බැංකොක් යන්න VISA ගන්නේ කොහොමද?

sacred03

Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Easy Visa to Thailand

    Visa ganne echara amaru na ban. Travel Planner kenek through yana eka thamai lesima de.

    Umbata menne mewa oni karanawa.

    1.Employer gen duration ekata leave approve una kiyala letter ekak.
    2. Bank Pass book updated with last balance greater than USD700
    (Rs. 95000).
    3. Recent passport size photos 2k
    4. Confirmed 2 way (arrival to & departure from thailand )ticket ekak.
    5. Valid not expired passport with free visa pages.

    Travel planner visa wede okkoma karala denawa.Umbata thiyenne signature eka gahala form eka dena eka Rs. 4600 kuth ekka.

    Visa eka collect karanneth un embassy eken.Umbata thiyenne ready kiyala call karahama passport eka collect karanne yanne Travel Planner gawata.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතා කරන්න එපා අපේ රටේ විදේශ රාජත්‍රාන්තික බාවය ගැන.. ඩිප්ලොමැට්ස් ලා මැට්ස්ලා විතරයි.. ඩිප්ලො හලලා.. ඔකුන් කරන්නෙම එහෙ ගිහින් කාලා බීලා නටලා ඉන්න එක, ඇම්බැසඩර්ලා අන්තිමයි. ලන්ඩන් ශ්‍රී ලන්කා තානාපති කාරයාලයේ ඉන්නවා ඉන්ගිරීසියෙන් නමක් ලියා ගන්න බැරි උන් ටිකක්.. අපි දැන් උගන්ඩාවටත් පහල යකො.. උබ මේ හතිලව්වේ කතා කරනවා තයිලන්තයක් ගැන.. හිටහන්කො මම් උගන්ඩාව පෙන්නන්න බොට.. අපිට උගන්ඩාවටවත් වීසා දෙන්නෙ නැ බොල ඔන් අරයිවල්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔනා වලත්තයෙකුට ඩොලර් පහලවක් තියනවා නම් මේකට රින්ගලා ඔනා කුපාඩි වැඩක් කලහැකි.. :angry::angry:

    TUHNY4.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇත්ත මචන් නමුත් සින්ගපුරුව ලංකාවේ අයට On arrival VISA දෙනවා. නමුත් ඉන්දියාවට නැහැ.මෙතන මේකයි සිද්ධිය . තායිලන්තේ ගිහින් අපේ අය ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්න හදනවා. නමුත් දැන්නම් ඕස්ට්‍රේලියාවට පයවත් තියන්න ලැබෙන්න නැහැ. කොහොම නමුත් තායිලන්තයට විසා ගන්න අමාරු නැහැ. අවශ්‍ය වන්නේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂයකට අසන්න මුදලක් තිබීම , සහ ඔබ යම් තැනක සේවය කරන්නේ නම් ආයතනයෙන් නිවාඩු අනුමත කරන ලද ලිපිය පමණයි. තවද තායිලන්ත ගුවන් තොටුපොලේදී මුදල් පෙන්නන්න කිඋවොත් මුදල් පෙන්වීමේ හැකියාව තියන්න ඕන. කොහොමත් ඉතින් අතේ සල්ලි නැතිව රට යන්න බැහැ නේ.

    800px-NewThaivisaexemption.png

    මුන් අපේ අසල්වැසි ඉන්දියාවටත් on arrival වීසා දෙනවා. අපි ඉන්දියන් කාරයන්ටත් වඩා පහත්ද ? මුන් අපිව අප්‍රිකානු රටවල් ගානට දාලා තියෙන්නේ. මේකද අපේ තායි ශ්‍රී ලංකා මිත්‍රත්වය ? :angry:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඇත්ත මචන් නමුත් සින්ගපුරුව ලංකාවේ අයට On arrival VISA දෙනවා. නමුත් ඉන්දියාවට නැහැ.මෙතන මේකයි සිද්ධිය . තායිලන්තේ ගිහින් අපේ අය ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්න හදනවා. නමුත් දැන්නම් ඕස්ට්‍රේලියාවට පයවත් තියන්න ලැබෙන්න නැහැ. කොහොම නමුත් තායිලන්තයට විසා ගන්න අමාරු නැහැ. අවශ්‍ය වන්නේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂයකට අසන්න මුදලක් තිබීම , සහ ඔබ යම් තැනක සේවය කරන්නේ නම් ආයතනයෙන් නිවාඩු අනුමත කරන ලද ලිපිය පමණයි. තවද තායිලන්ත ගුවන් තොටුපොලේදී මුදල් පෙන්නන්න කිඋවොත් මුදල් පෙන්වීමේ හැකියාව තියන්න ඕන. කොහොමත් ඉතින් අතේ සල්ලි නැතිව රට යන්න බැහැ නේ.

