් කන්නේ නෑ. මුට මාර ගේමක් දෙනවා මොනවා හරි කවා ගන්න. දන්න කියන ඔක්කොම හොද ඩොක්ටස්ලට පෙන්නුවා. ඒත් උන් ගනන් ගන්නේ නෑ. හැබැයි මුට ‍රැට පිටි බොතලයක් දෙන්න ඔනි බොන්න. මු ඒක බිලා දවසෙම ඉන්නවා. සෙල්ලම් හිට කරනවා. තාම අවුරුදු දෙකයි මාස 04යි. ගෙදර හැමෝම අප්සට් එකෙන් ඉන්නේ මු කන්නේ නැති එකට. හැබැයි පිටි එක නවත්තලා බැලුවා, ඒත් මු මොනවත්ම කන්නේ නෑ. ඒ පාර අයෙත් පිටි එක දෙන්න ගත්තා. බත් දකිනකොට මු දුවනවා. පලතුරු....ඊට හපන්.... මේකට මොනවා හරි අදහසක් කියන්න. ඔය ගොල්ලන්ටත් මේහෙම අත්දැකිම් තියෙනවද ?

    කිරිපිටි රෑට විතරක් දීපන්.. බත් හරි අල හරි කනකම් කිසිම සීනි අඩංගුදෙයක් දෙන්න එපා.. උදා: චොකො, පැනිරහ කෑම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අපේ එකත් ඔය වයසෙමයි, අපි එක සැරයක් nutritionist කෙනෙක්ට පෙන්නුවා, කිවුවෙ මේ දේවල්
    හැමදාම කවන්න වෙලාවක් තියාගන්න,
    වේල් 6ක් 7ක් කවන්න (ඒ හැම වේලකටම හරි වෙලාවක් තියා ගන්න)
    කෑවත් නැතත් පැය බාගෙකින් කවන එක නතර කරන්න, එතකොට එක වේලක හරියට කෑවෙ නැතත් අනෙක් වේලෙන් කයි
    දවසට සැරයක් වත් තනියම කන්න දෙන්න, කෑවෙ නැති උනාට කෑම එක්ක සෙල්ලම් කරල හරි පුරුදු වෙන්න දෙන්න
    තැන තැන ඇවිදලා කවන්නෙ නැතුව හැමදාම පුටුවක වාඩි කරලා හරි කොහොම හරි එකම තැනක තියලා කවන්න, එතකොට මුලින් දැඟලුවට පස්සෙ එතනින් තියලා කවන්න ගත්තම ලමය දන්නවා දැන් කන්න තමයි තියෙන්නෙ කියලා
    මට මතක විදියට යකඩ වැඩිපුර තියන කෑම දෙන්න කිවුවා ඇපටයිසර් එක හැදෙන්න කියලා
    ගෙදර හදපු ෆ්‍රයිඩ් රයිස් එහෙම දෙන්න කියලා කිවුවා, ඔය වයසට තෙල් ටිකක් කැවුනට අවුලක් නැහැ කියලා
    චිකන් එහෙම ෆ්‍රයි කරලා දෙන්න කිවුවා, මාලු කන තරමක් දෙන්න කිවුවා, බිත්තර දවසට දෙකක් දුන්නත් අවුලක් නැහැ කිවුවා
    වෙනස් කෑම දෙන්න කිවුවා, මුං ඇට පැලකරලා කන්න දෙන්න කිවුවා, පුලුවන් නම් ඒ ඇටවල පිට පොත්ත අයින් කරලා දෙන්න කිවුවෙ, නැත්නම් ඊලඟ වේල හරියට කන්නෙ නැති වෙයි කියලා. කඩල වලත් එහෙමයි පොත්ත අයින් කරලා පොඩ්ඩක් පොඩි කරලා දෙන්න කිවුවා
    ඉරිඟු එහෙම තම්බලා දෙන්න කිවුවා, මේවත් ලාවට පොඩි කරලා දෙන්නෙ හිර කරගන්න රිස්ක් එක නිසා
    ත්‍රිපෝශ දෙන්න කිවුවා
    පාට පාට කෑම ජාති දෙන්න කිවුවා, බත් එකට බෙදුවම ලස්සනට තියන ඒව (පලා, බීට්, කැරට් වගේ ලස්සන පාටට පේන්න තියන ඒව)

