රනිල් වික්‍රමසිංහ –
රනිල් වික්‍රමසිංහ
ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ එතෙක් පැවති පාලන ක්‍රමයේ වෙනසක් අපේක්‍ෂාවෙන්.
ඉන් පසුව අගෝස්තුවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද මේ බව තහවුරු වුණා.
මේ මැතිවරණ වලදී අප ජනතාව ඉදිරියේ තබා, ජනතාවගේ අනුමැතිය ලද, වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන අරමුණක් වන්නේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමයි.
ජනවාරි 08 වන දා අප බලයට පත්වෙද්දී, ඉතා දරුණු ජාත්‍යන්තර උගුලකට අප හසුවී තිබුණා. පසුගිය පාලනයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා ඔවුන් විසින් ම කපා ගත් වලක මුළු රටම වැටී තිබුණා. ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් ඉදිරිපත් කළ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා අපේ රටට එරෙහිව සම්බාධක පැනවීමේ අනතුරක් උදා වී තිබුණා.
නමුත් පසුගිය කාලය තුළ අප ගත් වෙහෙසකර හා අවංක ව්‍යායාමයක ප්‍රතිඵල ලෙස අද ඒ වලෙන් ගොඩ එන්නට අපට හැකි වී තියෙනවා. උගුලෙන් ගැලවෙන්නට අපට හැකි වී තියෙනවා. මුළු ලෝකයේම වෙළඳ පොල දැන් අපට යළිත් විවෘත වී තියෙනවා.
ඉතින් ඒ නිසා සංවර්ධනය සඳහා වූ ආර්ථික සැලසුම් සකස් කරන්නට හා ඒ පිළිබඳ තොරතුරු මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නට දැන් අපට අවකාශ එළැóලා තියෙනවා. ජාත්‍යන්තරයේ අපේ පදනම දැන් ශක්තිමත්. තිරසාරයි. ඒ පදනම මත බලවත් ශ්‍රී ලාංකේය ආර්ථිකයක් ගොඩනැංවීම අපේ ඉලක්කයයි.
ඒ ගමන යන්නට, ඒ තත්වයට ඉහළ නගින්නට සුදුසු දේශපාලන පරිසරයක් දැන් අපේ රටේ නිර්මාණය වී ඇති බවත් මම මෙහිදී පෙන්වා දෙන්නට කැමතියි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එක්වී සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවා තියෙනවා. ජාතික ආණ්ඩුව පිහිටුවීමේ පරමාර්ථය රටේ මූලික ප්‍රශ්න විසඳීමට සමත්වන දීර්ඝ කාලීන සමාජ ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව එකඟත්වයකට පැමිණීමයි. එමගින් ස්ථාවර භාවය ඇතිකොට, සීඝ්‍ර සංවර්ධනයකට මුල පිරීමයි. ඒ සඳහා අපට මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් යළි ලැබෙතැයි හිතන්නට බැහැ.
ගරු කතානායකතුමෙනි,
ආර්ථික ෙක්‍ෂ්ත්‍රයේ පමණක් නොව, දේශපාලන, සමාජයීය, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී විවිධ ෙක්‍ෂ්ත්‍රයන් ශක්තිමත් කරලීම සඳහාත්, වර්ධනය කරලීම සඳහාත් පදනම සැකසීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු දෙක තුළ ඒ පදනම සකස් කර, රටක් වශයෙන් ඉදිරියෙන් ඉදිරියට යෑම අපේ අභිප්‍රායයි.
ජනතාව තම තමන්ගේ ජීවන තත්වය පිළිබඳ සැලකිලිමත් වෙනවා. ආදායම් වැඩි කරගැනීමට පුළුවන්ද? දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට පුළුවන්ද? අධ්‍යාපනය අවසන් වූ පසු රැකියාවක් සොයා ගන්නට පුළුවන්ද? මෙතෙක් අපිට ඒ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු ලබා දෙන්නට නොහැකි වී තියෙනවා. අපි අසාර්ථකයි.
ඊට හේතු දැක්වීම්, නිදහසට කරුණු ඉදිරිපත් කිරීම් සහ සටන් පාඨ කඩතුරා වලින් කර තිබෙන්නේ ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය තව තවත් වසන් කර තැබීමයි. ප නමුත් තව දුරටත් ඒ අයුරින් ඉදිරියට යන්නට බැහැ. ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ. ඔවුන්ට වෙනසක් අවශ්‍යයි. ඔවුන් අපට ජනවරමක් දුන්නේ ඒ වෙනස කරන්නටයි. ඔවුන්ගේ ජීවිත යහපත් කරන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත් විවෘත සහ තරගකාරී ආර්ථිකය බවට පත් කිරීමටයි.
