බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    භික්ෂුන් වහන්සේලාට නිර්මාංශ වෙන්න කියල බුදුරජානන් වහන්සේ විනය නීතියක් පැනෙව්වේ නැත්තේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතික හින්ද. දායකයින් විසින් ප්‍රධානය කරන ධානය කුමක් හෝ වේවා ශරීරයේ පැවැත්ම උදෙසා එම ධානය පිළිගන්න සිද්දවෙන හින්ද. එත් භික්ෂුවකට විමසන්න පුළුවන් මේ මස් කුමන මසක්ද යන්න. බුදුරජානන් වහන්සේ වළඳන්න එපා කියපු මස් හැරුනුකොට අනික් මසක් වලන්දුව කියල එතුමන්ලාට විනය නීතියක් කැඩෙන්නේ නැහැ. එත් ධානයක් වෙනුවෙන් ධානය පිළිගන්වන කෙනා මස් කඩෙන් මිලදී ගන්න වෙලාවට ඒ මාංශය කොයි එකක් උනත් මරුන සතාගේ මරණයට ධායකයෙක් වෙනවාමයි.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මාංශ අනුභවය
    පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි.

    කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

    1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
    2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
    3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.

    (පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.

    කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.

    මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

    ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.

    මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

    උදාහරණයක් ගනිමු.

    1. ඔබ ජීවත් වේ.
    2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
    3. ඔබ පණ පිටින් බව මම දනිමි.
    4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
    5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

    කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.

    නමුත් සත්‍ය කතාව නම්,

    1. මුදලාලි ඔබව මරනවා.
    2. මට මස් කන්න හිතෙනවා.
    3. මම ඔබේ මළකුණ දකිනවා.
    4. මට මස් කන්න හිතෙනවා.
    5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

    ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.

    ඔබේ අල්ලේ වණ තිබේද?
    මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.

    මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.

    තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:

    බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.

    වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."

    http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html

    අනික මචන් මැදුරුව මරණ එකයි මනුෂ්‍යයෙක් මරණ එකයි අතර වෙනසක් තියනවා තමයි. ඒ වෙනස ඇති වෙන්නේ උඹ ඔය හිතාගෙන ඉන්න විදිහ අනුව නෙමෙයි.

    well said ....dethun warak kiyawala therum ganna therenne nathi aya....අජාන් බ්රහ්මවංසො හිමි apita wada godak issarahin inne kiyana ekath mataka tiyaganna....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    "

    මෙක වැරදියි මචන්....
    එහෙනම් උඹෙ උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ.ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ.
    එක නිසා එහෙම වෙන්නෙ නෑ බන්.

    ඊට පස්සේ වෙන එකෙක් ඇවිත් ඒ මරපු කුකුලා අරන් යනවා එතකොට ඌට තමයි පව් සිදුවන්නේ.... :rofl: දැන් හිතමු කුකුල වෙන එකෙක් අරන් ගියේ නෑ මස් කඩ කාරයා කුකුල විසි කරලා දැම්මා කියලා, එතකොට පව තියෙන්නේ මස් කඩ කාරයට විතරයි... ;)

