මේ කතාව උඹලට විස්වාස කරන්න වෙනවා
අපේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙකුගෙ ඇඟේ භූතයෙක් ඉන්නව.
වෙලාවකට එයාගෙ සිහිය විකල් වෙනව
එයා දැනට පෙන්නන හාමුදුරුවො කිව්වලු අයින් කරල දෙන්නම් කියලා
පෙරේදා උදේ හතරට එයා දොරවල් ඇරගෙන පාරට යන්න හදලා
පාන තියෙන තැන නැවතිලා
ඊයෙ කොඩිවිනේ කපන්න ගියා අර හාමුදුරුවො ලඟට, ඒත් වැඩේ හරියටම හරි ගිහිල්ලා නෑ
මේ වගේ වැඩ හොඳටම කරන්න පුලුවන් ගුරුන්නාන්සෙ කෙනෙක් කියන්න පුලුවන්ද හලාවත ඉඳන් පැය 2-3කින් යන්න පුලුවන් හරියක
මෙහෙමයි මචං
මෙතනදි පැති දෙකක් බලන්න ඕනෙ
මුලින්ම මනෝ වෙෙද්‍ය කෙනෙක් ලඟට ගිහින් බලන්න මෙයාට මානසික ලෙඩක් ද නැද්ද කියලා. එහෙම එකක් නම් ගුරුකම් කරන එකේ තේරුමක් නෑ. දාස් ගනන් කපුවන්ට පූජා කරලා ප්‍රතිඵලයක් නැතුව තමයි ඉන්න වෙන්නෙ.
මනෝ වෙෙද්‍ය වරයාට ප්‍රතිකාර කරන්න බැරිනම් තමයි ගුරුකම් වලට යන්න ඕනෙ.
මොකද ඔය මොන ඔස්තාර් කිව්වත් අමනුෂ්‍ය දෝශ නෑ කියලා, එහෙම දේවල් තියනවා.
විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ කියලා හැම දේම නෑ කියන්න බෑ.