භික්ෂුන් වහන්සේලාට නිර්මාංශ වෙන්න කියල බුදුරජානන් වහන්සේ විනය නීතියක් පැනෙව්වේ නැත්තේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතික හින්ද. දායකයින් විසින් ප්රධානය කරන ධානය කුමක් හෝ වේවා ශරීරයේ පැවැත්ම උදෙසා එම ධානය පිළිගන්න සිද්දවෙන හින්ද. එත් භික්ෂුවකට විමසන්න පුළුවන් මේ මස් කුමන මසක්ද යන්න. බුදුරජානන් වහන්සේ වළඳන්න එපා කියපු මස් හැරුනුකොට අනික් මසක් වලන්දුව කියල එතුමන්ලාට විනය නීතියක් කැඩෙන්නේ නැහැ. එත් ධානයක් වෙනුවෙන් ධානය පිළිගන්වන කෙනා මස් කඩෙන් මිලදී ගන්න වෙලාවට ඒ මාංශය කොයි එකක් උනත් මරුන සතාගේ මරණයට ධායකයෙක් වෙනවාමයි.