    අකුලස කර්මයන් අපි ඉල්ලගෙන කන්නත් පුලුවන්...
    උදාහරණයක් විදියට හිතමු උඹේ පරම හතුරව දාමරිකයෙක් මරනවා...
    පව සිද්ධවෙන්නේ දාමරිකයා. ඕක දැනගත්තු උඹට හිතුනොත්
    "අනේ හොඳ වැඩේ ඕකට තව විඳවලා මැරෙන්න තිබ්බේ, සාදූ සාදූ මැරිච්ච එකමයි හොඳ" කියලා අන්න එතකොට උඹ එතනදි අකුසල කර්මයක් කරගන්නවා... මේක අරූව මරනවා තරම් අකුසුල කර්මයක් නොවෙන්න පුලුවන් ඒත් මේක අකුසල කර්මයක් කියලා පිලිගන්න වෙනවා...
    ;)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    අර මම දාපු පොත ඉස්සෙල්ල කියවලා හිටපන්කො.
    උඹ කියපු හතුරගෙ උදාහරණය මෙතෙන්ට ගැලපෙන්නෙ නෑ නෙ. උව මැරුව කියල අපි සතුටු වුනා කියමුකො. එතනින් ඇති වෙන්නෙ ප්‍රාණ ඝාත අකුසලය වෙන්න බෑ නෙ. ඇයි අපිට ඌව මරන්න හිතුවෙ වත් නෑ වෙන එකෙක් මරපු එකට සතුටු වුනා විතරයි. එතනින් වෙනත් කර්ම නම් රැස් වෙන්න පුලුවන්.
    එවගෙ අපි කඩේ විකුනන්න ඉන්න වෙන කවුරු හරි මරපු සතෙක් කෑවට උඹ කියන්නෙ ප්‍රාණ ඝාත අකුසලය නැතුව වෙන එකක් රැස් වෙනවා කියල්ද?සතෙක් මරන්න චීතනාවක් වත් නැතුව කොහොමඩ බන් ප්‍රාණ ඝාත අකුසලය සිද්ද වෙන්නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මචන් කඩේ තියන කුකුළා ගෙනල්ල කන එකෙන් ඒ ප්‍රාණඝාත අකුසලයට දායක වෙන්නේ නැහැ කියල හිතන එක තමුන්ගේ හිත තමුන් විසින්ම රවට්ටා ගැනීමක්. තමුන් දන්නවා කඩේ freezer එකට කුකුළා එන්නේ සිය දිවි නසාගෙන නෙවෙයි කියල. ඔන්න කුකුළා කඩේ freezer එක ලඟට ඇවිත් සියදිවි නසාගත්තානම් කන එවුන් ඒ පවට දායක වෙන්නේ නැහැ. මේ මස් කර හැම එකාගෙම හිත දන්නවා අපි කන හින්ද තමයි කියල කඩේ මුදලාලි මස් විකුනන්නේ. මිනිස්සු කන්නේ නැත්තම් මුදලාලිලා විනොදෙට freezer එකකට curent bill එකක් ගෙවන්නේ නැහැ මචන්. මිනිස්සු සල්ලි දීල ගන්නේ නැත්තම් farm කරන එවුන් සත්තු දහස් ගණන් මසට ඇති කරන්නේ නැහැ.
    බුදුරජානන් වහන්සේ හැම දෙයක්ම දේශනා කරේ තුන්කල් බලල. අද වෙනකොට ලෝකේ හැම අස්සක මුල්ලකම මසට මැරෙන සත්තු මැරෙන එක කර්මානුරූපිව සිද්දවෙනවා. ඒ සත්තුත් ඒ මරණයට ඒ විදිහට මුහුණදෙන්නේ කර්මානුරූපිව පව් කරපු නිසා. ඒ කර්මානුරූපිව මරණයට නියමවෙන සත්තුන්ගේ ප්‍රාණඝාත අකුසලයට සම්මාදම් වෙන්නේ නැතුව ඉන්න තරම් නුවන තියන එවුන් අද වෙනකොට මාංශ අනුභවයෙන් වැළකිලා ඉන්නවා. නුවන නැති උදවිය ඒ පවට සහභාගී වෙනවා. ඊට අමතරව බුදු බන බොරු කරලා තවත් පවක් සිද්ද කරගන්නවා.

    කඩේ freezer එකේ ඉන්න කුකුළා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයිති වෙන්නේ නැහැ. මොකද කඩේ freezer එකේ මස් ඉවරවෙනකොට මුදලාලි තව මස් order කරනවා. වර්තමානය වෙනකොට මසට සතුන් මැරීමේ කාර්ම පථයේ මුල් පුරුක මස් මරණ කෙනා. අවසාන පුරුක සල්ලි දීල අරගෙන කන උදවිය. මේ දාමයේ පුරුකක් උන කෙනෙක් කොහොමද මේ පවට අයිති නැහැ කියල තර්ක කරන්නේ???