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මචන්. ඔය Australian සරණාගත ප්‍රශ්නේ ගැන මම දන්නවා. ලංකාවට on arrival වීසා දෙන්නේ මාලදිවයිනයි සිංගපූරුවයි විතරයි. අනිත් හැම රටක්ම අපිට on arrival දෙන්නේ නැහැ, Austalia ප්‍රශ්නේ බලපාන්නේ Australiaව අවට තියෙන රටවල් වලට විතරයි. තායිලන්තෙත් australiaවට කිට්ටු නිසා මේ ප්‍රශ්නේ ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි මට දැන ගන්න ඕනේ මාලදිවයිනයි සිංගපූරුවයි ඇරෙන්න වෙන රටවල් අපේ රටට on arrival වීසා දෙන්නේ නැත්තේ ඇයි කියන එක ? අපිට වඩා පල්ලෙහා මට්ටම් වල තියෙන රටවලුත් අපිට on arrival දෙන්නේ නැති එක තමයි පුදුමේ.

    මෙන්න තව ප්‍රශ්නයක්! europe සහා ආසියානු රටවල්වලින් එන අයට මුන් on arrival වීසා දෙන්නේ නොමිලේ. මම අහන්නේ ඇයි මුන් අපෙන් විතරක් ලොකු ගානක් අය කරන්නේ. වීසා ගානට australia සරණාගත ප්‍රශ්නේ බලපාන්න බැහැනෙ මචන්.
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙතන තියන්නේ ප්‍රතිපත්තිමය තත්වයක් සහ එම රටේ සංචාරය කරන පිරිසගේ ප්‍රමාණය මත යම් රටක මිනිස්සු වැඩිපුර එම රටට යනවනම් on arrival VISA පිලිබඳ සලකා බලනවා.

    උදාහරණයක් ගත්තොත් සිංගපූරුවවට ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර සංචාරය කරනවා. එක නිසා අපිට on arrival VISA දෙනවා. හැබයි එක දෙයක්. දවසක සිංගපූරුවවෙත් තත්වය වෙනස් වෙනවා අපේ අයියලාගේ වැඩ නිසා.

    අපිට වඩා දුප්පත් අප්‍රිකානු රටවලට පවා විසා ගන්න ඕන අයි කියල පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ රටවලට ලංකාවේ මිනිස්සු සංචාරය කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් මෙහිදී on arrival VISA පිළිබද තැකීමක් කරන්නේ නැහැ. හැබයි ඉතින් ලෝකේ ඕන හොරෙකුට Welcome to Sri Lanka තමයි . :lol::lol:

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මචන්. ඔය Australian සරණාගත ප්‍රශ්නේ ගැන මම දන්නවා. ලංකාවට on arrival වීසා දෙන්නේ මාලදිවයිනයි සිංගපූරුවයි විතරයි. අනිත් හැම රටක්ම අපිට on arrival දෙන්නේ නැහැ, Austalia ප්‍රශ්නේ බලපාන්නේ Australiaව අවට තියෙන රටවල් වලට විතරයි. තායිලන්තෙත් australiaවට කිට්ටු නිසා මේ ප්‍රශ්නේ ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි මට දැන ගන්න ඕනේ ඇයි මාලදිවයිනයි සිංගපූරුවයි ඇරෙන්න වෙන රටවල් අපේ රටට on arrival වීසා දෙන්නේ නැත්තේ කියන එක ? අපිට වඩා පල්ලෙහා මට්ටම් වල තියෙන රටවලුත් අපිට on arrival දෙන්නේ නැති එක තමයි පුදුමේ.