අපේ රටේ ඉතිහාසය මෙනෙහි කරද්දී ස්වර්ණමය යුගය ලෙස කැපී පෙනෙන්නේ විවෘත වෙළඳ ආර්ථිකයක් පැවති අනුරාධපුර මානවම්ම යුගයේ සිට මහා පරාක්‍රමබාහු දක්වා යුගයයි. අපි කුළුබඩු, මැණික්, අලි ඇතුන් සහ විශාල වශයෙන් සහල් වෙළ¼දාම් කළා. ප්‍රධාන ආනයන අපයන මධ්‍යස්ථානයක් ලෙස ද අපේ රට සැලකුණා. අප බලාපොරොත්තු වන්නේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ යළිත් ඒ ස්වර්ණමය තත්වය අපේ රටට උදා කර ගැනීමටයි.
එසේ කිරීමට අපගේ ආර්ථික පදනම නිවැරදි කර ගත යුතුයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය, දේශීය තරගකාරීත්වය, විදේශ වෙළ¼දාම සහ ආයෝජන කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ යුතුයි. සමාජ සාධාරණත්වය පදනම් කරගත් දැනුම මුල් කරගත් තරගකාරී
සමාජ වෙළඳපොල ආර්ථිකයක් අප ගොඩනැංවිය යුතුයි. (Social Market Economy) මෙවැනි ආර්ථිකයක් ශක්තිමත් කරන ප්‍රධාන ආධාරකයන් තුන වන්නේ, අධ්‍යාපනය සඳහා වූ විශ්ව ප්‍රවේශය, 21 වන සියවසේ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දිය හැකි අන්දමට වත්මන් සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කරලීම සහ සමාජ සංචලත්වයයි.
ඒ නිසා අපට ලැබී ඇති මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අප හැම දෙනාගේම යුතුකමක් හා වගකීමක් බව මම අවධාරණය කරන්නට කැමතියි.
ගරු කතානායක තුමෙනි,
මේ පසුබිම අවධාරණය කරමින් අප බලාපොරොත්තු වන්නේ මධ්‍ය කාලීන ඉලක්ක කීපයක් සපුරා ගැනීමටයි.
1. රැකියා අවස්ථා දසලක්‍ෂයක් බිහිකිරීම
2. ආදායම් ඉහළ නැංවීම
3. ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම
4. ග්‍රාමීය සහ වතුකරයේ ජනතාවටත්, මධ්‍යම පාන්තිකයන්ට සහ රජයේ සේවකයන්ටත් දේපල අයිතිය ලබා දීම
5. ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීම
මේ කාර්යය මුදුන්පත් කර ගැනීමේ දී වත්මන් ලෝක ආර්ථිකය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වෙනවා. පහල මධ්‍යම ආදායම් ලබන රාජ්‍යයක තත්වය ලැබීමෙන් පසු සහනදායී මුල්‍ය ප්‍රතිපාදන හිමි නොවන බැවින්, අපට තවදුරටත් අපේ ආදායම ඉක්මවා වැය කිරීමට නොහැකියි.
එසේම අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් හෙවත් අමෙරිකානු මහ බැංකුවේ පොළී අනුපාත ඉහළ යෑමේ ඉඩකඩ සහ චීනයේ ආර්ථික අස්ථාවරත්වය නිසා අනාගතයේ අපට වාසිදායක ගෝලීය මුල්‍ය පරිසරයක් නිර්මාණය වීමේ අවකාශයක් ද නැහැ.
ඉදිරි මාස කීපය තුළ ලෝක ආර්ථිකයේ මන්දගාමී වර්ධන පරිසරය තුළ දේශීය ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය සමබර කර ගත යුතු වෙනවා.
වර්තමානයේ පවතින අනපේක්‍ෂිත අඩු වෘද්ධියේ සහ ගෙවුම් ශේෂ හිඟයේ අසාමාන්‍ය සංකලනය පිළිබඳව අප සැලකිලිමත් විය යුතුයි.
වත්මන් ප්‍රතිපත්ති රාමුව තුළ ඇත්තේ අපනයන අකර්මණ්‍ය කරවන නැwුරුවක්. පනවා ඇති අනුබදු නිසා අප වැටී ඇත්තේ 1970 යුගයේ මෙන් සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් කරා ඇදෙන මාවතකටයි.
ශ්‍රී ලංකාවේ අපනයන වසරින් වසර පහත වැටෙනවා. 2000 වසරේදී අපේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක්. 2014 වන විට 15% දක්වා, ඒ කියන්නේ සියයට පණහකින් පහත වැටී තියෙනවා. අපනයන සංකීර්ණතා සහ අධි තාක්‍ෂණික අපනයන අනුව අප ඉන්නේ ඉතා දුර්වල තත්වයකයි. ලෝක අපනයනය තුළ අපගේ දායකත්වයද පහල වැටී තියෙනවා.
ප්‍රතිපත්ති රාමුවේ ඇති මේ අයහපත් නැwුරුව අප වෙනස් කළ යුතුයි. තරගකාරී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ඔස්සේ අපනයන වර්ධනය විධිමත් කළ යුතුයි.