    මේ සේරම අපිටත් කරන්න බැරි උනා ගොඩක් දේවල් කරනවා, සාමාන්‍යෙන් කනවා, අපි පිටි කිරි දුන්නෙම නැහැ, අම්මගෙන් කිරි බොන්නෙත් රෑට විතරමයි, සමහර වෙලාවට අපේ එකාට බඩගිනි උනාම කියනවා මොනවා හරි කමු කියලා
    අපේ එකා ආස කෑම ජාති දන් අපි හොයන් ඉන්නෙ, කරවල, හාල්මැස්සො, චිකන්, ඉස්සො එහෙම බැදල කන්න කැමතියි අපි ඉතින් ගොඩක් වෙලාවට ඒවත් එක්ක බත් කන්න දෙන්නෙ
    සමහර වෙලාවට දවල්ට කෑවෙ නැත්නම් බිත්තරයක් බැදල දෙනවා ලුණු පොඩ්ඩක් විතරක් දාල (අපේ එකා මුලින් බිත්තර සුදු මද විතරයි කෑවෙ, පස්සෙ රතු බිත්තර වල කහමදේ අර තැඹිලි පාටට වගේ තියන නිසා පාටෙ ආසාවට කන්න ගත්තා), තම්බපු බිත්තර කන්නෙ නැහැ
    ගෙදර හදපු රෝල්ස් එහෙම කනවා, ඒවයෙ අර බැදපු පිට පොත්ත කන්න ආසයි
    KCF චිකන් වලටත් හෙන ආසයි, ඉඳල හිටල දෙන්නෙ

    අනික ලමයා කන්නෙ නැති උනාම උඹල ගේම අත අරින්නෙ නැතුව කවනවා නම් ඌ කනවා, අපේ එකත් මුලින් අපි ගේම අත අරිනවා නම් කොහොම හරි ඌත් කන්නෙ නැතුවම ඉන්න බලන්නෙ,දැන් අපි ගේම අතඅරින්නෙ නැති නිසා ඌ දන්නවා මේක ඉවර වෙන්නෙ කාලම තමයි කියලා කනවා

    කවන්න හෙන අමාරුයි, සමහර දවසට එපා වෙනවා, ඒත් කොහොම හරි කවන්න පුලුවන්
    මම හිතන්නෙ ඔය දෙන ෆෝමියුලා එක නතර කරා නම් වෙන කෑම කන්න ගනීවි, ඔය වයසට හෙනට දඟලනවා නේ එතකොට බඩගිනි වෙන වෙලාවක් එනවා
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    KFC submarine pizza දෙන්න කියන එවුනූත් ඉන්නවනේ
    අපේ අම්මලා හැදි මිට අතට ගත්තම අපි අඩ අඩා හරි දෙන දේ කනවා
    එහෙම කාපු හින්දා තමා මෙහෙම ඉන්නෙ
    උබලට කරන්න දුකයි නම් උබේ අම්මලට set කරපන්.දැන් ඉන්න එවුන් දරුවො හදන විදිහට ඉස්සරහට අපේ මිනිස්සුනුත් western රටවල් වල දරුවො වගේ වෙනවා.

    මගේ අදහස මන් කිව්වෙ.සමහර පොඩි එවුන් දැන් pizza KFC රයිස් කොත්තු චොප්සි නාසිගුරන් coke Pepsi නැත්තන් කන්නෙ නැ. Job කරන දෙමාපියන්ට ලේසි හින්දා ඕවම කව්වනවා 😔
    agreed
     
    • Like
    Reactions: EnIgma001

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    නංගිගෙ ලමයව ඩොක්ටර් කෙනෙක් ලඟට ගෙනිච්ච වෙලාවක අම්ම කිවුව ළමය කන්න හොරයි කියල.
    ඩොක්ටර් ගත් කටටම ආච්චිලාට ඕනෙ ගාන නෙමෙයි ළමයට ඕනෙ ගානට ළමය කන්නෙ කිව්ව.
    ඩොක්ට එහෙම කිවුවට අම්ම කොහොම හරි බල කරල අම්මගෙ ගාන කවනව.

    ළමයගෙ බර අඩු නැත්තං අවුලක් නෑ. කරිපිටිනං අඩු කරන්න. ත්‍රිපෝෂ කනවද.
    ත්‍රිපෝෂ ඌ කටේ තියන්නේවත් නෑ. (හැබැයි ඒක මට හොදයි 😁 😁 )
     
    • Haha
    Reactions: EnIgma001