    මෙන්න තව ප්‍රශ්නයක්! europe සහා ආසියානු රටවල්වලින් එන අයට මුන් on arrival වීසා දෙන්නේ නොමිලේ. මම අහන්නේ ඇයි මුන් අපෙන් විතරක් ලොකු ගානක් අය කරන්නේ. වීසා ගානට australia සරණාගත ප්‍රශ්නේ බලපාන්න බැහැනෙ මචන්.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මචන්. ඔය Australian සරණාගත ප්‍රශ්නේ ගැන මම දන්නවා. ලංකාවට on arrival වීසා දෙන්නේ මාලදිවයිනයි සිංගපූරුවයි විතරයි. අනිත් හැම රටක්ම අපිට on arrival දෙන්නේ නැහැ, Austalia ප්‍රශ්නේ බලපාන්නේ Australiaව අවට තියෙන රටවල් වලට විතරයි. තායිලන්තෙත් australiaවට කිට්ටු නිසා මේ ප්‍රශ්නේ ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි මට දැන ගන්න ඕනේ මාලදිවයිනයි සිංගපූරුවයි ඇරෙන්න වෙන රටවල් අපේ රටට on arrival වීසා දෙන්නේ නැත්තේ ඇයි කියන එක ? අපිට වඩා පල්ලෙහා මට්ටම් වල තියෙන රටවලුත් අපිට on arrival දෙන්නේ නැති එක තමයි පුදුමේ.

    මෙන්න තව ප්‍රශ්නයක්! europe සහා ආසියානු රටවල්වලින් එන අයට මුන් on arrival වීසා දෙන්නේ නොමිලේ. මම අහන්නේ ඇයි මුන් අපෙන් විතරක් ලොකු ගානක් අය කරන්නේ. වීසා ගානට australia සරණාගත ප්‍රශ්නේ බලපාන්න බැහැනෙ මචන්.

    ape ewun karala thiyana weda wala hetiyata den on arrival denne ne, ape ewun koheda? ethana case ekak. nokam dunnoth ehe gihilla gal wenna yanne, anna eekay lankawata thiyana pili geneema nethi wela thiyenne.australi prashne, aus langa thiyana countries newe, lankawa, iran wage ratawal nisa ethi una ekak, lankawa , iran, afganistan wage countries walin thamay wediyenma boats walin gihilla ahu wela thiyenne.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මෙතන තියන්නේ ප්‍රතිපත්තිමය තත්වයක් සහ එම රටේ සංචාරය කරන පිරිසගේ ප්‍රමාණය මත යම් රටක මිනිස්සු වැඩිපුර එම රටට යනවනම් on arrival VISA පිලිබඳ සලකා බලනවා.

    උදාහරණයක් ගත්තොත් සිංගපූරුවවට ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර සංචාරය කරනවා. එක නිසා අපිට on arrival VISA දෙනවා. හැබයි එක දෙයක්. දවසක සිංගපූරුවවෙත් තත්වය වෙනස් වෙනවා අපේ අයියලාගේ වැඩ නිසා.

    අපිට වඩා දුප්පත් අප්‍රිකානු රටවලට පවා විසා ගන්න ඕන අයි කියල පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ රටවලට ලංකාවේ මිනිස්සු සංචාරය කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් මෙහිදී on arrival VISA පිළිබද තැකීමක් කරන්නේ නැහැ. හැබයි ඉතින් ලෝකේ ඕන හොරෙකුට Welcome to Sri Lanka තමයි . :lol::lol:

    අපේ රටෙන් bangkok යන ප්‍රමාණය අඩුයි කියල කියන්න බැහැ මචන්. අපේ අය වැඩි වැඩියෙන් singapore යන්නේ singaporeවල අපේ අයට on arrival වීසා දෙන නිසා. සංචාරය කරන ප්‍රමාණයට වඩා ඒ රටත් එක්ක තියෙන diplomatic relationship එක ගොඩක් බලපානවා. මොනවා වුනත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා අපේ අය singapore වල දෙන on arrival වීසා එකත් නැති කරගනීවි. :lol:

    Edit

    සංචාරකයෝ ප්‍රමානය අනුව වීසා දෙනවනම් මුලින්ම on arrival visa අපිට දෙන්න ඕනේ ඉන්දියාව. අපේ අය සිංගපුරුවාට යනවට වඩා ඉන්දියාවට යනවා වැඩියි. මෑතකදී අපේ ජනාදිපතිතුමා ගියා බෙලාරස් වලට. දැන් බෙලාරසුයි ලංකාවයි අතර agreement එකක් තියෙනවා. මේ ගිවිසුමට අනුව ලංකාවේ diplomatic passport තියෙන අයට බෙලාරස් රට තුලට on arrival අරන් ඇතුල් වෙන්න පුළුවන්.ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ට වීසා නැතුව එහෙට ගිහිල්ල එහෙ on arrival වීසා ගන්න පුළුවන් කියන එකයි. හැබැයි ලංකාවේ normal passport එක තියෙන අයට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ නැහැ බෙලාරස් වලට අපිට on arrival visa ඕනේ කියලා බෙලාරස් තියෙන්නේ යුරෝපයේ. එහෙට on arrival අරන් දුන්නොත් අපේ අය එහෙට ගිහිල්ලා ඒ රටෙත් අපේ ලංකාවේ නම විකුනම් කයි. මම මේ කතාව කිව්වේ රටක් තුලට යන එන සංචාරකයෝ ප්‍රමාණයෙන් on arrival දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැ කියන්නයි. විදේශ රටවල් අතර හොඳ diplomatic relationship එකක් ගොඩනගා ගැනීම මේකට ගොඩක් වැදගත් වෙනවා.
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ape ewun karala thiyana weda wala hetiyata den on arrival denne ne, ape ewun koheda? ethana case ekak. nokam dunnoth ehe gihilla gal wenna yanne, anna eekay lankawata thiyana pili geneema nethi wela thiyenne.australi prashne, aus langa thiyana countries newe, lankawa, iran wage ratawal nisa ethi una ekak, lankawa , iran, afganistan wage countries walin thamay wediyenma boats walin gihilla ahu wela thiyenne.

    මාත් කියන්නේ හැදුවේ ඕකම තමයි බං.:lol: Australiaවට වැඩි හරියක් බෝට්ටු වල යන්නේ ඉරාන්, ශ්‍රී ලංකා , ඇෆ්ගනිස්ථාන් වැනි රටවල් වලින් තමයි. Australia සරණාගත ප්‍රශ්නය අවට තියෙන රටවල් වලට බලපානවා කියන එකෙන් මම අදහස් කරේ ඉරාන්,ඇෆ්ගනිස්ථාන් වලින් එන සරණාගතයෝ Australia අවට තියෙන රටවල් වලින් Australiaවට transit දානවා කියන එකයි.

    ලංකාවෙන් යන එවුන්ට සරණාගතයෝ කියන්නත් බැහැ. ලංකාවේ අය යන්නේ ආර්ථික වාසි සඳහා. ලක්ෂ ගණන් වියදම් කරලා බෝට්ටු වල යන්න සරණාගතයන්ට කොහෙන්ද සල්ලි ? මුන් තනිකරම බොරුව ගෙනියන්නේ. අපේ රටේ නම විකුනම් කන්නයි මුන් එහෙට යන්නේ. මොනවා වුනත් australiaව human smugglersගේ සෙල්ලම ඉගෙන ගෙනයි තියෙන්නේ. australiyawවෙ අලුත් නීතිය අනුව බෝට්ටු වලින් යන අයට australiaවේ සරණාගත වීසා හම්බවෙන්නේ නැහැ. බෝට්ටු වලින් එන එවුන්ව යවනවා පැපුවා නව ගිණියාවට. :lol:

    350px-Tari_Basin.JPG

    මෙන්න පැපුවා නව ගිණියාවේ පින්තුරයක් :lol:
     
    Last edited:

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ubama thai embasiyata gihilla visa ganna eken uba godak dewal igena ganawa macho, travel agent gen ganna eka lesi unath ubama gihila ganin kiyala tama mama kiyanne, office eka tiyenne , nawaloka hospital eka issaraha tiyana sampath bank eka gawin bere wewa dige paarak tinawa mihidu mawatha kiyala anna eka dige ahagena palayan
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ubama thai embasiyata gihilla visa ganna eken uba godak dewal igena ganawa macho, travel agent gen ganna eka lesi unath ubama gihila ganin kiyala tama mama kiyanne, office eka tiyenne , nawaloka hospital eka issaraha tiyana sampath bank eka gawin bere wewa dige paarak tinawa mihidu mawatha kiyala anna eka dige ahagena palayan

    thai embassy eke nam igena ganna maha deyak ne, form eka online dl karala required documents ekka gihilla denna witharay thiyenne, eeke katta kanawata wada honday travel agent kenek lawwa weda karawa ganna eka. Thai embbasy eke documents bara ganna inne lankawe ewun.eka photo copy ekak hari miss unoth un 7th floor eke indala aapahu pallehata yawanawa. mara rasthiyaduwa, eeta wada honday agent kenek lawwa wede karaganna eka.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මාත් කියන්නේ හැදුවේ ඕකම තමයි බං.:lol: Australiaවට වැඩි හරියක් බෝට්ටු වල යන්නේ ඉරාන්, ශ්‍රී ලංකා , ඇෆ්ගනිස්ථාන් වැනි රටවල් වලින් තමයි. Australia සරණාගත ප්‍රශ්නය අවට තියෙන රටවල් වලට බලපානවා කියන එකෙන් මම අදහස් කරේ ඉරාන්,ඇෆ්ගනිස්ථාන් වලින් එන සරණාගතයෝ Australia අවට තියෙන රටවල් වලින් Australiaවට transit දානවා කියන එකයි.

    ලංකාවෙන් යන එවුන්ට සරණාගතයෝ කියන්නත් බැහැ. ලංකාවේ අය යන්නේ ආර්ථික වාසි සඳහා. ලක්ෂ ගණන් වියදම් කරලා බෝට්ටු වල යන්න සරණාගතයන්ට කොහෙන්ද සල්ලි ? මුන් තනිකරම බොරුව ගෙනියන්නේ. අපේ රටේ නම විකුනම් කන්නයි මුන් එහෙට යන්නේ. මොනවා වුනත් australiaව human smugglersගේ සෙල්ලම ඉගෙන ගෙනයි තියෙන්නේ. australiyawවෙ අලුත් නීතිය අනුව බෝට්ටු වලින් යන අයට australiaවේ සරණාගත වීසා හම්බවෙන්නේ නැහැ. බෝට්ටු වලින් එන එවුන්ව යවනවා පැපුවා නව ගිණියාවට. :lol:

    350px-Tari_Basin.JPG

    මෙන්න පැපුවා නව ගිණියාවේ පින්තුරයක් :lol:

    ඉරාන්, බෙංගාලි, ඇෆ්ගන්, පක්කො ලංකාව හරහා ඔසී යන නිසා ඒ වත් වැටෙන්නේ අපේ අකවුන්ට් එකටයි. ලංකාවට ඕනිම යකෙකුට එන්න දොර ඇරලා නිසා හැම ලොන්ත හුට්ටම ඇවිත් ට්‍රාන්සිට් වෙනවා යකුනෙ සැලකියයුතු පිරිසක් පැලපදියම් වෙනව මෙහෙම

    ලංකාවේ කොහෙද බං සරණාගතයෝ ඉන්නෙ.. ඔය බෝට්ටු වලින් යන උන් හිගන්නෝ නෙවි නේ.

    ඔය බෝට්ටු සීන් එක සල්ලි අරන් ලොකු උන් සෙට් වෙලා කරන ජාවාරමක් කියල ඕනිම එකෙක් දන්නවා. ඕකට දේශපාලුවෝ සහ නේවි එකේ උන් හිටං සප්පොර්ට්.

    අනිවා ඕකෙන් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ නිත්‍යානුකුලව ඉන්න ලංකාවේ අය 2.50 ගානට වැටෙන එක.

    අපේ උන් හිතන් ඉන්නෙ ඔසී සරණාගත පනතේ තියෙන "බෝට්ටු වලින් හෝ වෙනත් ක්‍රම වලින් පැමිණෙන්න අයට" කැල්ල නිසා බෝට්ටුවෙන් ගිහින් එහෙට සේන්දු උනොත් ලයිෆ් එක ගොඩ කියල

    එත් දැන් නම් වෙන්නෙ පැපුව නිව් ගිනීයා වනචාරින් එක්ක ජිවත් වෙන්න.. බුහ හා උන් මිනි මස් හිටං කනවලු ඔයිට හොඳයි දඹානේ වැදී පරපුර සමග ජිවත් වෙන එක. මොනවා උනත් ඒ අපේ උන් නොවැ
     
    • Haha
    Reactions: manjulabw

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ රටෙන් bangkok යන ප්‍රමාණය අඩුයි කියල කියන්න බැහැ මචන්. අපේ අය වැඩි වැඩියෙන් singapore යන්නේ singaporeවල අපේ අයට on arrival වීසා දෙන නිසා. සංචාරය කරන ප්‍රමාණයට වඩා ඒ රටත් එක්ක තියෙන diplomatic relationship එක ගොඩක් බලපානවා. මොනවා වුනත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා අපේ අය singapore වල දෙන on arrival වීසා එකත් නැති කරගනීවි. :lol:
    ඔව් කතාව ඇත්ත, මුස්ලිම් උන් ගොඩක් සින්ගප්පුරුවේ 30days visit visa එකෙන් ජොබ් කරනවා, ඉන්දියන් උන්ගේ රෙස්ටුරන්ට් වල උන්ට ජොබ් දෙනවා.. තාම මේක ලොකුවට ක්ලික් වෙලා නැ ඉමිග්‍රේශන් එකට සින්ගප්පුරුවේ.. මම පලවෙනි පාරට සින්ගප්පුරුව රට ඇතුලට ගියේ ගිය මාසේ, ඒ ගිහින් හිටපු සතියට මට ඔය වගේ උන් තුන් දෙනෙක් මාට්ටු උනා, පව් කියලත් හිතෙනවා, ඒත් ඔකෙන් වෙන්නෙ රට් චාටර් වෙන එක. ලන්කාව චාටර් කරන්නේ මේ වගේ මිනිස්සු තමා, මම ජාතිවාදේට නැ හැබැයි ඇත්ත කියන්න ඔනා, දෙමල මිනිස්සු තමා ඔය ඔස්ට්‍රිලියා බොට්ටුවේ යන වැඩේ කරන්නේ.. සින්හල උන් නම් යන්නෙම නැති තරම්, හැබැයි දෙමල උන් මාට්ටු උන ගමන් කියන්නේ ලන්කාවෙන් ආවේ අපිට එහෙ ඉන්න බැ කියලා, සමහරු කන්න නැ කියලත් කියනවා.. මේ හෙතු නිසා තමා සමස්ත මුලු ලන්කා පාස්පොට් තියන ඔක්කොම විදවන්නේ.. ඉස්සර මම ෆ්‍රාන්ස් ඉදන් ජර්මනියට යනකොට කොච්චියේ ටිකට් එක ගන්න මුකුත් පාස්පොට් එකක් ඔනා නැ.. ඒත් දැන් ආසියාතික උන් දැක්කම පාස්පොට් එක ඉල්ලනවා, හරිම අමුතු විදියට බලන්නේ, ලගදි ගිය අය දන්නවා ඇති, මේකට හෙතුව තමා අපේ අයියලා ඉතාලි පනින කේස් එක.. මේ වගේ දේවල් නිසා තමා අපිට තැනක් නැති වෙලා තියෙන්නෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොරට සින්ගප්පුරුවේ ජොබ් අරන්දෙනවා කියන අයට මම නම් කියන්නේ.. මේවා කරන අයගෙන් මම නම් ඉල්ලන්නේ, එහෙම කරන්න එපා කියලා.. ලබන නොවැම්බරේ ඉදන් ෆ‍්රස්ට් ටයිම් එන්ගලන්තේ යන උන්ට ප්වුන් 3000ක බොන්ඩ් එකක් තියන්න ඔනා. මේ නීති ආවේ අපේ මිනිස්සු මාසහයේ විසා එකට එහෙ ගිහින් නවතින නිසා.. එහෙම උනාම ඇත්තට යන මනුස්සයෙකුටවත් යන්න බැ, මම මේ සැරේ පවුල යැව්වෙත් ඔය නීති ආවට පස්සේ යන්න වෙන එකක් නැ කියලා හිතලා, බොන්ඩ් එක ලොකු ගානක් නෙමේ උනාට නිකන් චාටර්නෙ බන්,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය බෝට්ටු සීන් එක සල්ලි අරන් ලොකු උන් සෙට් වෙලා කරන ජාවාරමක් කියල ඕනිම එකෙක් දන්නවා. ඕකට දේශපාලුවෝ සහ නේවි එකේ උන් හිටං සප්පොර්ට්

    Loku puthage anu denuma matha wede wenawa kiyalay aranchiya. salli deela yanne nethi ewun allanawa, kappam gewala yana ewun yawanawaluu
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ රටෙන් bangkok යන ප්‍රමාණය අඩුයි කියල කියන්න බැහැ මචන්. අපේ අය වැඩි වැඩියෙන් singapore යන්නේ singaporeවල අපේ අයට on arrival වීසා දෙන නිසා. සංචාරය කරන ප්‍රමාණයට වඩා ඒ රටත් එක්ක තියෙන diplomatic relationship එක ගොඩක් බලපානවා. මොනවා වුනත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා අපේ අය singapore වල දෙන on arrival වීසා එකත් නැති කරගනීවි. :lol:

    Edit

    සංචාරකයෝ ප්‍රමානය අනුව වීසා දෙනවනම් මුලින්ම on arrival visa අපිට දෙන්න ඕනේ ඉන්දියාව. අපේ අය සිංගපුරුවාට යනවට වඩා ඉන්දියාවට යනවා වැඩියි. මෑතකදී අපේ ජනාදිපතිතුමා ගියා බෙලාරස් වලට. දැන් බෙලාරසුයි ලංකාවයි අතර agreement එකක් තියෙනවා. මේ ගිවිසුමට අනුව ලංකාවේ diplomatic passport තියෙන අයට බෙලාරස් රට තුලට on arrival අරන් ඇතුල් වෙන්න පුළුවන්.ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ට වීසා නැතුව එහෙට ගිහිල්ල එහෙ on arrival වීසා ගන්න පුළුවන් කියන එකයි. හැබැයි ලංකාවේ normal passport එක තියෙන අයට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ නැහැ බෙලාරස් වලට අපිට on arrival visa ඕනේ කියලා බෙලාරස් තියෙන්නේ යුරෝපයේ. එහෙට on arrival අරන් දුන්නොත් අපේ අය එහෙට ගිහිල්ලා ඒ රටෙත් අපේ ලංකාවේ නම විකුනම් කයි. මම මේ කතාව කිව්වේ රටක් තුලට යන එන සංචාරකයෝ ප්‍රමාණයෙන් on arrival දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැ කියන්නයි. විදේශ රටවල් අතර හොඳ diplomatic relationship එකක් ගොඩනගා ගැනීම මේකට ගොඩක් වැදගත් වෙනවා.
    බෙලරූස් ශෙන්ගන් රටක්. මේ වගේ යුරොපා රටවලට හිතුන හිතුන විදියට විසා දෙන්න බැ.. උදාහරනෙකට රුමේනියාව ගන්නකො.. රුමේනියාව යුරොපා රටක් උනාට ලොකු ආර්තිකයක් තියන රටක් නෙමෙයි, ගොඩක් රුමේනියා උන් ඉතාලියේ තුට්ටු දෙකට රස්සාවල් කරනවා, නිකන් පල්ලි වලින් දෙන කැම කාලා ඉන්නෙ ගොඩක් උන්.. ඒත් උන්ගෙ රටට ලන්කාවේ උන්ට විසා ගන්න අමාරුයි, මොකද උන් ශෙන්ගන් රටක් නිසා යුරොපා බොඩර් කන්ට්‍රොල් ඇග්‍රීමන්ට් එකට යටත් නිසා.. යුරොපයෙන් ටිකක් හරි ලේසියට විසා ගන්න පුලුවන් අයර්ලන්තෙට.. ලන්කාවේ එම්බසියක් නැ, කොන්සියුලර් ඔෆිස් එකක් තියෙන්නෙ. උන් ශෙන්ගන් රටක් නෙමේ නිසා ගොඩක් ඩොකියුමන්ට් ඔනා නැ, දිල්ලියේ තමා විසා ප්‍රොසෙස් කරන්නේ.. පලවෙනි පාරට යුරොපේ යනකෙනෙකුට ට්‍රයි කරන්න පුලුවන් ලේසි රටක්..
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉරාන්, බෙංගාලි, ඇෆ්ගන්, පක්කො ලංකාව හරහා ඔසී යන නිසා ඒ වත් වැටෙන්නේ අපේ අකවුන්ට් එකටයි. ලංකාවට ඕනිම යකෙකුට එන්න දොර ඇරලා නිසා හැම ලොන්ත හුට්ටම ඇවිත් ට්‍රාන්සිට් වෙනවා යකුනෙ සැලකියයුතු පිරිසක් පැලපදියම් වෙනව මෙහෙම

    ලංකාවේ කොහෙද බං සරණාගතයෝ ඉන්නෙ.. ඔය බෝට්ටු වලින් යන උන් හිගන්නෝ නෙවි නේ.

    ඔය බෝට්ටු සීන් එක සල්ලි අරන් ලොකු උන් සෙට් වෙලා කරන ජාවාරමක් කියල ඕනිම එකෙක් දන්නවා. ඕකට දේශපාලුවෝ සහ නේවි එකේ උන් හිටං සප්පොර්ට්.

