බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .
බොදුබල සේනා , හලාල්,රට ජාතිය සහ බුදු දහම .
මීට වසර දෙදහස් පන්සීය පනහකට ඈත අතීතයේ සිද්ධාර්ථ ගෞතමයාණන් සම්බුද්ධත්වයට පත්වීම හේතුවෙන් වර්තමානයේ අපගේ වාසනාවට බුද්ධ ශ්‍රාවයන් තවමත් ජීවමානව වැඩවාසය කරන්නේය. ඒ බුදුන් දෙසූ සුවාසුදහසක් දහම් පෘතග්ජන අප වෙත පතුරවා අසරණ නරපනුවන් නිර්වාණයට යොමුකිරීමට හා එතුමන් වහන්සේලාත් නිර්වාණයට ප්රවිෂ්ටවීමටය. ගරුතර සංඝරත්නය වෙත බුදුරජානන් වහන්සේ විසින් පැවරු පළමු රාජකාරිය එයයි. ඒ අප වැනි අසරණයන් මේ කුණු සංසාරයෙන් අත්මුදවාලීමටය. ඒ අප බුදුරජානන් වහන්සේ අප වෙත පෑ කරුණාවය , දයාවය . බුදුරජානන් වහන්සේ සිය ශ්‍රාවයන් වෙත දේශනාකොට වදාළේ පෘතග්ජන මිනිසුන්ගේ හිතසුව පිණිස ශ්‍රී සද්ධර්මය පතුරුවා මිනිසුන් සතර අපායෙන් මුදවා නිර්වාණයට යොමුකරන ලෙසටය . ඊට අමතරව සිය ශ්‍රාවක සංඝරත්නය හට බුදුන් වහන්සේ විනය නීති දේශනාකොට වදාළ අතර එම විනය පිළිපදින ලෙසද දේශනාකොට වදාළ සේක.
මේ ලොව පවතින සියලුම දෑ අනිත්‍ය වශයෙන් දේශනා කරන ලද බුදුන් වහන්සේ තමුන් වහන්සේගේ ධර්මයටද එම අනිත්‍ය සත්‍යය පොදු බැවින් ගෞතම බුද්ධ ශාසනයේ පැවැත්ම වසර 5550 ක් වශයෙන් දේශනාකොට වදාළේය. ඒ බුද්ධ වචනයය. බුද්ධ වචනය කෙදිනක හෝ වෙනස් නොවන අතර ඒ වදාළ දෑ එසේම සිදුවන්නේය. බුදුවරුන් තුන්කල් බලා අනාගතයේ සිදුවන්නාවූ යමක් දේශනාකොට ඇතිද එය එසේමය. එය වෙනස් කිරීමට මෙලොව කිසිම ජගතෙකුට නොහැකිවන්නේය. ඒ වසර 5550 අවසන් වන දින දක්වා බුදු දහම මෙලොව පවතින්නේය. කව්රු කෙසේ කුමන අයුරකින් දඟ දැම්මද අදින් වසර 2500 ක් ඉක්මවනතුරු සම්බුද්ධ ශාසනය මෙලොවින් අතුරුදන් කිරීමට මෙලිව කිසිම ජගතෙකුට හැකි නොවන්නේය. ඒ බුද්ධ සත්‍යයය. ඒ බුද්ධ වචනයය. බුද්ධ ශාසනය විනාසකොට අතුරුදන් කරනුයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින්ම බව බුදුන් වහන්සේ දේශනාකොට වදාළේ අනාගතය දිවසින් විමසා බලාය . ඒ බුදුන් විසින් දේශනාකොට වදාළ දේ අපගේ අවාසනාවට අපගේ ඇස ඉදිරිපිටම සිදුවෙන්නට පටන්ගෙන ඇත. එනම් විනය ගරුක වීමට , පිණ්ඩපාතික වීමට , නිර්වාන අරමුණු වීමට , සකල සත්වයාට මෛත්‍රිය කරුණාව පැතිරවීමට , ශ්‍රී සද්ධර්මය මිනිසුන්වෙත පැතිරවීමට , මිනිසුන් සතර අපායෙන් මුදවා නිවන් යැවීමට සැරියුත් මුගලන් මහරහත් දෙනමගෙන් පැවත එන්නාවූ සම්බුද්ද ශාසනයේ පැවිදිව චීවර දරන භික්ෂුන් අධර්මය පතුරුවමින් වෙනයම් අරමුණු කෙරෙහි ඇලීමෙන් තම දායකයින් සමගම වල්මත්වීමයි. නිර්වාන අරමුණෙන් දුරස් වීමයි.
