මචං මට ගෙයක් අරන් රෙන්ට් අවුට් කරන්න ඕන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    වැඩේ කරන්නේ කෝමද? සාමාන්‍යෙන් ගෙවල් රෙන්ට් එකට දුන්නම , මිනිස්සු අයිතිකරගන්න සීන් තියනවද? ඒවෙයන් කෝමද ? බේරගන්නේ...උපදෙස් දෙන්න
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මචං agreement එකක් ගහන්න ඕනේ ලෝය ඉස්සරහ අවූරුදු 10කට එකපාර දෙන්න එපා
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ඕක මහ චාටර් බිස්නස් එකක්. දන්නවනේ අඩුකුලේ කලු කැත කොට බඩතඩි බුලත් හප මිට්ටන්ගේ වැඩ
     
    • Wow
    Reactions: Yin And Yang

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඇග්‍රිමන්ට් එක අවුරුද්දකට වඩා ගහන්න එපා. අවුරුද්දෙන් අවුරුද්ද රෙන්ට් එකත් 10%ක් වැඩි කරලා ඇග්‍රිමන්ට් එක අලුත් කරන්න
    අනිවා ලෝයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එක සයින් කරලා ලෝයර්ට කියලා ඒක උසාවියෙ රෙජිස්ටර් කරන්න. මම long term rent කරන කඩ කාමර වලට මේක කරලා තියෙන්නෙ
    රෙන්ට් එක ගත්තම රිසිට් එකක් දීලා ඒවයෙ කොපි තියා ගන්න.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,191
    113
    lawyer kenekwa allan badu oppu liyanda.badu oppuwe adala condition danna oyage thiyena ewa.salli mase mulin gannwa nan eka anthima gannawa nan eka. apahu ge badu oppu kal pirenna kalin oyata ganna one nan masa 3ta kalin wage inna ayata danum denawa wage sadarana condition dahan. awurudden awurudda aluth karahn. badu oppu liwwata passe legal case waten na. badu oppu natuwa hitiyoth awurudu ganak unta himikan kiynda puluwan mokakda thiyenawa
     
    • Like
    Reactions: Asmodeus

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    අනිවාර්යෙන්ම ලෝයර් කෙනෙක් ලඟ බදු ගිවිසුමක් ලියලා ලියාපදිංචි කරන්න. මේකට ගානක් යනවා කියලා ලෝබ වෙන්න එපා. රෙන්ට් එකට ගන්න එන එකා බදු ගිවිසුමක් ගහන්න බෑ කියනවා නම් ඌ තක්කඩි හොරෙක්. එහෙම උන්ට දීලා අමාරුවෙ වැටෙන්න එපා.

    බදු ගිවිසුමේ උබට අවශය සියලුම කොන්දේසි දාන්න. ඔවා කරලා පලපුරුද්ද තියන ලෝයර්ලා ගාව හදපු හොඳ ගිවිසුම් තියනවා.

    අවම මාස 6ක බදු මුදල ඩිපොසිට් විදියට ගන්න. එහෙම අමාරුයි කියන හිඟන්නො ගන්න එපා.

    සම්පුර්න ඩිපොසිට් එක අතට ගන්නේ නැතුව ගෙදර යතුර දෙන්න එපා. ඇඩ්වාන්ස් එක විතරක් ගෙවලා ඔහොම ඇතුල් වෙලා නොගෙව ඉන්න හොරු ඉන්නවා. පොලිසි ගිහින් නතර වෙන්නේ.

    හැම කොල්ලයි බල්ලයි ගන්නේ නැතුව රෙන්ට් එකට ගන්න එකාට ඒ මුදල ගෙවාගෙන යන්න ආර්තික තත්වේ තියනවා ද කියන එක බලන්න. එහෙම නැති උන් ගන්න එපා.

    ගිවිසුම ඉවර උනාට පස්සෙ අයින් වෙලා යනවා නම් ඩිපොසිට් එක දෙන්න ඔනෙ ගෙදරින් බඩු අයින් කරගත්තාට පස්සේ. අලාබ හානි ඩිපොසිට් එකෙන් අඩු කරලා ඉතිරි මුදල දෙන්න. සමහරු ඔවා අඩු කරගන්න නිසා අලුතින් යන්න තියන ගෙට දෙන්න තියනවා කියල ඕක ඉල්ලනවා. ඒවාට අහු වෙන්න එපා.

    සමහර අය අපි තව මාස 2-3 යනවා ඒ නිසා රෙන්ට් එක ඩිපොසිට් එකෙන් අඩු කරගන්න කියලා නොගෙව ඉන්න උන් ඉන්නවා. එහෙම ඒවාට අහු වෙන්න එපා. (ගිවිසුමේ සාමන්යෙන් දානව එක මාසයක් නොගෙව හිටියොත් ගිවිසුම අවලංගු වෙනවා කියලා) අන්තිම වෙනකන් රෙන්ට් එක ගෙවන්න ඔනේ කියන්න. එහෙම නොගෙව ඉන්නවා නම් ගෙදරින් අයින් වෙන්නෙ නැත්නම් කෙලින්ම පොලිසියෙ පැමිනිල්ලක් දාන්න.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    වැඩේ කරන්නේ කෝමද? සාමාන්‍යෙන් ගෙවල් රෙන්ට් එකට දුන්නම , මිනිස්සු අයිතිකරගන්න සීන් තියනවද? ඒවෙයන් කෝමද ? බේරගන්නේ...උපදෙස් දෙන්න
    agreement ekak sign karaganin hariyata balala nathnam itin ow yanne nathiwa idi/ lawyer kenek ekka katha karala balapan
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    වැඩේ කරන්නේ කෝමද? සාමාන්‍යෙන් ගෙවල් රෙන්ට් එකට දුන්නම , මිනිස්සු අයිතිකරගන්න සීන් තියනවද? ඒවෙයන් කෝමද ? බේරගන්නේ...උපදෙස් දෙන්න
    හරියට බදු ගිවිසුම් ගහලා දියන්.

    කුලියට දෙන්න කලින් අංක එක,
    ගෙවාගන්න පුලුවන් අයද කියලා බලහං. අලුත් තරුණ ළමයි නම් ⁣කරදර අඩුයි. මිනිස්සු ගන්න එද්දි වැදගෙන එන්නේ පස්සෙ තමයි වාත වෙන්නේ.

    බ්‍රෝකර්ලා එක එකා උස්සං එයි, හැබැයි බලලා දියන්. මල වාත වැඩක්.

    අනුකම්පා කර කර ගෙවල් කුලියට දෙන්න බැ. මතක තියාගනින්.
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Agreement එකේ electricity බිල්, වතුර බිල් ගෙවන එක ගැනත් පැහැදිලිව දාන්න.
    Electricity බිල් එන්නෙ phone එකට හින්දා ඒක කරගන්න වැඩපිළිවෙළක් හදාගන්න.
    මදුරුවො බෝ වෙන තැන් තිබුණොත් ගෙදර අයිතිකාරයාට තමයි ප්‍රශ්න වැටෙන්නෙ. ඒක ගැනත් බලන්න.
     
    • Like
    Reactions: Yeezus and Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    ළමයි අඬද්දී ගෙවල් වලින් මිනිස්සු එළියට ඇදල දාලා බඩු මුට්ටු විසික්කනවා දැකලා තියෙනවා. මළ ගෙවල් කරන්න දෙන්නේ නැති, තවත් ලෙඩ වුණාම ඇවිල්ලා බැනල යන සීන්, මනුස්සයා මැරිලා ගෑනියි ළමයි නුයි යන්න තැනක් නැතිව, කුලිය ගෙවාගන්න බැරි වගේ.... ගොඩක් සංවේදී කාරණා එක්ක ගණුදෙනු කරන්න බැරි නම් නොකර ඉන්න.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    eww ඔයිට වඩා හොඳයි onlyfans කරපන්

    මිනිහෙක්ගේ මූලික අවශ්‍යතාවෙන් සක්කිලි විදියට හම්බ කරන් කනවට වඩා ඒක නම්බුයි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඇග්‍රිමන්ට් එක අවුරුද්දකට වඩා ගහන්න එපා. අවුරුද්දෙන් අවුරුද්ද රෙන්ට් එකත් 10%ක් වැඩි කරලා ඇග්‍රිමන්ට් එක අලුත් කරන්න
    අනිවා ලෝයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එක සයින් කරලා ලෝයර්ට කියලා ඒක උසාවියෙ රෙජිස්ටර් කරන්න. මම long term rent කරන කඩ කාමර වලට මේක කරලා තියෙන්නෙ
    රෙන්ට් එක ගත්තම රිසිට් එකක් දීලා ඒවයෙ කොපි තියා ගන්න.
    Ai auruddakata wediya beri???aurudu 15k dunnoth aulda??reputed company akakata???danna dewal kiyanna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඇග්‍රිමන්ට් එකක් ගහපන් ලොයර් කෙනෙක් අල්ලලා
    දකුනේ යකැදුරෙක් ඕනේ බය කරන්න්
    පාතාලේ සම්බන්දකම් ඕනේ
    පොලිසියේ සහය ඕනේ
     
    • Like
    Reactions: Yeezus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Ai auruddakata wediya beri???aurudu 15k dunnoth aulda??reputed company akakata???danna dewal kiyanna
    නිසි බදු ගිවිසුමක් යටතේ කිසිම අවුලක් නැ. ගිවිසුම් නැතුව තිබ්බ ඒවා තමයි කේස්. 2023 අලුත් පනත යටතේ ගෙහිමියාට තියන බලය වැඩියි. හරියට ගිවිසුම් ගහලනම් කේස් අඩුයි.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    නිසි බදු ගිවිසුමක් යටතේ කිසිම අවුලක් නැ. ගිවිසුම් නැතුව තිබ්බ ඒවා තමයි කේස්. 2023 අලුත් පනත යටතේ ගෙහිමියාට තියන බලය වැඩියි. හරියට ගිවිසුම් ගහලනම් කේස් අඩුයි.
    Company type wedakata athagahaddi aniwaryen un ganne 10-15 years ..ekai ahuwe..mageth akak tinawa denna .dan coc walata dala tinne ..tawama balanna awe nee