අපේ එකත් ඔය වයසෙමයි, අපි එක සැරයක් nutritionist කෙනෙක්ට පෙන්නුවා, කිවුවෙ මේ දේවල්
හැමදාම කවන්න වෙලාවක් තියාගන්න,
වේල් 6ක් 7ක් කවන්න (ඒ හැම වේලකටම හරි වෙලාවක් තියා ගන්න)
කෑවත් නැතත් පැය බාගෙකින් කවන එක නතර කරන්න, එතකොට එක වේලක හරියට කෑවෙ නැතත් අනෙක් වේලෙන් කයි
දවසට සැරයක් වත් තනියම කන්න දෙන්න, කෑවෙ නැති උනාට කෑම එක්ක සෙල්ලම් කරල හරි පුරුදු වෙන්න දෙන්න
තැන තැන ඇවිදලා කවන්නෙ නැතුව හැමදාම පුටුවක වාඩි කරලා හරි කොහොම හරි එකම තැනක තියලා කවන්න, එතකොට මුලින් දැඟලුවට පස්සෙ එතනින් තියලා කවන්න ගත්තම ලමය දන්නවා දැන් කන්න තමයි තියෙන්නෙ කියලා
මට මතක විදියට යකඩ වැඩිපුර තියන කෑම දෙන්න කිවුවා ඇපටයිසර් එක හැදෙන්න කියලා
ගෙදර හදපු ෆ්රයිඩ් රයිස් එහෙම දෙන්න කියලා කිවුවා, ඔය වයසට තෙල් ටිකක් කැවුනට අවුලක් නැහැ කියලා
චිකන් එහෙම ෆ්රයි කරලා දෙන්න කිවුවා, මාලු කන තරමක් දෙන්න කිවුවා, බිත්තර දවසට දෙකක් දුන්නත් අවුලක් නැහැ කිවුවා
වෙනස් කෑම දෙන්න කිවුවා, මුං ඇට පැලකරලා කන්න දෙන්න කිවුවා, පුලුවන් නම් ඒ ඇටවල පිට පොත්ත අයින් කරලා දෙන්න කිවුවෙ, නැත්නම් ඊලඟ වේල හරියට කන්නෙ නැති වෙයි කියලා. කඩල වලත් එහෙමයි පොත්ත අයින් කරලා පොඩ්ඩක් පොඩි කරලා දෙන්න කිවුවා
ඉරිඟු එහෙම තම්බලා දෙන්න කිවුවා, මේවත් ලාවට පොඩි කරලා දෙන්නෙ හිර කරගන්න රිස්ක් එක නිසා
ත්රිපෝශ දෙන්න කිවුවා
පාට පාට කෑම ජාති දෙන්න කිවුවා, බත් එකට බෙදුවම ලස්සනට තියන ඒව (පලා, බීට්, කැරට් වගේ ලස්සන පාටට පේන්න තියන ඒව)
මේ සේරම අපිටත් කරන්න බැරි උනා ගොඩක් දේවල් කරනවා, සාමාන්යෙන් කනවා, අපි පිටි කිරි දුන්නෙම නැහැ, අම්මගෙන් කිරි බොන්නෙත් රෑට විතරමයි, සමහර වෙලාවට අපේ එකාට බඩගිනි උනාම කියනවා මොනවා හරි කමු කියලා
අපේ එකා ආස කෑම ජාති දන් අපි හොයන් ඉන්නෙ, කරවල, හාල්මැස්සො, චිකන්, ඉස්සො එහෙම බැදල කන්න කැමතියි අපි ඉතින් ගොඩක් වෙලාවට ඒවත් එක්ක බත් කන්න දෙන්නෙ
සමහර වෙලාවට දවල්ට කෑවෙ නැත්නම් බිත්තරයක් බැදල දෙනවා ලුණු පොඩ්ඩක් විතරක් දාල (අපේ එකා මුලින් බිත්තර සුදු මද විතරයි කෑවෙ, පස්සෙ රතු බිත්තර වල කහමදේ අර තැඹිලි පාටට වගේ තියන නිසා පාටෙ ආසාවට කන්න ගත්තා), තම්බපු බිත්තර කන්නෙ නැහැ
ගෙදර හදපු රෝල්ස් එහෙම කනවා, ඒවයෙ අර බැදපු පිට පොත්ත කන්න ආසයි
KCF චිකන් වලටත් හෙන ආසයි, ඉඳල හිටල දෙන්නෙ
අනික ලමයා කන්නෙ නැති උනාම උඹල ගේම අත අරින්නෙ නැතුව කවනවා නම් ඌ කනවා, අපේ එකත් මුලින් අපි ගේම අත අරිනවා නම් කොහොම හරි ඌත් කන්නෙ නැතුවම ඉන්න බලන්නෙ,දැන් අපි ගේම අතඅරින්නෙ නැති නිසා ඌ දන්නවා මේක ඉවර වෙන්නෙ කාලම තමයි කියලා කනවා
කවන්න හෙන අමාරුයි, සමහර දවසට එපා වෙනවා, ඒත් කොහොම හරි කවන්න පුලුවන්
මම හිතන්නෙ ඔය දෙන ෆෝමියුලා එක නතර කරා නම් වෙන කෑම කන්න ගනීවි, ඔය වයසට හෙනට දඟලනවා නේ එතකොට බඩගිනි වෙන වෙලාවක් එනවා