පුද්ගල පෞර්ෂත්වයට හානිවන විදියක් ගැන මගේ ජීවිත කථාවට අනුව යමක් ලියන්න හිතුනා.
ගෙදරක අම්ම දරුණු විදියට හැසිරෙනවනම් (පොඩි දේවල්වලට රණ්ඩුවෙන, අනික් අයව අනවශ්‍ය විදියට පාලනය කරන්න බලන), ඒ ගෙදර හැදෙන පොඩි එකා පට්ට බයෙන් ලොකු වෙන්නෙ, ඌ ගේට්ටුවෙන් එලියට යන්නෙ බිම බලන් මොකද ඌට ලැජ්ජයි අවට මිනිස්සුන්ගේ මූණ බලන්න ගෙදර කෑගහන ඒවා ඒ අයට ඇහෙන නිසා.
ඒ අතරේ තාත්තා හැමතිස්සෙම පිට අය කියන දේවල් ඉහලින් පිලි අරන්, තමන්ගෙ ළමයා කියන දේවල් එච්චර ගණන් ගන්නෙ නැත්නම් (අඩු තක්සේරුවක් දෙනවනම්), ළමයා ලොකු වෙන්නෙ ආත්මවිශ්වාසයක් නැතුව.
උදා: ළමයා තාත්තට කියනවා අහවල් ඩොක්ටර් හොඳයි තාත්තේ මට එයාගෙ බෙහෙත්වලින් අඩු උනා.. ඒත් තාත්තා ඒක ගණන් ගන්නෙ නැහැ.. ඊටපස්සෙ ගෙදරට ගෑස් එක ඩිලිවර් කරන්න හන්දියේ ත්‍රී වීල්කාරයෙක් එනවා, පොර ගෑස් එක බාන ගමන් තාත්තා අසනීපෙන් වගේ පේනුන නිසා කියනවා "මහත්තයා අහවල් තැන ඉන්නවා ඩොක්ටර් කෙනෙක්, එකපාරින් මට හොඳඋනා" කියල.
ඌ ගිහින් ටික වෙලාවකට පස්සෙ තාත්තා යනවා ඌ කියපු තැනින් බෙහෙත් ගන්න..
අඳුරන්නේ නැති මිනිහෙක් එක්ක පොඩි ප්‍රශ්ණයක් ඇතිවුනත්, එතන තාත්තා හිටියොත් ගන්නෙ උගේ පැත්ත.
මේ සිදුවීම් එකක් දෙකක් විතරයි.. මෙහෙම උනාම ළමයා ලොකු වෙන්නෙ පට්ට ෆේල් මිනිහෙක් විදියට, ඌ job එකක් කරන්න ගියත් ඌට තීරණ ගන්න බයයි, අවිශ්වාසයි..
උඹලට මොකද හිතෙන්නෙ?