බංඩාර කියන එකේ තේරුම?

ඒක කිව්වොත් මාව expose නෙ :sorry: කලාතුරකින් තමයි වෙන එකෙක්ට ඒ වගේ නමක් ඇත්තේ :(

උබේ දෙවෙනි නම් නම් මාත් දැකලා නෑ බන්
උබේ ඉතින් මුලු නමම වෙනස් නේ
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන් සිංහල පෙළපත් නම් වලින් තියන හොදම එකක් නේ බණ්ඩාර කියන්නේ. කෙලින්ම උඩරට පෙළපත් නාමයක්.

    හරි එතකොට මට කියන්න ඇයි සමහර මැණිකෙලා ඕක දාගෙන ඉන්නෙ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද උට්ටො.. ඔන්න ඔහොම තියාගනිං.. බණ්ඩාර කිව්වාම චාටර් කොහෙද.. වැදගත් නමක්නේ..:cool:

    සොන්නාදරන්, පොන්නම්පෙරුම වගේ නම් පොඩ්ඩක් අප්සට්..:lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නාමසිද්ධි ජාතකය කියෝපල්ලා.

    නාමසිද්ධි ජාතකය
    සිංහල භාෂාවේ නාම පද අතරත් සංඥා නාම නමින් පද වර්ගයක් වෙයි. ඒ බෙදීම පුද්ගලයන්, ස්ථාන, ප්‍රදේශ හඳුනාගැනීම සඳහා වෙන් වූවකි. කවර භාෂාවක වුව මේ බෙදීම පවතී. කෙනකු හෝ තැනක වෙන් කොට හඳුනා ගැනීම මේ සංඥා නාමයෙන් සිදු කෙරෙයි. එහෙත් එය සම්මුතියක් පමණි. මේ ගැන නොදැන නම ගැන බොහෝ පැටලිලි සාදා ගන්නා පුද්ගලයෝ ද මේ සමාජයේ වෙති. දිනපතා බොහෝ පුවත්පත්හි මුදල් ගෙවා දැන්වීම් පළ කරවමින් තමා භාවිත කරන සංඥා නාමය හෝ පරම්පරා නාමය වෙනස් කරන බව මහජනතාවට දැනුම් දෙන්නෝ කොපමණ වෙත්ද? සමහරු තම නම් ගම්, පරම්පරා නාමයන් ප්‍රසිද්ධියේ පළ කරන්නට අකැමැති වෙති. ඔවුහු සමාජයේ වෙනත් වෙනත් නම්වලින් පෙනී සිටින්නට ද උත්සාහ දරති.

    මෑතකාලීන ව මුදල් පොලීකරුවන් රාශියකගේ නම් ගම් අනාවරණ වූයේ අන්වර්ථ නාමයෙනි. අපරාධකාරයෝ ද සමාජයේ පෙනී සිටිනුයේ ව්‍යාජ නාමයන්ගෙනි. සැබෑ නාමය වෙනස් කර ගැනීමෙන් සැඟවී සිටින්නට ඇතමකු උත්සාහ කළ ද කවදා හෝ ඔවුනට එසේ විසිය නොහැකි බව මෑතකාලීන නිදර්ශන රාශියක් ම අපට ප්‍රකට කරවයි.

    මේ අතර ජනප්‍රිය ගීත රැල්ලේ එක් ගීතයකින් බොහෝ දෙනාගේ නම් ගම් හාස්‍යයට නැංවුණු අවස්ථාවක් ද අපට දැකිය හැකි විය. හාස්‍යෝත්පාදක ගීතයක් වුව එතුළ නාමය යනු සංඥාවක් බව ප්‍රකට කරවන්නට උත්සාහයක් දරා තිබූ බවක් නොපෙනුණි. මේ සියල්ල පිළිබඳ ඉතා වැදගත් විග්‍රහයක් අපට ජාතක පොතෙහි එන නාමසිද්ධි ජාතකයෙන් ඉදිරිපත් කළ හැකි වෙයි.

    ”නාමසිද්ධි” නමැති භික්ෂුවක් අරබයා බුදුහිමියෝ දෙව්රම් විහාරයේදී මේ ජාතකය දේශනා කළ බව දැක්වෙයි. “පාපක” නමැති තරුණයෙක් ශාසනයෙහි ළැදි ව පැවිදි වූ අතර, ඉන් පසු ඔහු හැඳීන්වූයේ “පාපක භික්ෂුව“ යනුවෙනි. බොහෝ දෙනා ඔහුට පාපක ය මෙහි එන්න, පාපක ය පිඬු සිඟා වඩින්න. ආදී ලෙස නිතර නිතර ආමන්ත්‍රණය කෙරෙති. මෙය ඉතා අමිහිරි ආමන්ත්‍රණයක් සේ සැලකූ පාපක භික්ෂුව ඉතා මිහිරි නමක් තබන්නැයි ආචාර්යයන් වහන්සේ වෙතින් ඉල්ලා සිටි අතර, “ඇවැත්නි නාමය සම්මුතියක් පමණි, ඒ ගැන නොසිතා වැඩ කරන්නැයි” ආචාර්යයන් වහන්සේ කියා සිටියහ.

    මේ කථාව ඇසූ බුදුරදුන් පෙරදීත් මේ භික්ෂුව මේ නමින් ම පෙනී සිටි අර්බුදකාරී වූ අයුරු ඉස්මතු කරමින් අතීත තතු ගෙන හැර පෑහ. එහිදී මොහු තක්සලාවෙහි ශිෂ්‍යයෙක් විය. බෝසතාණෝ මහැදුරු වූහ. තරුණ මානවකයාගේ නම “පාපක” විය. සියල්ලන් ම ඔහුට පාපක, පාපක යයි අමතන විට එය ඉතා ළාමක ඇමතුමක් සේ සිතා ආචාර්යයන් හමු වී තමා හට වෙනත් නමක් තබන්නැයි ඉල්ලා සිටියේය. ගමෙහි සැරිසරා තමාට රුචි ඕනෑ ම නමක් සොයා එන්නැයි මානවකයාට පැවරීය.

    ඔහු බොහෝ මිහිරි නම් සොය සොයා, සරන අතර එක්තරා පුරුෂයකු මියගොස් සිය ඥාතීන් විසින් සොහොනට ගෙන යනු ඔහුට හමුවිය. ඥාතීන්ගෙන් ඔහුගේ නම කුමක්දැයි විමසූ විට “ජීවක” යැයි කීය. අහෝ ජීවකලාත් මියැදෙන්නේදැයි සිත සිතා තවත් ඉදිරියට යද්දී, මෙහෙවර නිසි ලෙස නොකළ දාසියකට දඬුවම් දෙන ස්වාමියකු දැක පහර කෑ දාසියගේ නම කුමක්දැයි විමසීය. ධනපාලී බව කීය. ධනපාලියෝත් බැලමෙහෙවරෙහි යෙදෙන දුගී ස්වභාවයට පත් වන්නේදැයි සිතමින් පාපක තවත් ගමෙහි සැරිසරන්නට විය.

    එවිට මංමුළා වී යන එන මං නොදැන ඇවිදින පුරුෂයකු හමු වී ඔහුගේ නාමය විමසීය. “පන්ථක” යයි දැනගත් විට අනේ පන්ථකයන්ටත් පාර සොයා ගත නොහැකි ව මංමුළා වන්නේදැයි ඔහු සිතන්නට වීය. ඇතැම් විට ඔහු තවත්, තවත් ඉදිරියට යන්නට ඇත. එවිට ඇතැම් විට ඔහුට මහ මඟ යදින ධනදාසලා ද, වෛරයෙන් ජීවත් වන ප්‍රේමදාසලා ද, දුෂ්ටකමින් පිරි කල්‍යාණවතීලා ද, අදැහැමින් ජීවත් වන ධර්මදාසලා ආදී විවිධ චරිත හමුවන්නට ඇත. මේ සියලු චරිත ඔහුට කියා දුන්නේ නාමය යනු සම්මුතියක් පමණක් බවයි.

    අවසානයේ ඇදුරුතුමන් හමුවට එන පාපක මානවකයා වෙතින් සුදුසු නමක් සොයා ගත්තේ දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඇදුරුතුමනි, ජීවකලාත් අජීවකලාත් මැරෙති. ධනපාලයෝත්, අධනපාලයෝත් දුප්පත් වෙති. පන්ථකයෝත්, අපන්ථකයෝත් මංමුළාවෙති. නමෙන් කමක් නැත. කළ දෑ නොකළ දෑ ම ගැන සිතා ජීවත් විය යුතු බවයි. එබැවින් තමාට වෙනත් නාමයකින් පලක් නොමැති බවයි.


    උපුටා ගැනීම
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මගෙ යාලුවෙක් ඉන්නවා උගෙ නම පොන්වීර්...මිස් උගෙ ඒ නම කියලමයි කතා කරන්නෙ..දෙරිම ගැහිලා යනවා
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මොකටද බන් ඕක වෙනස් කරගන්න දඟලන්නේ.බණ්ඩාර කියන්නේ හොඳ පෙලපත් නාමයක්නේ.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අපේ මාමගේ යාලුවෙක් හිටියා බණ්ඩාර කියලා. නුවර පොරක්. නුවර කියලා කිව්වට නුවර ඉඳලා කිලෝ මීටර් 40ක් විතර යන්න ඕනා. ඌ කතාකරන්නේ නුවර විදිහට "ට" යන්න අගට දාලා.... "එන්ට, යන්ට, කන්ට, බොන්ට" වගේ

    පස්සේ මාමලාගේ යාළුවො සෙට් එක ඌට කතාකලේ බණ්ඩාර කියලා නෙමෙයි "බන්ටාර" කියලා.

    "ආ... එන්ට බන්ටාර, කොහෙද මේ දුවන්ට හදන්නේ"
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බංඩාර කියන්නේ අතීතයේ රදළයන්ව හැදින්වීමටයි යෙදූ ගෞරවාන්විත නාමයක්....
     
    • Like
    Reactions: arsehole-froce