මගුල......18+

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මට මේක ඊයකින් ආවෙ.

    මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නිසා කාලයක් දෙන්නා එක පන්තියෙ ඉගෙන ගත්තනෙ. ඒ කාලෙ හැදිච්ච යාළුකම දිගටම තිබුණලු. ඒ නිසා සනා තමයි උනන්දු වෙලා මගුල් හොයලා සරාව මනමාලියො බලන්න එක්කන් ගිහින් තියෙන්නෙ. මේ කතාවට අදාළ සිද්දිය වෙලා තියෙන්නෙත් එහෙම ගිය එක්තාරා ගමනකදිලු.


    මනමාලි ගේ ඇතුළේ සූදානම් වෙන අතරෙ සරයි සනයි මනමාලිගෙ තාත්තා එක්ක චැටක් දාගෙන ඉන්නවලු.


    ඔය වෙලාවෙ සරාට ආවලු පොඩි කැස්සක්. ඒ කැස්ස මූලික කරගෙන තිදෙනා අතර ඇති වුනාලු මෙන්න මෙහෙම කතාබහක්.


    මනමාලිගෙ පියා – මනමාල මහත්තයට ටිකක් කැස්ස වගේ නේද?

    සරා ඉතිං හිනාවක් දාලා නිකං හිටියලු. සනා එකපාරටම මැද්දට පැනලා කියනවලු…


    සනා – නෑ ඉතිං අපේ සරාටඑහෙමකට කියන්න ලෙඩක් දුකක් හැදෙන්නෑ ලේසියෙන්. ඔය පහුගිය දවස් ටිකේ සිගරට් බීලා…

    මනමාලිගෙ පියා – මේ ළමයා නිතරම සිගරට් බොනවද?

    සරා – නෑ එහෙම්මම නෑ…

    සනා ආයිමත් කට පියාගෙන ඉන්න බැරිව පැන්නලු මැද්දට.


    සනා – අපෝ නෑ. සිගරට් බොන්නෙම නැති තරං. ඔය ඉඳලා හිටලා අඩියක් ගහන දවසට විතරනේ සිගරට් බොන්නෙ..

    ඒ පාරනං මනමාලිගෙ තාත්තාට ටිකක් අප්සට් ගියාලු. බේබද්දෙක්ද දන්නෑනේ. කොයි එකටත් අහලම දැනගන්න එකනෙ හොඳ කියලා මනමාලිගෙ තාත්තා ඇහුවලු…


    මනමාලිගෙ පියා – ඔය කිව්වට ඉතිං බේබද්දෙක් වාගෙ බොන්නැතුව ඇතිනේ…

    සරා – නෑ.. නෑ… ඉඳලා හිටලා.

    පුරුදු විදියට සනා එතනත් මැද්දට පැන්නා.


    සනා – අපෝ මෙයා අඩියක් ගහන්නෙ බොහොම කලාතුරකින්. කොටින්ම කියනවනං ගංජා ටිකක් හොයාගන්නම නැති දවසක තමයි මෙයා අඩියක් ගහන්නෙ.

    දැන් මනමාලිගෙ තාත්තාට ටික ටික මල පැනගෙනලු එන්නෙ.


    මනමාලිගෙ පියා – ඒ කියන්නෙ? මේ යකා ගංජාකාරයෙක්ද?

    සරාට දැන් සනාව කන්න කේන්තියිලු. මෙච්චර අල වෙලා තියෙද්දිවත් කට පියාගෙන හිටපං. මූ ආයෙ කියනවලු…


    සනා – නෑ…නෑ… අංකල්. කලබල වෙන්න දෙයක් නෑ. ඔය රෑකට සල්ලි ටිකක් වියදං කරලා ගෑණු පරාණයක් හොයාගෙන ආතල් එකක් ගන්න යනකොට තමයි ගංජා ටිකක් ගහලා යන්නෙ. ඔය ගංජා හොඳයි කියනවනේ ඔය වැඩේට. මංදන්නෑ ඉතිං මෙයා තමයි කියන්නෙ…

    සරා ලොවෙත් නෑ. පුළුවන්නම් සනාව එතනම බාවන සයිස් එකට මල. මනමාලිගෙ තාත්තාට ඊටත් වැඩිය ඔරොප්පු.


    මනමාලිගෙ පියා – දැන් තමුසෙලා හිතාගෙන ඉන්නෙ මං මේ වගේ බඩුකාරයෙකුට මගේ දුවව දෙන්න කැමති වෙයි කියලද?

    ඒ ටික ඇහුනා විතරයි සරාට මල ඩබල් වුනාලු. නැගිට්ටලු ඉඳන් හිටපු පුටුවෙන්. ඇදලා ගත්තලු මනමාලිගෙ තාත්තාගෙ කොලර් එකෙන්.


    සරා – යකො අන්කල්… නිකං බඩුකාරයා බඩුකාරයා කියාගෙන එන්න එපා හරිද. කොල්ලෙක් හොයාගන්නම බැරි වෙච්ච දවසට විතරයි මම ඔය ජරා සබ්ජෙක්ට් එකට බහින්නෙ. අන්න ඒක මතක තියාගනිං. වරෙන් සනා යන්න….

    3d-mdr.gif
    3d-mdr.gif
    3d-mdr.gif



     
    Last edited:

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    නියමයි මචං !
    රෙප් දෙන්න තව ටිකක් ඉන්නලු !