අපව සසරින් මුදවන්නට සියලු බැඳීම් හා අසාවන්ගෙන් දුරස්ව සසුන්ගතවූ භික්ෂුන් වහන්සේලාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ මේ භයන්කාර සසරින් එතෙර වීමයමය. අසරණ අපවද මේ කුණු සංසාරයෙන් අතෙර කරවීමය. එහෙත් කොහේදෝ කරුමයකට වර්තමානයේ නියම සැදැහැවත් බෞද්ධයාට සිදුවී ඇත්තේ පළමුව භික්ෂුන් වහන්සේලා සසරින් එතෙර කරවීමටය. ඒ මන්දයත් සමහරක් චීවරධාරීන් රාජ්‍ය පාලනයට හොට පෙවීමය. සමහරක් චීවරධාරීන් සිවිල් සමාජයට ප්රවිශ්ටව වෛරය වපුරා මිනිසුන් ධර්මයෙන් ඉවතට යැවීමය. මේ සිදුවන්නාවූ ව්‍යසනයෙන් අපට ප්‍රධාන අවාසි දෙකක් සිදුවන්නේය. පලමුවන්නනම් අපට නියම ධර්මය උගන්වා අපව නිර්වාන මාර්ගයට ගන්නට කෙනෙකු නොමැති වීමයි. අනෙකනම් බෞද්ධයා යනු කා කොටා ගැනීමට කැමති හින්සාවාදින් පිරිසක් ලෙස ලොව පුරා හංවඩු ගැසීමයි. එනම් අවිහින්සාවාදයේ පියා වූ බුදුරජානන් වහන්සේගේ මගට ප්‍රවිෂ්ටවූ ගරුතර සංඝරත්නය ප්‍රමුක බෞද්ධ ජනතාව හින්සාවාදින් බවට පරිවර්තනය වීමයි. තවද එක හරකෙකු වැට කැඩූ කල හරක් රන්චුවටම තලන්නාක් මෙන් මුළුමහත් භික්ෂු පරපුරටම මෙයින් සිදුවන අවමානය සුළුපටු නොවන්නේය.
වර්තමානයේ රටේ නිර්මාණය වී ඇති හලාල් විරෝධී රැල්ලට මුලික වුයේ බොදුබලසේනා සංවිධානය බව රටේ කව්රුත් නොදන්නවා විය නොහැක. එහෙත් බෞද්ධයාගේ අවාසනාවට බොදුබල සේනාව මෙහෙයවන්නේ චීවරධාරී භික්ෂුන්ය. මේ බල සේනාව මෙහෙයවන්නන් චීවර ධාරීන් නොවුනානම් මෙම සංවිධානයේ නම "බොදු බල" නොවුනානම් මේ සංවිධානයේ ක්‍රියාව රට ජාතිය වෙනුවෙන් සිදුවිය යුත්තක් වන්නේය. එහෙත් වරදනම් මෙයට මැදිහත්වූ චීවරයම වන්නේය. වරදනම් චීවර ධාරීන්ට තම මග වරදීමය. වරදනම් සකල සත්වයා නිර්වාණයට පැමිණවීමට සත්‍යය ලොවට පැහැදු බුදුරජුන්ගේ නම මෙයට ඇඳා ගැනීමය. වරදනම් තවත් මිත්‍යා දුෂ්ටික ජන කොට්ඨාශයක් මර්දනය කිරීමට චීවරය මැදිහත් කරවීමය. ප්‍රශ්නයනම් මේ ප්රයත්න දරන්නේ බුදුදහම ආරක්ෂා කරගැනීමටද විනාශ කිරීමටද යන්නය. පළමුව කීවාක් මෙන් දෙවනුවත් කියමි, බුදුදහමනම් තවත් වසර 2500 ක් පවතින්නේමය. බුදුදහම අතුරුදන් කිරීමට මිත්‍යා දුෂ්ටිකයින්ට හැකිවන්නේ තවත් වසර 2500 කින් පසුවය. වියයුත්තේනම් වාසනාවට ලැබූ චීවරයෙන් මිනිසුන් අතරට ගොස් මිනිසුන් නිර්වාණයට පැමිණවීමය. එක්කෝ චීවරයෙන් ඉවත්ව මිත්‍යා දුෂ්ටිකයින් සමග යුද්දයට යාමය. වියයුත්තේනම් බුදුදහම මෙවන් කොලහලකාරී දහමක්ය යන්න වැරදි අර්ථකතනයක් ලොවට මවා පෙන්වීමෙන් වැළකීමය. විය යුත්තේනම් බුදු හිමියන් අංගුලිමාල දමනය කලාක් මෙන් මෛත්‍රිය පතුරුවා මිනිසුන් යහපත් කරවීමය.
හලාල් අවශ්‍ය පිරිසට වියයුතු අනෙක් කරුණනම් රටක පවතින සංස්කෘතියට නීතියට සධාචාරයට අනුකුඋලව ජීවත්විය නොහැකි ජන කොට්ඨාශයක් වෙත්නම් එම ජනතාව තමුන්ට තමුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිසර වටපිටාවක් සංස්කෘතියක් ඇති රටකට සංක්‍රමණය වීමය. විය යුත්තේනම් තමුන් ජීවත්වන රටේ තම කණ්ඩායමට අවශ්‍ය ආකාරයේ ආහාර නිෂ්පාදන පොදු වෙළඳපොලෙන් බලාපොරොත්තු නොවී තම තමුන්ගේ අවශ්‍යතාවයට අනුව තම තමුන් විසින් ආහාර නිෂ්පාදනය කරගැනීමය. රටේ සියලු මහජනතාව භාවිතා කරන පොදු වෙළඳපොල තමුන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය අයුරින් තනාගැනීමට උත්සහ කිරීම නින්දිත් වන්නේය.
ඈත ඉතිහාසයේ පටන්ම ආක්‍රමණ වලින් ගහන වූ ශ්‍රී ලංකාව රටක් වශයේද සිංහල ජාතිය ජාතියක් වශයෙන්ද බේරාගැනීමේ වගකීම ඇත්තේ රට කරවන උදවිය ප්‍රමුක රටවැසියාටය . එය රටවැසියාගේ වගකීමය . යුතුකමය. රට බේරාගැනීමට යයි පවසා නැති ප්‍රශ්න ඇති කර ජාති වශයෙන් මිනිසු එකිනෙකාට වෛර කරන තත්වයට ඇද දැමීම බලවත් වරදක්ය. කොතැනක හෝ වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කරවීමට ඇති අවසන් මාර්ගය පළමු මාර්ගය ලෙස වරදවා වටගෙන මිනිසුන් එකිනෙකා කා කොටාගන්නා තැනට පත් කිරීම වරදක්ය. එහෙයින් සිදුව ඇති වරද නීතිමය වශයෙන් විසඳීමය මගක් පැදීම පාලකයින්ගේ වගකීමක් වශයෙන් කල යුත්තක්ම වන්නේය. අවසාන වශයෙන් මාගේ අවංක ප්‍රාර්ථනය නම් චීවරධාරීන් නිර්වාන අරමුණු කෙරෙත්වා, මිනිසෙකු මිනිසෙකුට එරෙහිව අවි නොගත්වා, ඉදිරි වසර 2500 ඉක්මයාමට ප්‍රථම සියලු ලෝක සත්වයා බුදු දහමින් සරණක් ලබා නිර්වාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙත්වා, සියල්ලෝම අප්‍රමාද වෙත්වා යන්නය.
මීට එළකිරියේ polwattacom

Last edited: