පොදු අපේක්ෂක කුමන්ත්‍රණය
පොදු අපේක්ෂක කුමන්ත්‍රණයෙන් අන්තිමට වුණේ මොකක් ද?
copyright: w3lanka website by Ajith Parakum
විපක්ෂය පොදු අපේක්ෂකයකු සොයමින් සිටියි. විමල් වීරවංශ කියන හැටියට එය හරියට රියැලිටි වැඩසටහනක් වැනි ය.
පොදු අපේක්ෂක කතිකාව මේ මොහොත වන විට නම් ක්‍රීඩා කරමින් සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොටුව තුළ ය.
රනිල්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි, මෛත්‍රීපාල, අර්ජුන, සුනේත්‍රා බංඩාරනායක හා ශිරානි බංඩාරනායක වැනි නම් රැසක් කියවෙමින් තිබේ.
විපක්ෂය සොයමින් සිටින්නේ මහින්ද තරමට ම ජාතිවාදීන්ට හා ගැමියන්ට අලෙවි කළ හැකි, ඒ තරම් ම ව්‍යාජ, ජනතාවට බොරු ආදරයක් පෙන්විය හැකි, මහින්දගේ පිරිමි යයි කියන පෙනුම ඇති කෙනෙකි.
එහෙත්, පොදු අපේක්ෂකයකු ලෙස ගොඩනැගිය යුත්තේ මහින්දට විකල්පයක් මිස තවත් මහින්ද කෙනෙකු නොවේ. මේ කිසිවකුට මහින්දගේ වංචාකාරිත්වයට අලගු තබන්නටවත් බැරි ය. ඔහු සිය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය පවා කරන්නේ මහජන මුදලිනි.
මේ නම් ලැයිස්තුවේ සිටින වඩාත් ම දේශපාලන සත්වයා කවුරු ද? මම නම් සිතන්නේ රනිල් ය කියා ය. අනෙක් අය හුදු කදෝපැණියෝ පමණි.
රනිල්ට පුළුවන් ද? මේ අපේ රටේ ජනතාව අසන ප්‍රශ්නයයි.
එහෙත්, ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නය එය නො වේ.
පොදු අපේක්ෂකයා තෝරා ගන්නේ කවුරු ද? කෙසේ ද?
අඩු තරමේ එක්සත් ජාතික පක්ෂයවත් තම යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ ඉදිරිපත් කර නැත. එහෙත්, රනිල් වික්‍රමසිංහ එජාප නායකයා නිසා ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම තුළ යුක්තියුක්තභාවයක් තිබේ. මේ අනෙක් අය කවුරු ද?
ඔවුන් අතරින් එක් අයකු අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ කවුරු ද?
මේ වනාහි ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් නො වේ. කුමන්ත්‍රණයකි.
අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා මෙම කාර්යයට මැදිහත් වූ පසු අප මේ පිළිබඳව කළ කතා බහකදී මා කීවේ පොදු අපේක්ෂකයා පහළ සිට ගොඩනැගිය යුතු බවයි. එයට එකඟ වූ නිර්මාල් එවැනි ප්‍රයත්නයක් වෙනුවෙන් ක්‍රියාකාරිකයන් 200කගේ සමුළුවක් කැඳවන්නේ නම් එයට සහභාගි වන්නට කැමතිදැයි මගෙන් ඇසී ය. මම කැමති වීමි. එහෙත්, ඉන් පසු ඒ කතාව ඉදිරියට ගියේ නැත.
පොදු අපේක්ෂක කුමන්ත්‍රණය දැන් කූටප්‍රාප්තියට පැමිණ තිබේ. ඔවුන් හෙට අනිද්දා කිසිවකුගේ නමක් පොදු අපේක්ෂකයා ලෙස එළි දක්වනු ඇත. අපට තිබෙන්නේ එය පිළි ගන්නට ය.
අද පවතින ජඩ ක්‍රමය හා එහි ප්‍රධාන කළමනාකරු පැරදවිය යුතු ය. එහෙත්, මේ පොදු අපේක්ෂක කතිකාව නිසා සිදු වනු ඇත්තේ අවසාන වශයෙන් මහින්දගේ ජය තහවුරු වීමයි.
රනිල් හැර වෙනත් කිසිදු අපේක්ෂකයකුට අඩු තරමේ යම් තරමක ඡන්ද ව්‍යාපාරයක්වත් ගෙන යන්නට සංවිධාන ව්‍යූහයක් නැත. රනිල් හැර අන් කිසිවෙක් දේශපාලනිකව ශක්තිමත් ද නැත.
එහෙත්, පොදු අපේක්ෂක කුමන්ත්‍රණය විසින් කළේ රනිල්ට බැරි ය යන ජනප්‍රිය මිථ්‍යාව ප්‍රවර්ධනය කර ඔහුට විකල්ප ලෙස ඊටත් වඩා දුර්වල අපේක්ෂකයින් බුරුත්තක් වෙත අවධානය යොමු කිරීමයි. මේ අතර මහින්ද ශක්තිමත් ලෙස සටනට බැස ඇත.
දැනට පවතින තත්වය එයයි.
ආණ්ඩුවෙන් බලවත් පිරිසක් එළියට නො ආවොත්, මේ පවතින තත්වය තුළ ජනතාව අතර ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කිරීමට විපක්ෂය අසමත් වනු ඇත.
අවසානයේදී පොදු අපේක්ෂක 'කතිකාව' විසින් සිදු කර තිබෙන්නේ වැඩේ අල කිරීම නො වේ ද?
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න