    වැඩේ කෙලින්ම කියන්නම් මචන් ,උඹ ඔය අනුගාමිකයෙක් වෙලා ඉන්න හාමුදුරුවෝ ගාවින් ඇත්වෙලා නිවැරදි දේ මොකක්ද කියලා බලපන් ,අන්තිමට තමුන්ම නේද රැවටිලා තියෙන්නේ,කොච්චර උදා හරණ ගෙනාවත් ඒ නිසා වැඩක් නෑ

    මම කිසිම අලුත් ධර්මයක් කියලා නෑ ,උඹ නිකන් උදාහරණ ගෙනාවට වැඩක් නෑ මස් කන එක පව්ද නැද්ද කියන විතරක් කෙලින්ම කියපන්,මම කියන්නේ පව් ,ඒවගේම මම මේ කියන්නේ ,අද අපි කඩෙන් මස් ගේන එක ගැන

    ඔබලා කියන විදිහට එළවලු / බත් කෑමත් පාපයක්. මොකද කුඹුරු වලට සහ එළවලු වගකිරිමේදී කෘමිනාශක යොදන බව කවුරුත් හොඳින්ම දන්නවා. ඔවුන් එසේ කෘමිනාශක යොදන්නේ පාරිභෝගිකයින්ට මහාපරිමාණයෙන් එළවලු නිපදවීමේදී කෘමි උවදුරු වලින් වගාව බේරාගත යුතු නිසා. එසේ නම් එළවලු කන අන්තිම පුරුක වන සැවොමත් ඒ ප්‍රාණඝාත අකුසලයට අයත් වෙනවා. ඔබ ඒ පාපයට අයිති නැති බවට තර්ක කරන්නේ කොහොමද? මාංශ ආහාරයට ගන්නා විට සහ එළවලු ආහාරයට ගන්නා විට ඇතිවන සිතිවිලි වල වෙනස්කම් මොනවාද? කර්ම විෂය ග්‍රහණය වන්නේ බුදු කෙනෙකුන්ට පමණක් බව ත්‍රිපිටකයේ පැහැදිලිව තිබියදී සහ මාංශ අනුභවයේ විපාක ගැන ත්‍රිපිටකයේ සඳහන්ව නොතිබියදී, මේ දාමයේ මේ පුරුකට මේ කර්මය අයත් වේ යනුවෙන් කියන ඔබලායි බුදු බන වෙනස් කරන්නේ. මම නොවේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    සහෝදරයා ඔබතුමා නොමග ගිහින් ඉන්නේ දැන්. එළවලු පැලයකින් ආරම්භවෙන ආහාර ධාමයට සෘජුවම කෘමිසතුන් සන්භාන්ධවෙන්නේ නැහැ. කෘමිසතුන් භාහිර සාධකයක් විතරයි. ඒ කෘමිසතුන් මරන්න කෘමිනාශක යොදන එක බලවත් පාප කර්මයක්. එත් ඒක අයිතිවෙන්නේ කෘමිනාශක යොදන්න සම්භාන්ධවෙන උදවියට මිසක් කන අපිට නෙවෙයි. මොකද එළවලු පරිභෝජනය කරන කිසිම කෙනෙකුගේ හිතේ කිසිම උවමනාවක් නැහැ කෘමිනාශක යොදල සත්තු මරල එළවලු කන්න දෙන්න කියල. මොකද අපි කන්නේ එළවලු මිසක් ඒ මැරෙන සත්තුන්ගේ මස් නෙවෙයි. ඒ හින්ද ප්‍රාණඝාතයට කොහෙන්වත් සම්භන්ධ වෙන්නේ නැහැ. එත් මසට මරපු කුකුලෙකුගේ මස් කන එක ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    කෙස් පැලෙන තර්ක එපා.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරලා මෛත්‍රිය වන්න කියල අවවාධ කරපු ඒ උතුම් බුදුරජානන් වහන්සේගේ දහම පිළිපදින ගමන් සතෙකුගේ වේදනාත්මක මරණයෙන් රස නහර පිනවන්න පුලුවනිද???

    සහෝදරයා මම ආරම්භයේදීම කිව්වා මේ ගැන කතා කිරීමෙන් පලක් නැහැ තම තම නැණ පමණින් තමයි මේ දේ අවබෝධ කරගත යුත්තේ කියල. නමුත් ඔබේ කෙස් පැලෙන තර්කය වෙනුවෙනුයි මගේ තර්කය. ඒ නිසා කෙස් පැලෙන තර්ක එපා කියන්න එපා. මෙතන ආහාර දාමයේ වත් පරිභෝජනය කරන්නේ මොනවාද යන්නෙහිවත් නෙමෙයි පොයින්ට් එක තිබෙන්නේ. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සම්භන්දයයි වැදගත්. මොකද ඔබ ආහාර ගන්න වෙලාවේ වෙන් වෙන් වශයෙන් ගෝවා කනකොට පින් සිතිවිල්ලක් මාළු කෑල්ල කනකොට පව් සිතිවිල්ලක් ඇතිවෙන්නේ නැහැ. ඔබ කියනවා කෘමිනාශක යොදන අයටයි පාපය පරිභෝජකයාට නොවෙයි කියා. නමුත් කලින් ඔබේ තර්කය අනුව පරිභෝජකයාගේ ඉල්ලුම අනුව සැපයුම දීමට සිදුවීම නිසායි ඔවුන්ට කෘමිනාශක භාවිතා කිරීමට සිදුවී තිබෙන්නේ. ඔබ කලින් තර්ක කලේ මාංශය ගැන නෙමෙයි, පාරිභෝගිකයින් වෙනුවෙනුයි නිෂ්පාදනය කරන්නේ, එම නිසා පාරිභෝගිකයා නිෂ්පාදකයා කරන පාපයෙහි කොටස්කරුවෙකි කියන තර්කයයි ඔබ ඉදිරිපත් කලේ. ඒ අනුව මාංශ නිෂ්පාදන කෑමෙදි එම නිෂ්පාදනය සිදුකරන විට සිදුවන පව් වලින් කොටසක් පාරිභෝගිකයා සතු වේ නම් එළවලු නිෂ්පාදනය ගැනීමේදීත් එම නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන පව් වලින් කොටසක් පාරිභෝගිකයා සතුයි. මොකද නිෂ්පාදනය කරන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් නිසා.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ යාළුවා ඔයාගෙන් මම අහන්නේ එක ප්‍රශ්නයයි ,අන් සතෙකුගේ මස් කෑම පව්ද නැද්ද ?

    බුදු රජාණන්වහන්සේ දේශනා කළ අවින්සාවාදය ,මෛය්ත්රිය, කරුණාව බඩේ මස් දාගෙන කරන්න පුළුවන් ද

    ඔහේ වගේ අයට තමා අර කියමනක් තියෙන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා

    මම කලින් කිව්වා වගේ කොච්චර උදාහරණ තර්ක ගෙනාවත් වැඩක් නෑ ,බුදු දහම අතක්කාවචරයි ,බුදු බණ වෙනස්
    කරන්න ඔබට බෑ ,මස් කඩේ තියෙන මස් කෑවොත් ප්‍රාණ ගාත අකුසලයට සම්බන්ද වෙනවා එකේ දෙකක් නෑ

    මම කිව්වේ ඒකයි මුස්ලිම් එවුන් හලාල් කියලා සත්තු මරලා කනවා වගේ වැඩක් මේක
     
    ආයේ මොන්ටිසෝරි යන්න වෙයි ඔයාට. මම කලිනුත් කිව්ව නේද ඔයාට සිංහල තේරුම් ගැනීම පිලිබඳ ගැටළුවක් තියනවා කියල. මොකද ඔය ප්‍රශ්නයට මම කලිනුත් උත්තර දුන්න. මම කිව්වා ඔය ප්‍රශ්නෙට උත්තර දෙකක් තියනවා. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයිති නම් පව් නෑ. එසේ නොවේ නම් පව් කියල. එහෙනම් එළවලු සහ බත් කනතුරාවට ඔබටත් අවිහිංසාව මෛත්‍රිය වගේ දේවල් ගැන කතා කරන්න බැහැ. මමත් කියන්නේ ඔබටත් බුදු බන වෙනස් කරන්න බැහැ. නිර්මාංශික උනා කියල ඔයා පොරක් වෙන්නෙත් නැහැ. මොකද බුදුන්ගේ කාලෙත් හිටිය ඔයා වගේ අය.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ යාළුවා ඔයාගෙන් මම අහන්නේ එක ප්‍රශ්නයයි ,අන් සතෙකුගේ මස් කෑම පව්ද නැද්ද ?

    බුදු රජාණන්වහන්සේ දේශනා කළ අවින්සාවාදය ,මෛය්ත්රිය, කරුණාව බඩේ මස් දාගෙන කරන්න පුළුවන් ද

    ඔහේ වගේ අයට තමා අර කියමනක් තියෙන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා

    මම කලින් කිව්වා වගේ කොච්චර උදාහරණ තර්ක ගෙනාවත් වැඩක් නෑ ,බුදු දහම අතක්කාවචරයි ,බුදු බණ වෙනස්
    කරන්න ඔබට බෑ ,මස් කඩේ තියෙන මස් කෑවොත් ප්‍රාණ ගාත අකුසලයට සම්බන්ද වෙනවා එකේ දෙකක් නෑ

    මම කිව්වේ ඒකයි මුස්ලිම් එවුන් හලාල් කියලා සත්තු මරලා කනවා වගේ වැඩක් මේක
    උඹට තෙරෙන විදිහට හිතා ගත්තට කමක් නෑ. හැබැයි නිර්මානස වීමමයි සිලය, එයමයි දර්මය කියල පච ඇදබාන්න එපා.
    උඹ කියන හරුපෙ පිටින් බැලුවම හරි වගේ පෙනුනට ඇතුලින් තියෙන්නෙ එදා දෙවදත්ත කල දේමයි.සතෙක් මැරීමට චෙතනාවක් නැතුව ප්‍රානඝාතය සිද්ද වෙන්නෙ නෑ කියල ආයේ කියන්න විම කනගාටුවක්. උඹලා කියන තර්කය අනුව මස් කෑවම ප්‍රාණ ඝාත අකුසලය වෙනවනම් එලවලු වලිනුත් ඒ දේම වෙන්න ඔනේ. උම්බලගෙ අවිහින්සා වාදය හරියට නිඝන්ඨ නාතපුත්තගෙ වගේ අන්තාගමි මුලාවක්. මෙවනි මිත්යාදුශ්ටික අන්තයන් අල්ල ගත්තම නිවරදි දී පෙන්නෙ නෑ.

    තව තියෙනවා බුදු හාමුදුරුවන් විසින් ප්‍රතික්ශෙප කොට නොවැලදිය යුතුයි කියල පනවපු මාන්ශ වර්ග 10ක්. එහෙම විශෙශයෙන් 10 ක් පනවන්නෙ නෑ නෙ සියල්ලම තහනම් කරල තියෙනවනම්. නිකම් බොරු ඇද බාලා බමුනු මත වපුරන්නෙ නැතුව හිටපන්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මස් වැද්දන්ට උත්තර දීල වැඩක් නෑ ,උඹලා මස් කෑම පව් නෑ කියලා හිතා ගනිල්ල ,උඹලා කරන පව් මම ගෙනි යන්නේ නෑනේ ,හැබැයි පරිශුධ්ධ සීලයයි කඩේ මසුයි පටලවාගෙන ඉන්න එක නම් සැහෙන වැරද්දක්

    හැබැයි එක දෙයක් මතක තියා ගනිල්ලා බුදු දහමේ මාංශ අනුභවය අනුමත කරලා නෑ කියන එක
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හැබැයි පරිශුධ්ධ සීලයයි කඩේ මසුයි පටලවාගෙන ඉන්න එක නම් සැහෙන වැරද්දක්
    :yes::yes::yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඒ වගේම සත්ව මාංශ අනුභව කිරීම අනුමත කරා නම් පර පණ නැසීමෙන් වලකිමි කියලා සිල් පදයක් අවශ්‍ය නැනේ

    ඇත්තටම ඔයාට ගැලපෙන්නෙ බුදුදහමේ තියෙන සාරය නෙවෙයි. අර පරිදියේ තියෙන වැදගත්කමින් අඩු දේවල්. බුදුදහම අන්තවාදයට ගෙනියන්න එපා. බුදු දහමේ තියෙන සාරය පව් පින් නෙවෙයි. සීලය නෙවෙයි. හරියට අනාත්ම කියන එක අවබෝධ වුනා නම් ගේම් එක ඉවරයි. බුදු හාමුදුරුවෝ දේශනා කලා මගේ දහම පහුරක්, ඒක කරතියාගෙන යන්න එපා, වෙලාව ආවම අතහරින්න කියලා.
    ඔබ වගේ අය මම දැකල තියෙනවා. මස් මාලු නොකන හුඟක් අය ඒ පිලිබඳ මානයක් ඇතිකර ගන්නවා. "මම හරි සිල්වත්, මමයි හොඳටම සිල්වත්" කියලා. බුදුහාමුදුරුවෝ මේ වගේ අය ගැනත් දේශනා කලා- මේ ලෙඩේට් කිව්වේ සීලබ්බත පරාමාස කියලා. කරුණාකර ලෙඩේ හොඳකරගන්න. මැද පිලිවෙතට එන්න. පටිච්ච සමුප්පාදය, විදර්ශනාව වගේ බුදුදහමේ සාරය දකින්න.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මස් මාළු කෑවේ නෑ කියලා කෙනෙක් සිල්වත් වෙන්නේ නෑ ,පටි ඉච්ච සං උප්පන්න ධර්මය සැහෙන්න වැදගත්

    මම මේ thread එක දැම්මේ අන්‍ය ආගමිකයන්, අපේ සමහර හාමුදුරුවරු දාලා තියෙන web site වලින් කෑලි උපුටා දක්වලා තියෙනවා ,ඒවා නිවැරදි කරගන්න ,ඒවගේම පුළුවන් නම් පෙන්නන්න මස් කෑම පව් නෑ කියලා දේශනා කරලා තියෙන තැනක් ,
     
    මෙතනම ලොකු පරස්පරයක් තියෙනවා වගේ.

    පුලුවන් නම් මට පෙන්නන්න නෙලුම් අල කන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?:lol:

    පුලුවන් නම් මට පෙන්නන්න තල තෙල් කන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?:lol:

    පුලුවන් නම් මට පෙන්නන්න කෝකා කෝලා බොන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?:lol:

    පුලුවන් නම් මට පෙන්නන්න තේක්ක ඇඳක නිදාගන්න එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?:lol:

    පුලුවන් නම් මට පෙන්නන්න ඩිජිටල් කැමරා භාවිතය පව් නෑ කියල දේශනා කරපු තැනක්?:lol:
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹලා වගේ එවුන්ට නම් ධර්මය තේරුම් ගන්න කවදාකවත් බැරි වේවි ,පුළුවන් නම් දන්නා කෙනෙක්ගෙන් අහගෙන මේ ප්‍රශ්න ටික හේතු පල සංසිද්දියට ගලපා බලන්න ,යථාර්තය වැටහේ

    එහෙම එකිනෙක දේශනා කරන්නේ නැතුව ඒවගේ වටිනා දෙයක් දේශනා කරේ ඒකයි
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මස් මාළු කෑවේ නෑ කියලා කෙනෙක් සිල්වත් වෙන්නේ නෑ ,පටි ඉච්ච සං උප්පන්න ධර්මය සැහෙන්න වැදගත්

    මම මේ thread එක දැම්මේ අන්‍ය ආගමිකයන්, අපේ සමහර හාමුදුරුවරු දාලා තියෙන web site වලින් කෑලි උපුටා දක්වලා තියෙනවා ,ඒවා නිවැරදි කරගන්න ,ඒවගේම පුළුවන් නම් පෙන්නන්න මස් කෑම පව් නෑ කියලා දේශනා කරලා තියෙන තැනක් ,

    ඇයි මචං අවුල්ද? :lol:

    උඹ අහපු ප්‍රස්නේම මම ටිකක් වැඩි දියුණු කලා.
    හැබැයි අවුල් නේද ?

    පුලුවන් නම් මට පෙන්නන්න නෙලුම් අල කන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

    පුලුවන් නම් මට පෙන්නන්න තල තෙල් කන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

    පුලුවන් නම් මට පෙන්නන්න කෝකා කෝලා බොන එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

    පුලුවන් නම් මට පෙන්නන්න තේක්ක ඇඳක නිදාගන්න එක පව් නෑ කියල දේශනා කරපු තැනක්?

    පුලුවන් නම් මට පෙන්නන්න ඩිජිටල් කැමරා භාවිතය පව් නෑ කියල දේශනා කරපු තැනක්?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ ප්‍රශ්න ටික හේතු පල සංසිද්දියට ගලපා බලන්න ,යථාර්තය වැටහේ