    අනිවා ඕකෙන් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ නිත්‍යානුකුලව ඉන්න ලංකාවේ අය 2.50 ගානට වැටෙන එක.

    අපේ උන් හිතන් ඉන්නෙ ඔසී සරණාගත පනතේ තියෙන "බෝට්ටු වලින් හෝ වෙනත් ක්‍රම වලින් පැමිණෙන්න අයට" කැල්ල නිසා බෝට්ටුවෙන් ගිහින් එහෙට සේන්දු උනොත් ලයිෆ් එක ගොඩ කියල

    එත් දැන් නම් වෙන්නෙ පැපුව නිව් ගිනීයා වනචාරින් එක්ක ජිවත් වෙන්න.. බුහ හා උන් මිනි මස් හිටං කනවලු ඔයිට හොඳයි දඹානේ වැදී පරපුර සමග ජිවත් වෙන එක. මොනවා උනත් ඒ අපේ උන් නොවැ

    ඇත්ත මචන්! මේකෙන් වෙන්නේ genuine විසිට් යන අයට හොඳ හොඳ රටවල්වලට යන්න බැරි වෙන එකයි [/SIZE]

    ඔව් කතාව ඇත්ත, මුස්ලිම් උන් ගොඩක් සින්ගප්පුරුවේ 30days visit visa එකෙන් ජොබ් කරනවා, ඉන්දියන් උන්ගේ රෙස්ටුරන්ට් වල උන්ට ජොබ් දෙනවා.. තාම මේක ලොකුවට ක්ලික් වෙලා නැ ඉමිග්‍රේශන් එකට සින්ගප්පුරුවේ.. මම පලවෙනි පාරට සින්ගප්පුරුව රට ඇතුලට ගියේ ගිය මාසේ, ඒ ගිහින් හිටපු සතියට මට ඔය වගේ උන් තුන් දෙනෙක් මාට්ටු උනා, පව් කියලත් හිතෙනවා, ඒත් ඔකෙන් වෙන්නෙ රට් චාටර් වෙන එක. ලන්කාව චාටර් කරන්නේ මේ වගේ මිනිස්සු තමා, මම ජාතිවාදේට නැ හැබැයි ඇත්ත කියන්න ඔනා, දෙමල මිනිස්සු තමා ඔය ඔස්ට්‍රිලියා බොට්ටුවේ යන වැඩේ කරන්නේ.. සින්හල උන් නම් යන්නෙම නැති තරම්, හැබැයි දෙමල උන් මාට්ටු උන ගමන් කියන්නේ ලන්කාවෙන් ආවේ අපිට එහෙ ඉන්න බැ කියලා, සමහරු කන්න නැ කියලත් කියනවා.. මේ හෙතු නිසා තමා සමස්ත මුලු ලන්කා පාස්පොට් තියන ඔක්කොම විදවන්නේ.. ඉස්සර මම ෆ්‍රාන්ස් ඉදන් ජර්මනියට යනකොට කොච්චියේ ටිකට් එක ගන්න මුකුත් පාස්පොට් එකක් ඔනා නැ.. ඒත් දැන් ආසියාතික උන් දැක්කම පාස්පොට් එක ඉල්ලනවා, හරිම අමුතු විදියට බලන්නේ, ලගදි ගිය අය දන්නවා ඇති, මේකට හෙතුව තමා අපේ අයියලා ඉතාලි පනින කේස් එක.. මේ වගේ දේවල් නිසා තමා අපිට තැනක් නැති වෙලා තියෙන්නෙ..

    මම මේ එළකිරි එකෙත් දැක්කා සිංගපූරුවට visit ගිහිල්ලා වැඩ කරන්න ලෑස්ති වෙච්ච එවුන්ව. මුන් හිතන් ඉන්නේ විසිට් වීසා කියන්නේ work permit එකක් කියලා. මම ඉගෙන ගත්තේ මැලේසියාවේ! අපේ රටෙන් මැලේසියාවට visit ඇවිල්ලා මැලේසියාවේ අතරමං වෙච්ච ගොඩක් අයව මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා. ඉස්සර අපේ රටේ අයට මැලේසියාවත් on arrival visa දුන්නා. අපේ අයියලමයි ඒක නැති කර ගත්තේ
     
    Last edited: