බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .

    බොදුබල සේනා , හලාල්,රට ජාතිය සහ බුදු දහම .

    මීට වසර දෙදහස් පන්සීය පනහකට ඈත අතීතයේ සිද්ධාර්ථ ගෞතමයාණන් සම්බුද්ධත්වයට පත්වීම හේතුවෙන් වර්තමානයේ අපගේ වාසනාවට බුද්ධ ශ්‍රාවයන් තවමත් ජීවමානව වැඩවාසය කරන්නේය. ඒ බුදුන් දෙසූ සුවාසුදහසක් දහම් පෘතග්ජන අප වෙත පතුරවා අසරණ නරපනුවන් නිර්වාණයට යොමුකිරීමට හා එතුමන් වහන්සේලාත් නිර්වාණයට ප්‍රවිෂ්ටවීමටය. ගරුතර සංඝරත්නය වෙත බුදුරජානන් වහන්සේ විසින් පැවරු පළමු රාජකාරිය එයයි. ඒ අප වැනි අසරණයන් මේ කුණු සංසාරයෙන් අත්මුදවාලීමටය. ඒ අප බුදුරජානන් වහන්සේ අප වෙත පෑ කරුණාවය , දයාවය . බුදුරජානන් වහන්සේ සිය ශ්‍රාවයන් වෙත දේශනාකොට වදාළේ පෘතග්ජන මිනිසුන්ගේ හිතසුව පිණිස ශ්‍රී සද්ධර්මය පතුරුවා මිනිසුන් සතර අපායෙන් මුදවා නිර්වාණයට යොමුකරන ලෙසටය . ඊට අමතරව සිය ශ්‍රාවක සංඝරත්නය හට බුදුන් වහන්සේ විනය නීති දේශනාකොට වදාළ අතර එම විනය පිළිපදින ලෙසද දේශනාකොට වදාළ සේක.
    මේ ලොව පවතින සියලුම දෑ අනිත්‍ය වශයෙන් දේශනා කරන ලද බුදුන් වහන්සේ තමුන් වහන්සේගේ ධර්මයටද එම අනිත්‍ය සත්‍යය පොදු බැවින් ගෞතම බුද්ධ ශාසනයේ පැවැත්ම වසර 5550 ක් වශයෙන් දේශනාකොට වදාළේය. ඒ බුද්ධ වචනයය. බුද්ධ වචනය කෙදිනක හෝ වෙනස් නොවන අතර ඒ වදාළ දෑ එසේම සිදුවන්නේය. බුදුවරුන් තුන්කල් බලා අනාගතයේ සිදුවන්නාවූ යමක් දේශනාකොට ඇතිද එය එසේමය. එය වෙනස් කිරීමට මෙලොව කිසිම ජගතෙකුට නොහැකිවන්නේය. ඒ වසර 5550 අවසන් වන දින දක්වා බුදු දහම මෙලොව පවතින්නේය. කව්රු කෙසේ කුමන අයුරකින් දඟ දැම්මද අදින් වසර 2500 ක් ඉක්මවනතුරු සම්බුද්ධ ශාසනය මෙලොවින් අතුරුදන් කිරීමට මෙලිව කිසිම ජගතෙකුට හැකි නොවන්නේය. ඒ බුද්ධ සත්‍යයය. ඒ බුද්ධ වචනයය. බුද්ධ ශාසනය විනාසකොට අතුරුදන් කරනුයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින්ම බව බුදුන් වහන්සේ දේශනාකොට වදාළේ අනාගතය දිවසින් විමසා බලාය . ඒ බුදුන් විසින් දේශනාකොට වදාළ දේ අපගේ අවාසනාවට අපගේ ඇස ඉදිරිපිටම සිදුවෙන්නට පටන්ගෙන ඇත. එනම් විනය ගරුක වීමට , පිණ්ඩපාතික වීමට , නිර්වාන අරමුණු වීමට , සකල සත්වයාට මෛත්‍රිය කරුණාව පැතිරවීමට , ශ්‍රී සද්ධර්මය මිනිසුන්වෙත පැතිරවීමට , මිනිසුන් සතර අපායෙන් මුදවා නිවන් යැවීමට සැරියුත් මුගලන් මහරහත් දෙනමගෙන් පැවත එන්නාවූ සම්බුද්ද ශාසනයේ පැවිදිව චීවර දරන භික්ෂුන් අධර්මය පතුරුවමින් වෙනයම් අරමුණු කෙරෙහි ඇලීමෙන් තම දායකයින් සමගම වල්මත්වීමයි. නිර්වාන අරමුණෙන් දුරස් වීමයි.

    අපව සසරින් මුදවන්නට සියලු බැඳීම් හා අසාවන්ගෙන් දුරස්ව සසුන්ගතවූ භික්ෂුන් වහන්සේලාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ මේ භයන්කාර සසරින් එතෙර වීමයමය. අසරණ අපවද මේ කුණු සංසාරයෙන් අතෙර කරවීමය. එහෙත් කොහේදෝ කරුමයකට වර්තමානයේ නියම සැදැහැවත් බෞද්ධයාට සිදුවී ඇත්තේ පළමුව භික්ෂුන් වහන්සේලා සසරින් එතෙර කරවීමටය. ඒ මන්දයත් සමහරක් චීවරධාරීන් රාජ්‍ය පාලනයට හොට පෙවීමය. සමහරක් චීවරධාරීන් සිවිල් සමාජයට ප්‍රවිශ්ටව වෛරය වපුරා මිනිසුන් ධර්මයෙන් ඉවතට යැවීමය. මේ සිදුවන්නාවූ ව්‍යසනයෙන් අපට ප්‍රධාන අවාසි දෙකක් සිදුවන්නේය. පලමුවන්නනම් අපට නියම ධර්මය උගන්වා අපව නිර්වාන මාර්ගයට ගන්නට කෙනෙකු නොමැති වීමයි. අනෙකනම් බෞද්ධයා යනු කා කොටා ගැනීමට කැමති හින්සාවාදින් පිරිසක් ලෙස ලොව පුරා හංවඩු ගැසීමයි. එනම් අවිහින්සාවාදයේ පියා වූ බුදුරජානන් වහන්සේගේ මගට ප්‍රවිෂ්ටවූ ගරුතර සංඝරත්නය ප්‍රමුක බෞද්ධ ජනතාව හින්සාවාදින් බවට පරිවර්තනය වීමයි. තවද එක
    හරකෙකු වැට කැඩූ කල හරක් රන්චුවටම තලන්නාක් මෙන් මුළුමහත් භික්ෂු පරපුරටම මෙයින් සිදුවන අවමානය සුළුපටු නොවන්නේය.

    වර්තමානයේ රටේ නිර්මාණය වී ඇති හලාල් විරෝධී රැල්ලට මුලික වුයේ බොදුබලසේනා සංවිධානය බව රටේ කව්රුත් නොදන්නවා විය නොහැක. එහෙත් බෞද්ධයාගේ අවාසනාවට බොදුබල සේනාව මෙහෙයවන්නේ චීවරධාරී භික්ෂුන්ය. මේ බල සේනාව මෙහෙයවන්නන් චීවර ධාරීන් නොවුනානම් මෙම සංවිධානයේ නම "බොදු බල" නොවුනානම් මේ සංවිධානයේ ක්‍රියාව රට ජාතිය වෙනුවෙන් සිදුවිය යුත්තක් වන්නේය. එහෙත් වරදනම් මෙයට මැදිහත්වූ චීවරයම වන්නේය. වරදනම් චීවර ධාරීන්ට තම මග වරදීමය. වරදනම් සකල සත්වයා නිර්වාණයට පැමිණවීමට සත්‍යය ලොවට පැහැදු බුදුරජුන්ගේ නම මෙයට ඇඳා ගැනීමය. වරදනම් තවත් මිත්‍යා දුෂ්ටික ජන කොට්ඨාශයක් මර්දනය කිරීමට චීවරය මැදිහත් කරවීමය. ප්‍රශ්නයනම් මේ ප්‍රයත්න දරන්නේ බුදුදහම ආරක්ෂා කරගැනීමටද විනාශ කිරීමටද යන්නය. පළමුව කීවාක් මෙන් දෙවනුවත් කියමි, බුදුදහමනම් තවත් වසර 2500 ක් පවතින්නේමය. බුදුදහම අතුරුදන් කිරීමට මිත්‍යා දුෂ්ටිකයින්ට හැකිවන්නේ තවත් වසර 2500 කින් පසුවය. වියයුත්තේනම් වාසනාවට ලැබූ චීවරයෙන් මිනිසුන් අතරට ගොස් මිනිසුන් නිර්වාණයට පැමිණවීමය. එක්කෝ චීවරයෙන් ඉවත්ව මිත්‍යා දුෂ්ටිකයින් සමග යුද්දයට යාමය. වියයුත්තේනම් බුදුදහම මෙවන් කොලහලකාරී දහමක්ය යන්න වැරදි අර්ථකතනයක් ලොවට මවා පෙන්වීමෙන් වැළකීමය. විය යුත්තේනම් බුදු හිමියන් අංගුලිමාල දමනය කලාක් මෙන් මෛත්‍රිය පතුරුවා මිනිසුන් යහපත් කරවීමය.

    හලාල් අවශ්‍ය පිරිසට වියයුතු අනෙක් කරුණනම් රටක පවතින සංස්කෘතියට නීතියට සධාචාරයට අනුකුඋලව ජීවත්විය නොහැකි ජන කොට්ඨාශයක් වෙත්නම් එම ජනතාව තමුන්ට තමුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිසර වටපිටාවක් සංස්කෘතියක් ඇති රටකට සංක්‍රමණය වීමය. විය යුත්තේනම් තමුන් ජීවත්වන රටේ තම කණ්ඩායමට අවශ්‍ය ආකාරයේ ආහාර නිෂ්පාදන පොදු වෙළඳපොලෙන් බලාපොරොත්තු නොවී තම තමුන්ගේ අවශ්‍යතාවයට අනුව තම තමුන් විසින් ආහාර නිෂ්පාදනය කරගැනීමය. රටේ සියලු මහජනතාව භාවිතා කරන පොදු වෙළඳපොල තමුන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය අයුරින් තනාගැනීමට උත්සහ කිරීම නින්දිත් වන්නේය.

    ඈත ඉතිහාසයේ පටන්ම ආක්‍රමණ වලින් ගහන වූ ශ්‍රී ලංකාව රටක් වශයේද සිංහල ජාතිය ජාතියක් වශයෙන්ද බේරාගැනීමේ වගකීම ඇත්තේ රට කරවන උදවිය ප්‍රමුක රටවැසියාටය . එය රටවැසියාගේ වගකීමය . යුතුකමය. රට බේරාගැනීමට යයි පවසා නැති ප්‍රශ්න ඇති කර ජාති වශයෙන් මිනිසු එකිනෙකාට වෛර කරන තත්වයට ඇද දැමීම බලවත් වරදක්ය. කොතැනක හෝ වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කරවීමට ඇති අවසන් මාර්ගය පළමු මාර්ගය ලෙස වරදවා වටගෙන මිනිසුන් එකිනෙකා කා කොටාගන්නා තැනට පත් කිරීම වරදක්ය. එහෙයින් සිදුව ඇති වරද නීතිමය වශයෙන් විසඳීමය මගක් පැදීම
    පාලකයින්ගේ වගකීමක් වශයෙන් කල යුත්තක්ම වන්නේය. අවසාන වශයෙන් මාගේ අවංක ප්‍රාර්ථනය නම් චීවරධාරීන් නිර්වාන අරමුණු කෙරෙත්වා, මිනිසෙකු මිනිසෙකුට එරෙහිව අවි නොගත්වා, ඉදිරි වසර 2500 ඉක්මයාමට ප්‍රථම සියලු ලෝක සත්වයා බුදු දහමින් සරණක් ලබා නිර්වාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙත්වා, සියල්ලෝම අප්‍රමාද වෙත්වා යන්නය.

    මීට එළකිරියේ polwattacom

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    bbs වල අඩු පාඩු තියෙනවා තම්යි මචන් නමුත් පැවතුන හො පවතින රජයවල් වලින් සදාරණයක් නොවුන නිසා තම්යි මෙ සංවිදානය ඇති වෙන්නෙ අනික අපිට වෙන අසාදාරණ වලට සාමය ගැන හො කරුනාව ගැන හො සහජිවනය ගැන හො කතා කරන කවුරුත් වචනයක් කියලා නැහැ විරුද්ද වෙලා නැහැ අපි ඉවසිම කියන දෙ කරන්න පුලුවන් තරම් කරා අපි බුදුන්ගෙ මග යන නිසා අපි මෙච්චර කල්වත් ඉවසුවෙ වෙන ආග්මක පුජනිය බිමකට මොකක් හො උනොත් ලොකෙම එ ගැන කතා කරනවා ක්‍රියා කරනවා නමුත් අපෙ දෙවල් ප්‍රසිද්දියෙ කොල්ල කනවා විනාශ කරනවා එවා ගැන මොකෙක්වත් කතා කරන්නෙ නැහැ අන්න එ අඩුව මකන්න තමයි මෙවෙනි සංවිදානයක් බිහි වෙන්නෙ ඉතින් මෙ සංවිදානය අතින් අඩු පාඩු වෙන්න පුලුවන් නමුත් රටෙ අපෙ ජාතියෙ පැවත්මට වෙන දෙවල් එක්ක බැලුවාම මෙ සංවිදානය කරන්නෙ ජාතික මෙහෙවරක් බුදු සසුන රකිනවා කියන ලංකාවෙ ආන්ඩුවෙන් වෙන්නෙ නැති දෙ මෙ සංවිදානයෙන් අපිට වෙනවා එකයි දිනෙන් දිනම මෙ වටා ජනතාව එක් වෙන්නෙ :yes:

    අපි කරන්න ඔන එක පහත් කරලා කතා කරන එක නෙමෙ එක හරි මාර්ගයට ගන්න වැඩ කරන එක :cool:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mekai polwattha....
    methana dan prashne tiyenne oke nama bodu bala hindada?
    kawrda karanne kiyana ekada?
    kawru karath nama mokak unath wedak nene...wenne hari de nam.
    ehema me hamuduru kenek kiwwai kiyala minissu e sema dema pili padinne ne sahodaraya.
    hari de pawathmak tiyenawa anna ekai wenasa...
    koi tharam nam sena hitiyada me wenakam eth wedak ne,
    positive hithanna balanna ..

    lokuwata budu dahama araksha karanawa nathnam me dewal ara dewal budu dahamata anuwa sudusu ne kiyanna ,hithanna issella...

    trasthawadaya,lama apachara,mini mareem,sthree dushana niwaradiy kiyana minis wesin inna tirisannu gena wachanayak kiyanna...okata agam,kula mala ona ne.occhara lokuwata hithannath epa.samanya manussayek widiyata hithanna!
     
    උඹ ලියපු එක කරුණකට හැරෙන්න අනික් ඒවාට මම එකඟයි සහෝදරයා. එත් බොදු බල සේනාවට මේ යන පාරේ ගිහින් කවදාවත් බැහැ බුදු සසුන රකින්න . මේ ඉන්න චීවරධාරීන් සියලුම දෙනා බුදුන් දේශනා කරපු මාර්ගයෙන් ඉවතට යන උදවිය. ඉතින් ඒ ටිකම ඇති තව දශමෙකින් හරි බුද්ධ ශාසනය පරිහානියට යන්න. බුදුන්ගේ කාලෙත් මිත්‍යා දුෂ්ටිකයින් ජීවත් උනා. එත් බුදු රජාණන් වහන්සේ ඒ මිතාදුෂ්ටිකයින්ගේ හිංසාවාදී ක්‍රියාකාරකම් නවත්වන්න උත්සහ කරේ නැහැ. බුදුරජානන් වහන්සේ කරේ එතුමන් වහන්සේ වෙත් එන පුද්ගලයන් නිර්වාණයට යොමු කිරීම විතරයි. එහෙම බැලුවාම ඒ ශාස්තෘවරයාණන් වහන්සේගේ පාරේ යන්න පැවිදි වෙච්ච උදවිය මේ කරන දේ වැරදියි. එයාල කරන්න ඕන පන්සල් වටා බෞද්ධ ජනතාව ඒකරාශී කරගෙන ඒ අසරණ මිනිස්සු තව දශමෙකින් හරි නිර්වාණයට යොමු කිරීම නේද. මේකෙන් පිරිහෙන්නේ අපේ දහමම තමයි මචන්.

    මේ සේනාව හරි මාර්ගයට ගත යුතුයි තමයි. එත් මේකේ නමෙන් "බොදු " කියන අකුරු දෙක ඉවත්විය යුතුයි. ඒ අකුරු දෙක හරි කියල අනුමත කරනවානම් හෙට දවසේ " බොදු " කියන අකුරු දෙක ඉස්සරහට දාල බාර් එකක් අලුතෙන් දැම්මත් , "බොදු " අකුරු දෙක දාල මස් කඩයක් ඇරියත් වරදක් වෙන එකක් නැහැ.

    පළමු කාරනාව සහෝදරයා මම ලියපුදේ හරියට තේරුම් අරන් නැහැ.
    දෙවැනි කාරනාව බුද්ධ ශාසනයේ පැවිදිවූ උතුමන්ලා තමුන්ට විෂය නොවූ දේ සඳහා මැදිහත් වීම හා තමුන්ට විෂයවූ විෂයට මැදිහත් නොවීම.
    තුන්වන කාරනාව රටේ සිදුවන මිනීමැරුම් , මංකොල්ල,ස්ත්‍රී දුෂණ , වංචා ,අපචාර සියල්ලම සිදුවන්න ප්‍රධාන හේතුව රටේ නීතීය පිරිහීම. ඒවාට සෘජුවම වගකියන්න ඕන පවතින රජය හා මෙතෙක් පැවතුන රජයන්. වක්‍රාකාරයෙන් මේ චීවරධාරීන් තමුන්ට තමුන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ විසින් පවරපු වගකීම ඉටුකරානම් ඔබතුමා කිව්වා අපරාධ 50% වත් අඩුවෙන්න තිබුන.

    බටහිර රටකට ඇවිත් බලන්න අපි කිව්වම බටහිර රටවල මිනිස්සු කොයිතරම් බුදු දහමට ගරුකරනවද කියල.ලෝකේ දැනගත්තු දවසට බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙන ජනකොටස් එක්ක ගහමරාගන්න මිනිස්සු පොළඹවනවා කියල, බුද්ධ පුත්‍රයා වහන්සේලා විශ්වවිද්‍යාල වල ගහමරාගන්නවා පිකටින් කරනවා කියල, බුද්ධ පුත්‍රයන් වහන්සේලා පාර්ලිමේන්තු යන්න චන්දෙ ඉල්ලනවා කියල මොකක්ද බුදුරජානන් වහන්සේ සියලු ආසාවන් ප්‍රහීන කරපු ලෝකෙටම මෛත්‍රිය කරපු උත්තමයෙක් කියල ලෝකේ පිලිගනිවිද? කාටද මේ අපහාසය කරන්න උත්සහ කරන්නේ? අපේ බුදුහාමුදුරුවන්ට නේද? බුද්ද ශාසනේ ආරක්ශාකරන්න කියල මොකක්ද මේ වක්‍රාකාරව සිද්දවෙමින් පවතින්නේ?

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ලියපු එක කරුණකට හැරෙන්න අනික් ඒවාට මම එකඟයි සහෝදරයා. එත් බොදු බල සේනාවට මේ යන පාරේ ගිහින් කවදාවත් බැහැ බුදු සසුන රකින්න . මේ ඉන්න චීවරධාරීන් සියලුම දෙනා බුදුන් දේශනා කරපු මාර්ගයෙන් ඉවතට යන උදවිය. ඉතින් ඒ ටිකම ඇති තව දශමෙකින් හරි බුද්ධ ශාසනය පරිහානියට යන්න. බුදුන්ගේ කාලෙත් මිත්‍යා දුෂ්ටිකයින් ජීවත් උනා. එත් බුදු රජාණන් වහන්සේ ඒ මිතාදුෂ්ටිකයින්ගේ හිංසාවාදී ක්‍රියාකාරකම් නවත්වන්න උත්සහ කරේ නැහැ. බුදුරජානන් වහන්සේ කරේ එතුමන් වහන්සේ වෙත් එන පුද්ගලයන් නිර්වාණයට යොමු කිරීම විතරයි. එහෙම බැලුවාම ඒ ශාස්තෘවරයාණන් වහන්සේගේ පාරේ යන්න පැවිදි වෙච්ච උදවිය මේ කරන දේ වැරදියි. එයාල කරන්න ඕන පන්සල් වටා බෞද්ධ ජනතාව ඒකරාශී කරගෙන ඒ අසරණ මිනිස්සු තව දශමෙකින් හරි නිර්වාණයට යොමු කිරීම නේද. මේකෙන් පිරිහෙන්නේ අපේ දහමම තමයි මචන්.

    මේ සේනාව හරි මාර්ගයට ගත යුතුයි තමයි. එත් මේකේ නමෙන් "බොදු " කියන අකුරු දෙක ඉවත්විය යුතුයි. ඒ අකුරු දෙක හරි කියල අනුමත කරනවානම් හෙට දවසේ " බොදු " කියන අකුරු දෙක ඉස්සරහට දාල බාර් එකක් අලුතෙන් දැම්මත් , "බොදු " අකුරු දෙක දාල මස් කඩයක් ඇරියත් වරදක් වෙන එකක් නැහැ.

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ උන්නාන්සේත් දැන් මේවා කියන්නේ ගාල්ල බද්දේගම අවට මුස්ලිම් චන්ද හින්ද වෙන්න පුළුවන්. මිට කලින් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු වැඩියේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර තක්කඩි නිර්වාණයට යවන්න නෙවෙයි සහෝදරයා. මේ උන්නන්සේත් නිර්වාන මාර්ගයෙන් පිට ඉන්න චීවරධාරියෙක් විදිහටයි මම දකින්නේ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අපි ජාතිය ගැන කතා කලොත් ජාතීවාදීන්......
    අපි ආගම ගැන කතා කලොත් ආගම්වාදීන්....

    යකෝ බොදු බල සේනාව හලාල් ගැන කතා කලේ නැත්නම් අදත් අපු බොරුවට අර පර උලමාට කප්පම් දෙනවා.... දැන් වැරැද්ද උලමට දීපු කප්පම් නැති උන එකද???? මචන් කල්පනා කරලා බලපන් එදා ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා සිංහ කොඩිය ඉස්සුවේත් හාමුදුරුනමක්..... කොටි පරාද කරන්න මාවිල් ආරු යුද්දේ ආරම්භ කලෙත් අපේ හාමුදුරුවරු...... මේරටට අගතියක් වෙන හැම වෙලාවකදිම පෙරමුණ ගන්නේ අපේ හාමුදුරුවරු.....

    මේරටේ බොදු ජනතාවට අසාධාරණයක් වෙනකොට හඩනගන්න ඉන්නේ හාමුදුරුවරු විතරයි....

    පලයන් අරාබියට වෙනත් මුස්ලිම් රටවටල ගිහින් බලපන් මොන මුස්ලිම් රටේද වෙනත් ආගමකට නිදහසක් තියෙන්නේ කියලා...ඒ අතින් බලකොට මේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව මල් තියලා වඳින්න ඔනේ....
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    වලිගෙ පාග ගන්න එපා. මම ලියපු ටික ලිව්වේ ගිහි උඹට නෙවෙයි. චීවරය පිටින් වෛරය වපුරන චීවර ධාරීන්ට සහ බොදු කියන වචනේ මේ වෛර මුලික සංවිධානයට දාගත්තටයි. ඒවා අයින් කරලා ගමන යන්න. එතකොට බෞද්ධ කියන දර්ශනයට හානියක් නැහැ. මම කොතනද මේකේ ලියල තියෙන්නේ හලාල් හරි කියල. ඒකීය රටක් ඇතුලේ එක ජන කොටසකට වෙනම ලේබලයකින් ආහාර නිෂ්පාධනය අනවශ්‍යයි. එත් මේ කාරනාවට චීවරය සහ බුදු දහම මැදිහත් කරන්න එපා කරුණාකරලා. චීවර ධාරීන් එයාලට විෂය වූ විෂයට යොමුකරන්න.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    වලිගෙ පාග ගන්න එපා. මම ලියපු ටික ලිව්වේ ගිහි උඹට නෙවෙයි. චීවරය පිටින් වෛරය වපුරන චීවර ධාරීන්ට සහ බොදු කියන වචනේ මේ වෛර මුලික සංවිධානයට දාගත්තටයි. ඒවා අයින් කරලා ගමන යන්න. එතකොට බෞද්ධ කියන දර්ශනයට හානියක් නැහැ.

    මම දන්නවා උබ මට නෙමෙයි මේක ලිව්වේ කියලා ඒ උනාට මම සිංහල බෞද්ධ එක නිසා තමයි කිව්වෙ... මේකට බොදු කියන කෑල්ල දාපු එකද උබ කියන මහා ලොකු වැරැද්ද??? මචන් මේකේ ඉන්න අපි බෞද්ධ නම් ඇයි අපිට බොදු කියන එක පාවිච්චී කරන්න තහනම්... එහෙනම් උලමට හලාල් කියලා ගහලා අපි ඔක්කොටෝම හලාල් කවනකම් උබ මොන ලෝකෙද හිටියේ උබ අන්න ඒකට විරුද්දව එක ත්‍රෙඩ් එකක් වත් දැම්මද??? උබ මොන පදනමින්ද කියන්නේ බොදු බල සේනාව වෛරය වැපරුවා කියලා... ඇත්ත කියන කොට මිනිස්සුන්ගේ ඇස් ඇරෙනකොට උබලා කියන්නේ ඒකට වෛරය කියලද???

    මම කොතනද මේකේ ලියල තියෙන්නේ හලාල් හරි කියල. ඒකීය රටක් ඇතුලේ එක ජන කොටසකට වෙනම ලේබලයකින් ආහාර නිෂ්පාධනය අනවශ්‍යයි. එත් මේ කාරනාවට චීවරය සහ බුදු දහම මැදිහත් කරන්න එපා කරුණාකරලා. චීවර ධාරීන් එයාලට විෂය වූ විෂයට යොමුකරන්න.

    දැන් හලාල් නෑනේ... අපේ හාමුදුරුවරු තාමත් කට වහන් හිටියනම් අර පර උලමා කප්පම් තාම ගන්නවා??? හාමුදුරුවරු කට ඇරපු නිසා තමයි අද ඔය හලාල් කියන බෙදුම්වාදය නැවතුනේ... නැත්නම් උබලා මේවා ගැන කතා කරාද මීට ඉස්සෙල්ලා....
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පසුගිය සමයේ බෞද්ධ මූලධර්මවාදී පැසිස්ට් කල්ලි පිළිබඳ ලංකාවේ ඉංග්‍රිසි මාධ්‍ය මෙන්ම විදේශීය මාධ්‍ය ද පුවත් මවන ලදී. මීට දස වසරකට පෙර ජාතික හෙළ උරුමය බෞද්ධ මූලධර්මවාදී සංවිධානයක් ළෙස හඳුන්වන ලදී. දැන් බොදු බල සේනා සංවිධානය බෞද්ධ මූලධර්මවාදි සංවිධානයක් ළෙස හඳුන්වති. එසේම පසුගිය සතියේ “ෆැෂන් බග්“ ආයතනයට පහර දීමක් සිදුවුණු අවස්ථාවේ ඉංග්‍රීසි මාධ්‍ය එහි වගකීම පැවරුවේ බෞද්ධ මූලධර්මවාදී ෆැසිස්ට් කල්ලි වලටයි. අවාසනාවකට මෙවැනි පුවත් ලියන අය මූලධර්මවාදය යනු කුමක්දැයි කිසිසේත්ම නොදනිති. එබැවින් අපි මූලධර්මවාදය යනු කුමක්දැයි විමසා බලමු.

    මූලධර්මවාදය යන සිංහල පදය බිහි වී ඇත්තේ fundamentalism යන ඉංග්‍රීසි පදයෙනි. ඒ අනුව මූලධර්මවාදය යනු යම් ආගමක මූලික සිද්ධාන්ත අනුවම කටයුතු කළ යුතුය යන සමාජ ඉල්ලීමයි. මෙම ඉල්ලීම සමාජයක මතු වන්නේ ආගමික නවීකරණයට ප්‍රතිචාරයක් වශයෙනි.

    මූලධර්මවාදය යන සංකල්පය පැන නැගුණේ 19 වන සියවස අග භාගයේ දී ඇමෙරිකාවේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි අය අතරයි. 1878 දී පැවැත්වුණු නයගරා බයිබල් සම්මේලනයෙන් පසුව ක්‍රිස්තියානි මූලික විශ්වාස පිළිබඳ එකඟතාවයක් ඇති කර ගත් අතර 1910 දී පොත් මාලාවක් වශයෙන් පළ කරන ලදී. කන්‍යාවකට සිදුවුණු දරු උපතකින් ජේසුතුමාගේ උපත සිදුවීම, සියළුම පව්කාරයින් වෙනුවෙන් ජේසුතුමා සිය ජීවිතය පූජා කිරීම, මළවුන්ගෙන් උත්ථානය සහ ජේසුතුමා ආශ්චර්රයන් සිදු කිරීම වැනි බයිබලයේ සඳහන් මූලික කරුණු පිලිගැනීම සහ ඒ මත පිහිටා කටයුතු කිරීම සැබෑ කිතුනුවෙකුගේ වගකීම බව මූලධර්මවාදිහු පැවසූහ.

    වේද ග්‍රන්ථ, බයිබලය සහ කුරානය වැනි ආගමික ග්‍රන්ථ වල සඳහන් කරුණු බොහොමයක් එම ආගම් බිහිවුණු වකවානුවේ පැවැති සමාජ පසුබිම පදනම් කරගෙන ඇති බව පෙනේ. වසර දහස් ගණනක් පුරා සිදුවුණු සමාජ පරිවර්තන ක්‍රියාවලිය මෙන්ම විද්‍යාත්මක සොයා ගැනීම් ද හේතුවෙන් ආගමික ග්‍රන්ථ වල අඩංගු සමහර කරුණු අද සමාජයට නොගැලපේ. එබැවින් ජනතාව ආගමට අළුත් අර්ථකතනයන් ලබා දෙමින් නවීකරණයට පෙළෙඹුණහ.

    වෙළඳාමේ දියුණුව සමග පොලියට මුදල් ණයට දීම සමාජයේ පැන නැගුණු විට පල්ලිය කීවේ කාලය අයිති දෙවියන් වහන්සේට බැවින් පොලී ලබා ගැනීම කිතු දහමට පටහැනි බවයි. එමෙන්ම ගැලීලියෝ ගැලලි, කොපර්නික්ස් සහ චාල්ස් ඩාවින්ගේ සොයා ගැනීම් දේව මැවුම්වාදයට පටහැනි බැවින් ඔවුන් පල්ලියේ උදහසට ලක් විය. සමහරෙක් මෙම නවීන සොයා ගැනීම් වලට ගැලපෙන අයුරින් බයිබලය අරුත් ගැන්වූහ. ඒ සමගම ඔවුන් කතෝලික පල්ලියෙන් බිඳී නව නිකායන් බවට පත් වූහ.

    මේ වන විට බයිබලය එකිනෙකට වෙනස් අරුත් ලබා දෙන ක්‍රිස්තියානි නිකායන් දහස් ගණනක් බිහි වී ඇත. මේ සියළුම නිකායන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන ප්‍රවාහය වන රෝමානු කතෝලික පල්ලියෙන් වෙන් වුණු පිරිස්ය. ඔවුන් බයිබලය නවීකරණයට ලක් කරමින් වෙනස් වන සමාජය සමග ගැලපීමට වෙර දරණ ලදී. ඉන්පසු කතෝලික පල්ලිය ද නවීකරණය ලක් විය. කාන්තා කාදිනල්වරුන් පත් කිරීම, ගබ්සාව සහ සමලිංගික විවාහ සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ මත වෙනස් කරමින් එය තව දුරටත් නවීකරණය විය යුතු බවට කිතුනු සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත.

    මෙසේ කතෝලික පල්ලිය නවීකරණයට ලක්වන විට එයට අභියෝග කලේ මූලධර්මවාදින්ය. බයිබලයේ සඳහන් වන්නේ දේවභාෂිතය නම් එය සංශෝධනය කිරීමට අන් අයට ඇති හැකියාව මූලධර්මවාදිහු ප්‍රශ්න කළහ. ඔවුන්ගේ ස්ථාවරය වන්නේ බයිබලය දේවභාෂිතය බැවින් එය ප්‍රශ්න කිරීම් වලින් තොරව ඒ ළෙසම පවත්වාගෙන යායුතු බවයි. ඒ අනුව කතෝලික පල්ලියට අභියෝග කරමින් මූලධර්මවාදි ක්‍රිස්තියානි නිකායන් දහස් ගණනක් බිහි වී ඇත. එයින් සමහරෙක් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන බැවින් විද්‍යාව ඉගෙනීම ප්‍රතික්ෂේප කරයි. තවත් අයෙක් අසනීපවීම දේව කැමැත්ත ළෙස සළකා වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කර යාඥාවෙන් අසනීප සුව කර ගැනීමට වෙර දරති. “ඇසට ඇසක් - දතට දතක්“ යන බයිබල් ඉගැන්වීම අනුව යමින් ද්වේශයෙන් පලි ගනිති. බයිබලයේ එන දෙවියන් වහන්සේ පිලි නොගන්නා අය සාතන්ගේ දරුවන් ළෙස හඳුන්වමින් හිංසනයට ලක් කරති.

    යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් දෙවියන් වහන්සේ අදහන බැවින් එම ආගමිකයින් පිලි ගන්නා ඉස්ලාම් භක්තිකයෝ අන් ආගමිකයින් ප්‍රතික්ෂේප කරති. බයිබල් ඉගැන්වීම ද එය බැවින් 1965 වන තෙක්ම කතෝලික පල්ලිය ද වෙනත් ආගම් පිලි නොගන්නා ලදී. එමෙන්ම ආගම වෙනුවෙන් දියත් කරන ශුද්ධ යුද්ධයක (අල් ජිහාද් විය) දී මිය යන අය දෙව්ලොව යන බවට මුස්ලිම්වරු විශ්වාස කරති. එබැවින් දෙව්ලොව යෑමට කෙටි මං සොයා ඔව්හු ආගම වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වෙති. කුරානයට අනුව ඉස්ලාම් දහම අත්හැරීම මරණ දඬුවම ලබා දිය යුතු වරදකි. නමුත් සමහර මුස්ලිම් රටවල එය සිර දඬුවමට සීමා කර ඇති නමුත් එය මරණ දඬුවම කරන මෙන් මූලධර්මවාදිහු හඬ නගති.

    ඉස්ලාම් දහම ද බටහිර යටත්විජිත යුගයේ දී සීඝ්‍රයෙන් නවීකරණය විය. නැවත ඉස්ලාම් මූලධර්මවාදය හිස එසවූයේ 1979 දී සිදු වූ ඉරාන විප්ලවයේ ආශ්වාදයෙනි. කාන්තාවන් පර්දා සහ බුර්කා ඇඳීම, පිරිමින් රැවුල් වැවීම මෙන්ම ෂරියා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ද මුස්ලිම් රටවල පැතිරීම ඇරඹුණේ ඉරාන විප්ලවයෙන් පසුවය. 2001 දී ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ප්‍රහාරයෙන් පසු ලොව පුරා මුස්ලිම් ජනතාව අතර මූලධර්මවාදය පිම්මේ වැඩෙන්න විය.

    බොහෝ ආගම්හි මූලධර්ම අන් ආගම් නොඉවසන අතර නම්‍යශීලිත්වය සහ නවීකරණය ප්‍රතික්ෂේප කරයි. එබැවින් මූලධර්මවාදින් බහුආගමික පරිසරයක් තුල යහපැවැත්මට මෙන්ම සාමයට ද බාධාවක් වී තිබේ. මූලධර්මවාදින් දෙස සමාජය බියෙන් සහ සැකයෙන් බලන්නේ මෙම හේතුව හෙයිනි.

    බුදු දහමේ මූලික ග්‍රන්ථ වන්නේ ත්‍රිපිටකයයි. ත්‍රිපිටකය උගන්වන්නේ අතිශයින්ම අහිංසක දර්ශනයකි. එම දර්ශනය උගන්වන්නේ වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් බවයි. සතුරාට ද මෛත්‍රි කළ යුතු බවයි. අන් ආගම් වලට ගරු කළ යුතු බවයි. එමෙන්ම කාලාම සූත්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කරන්නේ තමන් දේශනා කළ පමණින් පිලි නොගෙන තමන්ට ඒත්තු යන්නේ නම් පමණක් පිලි ගන්නා ළෙසයි. බුදුන් වහන්සේ තමන්ගේ පිලිවෙත් නම්‍යශීලීව වෙනස් කර ඇත. රාහුල කුමරුව භාරකරුවන්ගේ කැමැත්ත නොවිමසා පැවිදි කිරීම සම්බන්ධයෙන් සුදොවුන් රජ සිය විරුද්ධත්වය පළ කළ පසු භාරකරුවන්ගේ කැමැත්ත නොමැතිව දරුවන් පැවිදි නොකළ යුතු බවට නියමයක් පැනවීම මේ සම්බන්ධයෙන් ඇති ජනප්‍රිය නිදසුනකි.

    ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින දේශගුණික මෙන්ම සංස්කෘතික සාධක හේතුවෙන් යම් විනය නීති රැකිය නොහැකි බවට භික්ෂුන් වහන්සේලා පෙන්වා දුන් විට ප්‍රාදේශීය අවශ්‍යතා මත විනය නීති සංශෝධනය කිරීමට තරම් බුදුන් වහන්සේ නම්‍යශීලී වූහ. ඒ අනුව බෞද්ධ මූලධර්මවාදය අහිංසකත්වය, නම්‍යශීලිත්වය සහ සහනශීලිත්වය වැනි නවිකාරක ගුණාංග වලින් සමන්විත වේ.

    බෞද්ධයා බෞද්ධ මූලධර්මවාදයෙන් ඈත් වූයේ එහි අවිහිංසකත්වය සිය පැවැත්මට තර්ජනයක් වුණු බැවිනි. ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, බංගලිදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවලින් බුදු දහම තුරන් වූයේ (නැතහොත් දුර්වල වූයේ) ප්‍රචණ්ඩකාරි ආගම් වලට අවිහිංසාවෙන් පිලිතුරු සැපයීමට වෙර දැරීමෙනි. තිබ්බත නිදහස් සටන එක තැන පල් වෙන්නේ ද එය බෞද්ධ මූලධර්ම මත පදනම් වී ඇති බැවිනි. බුදු සමය ලංකාවේ රාජ්‍ය ආගම වීමෙන් පසු මෙරට ක්‍රියාත්මක වූයේ ද බෞද්ධ මූලධර්මවාදයයි. එබැවින් සේන සහ ගුත්තික වැනි අශ්ව වෙළෙඳුන්ට පවා රාජ්‍ය බලය පැහැර ගැනීමට හැකි විය.

    එළාර යුගයේ දී බෞද්ධ මූලධර්මවාදය රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් බැව් බෞද්ධ භික්ෂුහු වටහා ගත්හ. එබැවින් ඔවුන් ආත්මාරක්ෂාව පතා සටන් වැදීම බුද්ධාගමට එකඟ බව දුටුගැමුණු කුමාරයාට ඉගැන්වීය. ඒ සිංහල බුද්ධාගමේ උපතයි. එම නව දර්ශනය සමග දුටුගැමුණු රජු සිංහල ඉතිහාසයේ වීරයා බවට පත් විය. ඉන් පසු ආක්‍රමණික තර්ජන ඇති වූ සෑම විටම පන්සලේ මෙහෙයවීමෙන් සිය ආරක්ෂාව පතා සිංහල බෞද්ධයෝ සටනට ගියහ. අදත් සිදුවන්නේ සිංහල බුද්ධාගමේ ඒ ක්‍රියාකාරිත්වයයි. බටහිර රටවල වීරයින් වී ඇති ජුලියස් සීසර්, මහ ඇලෙක්සැන්ඩර් සහ නැපෝලියන් යනු අන් රටවල් ආක්‍රමණය කර සම්පත් කොල්ල කෑ හොරුන්ය. ගැමුණු, විජයබා සහ පැරකුම්බා වැනි අපේ රජවරු සතුරාගෙන් මව්බිම බේරාගත් සැබෑ විරුවන්ය.

    ඉහත විග්‍රහයෙන් පෙන්වන්නේ බෞද්ධ මූලධර්මවාදය අන් ආගම්හි මූලධර්මවාදයන්ට වඩා හාත්පසින්ම වෙනස් බවයි. විශේෂයෙන්ම එය ප්‍රචණ්ඩත්වයට කිසිසේත්ම අදාළ නොවන බවයි. එබැවින් යම් බෞද්ධයින් පිරිසක් ප්‍රචණ්ඩව හෝ අන් ආගම් ඉවසීමෙන් තොරව හැසිරෙන බව පෙන්වීමට බෞද්ධ මූලධර්මවාදින් ළෙස ඔවුන්ව හැඳින්වීම තම නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමකි. එමෙන්ම බුදු දහම විකෘති කර බුදුන් වහන්සේට අපහාස කිරීමකි.

    540743_10151530951084253_1103190257_n.jpg

    Code:
    https://www.facebook.com/UdayaGammanpilaFanPage
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොල්වත්තයා උඹ බොහොම සාදාරන විනිශ්යක් දීල තියෙනවා. හැබැයි මේකත් මතක තියා ගනින්, චීවරය මැදිහත් නොවෙන්න මේ ප්‍රශ්නේ මෙච්චර මිනිස්සු අතරට යන්නේ නැහැ කියන එක. හැබැයි උඹ අර මෙතන කෑ ගහන සමහර ජන්මේ වැරදි උන් වගේ නෙමෙයි. බොදු බල සේනා වැරදි උනත් අර මම කියපු උන් බනින්නේ සිංහල බෞද්ධයාට. ඒ වගේම හීන් නූලෙන් හම්බයට කඩේ යනවා.
    මට හලාල් කියන සංකල්පය ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ලංකාවේ හලාල් වලට දැඩි සේ විරුද්ධයි. මොකද හලාල් යට සැඟවෙලා තියෙන්නේ මුස්ලිම් වයාප්තවාදය.

    අපි හිතමු කෙනෙක් හලාල් ගත්ත කියල. එයාගේ නිෂ්පාදනයට බඩු සපයන සිංහල සපයුම්කරුවෙක් ඉන්නවා නම්, මේ හලාල් කට්ටිය කරන්නේ අර සැපයුම්කරුව වෙනුවට ඊට ටිකක් මිල අඩුවෙන් හරි සපයන මුස්ලිම් සපයුම්කරුවෙක් එතනට දානවා. ඔහොම ඔහොම කොහෙන් ගියත් අන්තිමට අර නිෂ්පාදකයාගේ සියලුම අමුද්‍රව්‍ය ඇවිල්ල තියෙන්නේ මුස්ලිම් තැන් වලින්. ඔහොම කාලයක් යනකොට මුළු වෙලන්දපොලම පාලනය කරන්නේ මුස්ලිම් අය. මුස්ලිම් සෑම කෙනෙක්ම තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් පල්ලියට දිය දිය යුතුමයි. ඔන්න ඔතනයි මුස්ලිම් ව්‍යාප්තවාදය තියෙන්නේ.

    බොහොම සරලව ඔහොමයි හලාල් වැඩ කරන්නේ.

    අපේ ගොන් හරක් හිතන්නේ මුස්ලිම් අය හලාල් කෑවම අපිට මොකද කියල. ඔය වගේ සරලව හිටන්න පුළුවන් නම් ඕනෙම දෙයක් ගැන හරි ලේසියි ජීවත් වෙන්න. හැබැයි තමන්ම දන්නේ නැහැ තමන් වැටිලා ඉන්න උගුල මොකක්ද කියල.

    බොදුබල සේනා , හලාල්,රට ජාතිය සහ බුදු දහම .

    මීට වසර දෙදහස් පන්සීය පනහකට ඈත අතීතයේ සිද්ධාර්ථ ගෞතමයාණන් සම්බුද්ධත්වයට පත්වීම හේතුවෙන් වර්තමානයේ අපගේ වාසනාවට බුද්ධ ශ්‍රාවයන් තවමත් ජීවමානව වැඩවාසය කරන්නේය. ඒ බුදුන් දෙසූ සුවාසුදහසක් දහම් පෘතග්ජන අප වෙත පතුරවා අසරණ නරපනුවන් නිර්වාණයට යොමුකිරීමට හා එතුමන් වහන්සේලාත් නිර්වාණයට ප්‍රවිෂ්ටවීමටය. ගරුතර සංඝරත්නය වෙත බුදුරජානන් වහන්සේ විසින් පැවරු පළමු රාජකාරිය එයයි. ඒ අප වැනි අසරණයන් මේ කුණු සංසාරයෙන් අත්මුදවාලීමටය. ඒ අප බුදුරජානන් වහන්සේ අප වෙත පෑ කරුණාවය , දයාවය . බුදුරජානන් වහන්සේ සිය ශ්‍රාවයන් වෙත දේශනාකොට වදාළේ පෘතග්ජන මිනිසුන්ගේ හිතසුව පිණිස ශ්‍රී සද්ධර්මය පතුරුවා මිනිසුන් සතර අපායෙන් මුදවා නිර්වාණයට යොමුකරන ලෙසටය . ඊට අමතරව සිය ශ්‍රාවක සංඝරත්නය හට බුදුන් වහන්සේ විනය නීති දේශනාකොට වදාළ අතර එම විනය පිළිපදින ලෙසද දේශනාකොට වදාළ සේක.
    මේ ලොව පවතින සියලුම දෑ අනිත්‍ය වශයෙන් දේශනා කරන ලද බුදුන් වහන්සේ තමුන් වහන්සේගේ ධර්මයටද එම අනිත්‍ය සත්‍යය පොදු බැවින් ගෞතම බුද්ධ ශාසනයේ පැවැත්ම වසර 5550 ක් වශයෙන් දේශනාකොට වදාළේය. ඒ බුද්ධ වචනයය. බුද්ධ වචනය කෙදිනක හෝ වෙනස් නොවන අතර ඒ වදාළ දෑ එසේම සිදුවන්නේය. බුදුවරුන් තුන්කල් බලා අනාගතයේ සිදුවන්නාවූ යමක් දේශනාකොට ඇතිද එය එසේමය. එය වෙනස් කිරීමට මෙලොව කිසිම ජගතෙකුට නොහැකිවන්නේය. ඒ වසර 5550 අවසන් වන දින දක්වා බුදු දහම මෙලොව පවතින්නේය. කව්රු කෙසේ කුමන අයුරකින් දඟ දැම්මද අදින් වසර 2500 ක් ඉක්මවනතුරු සම්බුද්ධ ශාසනය මෙලොවින් අතුරුදන් කිරීමට මෙලිව කිසිම ජගතෙකුට හැකි නොවන්නේය. ඒ බුද්ධ සත්‍යයය. ඒ බුද්ධ වචනයය. බුද්ධ ශාසනය විනාසකොට අතුරුදන් කරනුයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින්ම බව බුදුන් වහන්සේ දේශනාකොට වදාළේ අනාගතය දිවසින් විමසා බලාය . ඒ බුදුන් විසින් දේශනාකොට වදාළ දේ අපගේ අවාසනාවට අපගේ ඇස ඉදිරිපිටම සිදුවෙන්නට පටන්ගෙන ඇත. එනම් විනය ගරුක වීමට , පිණ්ඩපාතික වීමට , නිර්වාන අරමුණු වීමට , සකල සත්වයාට මෛත්‍රිය කරුණාව පැතිරවීමට , ශ්‍රී සද්ධර්මය මිනිසුන්වෙත පැතිරවීමට , මිනිසුන් සතර අපායෙන් මුදවා නිවන් යැවීමට සැරියුත් මුගලන් මහරහත් දෙනමගෙන් පැවත එන්නාවූ සම්බුද්ද ශාසනයේ පැවිදිව චීවර දරන භික්ෂුන් අධර්මය පතුරුවමින් වෙනයම් අරමුණු කෙරෙහි ඇලීමෙන් තම දායකයින් සමගම වල්මත්වීමයි. නිර්වාන අරමුණෙන් දුරස් වීමයි.

    අපව සසරින් මුදවන්නට සියලු බැඳීම් හා අසාවන්ගෙන් දුරස්ව සසුන්ගතවූ භික්ෂුන් වහන්සේලාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ මේ භයන්කාර සසරින් එතෙර වීමයමය. අසරණ අපවද මේ කුණු සංසාරයෙන් අතෙර කරවීමය. එහෙත් කොහේදෝ කරුමයකට වර්තමානයේ නියම සැදැහැවත් බෞද්ධයාට සිදුවී ඇත්තේ පළමුව භික්ෂුන් වහන්සේලා සසරින් එතෙර කරවීමටය. ඒ මන්දයත් සමහරක් චීවරධාරීන් රාජ්‍ය පාලනයට හොට පෙවීමය. සමහරක් චීවරධාරීන් සිවිල් සමාජයට ප්‍රවිශ්ටව වෛරය වපුරා මිනිසුන් ධර්මයෙන් ඉවතට යැවීමය. මේ සිදුවන්නාවූ ව්‍යසනයෙන් අපට ප්‍රධාන අවාසි දෙකක් සිදුවන්නේය. පලමුවන්නනම් අපට නියම ධර්මය උගන්වා අපව නිර්වාන මාර්ගයට ගන්නට කෙනෙකු නොමැති වීමයි. අනෙකනම් බෞද්ධයා යනු කා කොටා ගැනීමට කැමති හින්සාවාදින් පිරිසක් ලෙස ලොව පුරා හංවඩු ගැසීමයි. එනම් අවිහින්සාවාදයේ පියා වූ බුදුරජානන් වහන්සේගේ මගට ප්‍රවිෂ්ටවූ ගරුතර සංඝරත්නය ප්‍රමුක බෞද්ධ ජනතාව හින්සාවාදින් බවට පරිවර්තනය වීමයි. තවද එක
    හරකෙකු වැට කැඩූ කල හරක් රන්චුවටම තලන්නාක් මෙන් මුළුමහත් භික්ෂු පරපුරටම මෙයින් සිදුවන අවමානය සුළුපටු නොවන්නේය.

    වර්තමානයේ රටේ නිර්මාණය වී ඇති හලාල් විරෝධී රැල්ලට මුලික වුයේ බොදුබලසේනා සංවිධානය බව රටේ කව්රුත් නොදන්නවා විය නොහැක. එහෙත් බෞද්ධයාගේ අවාසනාවට බොදුබල සේනාව මෙහෙයවන්නේ චීවරධාරී භික්ෂුන්ය. මේ බල සේනාව මෙහෙයවන්නන් චීවර ධාරීන් නොවුනානම් මෙම සංවිධානයේ නම "බොදු බල" නොවුනානම් මේ සංවිධානයේ ක්‍රියාව රට ජාතිය වෙනුවෙන් සිදුවිය යුත්තක් වන්නේය. එහෙත් වරදනම් මෙයට මැදිහත්වූ චීවරයම වන්නේය. වරදනම් චීවර ධාරීන්ට තම මග වරදීමය. වරදනම් සකල සත්වයා නිර්වාණයට පැමිණවීමට සත්‍යය ලොවට පැහැදු බුදුරජුන්ගේ නම මෙයට ඇඳා ගැනීමය. වරදනම් තවත් මිත්‍යා දුෂ්ටික ජන කොට්ඨාශයක් මර්දනය කිරීමට චීවරය මැදිහත් කරවීමය. ප්‍රශ්නයනම් මේ ප්‍රයත්න දරන්නේ බුදුදහම ආරක්ෂා කරගැනීමටද විනාශ කිරීමටද යන්නය. පළමුව කීවාක් මෙන් දෙවනුවත් කියමි, බුදුදහමනම් තවත් වසර 2500 ක් පවතින්නේමය. බුදුදහම අතුරුදන් කිරීමට මිත්‍යා දුෂ්ටිකයින්ට හැකිවන්නේ තවත් වසර 2500 කින් පසුවය. වියයුත්තේනම් වාසනාවට ලැබූ චීවරයෙන් මිනිසුන් අතරට ගොස් මිනිසුන් නිර්වාණයට පැමිණවීමය. එක්කෝ චීවරයෙන් ඉවත්ව මිත්‍යා දුෂ්ටිකයින් සමග යුද්දයට යාමය. වියයුත්තේනම් බුදුදහම මෙවන් කොලහලකාරී දහමක්ය යන්න වැරදි අර්ථකතනයක් ලොවට මවා පෙන්වීමෙන් වැළකීමය. විය යුත්තේනම් බුදු හිමියන් අංගුලිමාල දමනය කලාක් මෙන් මෛත්‍රිය පතුරුවා මිනිසුන් යහපත් කරවීමය.

    හලාල් අවශ්‍ය පිරිසට වියයුතු අනෙක් කරුණනම් රටක පවතින සංස්කෘතියට නීතියට සධාචාරයට අනුකුඋලව ජීවත්විය නොහැකි ජන කොට්ඨාශයක් වෙත්නම් එම ජනතාව තමුන්ට තමුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිසර වටපිටාවක් සංස්කෘතියක් ඇති රටකට සංක්‍රමණය වීමය. විය යුත්තේනම් තමුන් ජීවත්වන රටේ තම කණ්ඩායමට අවශ්‍ය ආකාරයේ ආහාර නිෂ්පාදන පොදු වෙළඳපොලෙන් බලාපොරොත්තු නොවී තම තමුන්ගේ අවශ්‍යතාවයට අනුව තම තමුන් විසින් ආහාර නිෂ්පාදනය කරගැනීමය. රටේ සියලු මහජනතාව භාවිතා කරන පොදු වෙළඳපොල තමුන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය අයුරින් තනාගැනීමට උත්සහ කිරීම නින්දිත් වන්නේය.

    ඈත ඉතිහාසයේ පටන්ම ආක්‍රමණ වලින් ගහන වූ ශ්‍රී ලංකාව රටක් වශයේද සිංහල ජාතිය ජාතියක් වශයෙන්ද බේරාගැනීමේ වගකීම ඇත්තේ රට කරවන උදවිය ප්‍රමුක රටවැසියාටය . එය රටවැසියාගේ වගකීමය . යුතුකමය. රට බේරාගැනීමට යයි පවසා නැති ප්‍රශ්න ඇති කර ජාති වශයෙන් මිනිසු එකිනෙකාට වෛර කරන තත්වයට ඇද දැමීම බලවත් වරදක්ය. කොතැනක හෝ වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කරවීමට ඇති අවසන් මාර්ගය පළමු මාර්ගය ලෙස වරදවා වටගෙන මිනිසුන් එකිනෙකා කා කොටාගන්නා තැනට පත් කිරීම වරදක්ය. එහෙයින් සිදුව ඇති වරද නීතිමය වශයෙන් විසඳීමය මගක් පැදීම
    පාලකයින්ගේ වගකීමක් වශයෙන් කල යුත්තක්ම වන්නේය. අවසාන වශයෙන් මාගේ අවංක ප්‍රාර්ථනය නම් චීවරධාරීන් නිර්වාන අරමුණු කෙරෙත්වා, මිනිසෙකු මිනිසෙකුට එරෙහිව අවි නොගත්වා, ඉදිරි වසර 2500 ඉක්මයාමට ප්‍රථම සියලු ලෝක සත්වයා බුදු දහමින් සරණක් ලබා නිර්වාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙත්වා, සියල්ලෝම අප්‍රමාද වෙත්වා යන්නය.

    මීට එළකිරියේ polwattacom

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රාවනා උඹේ කතාව සහතික ඇත්ත. බොදු බල සේනාවට බනින එකෙක් වත් හලාල් වලට විරුද්ධව කට හොල්ලල නැහැ. මුස්ලිම් අයට හලාල් ඕනේ නම් සිංහල අපිට ඇයි අමාරු වගේ ගොන් තර්ක තමයි මේ අය ගේන්නේ.
    මම ඒකයි පුල පුලා කියන්නේ මුන්ගේ ජන්මේ කොහේ හරි වරදක් තියෙනව කියල.

    මම දන්නවා උබ මට නෙමෙයි මේක ලිව්වේ කියලා ඒ උනාට මම සිංහල බෞද්ධ එක නිසා තමයි කිව්වෙ... මේකට බොදු කියන කෑල්ල දාපු එකද උබ කියන මහා ලොකු වැරැද්ද??? මචන් මේකේ ඉන්න අපි බෞද්ධ නම් ඇයි අපිට බොදු කියන එක පාවිච්චී කරන්න තහනම්... එහෙනම් උලමට හලාල් කියලා ගහලා අපි ඔක්කොටෝම හලාල් කවනකම් උබ මොන ලෝකෙද හිටියේ උබ අන්න ඒකට විරුද්දව එක ත්‍රෙඩ් එකක් වත් දැම්මද??? උබ මොන පදනමින්ද කියන්නේ බොදු බල සේනාව වෛරය වැපරුවා කියලා... ඇත්ත කියන කොට මිනිස්සුන්ගේ ඇස් ඇරෙනකොට උබලා කියන්නේ ඒකට වෛරය කියලද???

    දැන් හලාල් නෑනේ... අපේ හාමුදුරුවරු තාමත් කට වහන් හිටියනම් අර පර උලමා කප්පම් තාම ගන්නවා??? හාමුදුරුවරු කට ඇරපු නිසා තමයි අද ඔය හලාල් කියන බෙදුම්වාදය නැවතුනේ... නැත්නම් උබලා මේවා ගැන කතා කරාද මීට ඉස්සෙල්ලා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    චීවරය මුල් නොවී ඔය ප්‍රශ්නය විසඳ ගන්න තිබුන නම් හොඳයි. ඒකට තමයි පාලකයෝ ඉන්නේ. හැබැයි ඉතින් උන් උන්ට අයිති රාජකාරිය කරන්නේ නැත්නම් ඉතිහාසයේ හැමදාම වගේ මේ රට බේරා ගන්න මුල් උනේ චීවරය තමයි.
    එක උදාහරණයක් දෙන්නම්, අපේ අය කොච්චර කෑ ගැහුවද කුරගල ගැන. මුන් ගානකට ගත්තද. හැබැයි බොදු බල සේනා වැඩේට බැහැල පුරාවිද්‍යාවේ කට්ටියයි මුල්ලලා සෙට් එකයි ගෙන්නලා ඉතිහාසේ කියල දුන්නට පස්සේ මුල්ලලා එක කටක් හෙල්ලුවේ නැහැ විරුද්ධව. අප්‍රේල් 31 වෙනකම් කල් දෙන්න කිව්වා අපි අකුලාගෙන යන්නම් කියල.

    වලිගෙ පාග ගන්න එපා. මම ලියපු ටික ලිව්වේ ගිහි උඹට නෙවෙයි. චීවරය පිටින් වෛරය වපුරන චීවර ධාරීන්ට සහ බොදු කියන වචනේ මේ වෛර මුලික සංවිධානයට දාගත්තටයි. ඒවා අයින් කරලා ගමන යන්න. එතකොට බෞද්ධ කියන දර්ශනයට හානියක් නැහැ. මම කොතනද මේකේ ලියල තියෙන්නේ හලාල් හරි කියල. ඒකීය රටක් ඇතුලේ එක ජන කොටසකට වෙනම ලේබලයකින් ආහාර නිෂ්පාධනය අනවශ්‍යයි. එත් මේ කාරනාවට චීවරය සහ බුදු දහම මැදිහත් කරන්න එපා කරුණාකරලා. චීවර ධාරීන් එයාලට විෂය වූ විෂයට යොමුකරන්න.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ ලියපු එක කරුණකට හැරෙන්න අනික් ඒවාට මම එකඟයි සහෝදරයා. එත් බොදු බල සේනාවට මේ යන පාරේ ගිහින් කවදාවත් බැහැ බුදු සසුන රකින්න . මේ ඉන්න චීවරධාරීන් සියලුම දෙනා බුදුන් දේශනා කරපු මාර්ගයෙන් ඉවතට යන උදවිය. ඉතින් ඒ ටිකම ඇති තව දශමෙකින් හරි බුද්ධ ශාසනය පරිහානියට යන්න. බුදුන්ගේ කාලෙත් මිත්‍යා දුෂ්ටිකයින් ජීවත් උනා. එත් බුදු රජාණන් වහන්සේ ඒ මිතාදුෂ්ටිකයින්ගේ හිංසාවාදී ක්‍රියාකාරකම් නවත්වන්න උත්සහ කරේ නැහැ. බුදුරජානන් වහන්සේ කරේ එතුමන් වහන්සේ වෙත් එන පුද්ගලයන් නිර්වාණයට යොමු කිරීම විතරයි. එහෙම බැලුවාම ඒ ශාස්තෘවරයාණන් වහන්සේගේ පාරේ යන්න පැවිදි වෙච්ච උදවිය මේ කරන දේ වැරදියි. එයාල කරන්න ඕන පන්සල් වටා බෞද්ධ ජනතාව ඒකරාශී කරගෙන ඒ අසරණ මිනිස්සු තව දශමෙකින් හරි නිර්වාණයට යොමු කිරීම නේද. මේකෙන් පිරිහෙන්නේ අපේ දහමම තමයි මචන්.

    මේ සේනාව හරි මාර්ගයට ගත යුතුයි තමයි. එත් මේකේ නමෙන් "බොදු " කියන අකුරු දෙක ඉවත්විය යුතුයි. ඒ අකුරු දෙක හරි කියල අනුමත කරනවානම් හෙට දවසේ " බොදු " කියන අකුරු දෙක ඉස්සරහට දාල බාර් එකක් අලුතෙන් දැම්මත් , "බොදු " අකුරු දෙක දාල මස් කඩයක් ඇරියත් වරදක් වෙන එකක් නැහැ.

    me boru kiyawanna epa ban...
    machan mama unath pansiya panas jathaka potha kiyawala ne.eth daham pasal gihin igenagattha dewal tikak hari mathakai.:rolleyes:
    budu rajanan wahanse koluwo...ude sathipeemen aluyama awadi unama karapu pradhana kriyawalin ekak thamai..mama ada dawase katada pihitawenmne kiyala balala e puggalayanta oyage wachanen ara mithya dustikayanta hamu wela dharmaya werderuwa eka.
    budu rajanan wahanse gawata enakam balan hitiye ne (monawai kiyawanne me oya)
    angulimala damanaya kiyawanna(eka udaharanayak wiotharai oka)
    tawa monada oya kiyala tiyenne...

    buddha bar athi wenna ona ne..
    ethi wela nethi una awastha godak tiyenawa(ewa gena hoyala balanna onemanam)

    mama issella kiwwa wage thamai...deyak rada pawathinne ehi athi gunanga matha.

    oyata hithane de kiwwata liwwata kamak ne.etheth menna mekai hari kiyala kiyanna oyata be
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කොන්ද පන නැති හැත්තක් ඉන්න මේ රටේ ඒ වගේ සන්විදානයක් වත් බිහිවෙලා තියන එක වරදක් කියල උබ කියන්නෙ කටින්ද.. බුද්ධ සාසන අමාත්‍යන්යෙ හෙළුව ආයෙ පාරක් එලි උනා උබ දැක්කෙ නැද්ද..

    හලාල් කියන එක වැරදී ලු
    ඒකට විරුද්ද වෙන එකත් වැරදීලු.. හතර බීරි කතාවක් නෙ ඕයි ඒක.. බොදු බල සේනාවෙ හාමුදුරු ගොල්ලො ගෙනත් තියන් අපිට බන අහන්න ඕනෙ නෑ.. උබට ඕනෙ නම් චීවර දාරීන් කියල හදුන්වපන් අපිට ප්‍රශ්නයක් නෑ.. අනික ගිහි අපිට ඔය වගේ සංවිධානයක් හදාගෙන කරන්න ගියොත් ඔය වැඩේ කොහොමත් කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ කියල උබේ ඔය මොළ ගෙඩියට තේරෙන්නෙ නැද්ද..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹ ලියපු එක කරුණකට හැරෙන්න අනික් ඒවාට මම එකඟයි සහෝදරයා. එත් බොදු බල සේනාවට මේ යන පාරේ ගිහින් කවදාවත් බැහැ බුදු සසුන රකින්න

    ඉස්ලාම් අන්තවාදී සංවිදාන හතරක් ලංකාවෙ ක්‍රියාත්මකයි කියල ඇමරිකාවෙන් ම කියනව.. උන් ටික ලංකාවෙ පන්සල් බුදු පිළිම ඩෝසර් කරන්නෙ නැතුව ඉදී කියල උබ හිතනවද.. රටේ බහුතරය මුස්ලිම් උන දාක යුද්දයක් ඇති වෙන්නෙ නෑ කියල උබ හිතං ඉන්නව නම් උබ වස්සෙක් කියන ඒක උබ තේරුම් ගනින්..

    බුදු දහම සුරැකීම සහ ධර්මයේ හැසිරීම කියන්නෙ දෙකක්.. මේ විදියට නැතුව ඕවට උත්තර හොයන්න විදියක් උබ යොනා කරපන් ඉතිං..

    මෙතන මේ thread ද දා කෑ ගගහ ඉන්නෙ වෙන සොලුෂන් එකක් තියනවද ? තියනව නම් කියපන් ඒ වගේ සංවිධානයක් සංවිදාන ගත වෙලා මේ කරන ක්‍රියාවලිය නවත්තල දාල මේ ඇති වෙලා තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න විදියක් කියපන් උබ ?